2’රටක යාවුණ, ඝාතන පාළම | The Bridge – Season 2…

FX නාලිකාවෙන් විකාශය වීම ඇරඹුණු The Bridge ටෙලිවෘත්තාන්තය අපේ රටෙත් රසිකයන් අතර නොමඳ ප්‍රසාදයකට හිමිකම් කීවක්. එහෙම වෙන්නට හේතු වුණේ වෙන කිසිවක් නොවෙයි, අපේ උපසි‍රැසි සහෘදයෙකු වන, නලින් පෙරේරා සහෝගෙන් ලැබුණු සිංහල උපසි‍රැසි. මේ වනවිට FX නාලිකාව සතු අලුතින්ම විකාශය කරන්නට ගත් ටෙලිකතා අතරින්, ඉහළතම ආකර්ශණයට කරුණ බවට මේ The Bridge පත්වෙලා. හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මේ කතාව ගළාගෙන යන මදවේගී වුවත් දැවෙනසුළු ගතියලු. මේක ස්කැන්ඩිනේවියානු ටෙලි නිර්මාණයක් ඇසුරින් තිරයට ගෙන ආ කතාවක්. ඒ මුල් කතාව Bron(Broen) යන නමින් “ඩැනිෂ්/ ස්විඩිෂ්” මාලාවක් ලෙස විකාශය වූවක්.

කතා දෙකේම ආරම්භය එකම විදිහයි. දේශසීමාව හරහා වැ‍ටුණු පාළමක් උඩ මළසිරුරක් හමුවීමත් සමගමයි මේ දෙකේම ආරම්භය සිදුවෙන්නේ. ඒ වුණත් ඇමෙරිකානු කතා මාලාවට වෙනත් උද්වේගයක් ලබා දෙන්නට එහි කතා රචකයන් සමත් වුණා. කියැවෙන විදිහට නවතම කතාවක් විකාශය කිරීම ආරම්භ කරන අවස්ථාවක, FX දිහාවට හැරුණු ඉහළතම ප්‍රේක්ෂක සංඛ්‍යාව The Bridge සතුයි. ඒ මිලියන 4.64 ක්. එනිසා කතාවාර දෙවැන්නට පිවිසීම කියන්නෙ කොහෙත්ම පුදුමයට කාරණයක් නෙමෙයි.

හැබැයි පොඩි පරහක් තියෙනවලු මේ සම්බන්ධව. හේතුව මේකයි! පළමු කතාවාරය ඉදිරිපත් කිරීම අරඹද්දීම, නිර්මාණකරුවන් පොරොන්දුවක් වුණා, මේ සිද්ධි දාමයට හේතුභූත වෙච්චි කාරණා සහ මේ සිදුවීම් එකිනෙක ගැටගැහෙන හැටි පළමුවැන්න අවසන් වන්නට මත්තෙන් ප්‍රේක්ෂකයන් හමුවෙහි හෙළිදරව් කරන වග. දෙවැන්නට යන්නට මත්තෙන්; මේ ක්‍රියාවලිය හා බැඳුණ මතුපිටින් පෙනෙන අරගලයට වඩා ප්‍රමුඛ, පුද්ගලික අභිලාෂයක් ගැන දැනටමත් හෙළිදරව් වේගෙන යනවා කියන එක බලන අය දන්නවනේ…

අන්න ඒක තමාලු මේ ගැන තියෙන එකම බය. මොකද පළමුවැන්නෙන් සේරම ටික අග මුල ඇතුව කියලා ඉවර කළහම, “ඊගාවට මොනවා කියන්නද තව?” කියන එක ගැන පොඩි සැකයක් තියෙනවා. ඒ වුණත් පේන විදිහට, FX‘ලා කොහොමටවත් මෙච්චර පිරිසක් දිනා දුන්නු නිර්මාණයක් එක්වරම අපේ මතකයෙන් මකලා දාන්ඩ කැමති වෙන්නෙනම් නෑ. ඒක නිසා ඔවුන් ළඟ දැනටමත් කිසිවෙකුත් නොසිතන අන්දමේ සැලසුමක් ඇති දෙවැන්නෙහි ගොඩනැගීම වෙනුවෙන්.

මොකද පළවෙනි එකෙන් සේරම විස්තර ඇතුව හෙළිදරව් කළහම, කිසිවෙකුට අනුමාන කරන්ඩ තියා හිතාගන්ඩවත් බෑනෙ, ඊගාවට මෙන්න මෙහෙම දෙයක් වෙයි කියන එක; නේද? එහෙමනම් මේක FX‘ලාට වුණ වැරදීමක් වෙන්ඩ බෑ. හිතෙන හැටියට මේක ඔවුනගේ උපක්‍රමික තීරණයක්. කුකුස හිතේ පුරවලා තිබ්බම ඉතින්… 😉

තවම දෙවැන්න ගැන කිසිදු තොරතුරක්නම් හෙළිකොට නෑ. නමුත් නිසැකවම දෙවැන්න තිරයට ඒවි. ඒ එනකොට කිසිවෙකුත් නොසිතන කතාවකුත් ‍රැගෙන ඒවි. අපිත් ඉල්ලීමක් කරමු අපේ නලින් පෙරේරා සහෝට එහෙමනම්! ඔන්න සහෝ, දෙවැනි එකටත් දැන් තියාම ඉඩ තබාගන්නට වෙයි ඔයාගේ කාලසටහනේ!

උදා (217 Posts)


3 thoughts on “2’රටක යාවුණ, ඝාතන පාළම | The Bridge – Season 2…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *