Ben-Hur ප්‍රතිනිර්මාණයට සැරසෙයි!!!

1959 නිර්මාණය වූ, ලොව එතෙක් මෙතෙක් කලක් ප්‍රතිශතාත්මක වැඩිම ඔස්කාර් සම්මාන අනුපාතයක් හිමිකරගත් ‘Ben-Hur (1959)’ චිත්‍රපටය සිංහල උපසි‍රැසි එක්කම ඔබේ අතට පත් වුණා ඊයේ දිනයේ, අපේ චානක සහෝගේ උපසි‍රැසියක් ලෙසින්. ඉතිං ඒත් එක්කම මට හිතුණා මම ටිකක් ලියම්දෝ; නොලියම්දෝ කියලා උන්නු ලිපියක් ලියලා අදම පළකරන්ඩ ඕනෙ කියලා… 😀

                                

Ben-Hur පොත් කවරය සහ කර්තෘ Lew Wallace

හරි! ඕන්න, මේ චිත්‍රපටය යළි නිපදවන්නට සූදානමක් ඇති බව හොලිවුඩ්පුරයෙන් හෙළිදරව් වෙනවා. මෑතකාලීනව බයිබලය ආශ්‍රිත කතා පුවත් සිනමාවට නැගීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා හොලිවුඩය තුළ. Darren Aronofsky‘ගේ Noah(නෝවා’ගේ නැවේ කතාව) / Ridley Scott‘ගේ Exodus(මෝසෙස්’ගේ අරගලයේ කතාව) අතරට අලුතින්ම එකතු වෙන්නට යන්නේ යුදෙව් ජාතික විරුවෙකු බවට පත් බෙන්-හර්’ගේ කතාව බවයි පෙනෙන්නට තියෙන්නේ.

Ben-Hur (1925) චිත්‍රපටයෙන්

මේ Ben-Hur මුලින්ම පළවුණේ පොතක් හැටියට. ඒ 1880 වර්ෂයේදී Lew Wallace නමැති කතුවරයා අතින් රචනා කෙරුණු ‘Ben-Hur: A Tale of the Christ’ යන හිසින් යුතු ප්‍රකාශයනයක් ලෙසින්. මේ හා සබැඳි සිනමා ඉතිහාසයේ ඇරඹුම 1925 වසරේ මුල් වරට නිහඬ කළු-සුදු චිත්‍රපටයක් ලෙසින් නිපදවීමත් සමගයි සටහන් වෙන්නට පටන්ගන්නේ. මින් වසර 30කට පමණ පසුවයි සම්මානනීය චිත්‍රපටය වූ ‘Ben-Hur (1959)’ අධ්‍යක්ෂක William Wyler අතින් නිර්මාණය වුණේ. මෙහි යුදෙව් කුමාරයා වන බෙන්-හර් ලෙස චරිත නිරූපණයෙන් දායක වූ Charlton Heston සහ ඔහුගේ සතුරු බවට පත් මිතුරා; මෙසාලා ලෙස එක් වූ Stephen Boyd හොලිවුඩයේ අද්විතීය රංගනයක මුද්‍රාවක් සටහන් කළා. කොටින්ම මේ සිනමාපටය සහ එහි නිෂ්පාදනයත් හොලිවුඩයේ අද්විතීය ලකුණක් සටහන් කළා. වැඩි විස්තර අපේ චානක සහෝගේ ලිපියේ මහ ඉහළින් වර්ණනා වෙන නිසා මම ආපහු ඒ ගැන කියන්නට වෙහෙසෙන්නෙ නෑ.

අධ්‍යක්ෂක Bekmambetov සහ Jollie “Wanted” දර්ශනතලයේ

වාර්තා වෙන හැටියට මෙවර මෙහි අධ්‍යක්ෂණ කටයුත්ත සඳහා එක්වන්නට යන්නේ ‘Wanted (2008)’ චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණයෙන් හොලිවුඩය කැළඹූ රුසියානු-කසැක් ජාතිකයෙකු වන Timur Bekmambetov. Anjellina Jolie සහ James McAvoy රගන Mark Miller‘ගේ චිත්‍ර කතාවක සිනමාගමනය සමග අපූරු, අමුතු නිර්මාණයක් ඔහු හොලිවුඩයට දායාද කළා. ඒ වගේම ‘Abraham Lincoln: Vampire Hunter(2012)’ වගේම අතිශය ප්‍රසාදයට ලක් වූ Night Watch (2004)/ Day Watch (2006) යන රුසියානු භීම චිත්‍රපට ද්වයයත් ඔහුගේම නිර්මාණ.

2012 වසරේ ඔස්කා නිර්දේශ ලද සත්‍ය කතා ප්‍රවෘත්තියක සිනමාගමනය ‘The Way Back(2011)’ තිරරචනා කළ Keith R. Clarke මේ වෙනුවෙන් පිටපත් රචනයෙන් දායක වෙනවා. කියැවෙන විදිහට මෙවර පෙර නිර්මාණයට වඩා අතීත කතාවක් සමගිනුයි චිත්‍රපටය නිර්මාණය වන්නට යන්නේ. ඒ වගේම Wallace‘ගේ පොතේ අඩංගු වන ක්‍රිස්තුස් වහන්සේ ගැන වන, සමාන්තරගත කතාන්තරයට මෙවර වැඩි ඉඩකඩක් ලැබෙන්නටයි යන්නේ පෙරදීට වඩා. ද්‍රෝහීවීම සහ ඊට සමාවදීම හෝ පළිගැනීම යන ප්‍රතිචාරයන් දෙකෙහි වෙනසත්, ඉන් ඇති කරන බලපෑමෙහි ස්වභාවයත් යන තේමාව මෙවර වැඩිපුර ඉස්මතු වෙන්නටයි යන්නේ.

මෙහි තිරපිටපත දැනටමත් ලියැවී අවසන්. ඒ වුණත් එහි සංශෝධන කටයුතු මේ වනවිටත් සිදුවෙන බවයි කියැවෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂකවරයා කවුරුන්දැයි යන්න ගැන තවමත් නිෂ්පාදන සමාගම වන MGM නිල වශයෙන් අවසන් තීරණයකට එළඹී නැහැ. ඔවුනගේ පළමු සැලකිල්ල සහ තේරීම ලෙස දැනට සඳහන් වන කෙනා තමා Bekmambetov. එනිසා මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹෙන්නට තව ටික කලක් ගත වෙයි කියලයි කියන්නේ. ඒ කොහොම වුණත්, ’59 හදපු අසහාය නිර්මාණය හා මේ නිර්මාණය සැසදෙන හැටි දැකගන්නට බොහෝ දෙනා දැනටමත් මගබලාගෙනයි ඉන්නේ. වැඩි දෙනෙකුගේ අදහස ඊට කිට්ටු කරන්නට තියා, අලගු තියන්නටවත් තරම් ඉඩකඩක් යළි කිසිවෙකුටත් නැති බවයි. ඔබත් මේ ගැන විස්තර දැනගන්නට සතුටුනම්; තොරතුරු නිකුත් වුණහම අපි ඉදිරි විස්තර ගෙන එන්නම්.

උදා (217 Posts)


5 thoughts on “Ben-Hur ප්‍රතිනිර්මාණයට සැරසෙයි!!!

  • September 22, 2013 at 4:12 PM
    Permalink

    aniwaryen….wiliam wyler ge mul nirmanayata alagu thiyannawath bariwenawa….eka sthirai

  • September 22, 2013 at 12:30 AM
    Permalink

    බෙන්හර් 2010 වසරේදි කොටස් දෙකකින් රූපවාහිනිය සදහා ප්‍රතිනිර්මාණය වූනා.එකටත් පුලුවන් නම් සබ් කරන්න.

    ස්තුතියි

  • September 21, 2013 at 9:39 PM
    Permalink

    alut eka hodawei….eth parana eken labunu de nm alut eken labenne na…meka mn mulinma baluwe 2005 wage…..1959ta wada ada thakshanaya diynui…eth eda karapu de nm wismithai…kochchara hoda unat mn asa parana ekata…balamu alut eka koma weida kiyla

  • September 21, 2013 at 7:52 AM
    Permalink

    අනිවා සහෝ… කොයිවටත් එහෙමනේ! අළුතින් ගහන එකත් නරක නෑ බලාගෙන යනකොට එහෙමනම්. 😉 නැද්ද? 😛

  • September 20, 2013 at 6:31 PM
    Permalink

    මරුනේ… අළුත් චිත්‍රපටිය නිසා පරණ එක බලන්නත් කට්ටියට ඕන වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *