Hot & Hit – රස්නෙට දිස්නෙට අලුත් ආරංචි!

මාර වැඩේ… සුපිරි චිත්‍රපටි ගැන අලුත් හදිසි ආරංචි හම්බුණහම කියලත් බෑ! නොකියත් බෑ! අපි කලින් කියපුවා කිහිපයක් ගැනත් විස්තර වෙනස් වෙලා. ඒක නිසා මම හිතුවා කීපයක් ගැන එකපාර කියලා දානවා කියලා වැඩිපුර විස්තර පස්සට තියලා…

මේ තමා ඒ කිව්ව චිත්‍රපටි ටික;

* Jurassic Park 4
* Pirates of the Caribbean 5
* Ant-Man
* Terminator 5
* Fast & Furious 8

පිළිවෙළට බලාගෙන යමු එහෙනම් දැන්;

 

Jurassic Park 4

භයානකයි! බොහොම භයානකයි! මේ පාර වැඩේ “පාර්ක්” එකකට සීමා වෙන එකක් නෑ වගේ. මේ පාර තේමාව වෙලා තියෙන්නෙ “ජුරාසික ලෝකයක” මිනිස් ජීවිත ගැනයි. තේරුණාද මම කියපු දේ…? ජුරාසික් ලෝකයක්! සිව්වැන්නෙහි නිල-චිත්‍රපට-නාමය ‘Jurassic World’ මිසක් ‘Jurassic Park’ නොවෙයි. මේකටම ඈඳලා දිසිරූ-ක්‍රීඩාවකුත් එළිදක්වන්නට කටයුතු කරමින් ඉන්නා බව සැලයි. ඒත් එක්කම මේ දෙකෙන් කොයිකට අයිතිද කියලා තවමත් පැහැදිලි නොවුණු වීඩියෝවකුත් ලීක් වෙලා. ඔය තියෙන්නේ ඒක තමා. බලලා කියමුකො ඔයාලා හිතන දේ…

http://www.youtube.com/watch?v=5ZL_5xh4pjc

ආහ්! තව ඩිංගෙන් අමතක වෙනවනේ සිව්වැන්නෙහි කතාව ගැනත් එළිදරව් කරලා තියෙනවා. ඊට අනුව කතාව ගොඩ නැගෙන්නේ මෙන්න මේ විදිහටලු.

‘මුල් වතාවේ JP1 වලදී සිදු වූ ඛේදවාචකයත් එක්ක අත්හැර දැමුණු මේ ජුරාසික උයන් දූපත් ගැන ලෝකයාට අමතක වෙලා ගිහින් තිබුණත් JP 2 සහ 3 වලදී ඒවා යළි සොයාගැනීමත් සමගම මේ උයන් යළි ප්‍රතිෂ්ථාපිථ කෙරෙනවා. ඉන් පසුව මහජන ප්‍රදර්ශනයටත් විවෘත වෙනා. වසරකට මිලියනකට වැඩි පිරිසක් ඇදෙන සංචාරක ආකර්ශනයක් හිමි කරගන්නා කාලයක, මෙතෙක් නොදු‍ටු නව ඩයිනසෝර ප්‍රභේද කිහිපයක් නිර්මාණය කෙරෙනවා. ඒ අතරට ජලජ දැවැන්තයන් ද ඇතුලත්. ඔවුන් ඉන්නේ සීමා කළ ජල උයනක. නොසිතූ මොහොතක යළි වරක් උයනේ මිනිස් පාලනය බිඳ වැටෙමින්, දැන් පෙරට වඩා දියුණු සහ දරුණු ඩයිනෝසරයන් ‍රැසක් නිදහස් ලෝකයට පළා යනවා. එතනින් පසු…’

ඉන් පස්සෙ සිද්ධ වෙන දේ අමුතුවෙන් කිව යුතු නෑ. වෙන විදිහ විතරයි නොදන්නේ. ඒ විදිහ 2015 ජූනි 12න් පස්සෙම දැන ගනිමු.
Pirates of the Caribbean 5

මුලදී මේ චිත්‍රපටිය තමා 2015 වෙනුවෙන් වකවානු සකසලා තිබුණේ. නමුත් මෙවර එකතු වෙන තිරරචකයා සහ අධ්‍යක්ෂක දෙපළ මේ කාර්යයට අලුත් නිසා ඔවුනට ටිකක් නිදහසේ වැඩ කරගනෙ අයන්ඩ ඉඩ සලසා දෙන්ඩයි මේ තීරණේ අරං තියෙන්නේ. කලින් 1-4 දක්වා පිටපත් ලියපු Ted Elliott and, Terry Rossio කියන අයගෙ තැනගන්ඩ මෙවර ‍තෝරාගෙන තියෙන්නේ Jeff Nathansonwa, (Rush Hour 2/ 3) අලුත් අධ්‍යක්ෂකවරු දෙන්නා වෙන්නේ Joachim Rønning සහ Espen Sandberg. මේ අය ගැන අපි කලිනුත් කිව්වා මතක ඇති.

ඉතින් මේක මෙච්චර කල් පමා කරන්ඩ එකම හේතුව ඒක විතරක්මද කියන්ඩ අපි දන්නෙ නෑ ඒත්! මොකද? මෑතක Disney ලබාපු අති විශාල පාඩුවීම් ගැන සලකනකොට ඔවුන් ඉන්නේ ලොකු අවදානමක. එහෙන් සල්ලි; මෙහෙන් Depp, ඇයි කීර්තිය! කොහොම නමුත් අලුත් අයට අලුත් වැඩක් කරන්ඩ අරින්ඩ ඕනි නිසා මේ තීරණේ ගත්ත කියල කීවට, මේ පාරත් කතාව සුපුරුදු රටාවෙන් එළියට විහිදෙන බවක් දැනගන්නට නෑ. මෙවර කතාව තවමත් දන්නෙ නැති වුණත්, විස්තර ස්වල්පයක් මෙන්න මෙහෙමයි.

“මේ පාර කපිතන් ස්පැරෝ’ට හමුවන්නේ මායාකම් ගැන චෝදනාවන් ලද විද්‍යාඥවරියක්. ඒ වගේම අපි කලින් දැකපු විල් ටර්නර් සහ එළිසබෙත් ස්වෝන් වෙනුවට මෙවර ගොවිපළකින් එන තරුණ පෙම් යුවළක් එක්ක වැඩට බහීවිලු. ඒ එක්කම තවමත් ජීවත් වෙන කපිතන් බාබෝසාගෙන් පළියක් ගන්නට මගක් සොයන භූතයෙකුත් මෙවර හමුවේවිලු(මෙවර චිත්‍රපටියට නම ලැබිලා තියෙන්නෙත් මේ ඇසුරින්). ඒ හැරුණහම බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස්මය සම්බන්ධයකුත් මේ තුළ ඇතුළත් වේවිලු.”

නමුත් කලින් දු‍ටු චරිත කිහිපයක් මැවූ Orlando Bloom, Keira Knightly හෝ Penelope Cruz අපට මෙවර හමු නොවේවි. සෙසු චරිත ඇතැමක් එලෙසින්ම දැකගන්නට හැකි වේවි. මේ පස්වැන්නෙහි නිල-චිත්‍රපට-නාමය වන්නේ POTC5: Dead Men Tell No Tales යන්නයි. මෙය 2016 ගිම්හානය තෙක් කල් තබා ඇති බවයි හෙළිවන්නේ…

 

Ant-Man

මේ ගැනනම් වැඩිපුර විස්තරයක් කියන්නට නෑ. කුහුඹු-මිනිසා! නැතිනම් Ant-Man කලින් සිතා සිටියාට වඩා කඩිනමින් ලෝකයාට හඳුන්වා දීමට Marvel තීරණය කරලා. ඒ 2015 නොවැම්බර් 06 කියන දිනයට කලින් දිනයක. 2015 ජූලි 31.

ඒ අනුව Marvel කට්ටියගේ Avengers 2 වලින් මාසයකට පමණ පසුව සහ DC කට්ටියගේ MOS 2 වලට දෙසතියකට කලින් තමා සිනමා තිරේ මතට මේ කූඹියා එන්නේ. මේකට හේතුව 2015 නොවැම්බරයේ වැඩ පෙන්නන්ඩ 24 වෙනි බොන්ඩාට, Sony’ලාගෙන් අවසර ලැබීම. ඉතින් මේ වගේ කූඹියෙකුට බොන්ඩා වගේ මහා යෝධයෙක් එක්ක හැප්පෙන්ඩ අමාරුයි. අනික් අතට Avengers 2 උණුසුමත් එක්කම ඇවිදින් DC අයගේ සුපිරිතම වීරයෝ දෙන්නා වන බැට්වයි සුපර්වයි පරද්දන්ඩ Marvel විශ්වයේ අතුරු චරිතයක් වන මේ කූඹියා සමත් වුණොත් කොහොමට තියෙයිද? 😉 නැද්ද?

කොහොමද Marvel මොළේ. ඇයි ඒ විතර්ක්නම් මදැයි? DC සුපිරිතම අනුපමේයම වීරයන් දෙන්නා ගැටෙන සමයකම තමන්ගේ මේ පුංචි වීරයව මුල්වරට ලෝකයට හඳුන්වා දෙන්ඩ තරම් මේ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ තදබල විශ්වාසය කොතරම් වෙන්ඩ ඕනෙද? අනික් අතට Iron Man කියන්නෙත් මෙයාලගේ හොඳම කෙනෙක් නෙමෙයි. නමුත් මේ වෙනකොට ඔහු තමයි මාර්වල් ලෝකෙට ලොක්කා වෙලා ඉන්නේ. ඒකත් මේ දැඩි විශ්වායට ඔවුනට අනුබල සපයන්නට ඇති. බොන්ඩාට බය වුණාට අනික් අයට බය නෑ හොදේ… 😀

 

Terminator 5

මේකත් 2015 තැටියට දාපු චිත්‍රපටියක්. පේන විදිහට 2015 තමා එතෙක් මෙතෙක් කලකට සිනමාලෝලීන් අමන්දානන්දයට පත් කරමින්ම කොන්ද කඩන අවුරුද්ද.

Alan Tylor නැතිනම් Game of Thrones නිර්මාණකරුවා කියමු. මේ වසරේ තිරයට එන Thor 2 ත් මොහුගේ අධ්‍යක්ෂණ කාර්යයක්. දැන් ඔහුට ලැබිලා තියෙනවා අනාගතයෙන් එන මරණයේ යන්ත්‍රය 5 වෙනි වතාවේ මෙහෙයවන්නට.

මේක එන වසරේ මුල් මාසේ වැඩ පටන්ගන්නට නියමිත වෙලා තිබෙන්නක්. මරණයේ යන්ත්‍රය තිරයට යළි එන්නේ 2015 ජූනි 26. ආනි වයසට නොයන යන්ත්‍රය ලෙසින් වයස නොතකා එක්කහු වේවි. ඒ එක්කම තියෙන කනුකුණු වලින් කියවෙන්නේ මරණයේ යන්ත්‍රයේ අනාගත උරුමය The Rock හට පවරා දීමට සූදානමකුත් තියෙන බවක්. කොහොම වුණත් Alan කියන්නෙ සුපිරි අධ්‍යක්ෂකවරයෙක් බව GOT පමණක් නොවෙයි හෙණගෙඩි දෙවියාත් පෙන්වා දෙයි කියන එකයි විචාරක අපේක්ෂාව. එනිසා T5 ගැනත් කිසිදු සැකයක් ඇත්තේ නෑ…

 

Fast & Furious 8

කලින්නම් කියලා තිබුණේ මේ සිනෙ පෙළ 7න් ඉවරයි කියලා. නමුත් ඒක වෙනස් කරලා පාටයි. වින් ඩීසල් කියන විදිහට 8කුත් හදන්ඩයි සූදානම. ඒ අනුව මේක මෑත යුගයකදී ඉවරයක් වෙන එකක් නෑ. මොකද එන්ඩ එන්ඩම රසික පිරිස වගේම චිත්‍රපටියේ වීරයන් පිරිසත් වැඩි වෙමින් තියෙන නිසා.

අලුත්ම තරුව Kurt Russel. ඒ වගේම Tony Jaa, Nathaliea Emmanuel(GOT) නිසැකවම ඇතුළත් නළුවරණයට. Ronda Rousey ඉන්නවාද නැද්ද කියන එක තවම පැහැදිලිව කියලා නෑ. මේ තමා 7 වැන්නට එකතු වෙන මෙතෙක් නොදත් පිරිස. Stath ගැන අපි කලිනුත් කීවා, මතක ඇති. ඔහුගේ හැරුණහම මේ කිව් අනෙකුත් අයගේ චරිත ගැන හෙළිකොට නෑ.

කොහොම වෙතත් F&F මාලාව එන්ඩ එන්ඩම තව තව සුපිරි තරු සමග තව තවත් රටවල් වෙත් යොමු වීමේ හැකියාවෙන් වැඩෙමින් අන්තර්ජාතික නළු පිරිසක් එක්කාසු කරගනිමින් ඉන්නවා. ජපානයෙන් එන FF3 කට්ටියකුත් 7 වැන්නෙහි ඉන්නට පුළුවන්. Tony එක්ක ඉදිරියේදී තායි’වලට යන්ඩත් බැරි නෑ. දැනට කියන විදිහට 7 වැන්න 2014 ජුලි 11 තිරය මත ධාවනයෙහි යෙදෙනවා. අනිකුත් ඉදිරි නිර්මාණ ගැන හෙළි වුණොත් අපි විස්තර කියන්නම්. 😉

 

එහෙමනම් හරි! ඔන්න ඔය ටික තමා අලුත්, නොදත් විස්තර විදිහට කියන්ඩ තිබුණේ. හැබැයි මේ සේරම නෙමෙයි. අපි හැමෝම ආශා කරන තව සුපිරි චිත්‍රපටි කෙළවරක් නැතුව පෝළිමේ ඉන්නවා. මට තනිවම ලියන්ට වෙලාවක් නෑ. 🙁 නැතිනම් තව එමටයි.

උදා (217 Posts)


11 thoughts on “Hot & Hit – රස්නෙට දිස්නෙට අලුත් ආරංචි!

  • September 18, 2013 at 10:26 PM
    Permalink

    හෙහ් හේ! රන්ජන් අයියට නෙමෙයි බන් හම්බෙන්නේ… රන්ජන් ඉන්නෙ කොහෙද? පුහ්! 😀 රන්ජන් අයියව කීයටවත් ගන්නෙ නෑ. ගත්තොත් ගන්නෙ අපේ මැර-වින්තුමාව විතරමයි. ආයෙ ඒකෙ දෙකක් නෑ මට ෂුවර් 😛

  • September 18, 2013 at 7:26 PM
    Permalink

    priyanka newi ban, deepika padukon…mamath dakka ehema ekak nam…
    anika maye hithe ohoma giyoth ranjan ayyatath chance ekak ganna bari wena ekak na….neda udaa…

  • September 15, 2013 at 11:12 PM
    Permalink

    apo bn indiawe un nam epa fast 7 ekata,,priyanka awath wdk na ita wda actrsla innwa 😀 😀

  • September 15, 2013 at 1:10 PM
    Permalink

    ඇත්තටද 7 ට ප්‍රියන්කා චෝප්රා අක්කත් ඉන්නවා කියන්නේ..?

    අපෝයි මාළු…! 10, 12 වෙන කොට අපේ රන්ජන් අයියාටත් අවස්ථාවක් ලැබෙයිද දන්නේ නැහැ… 😀

    එළ ! ස්තුතියි උදා ලිපියට…

  • September 13, 2013 at 5:28 PM
    Permalink

    awesome dooooooo yehaa ff 8 enwa wooow :O

  • September 12, 2013 at 11:52 AM
    Permalink

    සහෝ නිසැකවම කියන්නට බැහැ කවුරු කවුරු එක්වෙනු ඇද්ද කියන එක! අපි මේ දෙන්නෙත් තවත් අන්ත්‍ර්ජාලයේ පළ වූ විස්තර හොයල බලලා සකසා ගන්නා තොරතුරු. ඒ නිසා මේ කිවූ දේවල්වල වෙනස්කම් ඇති වන්නටත් පුළුවන්. අපි කරන්නේ අපි දැනගන්නා අලුත් විස්තරයක් හැකි උපරිම නිවැරදිතාවයෙන් ඉදිරිපත් කිරීම පමණයි.

    වුවමනාවට වඩා බලාපොරොත්තු තබාගන්නට එපා, නිල වශයෙන්ම විස්තර නිෂපාදන සමාගමෙන් හෙළි කරනා තුරු…

  • September 12, 2013 at 11:42 AM
    Permalink

    ado fastaa aaaa fast furios 3 eke set ekath aye enawa kiyanne ithin maxaa ,,,ara pixxu kollath innawaneh ehnm ara policeyata mattu wela meke copyak denna barida kiyala ahenne porath innwanam ela,,HAn maruwata Revenge eka gnnai redy wenne DOm lage set eka elxx tlet’s go tokyo :DDDDDD

Leave a Reply

Your email address will not be published. Required fields are marked *