The Avengers (2012) නොදුටු දසුන්…

අද අපේ මව් විබපළ ලිපි 2000’ක කඩඉමට සම්ප්‍රාප්ත වුණා. ඒ සමගින් ඔබ වෙත විශේෂයෙන් ගෙන එන රූපවාහිනී වාර්තාරංගය සිංහල උපසිරැසි සමගින් අද දවස පුරා ඔබ’තට පත් කරන්නට අපේ මුල් පෙළ උපසිරැසි කරුවන් පිරිසක් එක්කාසු වුණා. ඉතින් අපේ මව් විබපළ සටහන් කරන සමරු අවස්ථාව වෙනුවෙන් Avengers සිනෙපටය ආශ්‍රිත නිර්මාණ කාර්යය පිළිබදව අලුතින් හෙළි දරව් කළ රූපපෙළක් ඔබ වෙත ගෙන එන්නට අපත් අදහස් කළා…

 

Final Battle-Act With Wasp

Avengers (2012)’හි අඩංගු නොවූවත් Wasp(බමරා) චරිතයද ඒ තුළ ඇතුළත් කිරීමටයි පළමුව ඔවුන්ගේ අදහස වුණේ. ඒ අනුව එම චරිතය Avengers’හි අවසන් සංග්‍රාමයට අනිකුත් වීරයන් හා එක් වන අයුරු දැක්වෙන තවත් සැකිලිරූ ආශ්‍රිත රූසටහන් පෙළක් තමා මේ ගෙන එන්නට සූදානම් වන්නේ… මේ කියන බමරා නමැති චරිතය Avengers’හි තවත් එක් කාන්තා නියෝජනයක්. මේ චරිතය හදුන්වාදීම සදහා පසුබිමක් නොපැවති බැවින් මෙය චිත්‍රපටයෙන් කපා හරින්නට කටයුතු කළ බවයි කියැවෙන්නේ. මේ චරිතයත් Avengers 2’හි ප්‍රධාන චරිතය වන Ultron වාගේම Ant-Man හෙවත් Hank Pym’ගේ පර්යේෂණයක ප්‍රථිපලයක්(චිත්‍රකතාවන්හි අඩංගු වන ආකාරය). එනිසා මෙය ඉදිරියේදී අපට මෙම සිනෙ පෙළ තුළ නිතර හමුවන චරිතයක් බවට පත් වේවි…

 

(Avengers 2’හි දුෂ්ඨයා IM ඇසුරින් උපදින බව ඉගි සපයන නොදුටු දසුනක් තව ටිකකින්…)

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *