මාර්ක් වොල්බර්ග්ගේ අයන් මෑන් සිහිනය….

මේ කියන්න යන්නේ තවත් ආරංචියක් ගැන. “අයන් මෑන්” කවුද නොදන්නේ මේ ගැන. මේ කියන්නේ එයා ගැන නම් නෙමෙයි එත් ඒ චරිතෙට ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් ගැන කියන්නයි මේ සූදානම. Mark Wahlberg තමයි මෙහෙම හීන දකින්නේ  Max  Payne වීරයා මේ දවස් වල අපි කව්රුත් අතරේ හරි ජනප්‍රියයි. මොකද එකක් යනකොට එකක් එන තරමට මාර්ක් චිත්‍රපට වලට දායක වෙලා තියෙනවා. Pain & Gain ඉවර වෙනවත් එක්කම 2 Guns.  ඒ වගේම ජනප්‍රිය වෙන චිත්‍රපට ආක්‍රමණය කරන එක මෙයාගේ පුරුද්දක් වෙලා වගේ. එහෙම කියන්න හේතුව Transformers 4 ප්‍රධාන චරිතයට හිමිකම් කිව්වා වගේම දැන් හිත තියෙන්නේ අයන් මෑන් වෙන්නලු. එහෙම කිව්වට ඉතින් Robert Downey Jr. ඒ රාජකාරියෙන් විශ්‍රාම ගිය දවසකලු එහෙම දෙයක් කරන්න ආසාවක් ඇවිත් තියෙන්නේ. 

මෙහෙම ප්‍රසිද්ධියේ තමන්ගේ ආසාවල් ලෝකෙට කියන්න හේතු කාරණා නැතුවමත් නෙමෙයි. මොකද Marvel Studios ඒ චරිතය ගැන යම් විදිහක දෙගිඩියාවක ඉන්නේ Robert Downey Jr විසින් ඒ චරිතයෙන් විශ්‍රාම යන්න ඇති සම්භාවිතාවක් ගැන කල ප්‍රකාශ නිසා. 

 ඉතින් ඒ වෙනුවට ප්‍රේක්ෂක අපට ලැබෙන විකල්පය Mark Wahlberg ද? තවම එහෙම දෙයක් ස්ථිරවම ප්‍රකාශයට පත් නොවුනත් පසුගියදා  Yahoo! Movies UK සමඟ 2 Guns පිළිබඳව කල සම්මුඛ සාකච්ඡාවක් අතර තුරදී අසන ලද “ඔබ කුමන සුපිරි වීර චරිතයකටද පණ පොවන්න කැමති?” යන පැනයට පිළිතුර ලැබුනේ මෙහෙමයි.

“මම ඇත්තටම අයන් මෑන් චරිතයට කැමතියි, නමුත් මම ඒ ගැන කාගෙන්වත් ඉල්ලීමක් කරලවත් මගෙන් කවුරුන් හෝ ඉල්ලීමක් කරලවත් නැහැ.”

කල දුටු කල වල ඉහ ගන්නවා වගේ වැඩක් තමා මේ වහෙන් ඔරෝ බාශාවෙන් Marvel Studios වෙතට මේ Wahlberg විසින් ඉඟියක් දීලා තියෙන්නේ. මොකද Marvel Studios තුල අයන් මෑන් ඇත්තටම සුපිරි චරිතයක්. එහෙම කියන්න හේතු කාරණා නම් අපමණයි. ආයතනයක් විදිහට ඒ චරිතය හරාහ ආයතනය වෙතට ගලන සල්ලි ගඟ සහ කීර්තිය නිසා අයන් මෑන් දේවත්වයෙන් සලකන චරිතයක් ඒ ආයතනය තුලම. ඒ නිසා එවැනි චරිතයක සුපුරුදු මුහුණ එතනින් විශ්‍රාම යන තීරණයකට පැමිනියහම එහිදී ගත යුතු විකල්පය ගැන ඕනෑම ලාභ ලබන ආයතනයක් විදිහට ඔවුන් නිසැකවම වඩාත් සැලකිලිමත් වෙනවා.  අන්න ඒ හේතුව උඩ Mark විසින් කල මේ ප්‍රකාශයට සැහෙන්න වටිනාකමක් ලැබෙන්න ඉඩ තියනවා. මොකද එවැනි චරිතයක් නව මුහුණකින් ඉවත් කරන්න නම් ඒ නව මුහුණත් ප්‍රේක්‍ෂකයන් අතරේ නියත වශයෙන්ම වීරයෙක්ම වෙන්න ඕනේ. මේ සියලු කරුණු කාරණා සලකන විට Mark විසින් විසි කරපු ගල ඉලක්කය සොයාගෙන යන්න තියෙන සම්භාවිතාව සැහෙන්න වැඩි මට්ටමකයි පවතින්නේ.

ඊට අමතරව Transformers 4 හරහා මෙවැනි චිත්‍රපටයකට ලැබෙන අත්දැකීම සුවිශාල උපකාරයක් වෙනවා නොඅනුමානයි.  ඊට අමතරව මම කලිනුත් කිව්වා වගේම Marvel Studios සභාපති Kevin Feige දැනටමත් ලොකු අර්බුදයක ඉන්නේ අයන් මෑන් මෙතරම් වියදම් සහිත වීම ගැන. ඊට ආසන්නතම උදාහරණය නම් අයන් මෑන් 2 චිත්‍රපටය තුල දුෂ්ඨ චරිතය සහ අයන් මෑන් අතර බෙදී ගිය මුදල් ප්‍රමාණයන්. සංඛ්‍යාලේඛන ආශ්‍රයෙන් කියනවා නම් දුෂ්ට චරිතය රඟ පෑ Mickey Rourke හට ඩොලර් 250,000ක් ලැබෙන කොට Robert Downey Jr ඩොලර් මිලියන 50 කට වග කියන්න සමත් උනා.  ඉතින් මේ ඉහල වියදමත් එක්තරා විදිහක ප්‍රශ්ණයක් වෙලා තියෙන අවදියක  Kevin Feige කියනවා මෙහෙම කතාවකුත්,

“මම විශ්වාස කරනවා අයන් මෑන් 4 සහ 5 සහ 6 …10 …. 20කුත් තියේවි. එහෙත් මම හිතන්නේ නැහැ ටෝනි ස්ටාර්ක් කියන චරිතය ජේම්ස් බොන්ඩ්, බැට්මෑන් සහ ස්පයිඩර් මෑන් වගේ  වගේ සදා හරිත චරිතයක් වේවි කියලා.”

මේ වගේ ප්‍රකාශයක් ඇත්තටම බරපතලයි එකෙන් අපිට පැහැදිලි ඉඟියක් දෙනවා Robert Downey Jr හට නුදුරු අනාගතයේදීම අයන් මෑන් කියන තනතුරෙන් සමුගන්න වෙන බවක්. ඒක ඉක්මනටමද එහෙමත් නැතිනම් පසුවද කියන එක තාම තීරණයකින් තොරයි. එහෙත් පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුළුවන් Robert Downey Jr කියන පුද්ගලයා අයන් මෑන් තුලින් අප අතරට එන වාර ගණන අවසන් වෙන්න වැඩි කලක් නොයන බව.

ඊට අමතරව Downey  හොඳාකාරවම තමන්ගේ වයස ගැන දැනුවත් එහෙත් ඔහු දැනටමත් 2018 වන තෙක් අයන් මෑන් චරිතයට පනවා පොවන්න ගිවිසුම අත්සන් කර හමාරයි. ඒ The Avengers 3 සහ 4 තුලින් එහි හතරවැන්න ප්‍රේක්‍ෂක අපට දැක ගන්න වෙන්නේ 2018 දී , ඒ නිසා නිසැකවම කියන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ දශකය තුල අපට අයන් මෑන් ලෙසින් දකින්න ලැබෙන්නේ Robert Downey Jr පමණක්ම බවත්. එහෙත් කලින් සිදු උනා වගේ සහ සිදු වෙන්න තිබෙනවා වගේ බැට්මෑන් සහ ජේම්ස් බොන්ඩ් චරිත වල වෙනසක් වෙන්න තිබෙනවා වගේම ඉන් පසුව අයන් මෑන් චරිතයේත් වෙනසක් වේවි. ඒ සඳහා Wahlberg  සුදුසු වෙන්න තවත් කාරණාවක් තමා ඔහු Robert Downey Jr ට  වඩා වයසින් බාල වීමත්  ඊට ඇති කැමැත්තත්. මොන දේ වෙන්නත් තව දශකයකට ආසන්න කලක් අපට තිබෙනවා.

ඒ නිසා Transformers 4 හරහා  2014 තුලදී Mark Wahlberg ලබන ජනප්‍රිය තාව ඔහුගේ සුපිරි වීර සිහිනය සැබෑ කරගන්න හොඳ උදව්වක් වෙන බව නම් තහවුරුයි. ඒ වගේම ට්‍රාන්ස්ෆොර්මරයන්ගේ ඉදිරි ගමනත් ඔහුත් සමඟ යනවද කියන දේ තීරණය වෙන්නෙත් එන වසරේ ජුනි මාසෙන් පසුව එහි තිරගත වීමත් සමඟ එය ලබන සාර්ථකත්වය තුලින්. ඒ කොහොම කොහොම උනත් අපි අසාවෙන් බලන සුපිරි වීර චරිත බොහොමයක වෙනස්කම් නුදුරු අනාගතය තුල දැක ගන්න ලැබේවි. 😀 

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (53 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 53 posts and counting.See all posts by hasantha

6 thoughts on “මාර්ක් වොල්බර්ග්ගේ අයන් මෑන් සිහිනය….

  • February 18, 2017 at 12:26 PM
    Permalink

    Mark hodai eth iron man ta nam match wenne na.

  • August 22, 2013 at 2:26 AM
    Permalink

    මම ආසම නලුවා තමා මාර්ක් වොල්බර්ග්.

  • August 21, 2013 at 2:45 PM
    Permalink

    THANK YOU පට්ට නළුවෙක් .

  • August 21, 2013 at 12:56 AM
    Permalink

    mark nm patta……

  • August 20, 2013 at 9:03 PM
    Permalink

    පට්ට නළුවෙක් 🙂 ඒත් යන් මෑන් ට දැන් ඉන්න කෙනා තමා මරු

  • August 20, 2013 at 4:29 PM
    Permalink

    ලේසි නැහැ මාක් අයියා ලොකු අතුම තමා අල්ලන්න යන්නේ…
    නමුත් ඕනෙම චාරිතයක් හොදටම රගපාන්න හැකි නළුවෙක්….
    බලමු එකත් කොහොම වේවිද කියලා. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *