සියල්ලහින්දි

Chennai Express (2013) – [චෙන්නායි සීඝ්‍රගාමීත්වය අධිවේගයෙන් ඉදිරියට…]

ඔයාලට මතක ඈතිනෙ කලින් වතාවකුත් මම මේ අලුත්ම බයිස්කෝප් එක ගැන විස්තරයක් අරන් ආව. මේ පාර කියන්න හදන්නෙ ඉතින් මේක කරන පෙරලිය ගැන. මේ සලරුව ඉන්දියානු සිනමා කර්මාන්තය හොලවන්න සමත් වෙලා තියන බවයි දැන් ආරංචි වෙන්නෙ.පූර්ව ප්‍රචාරක පටයත් සිංහලෙන්ම අරන් ඇවිත් තියන එක ඒකත් බලලම ඉන්නකො එහෙනම්.

හරි එහෙමනම් මම කියනවට වඩා ඉන්දියන් ටයිම්ස් පුවත්පත මෙන්න මෙහම අහල තියෙනව “චෙන්නායි එක්ස්ප්‍රස් කෝටි 125 පන්නයි; ඉලක්කය කෝටි 200ක්ද?” “ශාරුක් ඛාන් චෙන්නායි එක්ස්ප්‍රස් සමගින් බොක්ස් ඔ‍ෆිස් වාර්තාවන්ගේ මුදුනටම පැමින ඇත”. පසුගිය බ්‍රහස්ප්තින්දා වන විටදී එය ඉන්දියානු රුපියල් කෝටි 125ක් පමන උපයා ඇත. ශාරුක් ඛාන් ඔහුගේ රසිකයින්ට මේ වෙනුවෙන් තම ප්‍රසාදය පලකොට තිබේ. මෙන්න මෙහෙමයි තවත් විස්තර කියනවනම්. මේ සිනමාපටය තිරගත වීම ආරම්භකලේ 2013 අගෝස්තු මස 8වෙනිදා ඉන්දියාවෙදිමයි. ඉන්දියන් රුපියල් කෝටි 70ක් (අමෙරිකානු ඩොලර් මිලියන 13ක්) වියදම් කරල නිශ්පාදනය කරපු මේකෙ ප්‍රදර්ශනය කරපු පලවෙනි දවසෙදිම සිනමා ශාලා 3.500කදි උපයපු ආදායම කෝටි 6.75ක් වෙලා තියෙනව. අගෝස්තු 9 වෙනිද ඉදල 15 වෙනිද වෙනකොට උපයපු ආදායම ඉන්දියන් රුපියල් කෝටි 33.12ක් වෙනව. ඒ වගේම මේක ඉක්මනින්ම කෝටි 100 වෙනකම් ආවෙ ඉන්දියානු සිනමා කර්මාන්තයේ වාර්තාවකුත් තියාගෙනමයි. මීට කලින් 3 Idiots තියල තිබුනු වාර්තාවක් තමා මේ විදියට අලුත් උනේ. ඒ වේගවත්ම කෝටි සියයේ ආදායම වාර්තා කරමිනුයි. වාණිජ විශ්ලේශක ටරාන් අද්‍රාශ් ට්වීටර් අඩවිය මගින් සදහන් කරන විදියට පලමු දිනයේ කෝටි 6.75ක්, සිකුරාදා කෝටි 33.12ක්. සෙනසුරාදා කෝටි 28.05ක්, ඉරිදා කෝටි 32.50ක්, සදුදා කෝටි 12.62ක්, අඟහරුවාදා කෝටි 11.50ක් සමගින් මුලු එකතුව කෝටි 124.54 ක් ආරම්භක සතිය තුල උපයන්ට සමර්ථකම් දක්වල තියෙනව.

වාර්තා වෙනවේදියට මේකෙ යාවත්කාලීන ආදායම ඉන්දියානු රුපියල් කෝටි 137ක් වෙනව. අනේමන්ද මේකනම් ඇත්තද බොරුද කියල “මේක කමල් හසන්ගෙ මුම්බායි එක්ස්ප්‍රස්” ප්‍රති නිර්මානයක් කියල ඉන්දියාවෙ අය කියනවලු. අපිනම් තාම ඒක දන්නෙ නෑ, මොකද තවම මේකෙ යහපත් තත්වයේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා නෑ. එත් ඉතින් නිකුත් වූ සැනින් ඉක්මනටම අපිටත් ඒක දැනගන්න ඇහැක් වෙයි කියල හිතෙනව, 

Author

3 thoughts on “Chennai Express (2013) – [චෙන්නායි සීඝ්‍රගාමීත්වය අධිවේගයෙන් ඉදිරියට…]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *