Satyagraha (2013) – උණ්ඩය අබියස ප්‍රජාතන්ත්‍රවාදය…

Satyagraha – Democracy Under Fire යනු එළඹෙන 30 වැනිදා තිරගත වීමට නියමිත  ඉන්දීයවිචාරකයන්ගේ ඉමහත්අවධානය ලක් වූ සිනමාපටයකි.අමිතාබ් බච්චන් ,අජේ දේව්ගන්,කරීනා කපූර්,අර්ජුන් රාම්පාල්, මනෝජ් බජ්පායි,අම්රිතා රාඕ, විපින් ශර්මා වැනි හින්දි සිනමාවේ දැවැන්ත ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන්ගේ විරල එකතුවකින් සමන්විතවීම තුළින්ම එහි සුවිශේෂී බව වටහා ගත හැකිය.

මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ  Raajneeti (2010) , Aarakshan (2011)Chakravyuh (2012) වැනි ප්‍රබල සමාජ දේශපාලනික සිනමා සිත්තම් නිරමාණය කළ ප්‍රකාශ් ජා විසින්.

නිර්මාණයට ප්‍රස්තෘථ වී ඇත්තේ දූෂණය හා අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව නැගෙන මධ්‍යම පාන්තික ජනතා විරෝධය හා එය වෙත එල්ලවන රාජ්‍ය මර්දනයයි. වත්මනේ නැගී එන ආර්ථිකයකට උරුමකම් කියනා ඉන්දියාව තුළ  දේශපාලන යාන්ත්‍රනය හා ව්‍යාපාරික ප්‍රජාව විසින්  අත්වැල් බැඳගෙන ස්වීස් බැංකු වල නිධන් ගතකර ඇති වටිනාකම ඩොලර් බිලියන 1,450 ද ඉක්මවන බව කියනු ලැබේ. කුප්‍රකට 2G ගනුදෙනුව දූෂිත ඉන්දීය සාගරයේ දිය බිඳක් පමණයි.  අද ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාවේද බලය ඇති දේශපාලනඥයින් සහ ධනපතියන් විසින් බහුතර දූගී ප්‍රජාව සූරාකෑම , වෛදික සමයේ පටන්ම භාරතය තුළ පැවැති බලයැති සුළු පිරිසක් (කුලවන්තයන්) විසින් බහුතරය (කුලහීනයන්) සුරා කෑමේම දිගුවකි. සාම්ප්‍රදායික බොලිවුඩ් සිනමා මායාව තුළ අපි නොදකින  ගඳ ගසන යථාර්ථය එයයි.

දූෂණය විරෝධී දැවැන්ත ප්‍රතිරූපයක් වන අන්නා හසාරේ (හසාරේ අයියා) ගේ සමාජ භූමිකාව  පදනම් කරගත් චරිතයකට අමිතාබ් බච්චන් පණ පොවන අතර ඔහු වටා එක් අන තරුණ ජවය ලෙස අජේ දේව්ගන් හා අර්ජුන් රාම්පාල් චරිත නිරූපණය කරයි. අන්තර්ජාතික මාධ්‍යවේදිනියක්ගේ ලෙස කරීනා කපූර් රංගනයෙන් දායකත්වය සපයයි.

සලීම් සුලයිමාන් විසින් ප්‍රධාන වශයෙන් සංගීතය මෙහෙයවා ඇති අතර  ආදේශ්  ශ්‍රිවාස්ථව් , Indian Ocean (Band) සහ  Meet Bros Anjan යන සංගීතවේදීන්ද සම්බන්ධ වී ඇත.

” සා දුකින් පෙළෙන උන් දැන් ඉතීන් නැඟිටියව්! අන්තීම සටනට නැඟීටියව්! ” 

යනු බොහොම කලකට පෙර ප්‍රබල සටන් පාඨයක් විය. එහෙත් තවම උන් සා දුකීන් පෙළෙන අතර සටන ද අවසන් වී නොමැත. මන්ද උන් තවම නැඟිට නොමැත.     

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හිරුෂාන් ප්‍රනාන්දු (2 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හිරුෂාන් ප්‍රනාන්දු

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hiruzfdo has 2 posts and counting.See all posts by hiruzfdo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *