Marvel Cinematic Universe ඉදිරි රූ පෙළහර…

Thor: The Dark World/ Captain America: The Winter Soldier/ The Avengers: Age of Ultron කියන මේ චිත්‍රපටි ත්‍රිත්වය ගැන ඔයාල දන්නවනේ ඉදිරි කාලයේදී මේවා නිකුත් වෙනවා…
     
     
  
මේ ගැන විස්තරත් ඔයාලට මතකනේ මංසලේ පළවුණා.. මේ සිනමා ත්‍රිත්වය හැරුණුකොට  “Marvels” ලා තවත් රූ පෙළහරකට සුදානම් වෙනවා.. ඉදිරි වසරවල් වලදී සුපිරි වීරයන්ගෙන් ලෝකය පුරවන්නයි ඔවුන්ගේ සුදානම. අපට මෙතෙක් ඇස නොගැටුණ වීරයන් රැසක් ඉන්නවා පෝළිමේ…
මේ අතරින් කලින්ම එන්නේ;
 
Guardians of the Galaxy (2014)
2014 අගෝස්තු 01 වැනි දා මුල්ම සිනමා පෙළහරට මෙයාල මේ දවස් වල ලක ලෑස්ති වෙනවා.
James Gunn අධ්‍යක්ෂණය කරන මේ සිතුවම මේ දිනවල රූ ගත කරනවා.
අපි දන්නා කියන විශිෂ්ට රංගන ශිල්පීන් රැසක් දායකත්වය දක්වන සිතුවමක් තමයි මේක.
Chris Pratt, Zoe Saldana, Dave Bautista, Benicio del Toro ඇතුළුව තවත් රංගන ශිල්පින් රැසක් දායකත්වය දක්වනවා.
තවම කතාව මොකක්ද කියලනම් ආරංචියක් නැහැ.
කොහොම උනත් මෙයාල විශ්වය ආරක්ෂා කරන වීරයෝ සෙට් එකක්..
ඉතින් Guardians of the Galaxy කියන්නේ සුපිරි සිතුවමක් කියල විචාරකයෝ කියනවා.
ඉතින් එක ඇත්තක්ද කියල අපි බලමු ළගදීම…..

 

Ant-Man (2016)
Dr. Henry ‘Hank’ Pym… ඒ කියන්නේ Ant-Man
Dr. Henry ‘Hank’ Pym – Ant-Man වෙන්නේ රසායනික පරීක්ෂණයක අතුරු ඵලයක් විදිහට.
ඔහුට පුළුවන්කම ලැබෙනවා කැමති වෙලාවක තමන් කැමති ප්‍රමාණයකට ශරීරය වෙනස් කර ගැනීමට.
Edgar Wright තමයි  මේ සිතුවමේ නිර්මාපකයා.
ඔහු මේ ගැන මුලින් ම කිව්වේ San Diego‘හි Comic Con 2010 ප්‍රදර්ශනයේදී.
එහිදී Ant-Manට පණ දෙන්න අදහසක් ඔහු යෝජනා කළා.
අන්තිමට Marvel යි Disney යි කැමති වුණා Ant-Manට පණ දෙන්න…
Marvel ලොක්ක Kevin Feige ඒක ස්ථිර කළා Marvel Cinematic Universe හි තුන්වන පියවරේදී උපද්දන්න.
2015 නොවැම්බර් 6 වෙනිදට දිනත් නියම කර ගත්තා Ant-Manව ලෝකෙ හමුවේ තබන්න.
මිට අමතරව 2016 දී සහ 2017 දී තුන්වන පියවරේ චිත්‍රපට පෙළක් එළිදක්වන්න Marvel‘ලා සුදානම් වෙලා ඉන්නවා..
තවම සියයට සියයක් හරිහමන් තොරතුරක් නැතත්, ඒගැන විශ්වාසය තියන්න අපිට පුළුවන්.
නමුත් තුන්වන පියවරේදී  Ant-Manට පස්සේ පළමුවෙන්ම අපිට හමුවන්නේ Doctor Strange.
     
ඒ මොකද  Marvel ලොක්ක  Kevin Feige දැනටමත් තීරණය කරලා තියෙනවා Doctor Strange‘ව 2016දී ලෝකෙට ගෙනාවොත් හොදයි කියල.
ඒත් එකක්ම 2016 දී  The Black Panther අරන් එන්නත් අදහසක් තියෙනවා කියලයි ඔහු කීවේ.
     
ඒ වගේම ඔයාල මතක තියාගන්න 2017 දී   Marvel’s The Avengers 3 එනවා කියලත්.
කොහොම නමුත් තවමත් වීරයෝ පෝලිමක් ඉන්නවා  Marvel ගෙදරින් එළියට බහින්න.
Cable, Iron Fist, Nighthawk, Vision, Ka-Zar, Luke Cage, Dazzler, Power Pack, The Runaways, Ms. Marvel තමයි මේ පෝළිමේ ඉන්න සුපිරි වීරයෝ සෙට් එක!
මේ අතරින් දැනට සහතික වෙලා තියෙන්නේ; ලාවට වගේ  Ms. Marvel 2017 දී එළියට එන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියලයි…
 
මම Reno Nuwan
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
Reno Nuwan (2 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


Reno Nuwan

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

reno-nuwan has 2 posts and counting.See all posts by reno-nuwan

2 thoughts on “Marvel Cinematic Universe ඉදිරි රූ පෙළහර…

  • August 13, 2013 at 10:17 AM
    Permalink

    Marvel universe ekata gahanna DC lath loku gemak dei wage Justice league film ekath ekkama!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *