Vishwaroopam ආන්දෝලනයේ දෙවැන්න….

“කමල් හසන් “, වසර සීයක් පමණ වන ඉන්දියානු සිනමා වංශකතාව තුළ ඔහු තරම් විවිධ චරිත නිරූපණය කරමින්  රංගනයෙන් ප්‍රාතිහාර්ය පෑ වෙනත් රංගන ශිල්පියෙක් නොමැති තරම්ය. වසර 50 ක සිනමා ජීවිතය තුළ අධ්‍යක්ශකවරෙයෙක්, රංගන ශිල්පියෙක්, ගායකයෙක් , තිර රචකයෙක්, ගේය පදරචකයෙක්, නර්ථන නිර්මාණවේදියෙක් ආදී නොයෙක් ක්ෂේත්‍ර තුළ සිය දස්කම් දක්වා ඇති ඔහු තවමත් තරුණ ශිල්පීන්ට අභියෝගයක් වෙමින් සිනමාවේ රැඳි සිටියි.

වර්තමාන ලෝක දේශපාලන බල අරගලය යනු කුරුස යුද්ධයේ සිට අද දක්වා සියවස් ගණනාවක් පුරා පවතින සංස්කෘතීන් දෙකක  ඝට්ටනයකි . අනූව දශකයේ සෝවියට් රුසියාවේ කඩා වැටීම හමුවේ එය නැවතත් කරළියට පැමිණියේය. ඉහත කී සංස්කෘතීන් දෙකටම අයත් නොවූ පිරිස් මේ දේශපාලන වක්‍ර හා ඍජු යුධ සංග්‍රාම හමුවේ අසරණව සිටියි. ඉන්දියාව යනු මෙම බල අරගලයෙන් පීඩාවට පත් වන අන්‍ය සංස්කෘතියක් ඇති රාජ්‍යකි. මේ මාතෘකාව සම්බන්ධව ඉන්දියානු සිනමාවේ කිහිප අවස්ථාවකම නිර්මාණ බිහි වුණි. ඒ අතර පසු ගිය වසරේ දී වඩාත් අවදානයක් දිනා ගත් විශ්වරූපම් චිත්‍රපටිය දකුණු ඉන්දීය සිනමාව තුළ පමනක් නොව කලාපීය සිනමාව තුළද සුවිශේෂි වටිනාකමක් හිමිකරගෙන සිටින කමල් හසන්ගේ අධ්‍යක්ෂණයෙන් හා රංගනයෙන් සිනමාපටය හැඩ කෙරූවෙකි.

උපතින් හින්දු බ්‍රාහ්මණ වංශිකයෙක් වන හසන් අදේවවාදියෙක් (Atheist) බවට  ප්‍රකටය. ” අම්බේ සිවම් “, ” දස අවතාරම් “ වැනි ඔහුගේම නිර්මාණ සර්බලධාරී ඊශ්වරත්වය, ලෝක ආරක්ෂක දේවත්වය ප්‍රශ්න කරමින් නිරමාණය වූ සිනමා සිත්තම්ය.  කෙසේනමුත් MGR ,කරුණානිධි, ජයලලිතා, විජය කාන්ත් සේම ඔහුද දමිළ ජාතිකවාදී ආභරණ පැළඳ ගන්නනම් පසුබට වූවේනම් නැත. ඔහුගේ විශ්වරූපම්’ සිනමා සිතුවමට ඉස්ලාමීය විරෝධතා දියත් කෙරුණේ  ඔහු හා මහා ඝාතක ප්‍රභාකරන්ගේ ජයාරූපද ඔසවාගෙනය. ඔහුද ත්‍රස්තවාදයට සහය දුන්නෙක් ලෙස පවසමින්ය.
කෙසේවෙතත් මුස්ලිම් සංවිධාන වළ දැඩි විරෝධය හමුවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ වාරණයට ලක් වීමත් සමග ආන්ද්‍රා ප්‍රදේශ්, කේරළය, කර්ණාටක යන සෙසු ප්‍රාන්ත තුළද  මැලේසියාවේ හා ශ්‍රී ලංකාවේ ද වාරණයට ලක් කෙරුණ සිනමා පටය, පසුව මුස්ලිම් ක්‍රියාකාරීන් සමඟ එකඟතාවයකට පැමිණීමත් සමඟ දර්ශන 5 ක් නිශ්ශබ්ද(Mute) කිරීමෙන් ප්‍රදර්ශනය ආරම්භ විය.
 
මෙහි දෙවැනි කොටස විශ්වරූපම් 2 ඉදිරි අගෝස්තු මාසයේ 15 වන දින තිරගත වීමට නියමිතය.  පළමු කොටස රූගත කරනවාත් සමඟම දෙවැනි කොටසේද දර්ශන වළින් 40%ක් පමණ රූගත කෙරුණ බව කියැවෙයි. රාහුල් බෝස්, පූජා කුමාර්, ඇන්ඩ්‍රියා ජෙරමිහ් ,ශේකර් කපූර්, නසර්, ජයදීප් අහල්වත් , ජෙම්ස් බැබ්සන් යන ශිල්පීන් රංගන දායකත්වය සපයන සිනමාපටය තායිලන්තයේ හා ඉන්දියාව තුළ රූගත කිරීම් සිදු කර ඇති බව වාර්තාවෙයි. කමල් හසන් යනු දෙමළ ජාතිවාදියෙකි, උග්‍ර ශ්‍රී ලංකා විරෝධියෙකි. එසේම, ඔහු දක්ෂයෙකි! සිනමාපටය නැරඹීම හෝ නොනැරඹීම ඔබට බාරය. 
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හිරුෂාන් ප්‍රනාන්දු (2 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හිරුෂාන් ප්‍රනාන්දු

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hiruzfdo has 2 posts and counting.See all posts by hiruzfdo

One thought on “Vishwaroopam ආන්දෝලනයේ දෙවැන්න….

  • August 11, 2013 at 12:24 PM
    Permalink

    Machan ,
    Kamal Hassan Tamil unath eyaga wadanam ela..,
    api film eka balanna ona Tamil Sinhala Problems pathakata dala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *