ඉදිරි දිගහැරුම… (XX) | Your Grave 2: ගනිමි මගේ පළිය මම…

හෙහ්! ඔන්න මෙච්චර කලක් හින්දි ෆිල්ම් එකක සබ් එකක් සිංහලෙන් කරගෙන හිටිය හේවා ඊයෙ ඉංග්‍රීසි ෆිල්ම් එකකට සිංහල සබ් දුන්නා. 😀  පිටපාරවල ගියහම අමාරුවෙ වැටෙනවා කියන්ඩත් එක්ක, හිතුවා හේවාවත් එකෙන්ම අමාරුවෙ දාන්ඩ! 😛

මතක ඇතිනෙ ‘I Spit On Your Grave (2010)’ චිත්‍රපටිය. මතක නැති වෙන්නෙ කොහොමද; ඊයේ අපේ හේවා ඒකට සිංහල උපසිරැසිත් දුන්නකොට! මතක නැතිනම් හරි බලල නැතිනම් හරි ඔන්න හේවාගෙ සබ් එක දුන්නා ඊයේ, බලන්ඩ පුළුවනි කැමති කෙනෙකුට තේරෙන සිංහලෙන්ම. මේකයි ඉතින් මම කියන්ඩ ආවෙ…

ඔන්න එහි දෙවැන්න හැදිලා ඉවරයි. නමින් I Spit On Yor Grave 2 (2013). පළමුවැන්නෙහි දිගුවක් එහෙම නොවෙයි මේක. අලුත් කතාවක්. මොකද පළමුවැන්නේ අවසානය සනි‍ටුහන් වෙන්නේ තමන්ට වින කැටපු සැබෑ මිනිස් නරවෘකයින්, ලේ පිපාසිතයින්, පිශාචයන් එක එකෙක් ගාණෙ තමන්ට කළ දේට ඇගේ පළිය අරගෙන අහවර කරලානෙ. එනිසා එහි දිගුවක් නොවී සම්පූර්ණයෙන්ම අලුත් වෙනස් කතාවක් තමයි මෙවර නිර්මාණයෙහි අඩංගු වෙලා තියෙන්නේ. කොටිම්ම නළු නිළියන් පවා වෙනස්. තිරරචකයන් වෙනස්. චරිතත් වෙනස්. හැබැයි අධ්‍යක්ෂකවරයා විතරක් එහෙමමයි.

Steven R. Monroe මෙවරත් අධ්‍යක්ෂණ කාර්යය මෙහෙයවනවා. Jemma Dallender ප්‍රධාන චරිතය සඳහා එක්වනවා. තිර රචනය Neil Elman, Thomas Fenton කියන දෙන්නගෙන්. කතාව මේ වගෙයි…

“ගම්බද තරුණ කෙල්ලක් නිව්යෝකයට එන්නේ නිරූපිකාවක් වෙන හීනයක් හිත දරාගෙන. ඇයට ඡායාරූප සැසියකට(Photo Shoot) අවස්ථාවක් ලැබෙනවා. නිතර දෙවේලේ පාහේ සිදුවන විදිහේ ඡායාරූප සැසියක් වන මෙය, ඇගේ ජීවිතය උඩුයටිකුරු කරලනවා. දූෂණයට ලක්වෙලා, අවස්ථාවාදී පිරිසකගේ බලහත්කාරකම් වලට ලක් වෙලා, දැඩි පීඩාවන්ට වදබන්ධනයන්ට මුහුණ දීලා -එතනිනුත් නැවතීමක් නෑ. මුන් ඈව පණපිටින් වළලනවා. නමුත් කෙසේ හෝ දෛවයත් වාසනාවත් ඇයට තවත් ඉඩක් සලසනවා. ජීවත් වන්නට නොවෙයි. ඒ පළි ගන්නට!”

කලින් එක වගේම මේකත් එපාකරපු, තිරිසන් පළිගැනීමක් ගැන එකක් වන බවයි පෙනෙන්නට තියෙන්නේ. ගියපාර වගේම ඇග කිළිපොළන කෲරකම්, නිහීනකම් මෙවරත් තියේවි. ඊයේ හේවා මේකෙ පළමුවැන්නේ සබ් එක දීපු නිසා අදම මේ ආරංචිය කියන එක හොදයි කියල හිතුවා. මොකද හේවාට ටිකක් කල් වේලා තියෙන්ඩත් එපැයි හිත එකලසක් කරගෙන දෙවැනි ඉංග්‍රීසි ගේමට ලෑස්ති වෙන්ඩත්! 😀 එහෙමනම් ඔන්න “හේවා මේකත් දේවා” කියලා පතනවා… අමාරුවේ වැ‍ටුණ නෙහ් 😉

 

තිරයට එන දිනය: 2013 සැප්තැම්බර් 20

උදා (217 Posts)


5 thoughts on “ඉදිරි දිගහැරුම… (XX) | Your Grave 2: ගනිමි මගේ පළිය මම…

  • Pingback: I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+) [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්

  • July 25, 2013 at 8:40 PM
    Permalink

    ela 🙂

  • July 25, 2013 at 8:34 PM
    Permalink

    බොහොම ස්තුතියි, බොහ්මම ස්තුතියි..
    එහෙනම් මේක තමයි අර කොමන්ටුවේ නොකියා කියලා තිබ්බේ නේද…
    මම හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ කරපු ලොකුම මෝඩ කම මයේ හිතේ…
    උදා නම් තියන්න වටින්නේ නැහැ..
    අනික, මට කලින් ෆිල්ම් එක කරන්න සති දෙකක් විතර ගියා..
    ඒ නිසා මේක ආපු ගමන් දෙන්න ඕන කට්ටිය ඉදීවි…
    ඒ නිසා ශේප් විය හැකි වෙයි…ක්
    කොහොම උනත් හැඩට, වෙලාවට, ගානට අමාරුවේ දැම්මා නේද…
    බොහොම පිං ඒකට…

  • July 25, 2013 at 8:26 PM
    Permalink

    patta asiri meykatath awahama sub dewi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *