Interstellar ( 2014 ) – නොලාන් සහෝදරයින්ගේ අළුත් ම සිනමා සිත්තම…

“බේරන්නා” සබ් දෙපාරක් ම දැම්මානේ. ලැබුණු ප්‍රතිචාර වලට ස්තූතියි. ඉතින් දැන් “බේරන්නා” ට හිතුණා ‘මංසලට’ සෙට් වෙන්න. එන්න නියමිත බයිස්කෝප් ගැන කාටත් කලින්, දන්න සිංහලෙන් අපේ අඩවියෙන් ම විස්තර ලබාදෙන වැඩේටත් සම්බන්ධ වෙන්න. ඉතින් ඔන්න හා හා පුරා කියලා පළවෙනි ලිපිය මංසලට දාන්න අවසරයි…

 

ක්‍රිස්ටෝපර් නොලාන් සහ ජොනතන් නොලාන් කියන්නේ හොලිවුඩය ම, “මනසට වදින සිනමා කලාවකින්” උඩු – යටිකුරු කරපු අයියා – මලෝ දෙන්නෙක් නේ. වැඩිදුර කියනවා නම් Prestige, The Dark Knight, The Dark Knight Rises වාගේ අති දැවැන්ත නිර්මාණ මේ දෙදෙනා එකතු වෙලා තමයි, අධ්‍යක්ෂණය (අයියා) සහ තිර රචනය (දෙදෙනා ම) කළේ. ඉතින් මේ පාරත් අයියා – මලෝ දෙන්නා හොඳ තාත්වික, මනසට වදින විදිහේ වැඩකට අත ගහන්න ලැහැස්ති වෙලා ඉන්නවා.

2007 අවුරුද්දේ ජනවාරි මාසේ “කිප් තෝර්න්” නම් භෞතික විද්‍යාඥයා සමග සම්බන්ධ වෙලා මුලින් ම ජොනතන් නොලාන් තමයි, මේ විද්‍යා ප්‍රබන්ධය නිර්මාණය කරන්න කතිකා කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ අවුරුද්දේ ම මාර්තු මාසෙ දී Paramount චිත්‍රාගාරයෙන්, ජොනතන් එක්ක තවත් කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයෙන් (Caltech) විද්‍යාඥයින් ගෙන්වලා මේ තිර පිටපත සම්බන්ධව වැඩමුළුවක් පවත්වලා. කෙසේ වෙතත් මේ අවුරුද්දේ (2013) ජනවාරි මාසේ 9 වෙනිදා, “මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුත්ත ක්‍රිස්ටෝපර් නොලාන් විසින් භාර ගත්තා” කියලා නිවේදනය කරලා තියෙනවා. ඒ වගේ ම තමන්ගේ මල්ලී ලියපු මුල් පිටපත නැවත තමන්ගේ අදහස් එක්ක ලියන්න තීරණය කරපු බවත් සඳහන් වෙනවා.

චිත්‍රපටයේ මේ වෙනකොට ප්‍රධාන නළුවා ලෙස “මැතිව් මැක්කොනගි” තෝරාගෙන තියෙනවා. ඒ වගේ ම The Dark Knight Rises චිත්‍රපටයේ “Catwoman” විදිහට චරිත නිරූපණය කරපු “ඈන් හැතවේ” ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තියනවා. තව නොලාන් අධ්‍යක්ෂණය කරපු Batman Begins ඉඳන් මේ වෙනකල් චිත්‍රපට පහකම නොකඩවා චරිත නිරූපණය කරපු “ශ්‍රීමත් මයිකල් කේන්” මේ චිත්‍රපටයටත් යොදාගැනීම විශේෂත්වයක්. “බිල් අර්වින්, කේසි ඇෆ්ලැක්, ජෙසිකා චැස්ටේන්” යන නළු නිළියන් ද, චිත්‍රපටයේ අනෙකුත් චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. නොලාන්ගේ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කරපු “හෑන්ස් සිමර්” මේ චිත්‍රපටයටත් සම්බන්ධ වෙන බවයි හොලිවුඩ් ආරංචි මාර්ග වලින් වාර්තා වෙන්නේ.

චිත්‍රපටය මේ අගෝස්තු වල කැනඩාවේ කැල්ගරි වල රූපගත කිරීම් ආරම්භ කරන්න නියමිතව තිබුණත් දැනට කැනඩාවේ ඇතිවෙලා තියෙන ගංවතුර තත්ත්වය නිසා රූපගත කිරීම් ප්‍රමාද වෙන බවක් තමයි හොලිවුඩ් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටින්නේ.

 

තිරගත වෙන දිනය : 2014 නොවැම්බර් මස 7 වන දා.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

Saver (2 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


Saver

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

saver has 2 posts and counting.See all posts by saver

3 thoughts on “Interstellar ( 2014 ) – නොලාන් සහෝදරයින්ගේ අළුත් ම සිනමා සිත්තම…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *