Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 9)

මෙන්න එහෙනම් වැඩේ ඉවරයක් කරන හැටි. මේ තාක් ඔබ දිගින් දිගටම දුටුවා රූගත කිරීම් සිදුවෙන්නේකොයි විදිහටද? පසුතල සැකසෙන්නේ කොහොමද? පසුසැකසුම් දර්ශන හසු කරගන්නේ කොහොමද? රංගනය පුහුණු වන්නේ කොහොමද? 3මාන රූගත කිරීම් සිදු වන්නේ කොහොමද? සැලසුම්ගතව කටයුතු ක්‍රියාත්මක වන්නේ කොහොමද වගේ විස්තර… ඒ හැමෙකක්ම නිෂ්පාදනයේ මැදි අවධිය. ඒ කියන්නේ මූලික කටයුතු නිසිලෙස සකසා ගැන්මෙන් පසුව නිෂ්පාදනය සිදු කෙරෙන හැටි තමයි ඒ සියල්ලෙහි අඩංගු වුණේ. අද මේ එන්නේ පසු නිෂ්පාදන අවධියට, ඒ කියන්නේ චිත්‍රපටිය තිරගත කරන මට්ටමට සකසන මහා ක්‍රියාන්විතය!

සංස්කරණය/ 3මාන සැකසීම්/ හඩ කැවීම්/ ශබ්ද පටිගත කිරීම්/ 3මාන ආකෘති සැකසීම්/ හඩ සැකසීම් සහ සැලසුම්/ අඩු-ලුහුඩු සැකසීම් ඒ වගේම අතරින් පතර අවශ්‍ය ඇතැම් දර්ශන යළි රූගත කිරීම් වගේ කටයුතු සිදුවන්නේ මේ කාලය තුළ. තිරගත වන්නට සති 8ක කාලයක් පසුපසින් හිදගෙනයි ඔවුන් මේ සියල්ලට අත ගසන්නේ පවා. ඉතින් ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මේ එකිනෙක බෙදා වෙන්කළ අංශයන්හි වෙන වෙනම සැකසෙන සියලු දේ අවසානයේ එකම නිර්මාණයක් ලෙස සැකසිය යුතුයි. ඒ තිරගතවීම් ඇරඹිමට නියමිත දිනට දින කිහිපයකට කලින්. මොකද මාධ්‍යයට ඉදිරිපත් කරන්නේ ඊට කලින්නේ…

ඇයි මට මගහැරුණා සංගීත පටිගත කිරීම් වාද්‍ය වෘන්දයක සහභාගීත්වයෙන් සිදුවන්නේ ලන්ඩනයේ ඉහළතම ශබ්දාගාරයකදී, ඒ විතරද? ඇයි ඩොල්බි සහ ඩීටීඑස් වලට මේ සැකසීම් ගැළපෙනවද කියල ටෙස්ට් කරගන්ඩත් 3ඩී වලින් පේන විදිහ බලා කියාගන්ඩත් කල් ඕනෙ. නැතිනම් අඩුපාඩුවක් අහුවුණොත් හදාගන්නේ කොහොමද? අවසාන නිෂ්පාදනය සුපිරිවටම නොතිබුණොත් මෙච්චර කලක් වුණ මහන්සියේ පළක් කෝ? නැද්ද?

එහෙමනම් මේ වගේ දුර්ලභ අවස්ථාවක් අහක නොදායි කියල හිතනවා කීයටවත්. තව ටිකකින් අරගෙන එන්නම් සමාරම්භක උත්සවය හා ඒ සම්බන්ධ කටයුතු ගැන වන 2012 වසරේ අවසාන දිනපොත් පිටුව 😉

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *