Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 8)

පිළිගන්නවා මීළග පිටුවට Peter Jackson වෙනුවෙන්. මේ පාර තියෙන්නේ සැන්’ඩියේගෝ නුවර පැවැත්වෙන කොමික්-කොන් උළෙලේ උත්කර්ශය ගැනයි. සිනමා ලෝකයේ උත්කර්ශවත්ම උළෙලක් තමා මේක. සියළුම සිනමා නිර්මාණ සමාගම් ගිම්හාන නිවාඩු සමයේදී එළි දක්වන්නට බලාපොරොත්තු වන සහ ඉන් පසුව එළි දක්වන්නට බලාපොරොත්තු වන නිර්මාණයන් ගැන පළමු හෙළිදරව්ව ලෝකයට ගෙන එන්නේ මෙන්න මෙහිදීයි.

THE HOBBIT වෙනුවෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර කෙබදුද? මෙම රසිකයින් සිනමාවට කෙතරම්නම් ආදරය කරනවාද? වගේ කරුණු ඔබට දැකගන්නට හැකි වෙනවාට සැක නැහැ. ඇතැමුන් මේ සිනමාපටයේ පෙරදැක්මට සහභාගී වීමටම දුරු කතර ගෙවාගෙන සියළු මුදල් වියදම් කරගෙන පැමිණිලා තිබෙන්නේ තමන්ගේ ප්‍රියමනාපම සිනමා තරු ඇස් පනාපිට දැකගැනීමේ වරම ලබාගැනීම ජීවිතයේ එක් සිහිනයක්ව පැවති නිසා.

ඒ වගේම අවසාන රූගත කිරීම් දින කිහිපය ගැනත් ඔවුන් මෙහිදී කතා කරනවා. දර්ශන තලයේ විනෝදය, හැම විටම උතුරා යන සිනහව සහ විකාර වැඩ. කෙතරම්නම් ළෙංගතු බැදීමකින්, සැහැල්ලුවකින් කටයුතු කරනවාද යන වගත් දැකිය හැකියි. එකිනෙක අංශයන්හි වැඩ කෙරෙන හැටි ගැන මෙහිදීත් ටිකක් විස්තර කෙරෙනවා. ඇදහිය නොහැකි දර්ශන තල ඉදිකිරීම් දුටුවහම ඒවා හැබැහින් දකින්නට හිතෙනවට මෙන්න කැට! ඒ වගේම එකිනෙක වෙන්කම් සහිතව එකිනෙක චරිත සදහා සූදානම් වන හැටිත් ඒ ඒ චරිත සහ කණ්ඩායම් වෙනුවෙන් නිශ්චිත ඉරියව් සැකසීම් හා පුහුණුවීම් කෙරුණු හැටිත් තියෙනවා. මෙහි අවසානය සටහන් වන්නේ රූපගත කිරීම්වල අවසානයත් එක්ක කෙරෙන සැමරුම් සහ සතුට බෙදා හදා ගැනීම් සමගින්.

ඒ වුණත් THE HOBBIT නිර්මාණයේ වැඩ කටයුතු තව ඉවර නැහැ. දැන් තමයි භාරදූරම දෙවනවරට කෙරෙන අධ්‍යක්ෂණ කාර්යය හෙවත් සංස්කරණයට එළඹෙන්නේ. එහෙමනම් අද දවසේ තව පිටුවක් දෙකක් කියවමු. නේද?

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *