Peter Jackson’ගේ HOBBIT දිනපොත… (පිටුව 4)

ඔන්න හොබිට් නිෂ්පාදනයේ දිනපොත් සටහනේ සිව්වැන්න. මෙවර සාකච්ඡා කරන්නෙ 3D රූගත කිරීම් පිළිබදව. 3මාන තාක්ෂණය භාවිත කර රූගත කිරීම අපි හිතනවාට වඩා බොහොම, බොහොම අසීරු කාර්යයක්. විශේෂයෙන් මේ වගේ; පුළුල් තිරය මත අදින දැවැන්ත නිර්මාණයක් සදහා යොදාගනිද්දී…

මේ රූගත කිරීම් සදහා යොදාගත් කැමරා උපකරණ සහ ඇටවුම්, කැමරා පිරිසේ කටයුතු, 3මාන රූගතවීම්වලට සරිලන පරිද්දෙන් ඒවා විශේෂයෙන්ම සකසන අයුරු; ඒ විතරක් නොවෙයි කැමරාව ඉදිරියේ 3මාන රූගත කිරීම් වලට ගැළපෙන ලෙස එකිනෙක මුසුවන සියල්ල ගළපන්නටත් ආලෝක සංවේදී තත්ත්වයන් හමුවෙහි මුහුණ දුන් අභියෝගයන් පිළිබදවත් කරුණු රැසක් දැනගත හැකි වෙනවාට නොඅනුමානයි.

3මාන කිව්වහම අපට හිතෙන්නෙ රූගත කිරීම් ගැන විතරක් වුණාට, මේ නිර්මාණයේ 3මාන භාවිතය රූගත කිරීම් වලට කලින් ඉදන්ම යොදා ගෙන තියෙනවා. ඔබ දන්නවා ඇති පසුතල සහ එකිනෙක දර්ශන සකසන්නට කලින් ඒවා 2මාන ලෙස සිතුවම් කරන බව. මේ නිර්මාණ කටයුත්තේදී ඒ චිත්‍ර පවා 3මාන ලෙස සකසන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඔවුනගේ ඒ වෙනුවෙන් වූ අප්‍රතිහත කැපකිරීම ගැනත් ඒ වෙනුවෙන් දැරූ මහන්සිය කෙතරම්දැයි යන්නත් මෙහිදී දැනගත හැකි වේවි.

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *