වයස්ගතම ඔස්කාර් සම්මානලාභියා යළි වරක් එය හිමිකරගනීවිද?

ඔස්කාර් හෙවත් ඇකඩෙමි සම්මාන ඉතිහාසය තුළ සම්මානයට පාත්‍ර වන්නට වරම් ලද වයස්ගතම පුද්ගලයා බවට පත් වූ Christopher Plummerමෙවර Erik Canuel ගේ ‘Barrymore’ සිනමාපටයෙන් යළි වරක් එම වාසනාව හිමි කරගනීවිදැයි යන්න මේ දින වල දැඩි කතා බහට ලක් වී පවතී.
 පසුගිය පෙබරවාරි මාසයේ පැවති ඔස්කාර් සම්මාන ප්‍රදානෝත්සවයේදී  Beginners (2011) චිත්‍රපටයෙන් ප්‍රදර්ශනය  කරන ලද රංගන කෞශල්‍යය වෙනුවෙන් Christopher Plummer හොඳම සහාය නළුවා(Best Supporting Role) සම්මානය හිමි කරගන්නා ලදී. ඒ වන විට 82වන වියෙහි පසු වූ ඔහු එතෙක් මෙතෙක් ඔස්කාර් ඉතිහාසය තුළ සම්මානයක් හිමි කරගත්  වයස්ගතම තැනැත්තා බවට පත් විය.
Erik Canuel විසින් දිගු කලක් පෙරුම් පුරා John Barrymore ගේ චරිතය ඇසුරු කරගනිමින් නිර්මාණය කරන්නට යෙදුණ ‘Barrymore’ සිනමාපටය එළඹෙන නොවැම්බර් මස 15 වන දින සිට තිරගත වීම ඇරඹෙන අතර එහි John Barrymore චරිතයට පණ පොවන Christopher Plummer(83) හට යළිත් වරක් එම භාග්‍යය හිමිවීමේ ඉඩකඩක් පවතින බව කියැවේ.
 මෙම චිත්‍රපටය තනි චරිතයක් පමණක් ඇසුරු කරගනිමින් නිර්මාණය වූවක් වන අතර මින් පෙර බිහිවූ එවැනි නිර්මාණයන් අතරින් කිසියම් සම්මානයකට ලක්ව ඇත්තේ Give ’em Hell, Harry! (1975) යන චිත්‍රපටයේ ජනාධිපති Harry S. Truman ගේ චරිතය රඟ පෑ James Whitmore පමණක් බවත් පැවසේ.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *