‘No’ එකට Yes කියයිද?

 

චිලී සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන Pablo Larrain විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටයක් වන ‘No’ 2013 වසරේ ඔස්කාර් සම්මාන උළෙලෙහි විදෙස් සිනමාව සඳහා වන සම්මානය දිනා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව වාර්තා වේ. ලතින් ඇමෙරිකානු කලාපයෙන් බිහි වූ මෙම චිත්‍රපටය එම සම්මානය සඳහා වන තරගයේ පළමු පෙළෙහිම ‍රැඳී සිටින්නකි.
චිලී රාජ්‍යය තුළ ඒකාධිපති පාලනයක් ගෙනගිය ආඥාදායකයෙකු වූ Pinochet(පිනෝෂේ) සහ ඔහුට සහාය පළ කළ නිර්මාණශීලී තරුණ චිලී දැන්වීම්කරුවෙකු වටා ගොඩනැගෙන මෙම චිත්‍රපටය වර්ෂ 1988 පාදක කරගනිමින් දිවෙන්නකි. මෙහි එම දැන්වීම්කරුවා ලෙස සුපිරි නළු Gael Garcia Bernal රංගනයෙන් දායක වේ.
2008 වසරේදී පැවති ඔස්කාර් උළෙලෙහිදී ද Pablo Larrain විසින් නිර්මාණය කරන්නට යෙදුණු සිනමා සිතුවමක් වූ Tony Manero විදෙස් සිනමාව සඳහා නිර්දේශිත අවසාන නාමකරණයන් පහ අතරට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කළද එය එසේ සිදු නොවුණි.
නමුත් ප්‍රබල විචාරකයන් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ මෙවර ඔහු විසින් ඉදිරිපත් කර ඇති නිර්මාණය එම ඔස්කාර් සම්මානය දිනා ගැනීමේ සම්භාවිතාව බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බවයි. මෙම නිර්මාණය Foriegn Oscar හෙවත් විදෙස් සිනමාව සඳහා වන අවසන් නාමකරණයන් පහ අතරට පිවිසීම ගැන සැකයක් නැති බව ඔවුනගේ අදහස වී තිබේ.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *