Transformers 4 අලුත් මුහුණුවරකින්…..

මේ ආරංචිය යකඩ රොබෝවරුන්ගේ සිව්වන ආගමනය ගැනයි.  කලින් වතාවේ අපි කිව්වනේ යම් යම් තොරතුරු මෙහි වෙනස් වන මිනිස් චරිත ගැන, දැන් මේ  දෙන්න හදන ආරංචිය මෙහි වෙනස් වන රොබෝ චරිත ගැන සහ තවත් එක මනුෂ්‍ය චරිතයක් ගැන.

 එහෙනම් මම කියන්නම් මුලින්ම මෙහි අලුත් වන මිනිස් චරිතය රඟ දක්වන්නේ කවුද ඒ වගේම එම චරිතය ගැනත්. මේ නළුවා නමින් T.J. Miller වන අතර ප්‍රහසන නළුවෙක්. ඔහු රඟ පෑ චිත්‍රපටියක් තමයි She’s Out of Your League කියන්නෙත්. ඔහුගේ චරිතය වන්නේ රථ වාහන කාර්මික ශිල්පියෙක්ගේ චරිතයක් වන අතර ඔහු මිතුරෙක් වෙනවා ප්‍රධාන චරිතය වන Flynn Vincent  (Mark Wahlberg) හට. ඒ වගේම කලිනුත් කිව්වා වගේ Bates Motel තරුව  Nicola Peltz රඟ පාන්නේ Flynn Vincentගේ දුව විදිහට. ඇයගේ සිත්ගත්ත තවම නමක් යෝජනා නොවුන කාර් පිස්සෙක්ගේ චරිතය රඟ පාන්නේ Jack Reynor විසින්.

“T.J. Miller”

මේ කියන්න යන්නේ මිනිස් නොවන චරිත එහෙමත් නැතිනම් රොබෝ චරිත වල වෙන වෙනස්කම් සහ නවක චරිත ගැන.”අපි කලින් චිත්‍රපට තුනෙහිදීම දැකපු “බම්බල් බී” මෙවර ටිකක් අලුත් මුහුණුවරක් ගන්නවා කියලා තමයි ආරංචි මාර්ග පවසන්නේ. මේ සැරේ මනුෂ්‍ය හිතවාදී “බම්බල් බී” රෝබෝවරයාගේ රථ වේශය නිරූපණය භාර වෙලා තියෙන්නේ නව පෙනුමක් ලබා දුන් 1967 වර්ෂයේ නිෂ්පාදිත  vintage 1967 Camaro රථයකට. එහෙත් තවමත් කිසිම තොරතුරක් නැහැ Sam Witwicky නමැති චරිතය රහිතව “බම්බල් බී” නම් රෝබෝවරයාගේ කර්තව්‍ය කුමක්ද කියන දේ.  ඔයාලට පහත දැක්වෙන පින්තූරයෙන් දැක ගන්න පුළුවන් වේවි කොහොමද “බම්බල් බී” සිව්වන වතාවට අප අතරට එන්නේ කියලා.

“Bumble Bee”

මේ කියන්න යන්නේ රොබෝවරුන්ගේ ලොක්කා ගැන. එහෙමත් නැතිනම් “ඔප්ටිමස් ප්‍රයිම්”, එයාගෙත් පොඩි පොඩි වේශ නිරුපනයේ වෙනස් කම් තියෙනවා කියලා තමයි ආරංචිය. මේ සැරේ අපේ රොබෝ ලොක්කට ලැබිලා තියෙන්නේ ගවයෙකුගේ වගේ ස්වරූපයක් සහිත ට්‍රක් රථයක්. මෙහි නිර්මාණ සහය ලැබිලා තියෙන්නේ Daimler Trucks North America සමාගමේ උප සමාගමක් වන  Western Star සමාගමෙනුයි. එහෙනම් පහලින් ඉන්නේ අලුතින් හැඩ වැඩ වූ “ඔප්ටිමස් ප්‍රයිම්”.

“Optimus Prime”

ඒ වගේම තවත් අලුත් රොබෝ චරිත දෙකක් එකතු වෙන බව දැනට ආරංචිමාර්ග වලින් සහතික වෙලා තිබෙනවා. එයාලගේ නම් වෙන්නේ “ස්ලින්ග්ස්ෂොට්” සහ “ඩ්‍රිෆ්ට්” කියල දෙදෙනෙක්. මෙයාලගේ වේශයන්  නිරූපණය කරන්නේ සුපිරි කාර් රථ දෙකක් මගින්. ඒවා නම් කොළ පැහැති C7 Corvette Stingray වර්ගයේ කාර් රථයක් “ස්ලින්ග්ෂොට්” සඳහාත් “ඩ්‍රිෆ්ට්” සඳහා කළු සහ නිල් පැහැයෙන් සමන්විත  Bugatti Grand Sport Vitesse කාර් රථයක්. මේ රථ දෙක  සැදී පැහැදී ගෙන ඉන්නවා අලුත් රොබෝවරු දෙදෙනෙකුට   Transformers සිව්වන ආගමනය හරහා ඔවුන්ගේ පළමු ආගමනය සනිටුහන් කරන්න ඉඩ දෙන්න. එහෙනම් බලමු කොහොමද එයාලගේ පෙනුමත් කියලා.

“Slingshot” 

 Drift”

දැනට ලැබුණු ආරංචි වලට අනුව අපිට අවසාන වශයෙන්  Michael Bay අධ්‍යක්ෂකවරයා විසින් හෙළිදරවු කල තවත් රොබෝ චරිතයක රථ ආවේශය ගැන තොරතුරක් තමා මේ ඉදිරිපත් කරන්නේ. මේ රොබෝ චරිතය නම් කර තිබෙන්නේ “ඔටෝබෝට් හවුන්ඩ්” ලෙසින්. යම් ආකාරයක රොබෝ දඩයම් බල්ලෙක්. මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ට්‍රක් රථයක්. එසේමෙසේ  ට්‍රක් එකකුත් නෙමෙයි මෙය යුධ ට්‍රක් රථයක්. මෙහි නිෂ්පාදන දායකත්වය දරන්නේ Oshkosh Defense නමැති හමුදාමය වාහන නිෂ්පාදන ආයතනය මගින්. එහෙනම් බලමු කවුද මේ රොබෝ දඩයම් බල්ලා කියලත්,

“Hound”

මෙසේ වෙනස් වෙන්න හේතු විමසුවහම Michael Bay ප්‍රකාශ කර තිබෙන්නේ මෙහෙම කතාවක්. “මේ තීරණය අපි ලඟදි ගත් එකක් නෙමෙයි. මෙය මීට වසර හතරකට ගත් තීරණයක්. සිව්වන කතාවේදී මෙහි බොහොමයක් චරිත නැවත වෙනස් කරන්නත්, අලුත් චරිත ඇතුලත් කරන්නත් අපි කලින් සිටම සැලසුම් කලා. මොකද අපිට ඕනේ මේ කතාව තවත් විවිධ පැති වලට දුවවන්න සහ මෙහි අධිකාරිය තවත් විස්තාරණය කරන්න.”

ඒ උනාට තවම කතා වස්තුවක් ගැන හෝඩුවාවක් නැති ට්‍රාන්ස්ෆෝමරයන්ගේ සිව්වන ආගමනයට දින වකවානු නම් දැනටමත් තීරණය කර හමාරයි. ඒ සඳහා අපි හැමෝටම තව අවුරුද්දක් එහෙමත් නැතිනම් 2014 ජුනි 27 වෙනකන් දින ගනින්න වෙනවා.

 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
හසන්ත වික්‍රමරත්න (53 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


හසන්ත වික්‍රමරත්න

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

hasantha has 53 posts and counting.See all posts by hasantha

6 thoughts on “Transformers 4 අලුත් මුහුණුවරකින්…..

  • June 4, 2013 at 7:21 PM
    Permalink

    mn nm kamathi me wenasata…mark wahlberg mn asama naluwek…miniha wade elata karai…

  • June 3, 2013 at 8:19 PM
    Permalink

    ඒකතමයි හිතා ගන්න අමාරු. පරණ කාලෙට යනවා වෙන්නත් බැහැ. අනෙක් වාහන එක්ක බලද්දී. මොක නමුත් සැබෑම වෙනසක් වෙයි. හිතන විදිහට කලින් එකට වඩා මේ සැරේ වැඩේ නැගලා යයි වගේ. බලමුකෝ… 😀

  • June 3, 2013 at 7:06 PM
    Permalink

    Sam Witwicky නැතුව කොල්ටි නැති වෙය්ද මන්ද?

  • June 2, 2013 at 8:38 PM
    Permalink

    ela sahooo thankzzzz
    😀

  • June 2, 2013 at 8:32 PM
    Permalink

    එලස් නියමයි

  • June 2, 2013 at 8:32 PM
    Permalink

    පට්ට මචං ලිපිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *