ඉදිරි දිගහැරුම… (XVII) | Croods’ලා 2වන සවාරියත් යන්නයි ලෑස්තිය…

The Croods 2

පළමුවෙන්ම අපි මේ ආරංචිය ගෙන එන වෙලාවෙ; The Croods (2013) | ලොව මුල්ම සවාරිය…. ත් එක්ක තමන්ගෙ උපසිරැසි සවාරියේ සුවිශේෂ කඩඉමක් පසු කර ගිය අපේ සමීර කරුණාරත්න සහෝට ඒ වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කර සිටිනවා. ඒ එක්කලම; ඔන්න සමීරට අපි කියන්ඩ හදන්නෙ, දෙවෙනි සවාරියටත් අපිව එක්ක යන්ඩ සූදානමින් හිටියොත් හොදයි කියන එක ගැන පුංචි ඔත්තුවක්. 😉

 

DreamWorks චිත්‍රාගාරය නිර්මාණය කළ, මේ වසරේ ප්‍රවේශ අලෙවිය අතින් අති සාර්ථකත්වයක් හිමිකරගත්, මේ අපූරු සජීවීකරණ සිනමා සිතුවම හිමි කරගත් ඒ සාර්ථකත්වය නිසාම; දෙවැන්නක් කෙරෙහි යන්නට තීරණය වෙලා. පසුගිය මාර්තු මාසයේ සිට ලොව වටා සිනමාහල් වලින් සවාරියේ යාම ඇරඹූ මේ වීක්‍රමාන්විත/ ක්‍රියාදාම/ අරුමැසි සිනමා නිර්මාණය ලොව වටා සමස්ත ඉපයීම $ 533.8m ලෙසින් ආදායමක් සටහන් කළේ $ 135m පිරිවැය ඉසීලීමක ප්‍රතිඵලයක් වශයෙන්.

DreamWorks සමාගම ඉකුත් අප්‍රේල් 17 වනදා මෙහි අනුබැඳියක් නිර්මාණය කිරීම ගැන ප්‍රකාශයක් නිකුත් කළා. ගියවර අධ්‍යක්ෂණයෙන් එක්වූ Kirk DeMicco සහ Chris Sanders යන දෙපළ මේ සඳහා ද සිය අධ්‍යක්ෂණ දායකත්වය සපයන්නට නියමිතයි. ඒ වගේම පළමුවැන්න සඳහා සිය හඬ දායකත්වය ලබාදුන් Nicolas Cage/ Ryan Reynolds/ Emma Stone/ Catherine Keener/ Clark Duke/ Cloris Leachman යන හඬ නළු-නිළි පිරිසගේ දායකත්වය ද මීට ලබාගන්නා බව තමයි කියලා තියෙන්නේනම්. තිරපිටපත කලින් වගේම අධ්‍යක්ෂක යුවළ අතින්ම සැකසෙනවා විය හැකියි.

මේ වනවිට මෙය DreamWorks ආයතනයෙන් නිර්මාණය කෙරෙන ”6 වැනි සජීවීකරණ සිනෙ පෙළහර ”ලෙස ප්‍රකාශ කර අවසන්. එමෙන්ම මින් බිඳී විත් තැනෙන ටෙලි මාලාවක් නිර්මාණය කිරීම සඳහාද කටයුතු කරන්නට ඔවුන් පෙළඹිලා තිබෙන වගයි දැනගන්නට තිබෙන්නේ. තවමත් මීට එහා තොරතුරක් මේ ගැන දැනගන්නට නැහැ. ඒ තොරතුරු හෙළිදරව් කර සිටි වහාම, හැකි ඉක්මනින් ඔබ හමුවේ තබන්නට අප උත්සාහ දරන බව ඔබ දන්නා නිසා; ඒ තොරතුරු පිටවෙනකම් ටිකක් ඉදිමුකෝ…

තිරයට එන දිනය: ප්‍රකාශ කර නොමැත.

උදා (217 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම… (XVII) | Croods’ලා 2වන සවාරියත් යන්නයි ලෑස්තිය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *