සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (V)

Star Wars VII

‘Star Trek: In to Darkness (2013)’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන J.J. Abrams ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව යළි පණ ලබන්නට මේ සිනමා පෙළහර මේ වෙද්දී සූදානම් කෙරෙමින් පවතිනවා. පසුගිය කාලෙක Disney සමාගම විසින් මිලයට ගනු ලැබූ Lucasfilms‘හි සභාපතිනිය වන Kathleen Kennedy ගේ දැඩි පරිශ්‍රමය නිසා ඔහු මේ සිනමා කාර්යය සඳහා එකඟ කරගන්නට හැකි වෙලා.

පිටපත ලියන වැඩ දැනටමත් Michael Arndt(Toy Story 3) කරගෙන යනවා. ඒ එක්කලම George Lucas මේ සිනමා නිර්මාණය සම්බන්ධයෙන් සිය උපදේශන දායකත්වය සපයන්නට සූදානමින් පසුවෙන බවත් සඳහන්. Paramount සමාගමේ බෙදාහැරීමක් ලෙසින් ලොව වටා යන්නට සූදානමින් පසුවෙන මේ චිත්‍රපටය, මුල් කතා 6න් ඔබ්බට ගෙන යන්නට සියලුම ශිල්පීන් සැදී පැහැදී බලා සිටින වගට වැඩි තොරතුරක් මේ තාක් හෙළි කර නැහැ.

අධ්‍යක්ෂකතුමා පවසන හැටියට ඔහු මේ සිනමා පෙළෙහි අංක 1 රසිකයෙක්. එනිසා මෙයත් පෙර නිර්මාණ 6 හා සම වන පරිදි උසස් නිමාවකින් යුතුව එළිදක්වන්නට ඔහුටත් ලොකු වුවමනාවක් තියෙනවලු. SW සංකල්පයේ නිර්මාතෲතුමන්, තමන් හා ළඟින්ම ‍රැ‍ඳෙන එක ඒ සඳහා ලොකු සවියක් වෙයි කියලයි ඔහුගේ අදහස. ආරංචි වෙන විදිහට මේ නවතම දිගහැරුමටත් සංගීතය සපයන්නට, පෙර නිර්මාණ 6 වෙනුවෙන් සංගීතයෙන් එක් වූ අධ්‍යක්ෂකවරයාගේ දායකත්වය ලබා ගන්නටත් සූදානමක් පවතිනවා දැනටමත්. තිරරචනය කෙරෙන විදිහ ගැන තවමත් හෙළිකර නැහැ.

 

තිරයට එන දිනය: 2015 ගිම්හාන සමය

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *