සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (VI) | ASM2 මකුළු-කොලූ’ගේ 2වැනි වික්‍රමය… [Update]

The Amazing Spider-Man 2

‘The Amazing Spider-Man (2012)’ පළමු චිත්‍රපටියට ලද ඉහළ ප්‍රසාදය නිසා මේ දිනවල දෙවැන්න හැදීගෙන යනවා. මේකෙදී Mary-Jane Watson හෙවත් මකුළු මිනිසාගේ ප්‍රේම සිහිනය ලෙස Shailene Woodley එක්වෙන අතර ගියවර ඔහුගේ ආකර්ෂණය වූ Gwen Stacy(Emma Stone) මෙවර එක්නොවනු ඇතිලු. කොහෙද මේ Peter Paker ඉස්කෝලෙ මාරු කරල නෙව මේ පාර!

කලින් සැරේ ජෛවසැකසීමකට කළ තැත වැරදී ගොහින් මොළකාර විද්‍යාඥයා අවසානයේ දැවැන්ත ගොයෙක් බවට පත් වෙලා මහ හදියක් වුණානෙ. ඒ වතාවෙ මකුළු-මිනිසාට එල්ල වූ වෙඩි පහරින් ඇති වූ තුවාලයෙන් හැළුණු ලේ Osborn Coporation එකට ලැබිල වෙන්ඩැති මේ පාර ඒ අය ජානතාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නටත් ඉඩ තියෙනවලු. මුලදි මුලදි Rhino නමින් දෙවනත් කරන Paul Giamatti ද නැතිනම් Electro නමින් දෙවනත් කරන Jamie Fox ද කියල අතීරණෙන් හිටියට දැන් කියවෙන්නේ මේ වර සතුරා ලෙස Fox නිසැකවම එක්වෙනු ඇති බවයි. ඒ අතරට දැනගන්ඩ ලැබෙනවා Giamatti ගේ චරිතයත් එක්ක ලොකු සතුරො දෙන්නෙකුට මේ පාර මූණ දෙන්ඩ වෙයි කියල කතාවකුත්. ඒ අනුව මෙවර Electro නමින් එන Fox සහ Rhino නමින් එන Giamatti කියන දෙදෙනාටම මුහුණ දෙන්නටයි මකුළු-මිනිසාට සිදුවෙලා තිබෙන්නේ. මේ සතුරො දෙදෙනා හැරුණු කොට ඉදිරි කතාවල දිගහැරුමට මගපාදන; තවත් එක්තරා සුවිශේෂ, කුතුහලය දනවන, යම් කිසි දෙයකුත් මේ චිත්‍රපටියේ අඩංගු විය හැකි බවට මේ වෙද්දි ඉගි ලැබිලා තියෙනවා.

ASM2

තවම ඒ ගැනනම් විස්තර හරියට එළි වෙලා නෑ. ඒ එක්කලම Harry Osborn ලෙසින් වෙනත් නළුවෙක් එක්වෙන්ඩ යන බවටත් ආරංචි තියෙනවා. මේ Electro ගෙ චරිතය ගැනනම් කියවෙන්නෙ හදිසි අනතුරකට ලක්වීමෙන් පසු විදුලිය හැසිරවීමේ හැකියාවක් ලද අවංක මැවිසුරෙක් විදිහටයි. ඒ සිද්ධියෙන් පස්සෙ ඔහු තමන්ගෙ බලය වැරදි දේට යොදා ගන්නවලු. එ නිසා මෙවර Andrew Garfield හට මුහුණ දෙන්නට වෙන්නේ සුළු ප‍ටු සතුරෙකුට නොවෙයි. අපි බලමු අධ්‍යක්ෂක Marc Webb ඒ නිර්මාණය කොයි විදිහකට තිරයට ගෙන ඒවිද කියලා චිත්‍රපටිය නිකුත් වුණායින් පස්සෙම. මොකද මකුළු-මිනිසාගේ කතාන්තරයේ දුෂ්ටයන්ගෙන් අඩුවක් ඇත්තෙ නෑ, එක්කෙනෙක් නැතිවුණොත් තවත් කෙනෙක් ඒ අඩුව පුරවන්නට මග බලාගෙන ඉන්නා නිසා.

 

තිරයට එන දිනය: 2014 මැයි 02

 

නවමුව: හරි! තවත් එකක්! ටිකක් කෙටියෙන් කියන්නම්. මේක අපේ “ඉදිරි දිගහැරුම…” ලිපි මාලාවේ 6වැන්නට එක්කෙරෙන අලුත් විස්තරයක්.

ASM2-II

මේ පාර අපේ මකුළු කොලූ’ට මුහුණ දෙන්නට වෙන සතුරා ගැන දැනටමත් දන්නවානෙ ඉතින්. නමින් Electro(විදුලියා). චරිතය රඟන්නේ Jamie Fox. මෙයාත් OsCorp සමාගමට සම්බන්ධයි. ඒකේ වැඩ කළ විදුලි ඉංජිනේරුවෙක්. මෙයාට මේ විදුලි හසුරු බලය ලැබුණු හැටි තවමත් පැහැදිලි මදි. කලින් කිව්වෙ දරුණු විදුලි අනතුරකට ලක්වීමේ පසු ප්‍රතිඵලයක් ලෙස ඒ හැකියාව හිමිවෙන බවක්. නමුත් මේ කාරණයේදී OsCorp සෘජු මැදිහත්වීමක් තිබෙන්නට පුළුවන් පාටයි. ඇතැම් විට අනතුරින් පසු OsCorp විද්‍යාඥයින් මෙයාගෙ ජීවිතය ‍රැක දෙන්නට; හෝ අනතුර ඇසුරින් ප්‍රයෝජනයක් ගන්නට; කරන උත්සාහයක ප්‍රතිඵලයක් වන්නටත් පුළුවන් මේ සුපිරි-දුෂ්ටයාගේ බිහිවීම.

ASM2-Electro

කොහොම වුවත් මකුළු-කොලූට අභිඔයෝග කරන මේ සතුරා ඔහුගේ බලමානයෙන් බොහොම ඈතින් ඉන්න කෙනෙක්. මකුළු-කොලූ’ට හැරෙන්නවත් බෑ මෙයාගේ බලසම්පන්නකමත් එක්ක. ඉතින්, පණ යනකම් කෙරෙන සටනක් මෙවර තියෙනවා ඔහු ඉදිරියේ… පේන හැටියට OsCorp සමාගම දුෂ්ට-සංස්ථාවක් වීමේ ලකුණු පහළ කරමින් තිබෙනවා. මෙවර OsCorp ප්‍රධානියා වන, Norman Osborn(Chris Cooper)‘ගේ විකෘති ස්වරූපයත් සමගම ඔහුව හඳුනාගන්නට ලැබෙනු ඇති. ඒ එක්කම ඔහුගේ පුතා වන Harry Osborn(Dane DeHaan) හෙවත් මකුළු-කොලූ’ගේ ගජයාළුවා යන ගමන කොයි අතටදැයි කියාත් හෙළිවේවි. ඒත් එක්කම OsCorp සමාගම සුපිරි-දුෂ්ටයන් හට පහසුකම් සලසන, විශේෂිත උසස් පාසලක් සහ පර්යේෂණාගාරයක් බවට පත්වෙන බවට ඉඟි කිහිපයක්ම මතුකර තිබෙනවා. මේ තියෙන්නේ Vulture(ගිජුලිහිණියා) සහ Octopus(බූවල්ලා) යන දුෂ්ටයන්ගේ තාක්ෂණික ඇඳුම් කට්ටල.

Vulture ඇඳුම(වමේ) | Octopus ඇඳුම(දකුණේ)
Vulture ඇඳුම(වමේ) | Octopus ඇඳුම(දකුණේ)

මේ පාර Rhino(කඟවේනා) කියන, Paul Giametti රඟන චරිතයත් දක්නට හැකි වෙනවා. ඒ විතරක්නම් මදැයි! මේ පාර මාර්වල් කොමික් විශ්වයේ සිටින මකුළු-කොලූ’ගේ දරුණුතම සතුරන් 6කගෙන් සැදුම්ලත් Sinister Six(කුරිරු හය) කියන කණ්ඩායමේ වැඩකටයුතු ගැනත් යම් යම් දේ අඩංගු වෙනු ඇති බව සඳහන්. ඒත් එක්කම ගියපාර හිටිහැටියේ Peter Parker‘ව නැන්ද මාමා දෙන්නට භාර දීලා අතුරුදහන් වුණ, මකුළු-කොලූගෙ අම්මයි තාත්තයි(Mary and Richard Parker) ගැනත් මොන මොනවදෝ අලුත් ආරංචි වගයකුත් තියෙනවලු. කොටින්ම පළවෙනි එකෙන් ඉතිරි කර ගිය ප්‍රශ්න ‍රැසකට පිළිතුරු ලබෙන්නටයි යන්නේ. ඒත් එක්කම 3 වැන්නට සහ ඉදිරියේ ගොඩනැගෙන මකුළු අන්දරවලටත් අවශ්‍ය කරන පසුබිමක් මෙමගින් ලබාගන්නට යන බවත් පැහැදිලියි. මේ තරම් දුෂ්ටයන් පිරිසක් එක්වරම හඳුන්වා දෙන්නට යන්නේ මකුළු-කොලූව ආපහු මාර්වල් සිනමා විශ්වයට ඒකාබද්ධ කිරීමේ අදහසකින් විය හැකි බවකුත් කියලා තියෙනවා අධ්‍යක්ෂක Marc Webb.

ASM-IV
mbeth Davidtz සහ Campbell Scott පීටර් පාකර්’ගේ දෙමාපියන් ලෙස…

මෙච්චර දුෂ්ටයෝ තොගයක් එකසැරේ හඳුන්වාදෙන්නට මේ තිරපිටපත ලියලා තියෙන Roberto Orci/ Jeff Pinkner සහ Alex Kurtzman කියන තුන්දෙනාම මේ වගේ අමුතු ජාතියෙ වැඩ අමුතු විදිහට කරපු කට්ටියක්. Sleepy Hollow ටෙලිකතාව/ Fringe ටෙලිකතාව සහ Transformers පළමුවැන්නට මේ අයගේ දායකත්වයන් ලැබිලා තියෙනවා මීට කලින්. හරි ඉතින්, එහෙමනම් හැරෙමු තිරගත වෙන දිනය දිහාවට. උඩින් තියෙන පරණ දිනය කපා හැරලා නෑ කියන එක දකින්න ඇතිනේ. එහෙනම් ඒකේ තේරුමත් වැටහෙන්න ඇති. දිනයේ වෙනසක් නෑ! ඒ දිනය 2014 මැයි 02 ම තමයි. තව මාස 6යි… 😀

උදා (217 Posts)


4 thoughts on “සුපිරි චිත්‍රපටිවල ඉදිරි දිගහැරුම… (VI) | ASM2 මකුළු-කොලූ’ගේ 2වැනි වික්‍රමය… [Update]

  • December 7, 2013 at 11:25 AM
    Permalink

    iwasan inna nm bariyo….. thanks Uda…

  • December 7, 2013 at 8:29 AM
    Permalink

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි…………

  • June 7, 2013 at 11:06 AM
    Permalink

    thanks

  • May 22, 2013 at 7:32 PM
    Permalink

    ela ela..thanks saho post 1kt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *