ඉදිරි දිගහැරුම… ‍(‍‍XXIII) | Ted 2 පිස්සු ටෙඩී ආයෙමත්!

‘Ted (2012)’ බැලුවනම් මතක ඇති, අර පණ ආපු පිස්සු ටෙඩියගේ කතාව. හැහ්  😛  ඔන්න ඒ ටෙඩිය එක පාරටම සිනමාහලේ යාළුවන්ව අමතක කර දාලා යන්ඩ බෑ කියනවලු. ඒ ආදරණීය හිතවතුන් යළි වරක් හමුවන්නට ටෙඩියාට ඕනි වෙලා. ඒ නිසා කලින් වාරෙටත් වඩා නොම්මර එකේ පිස්සුවක් නටවන්ඩ ටෙඩියව දැන් සූදානම් කරනවලු කට්ටියම එක්ක. මේකෙත් හිටියෙ හුරුපුරුදු සුපිරි නළුවෙක් තමයි. Mark Wahlberg. ටෙඩියට හඬ දීපු Seth Macfarlane මේ පාර ටෙඩියා වෙනුවෙන් පිස්සු පීක් ආතල් එකක් දාන්ඩ වැඩ කටයුතු කරනව දැන්. ඒ හින්දා ආපහු පුංචි කාලෙ අපි කවුරුත් ආශා කරාපු ටෙඩියව හමුවෙලා; ලොකු කාලේ සෙල්ලම් ටිකක් දැක බලා ගන්ඩ අපට අවස්ථාව ලැබෙනවා ආයෙමත්. කලින් එකේ වගේම Milla Kunis/ Mark Wahlberg සහ Seth Macfarlane යන තුන්දෙනා මේකට එක්කාසු වේවි කියල බලාපොරොත්තු වෙමු අපි! 

මේ වෙද්දි තවම මේකෙ මුල් කටයුතු කෙරෙන නිසා කිසිවක් පැහැදිලිව සඳහන් නූණට, මේකෙ කතාව සැකසීම එක්කලම තිරපිටපත් ලියැවෙමින් යන වගනම් අර කිව්ව නළුවම එළිදරව් කරල තියෙනවා ඕන්න. ඒක නිසා, ළඟදීම දිනයක් ගැනත් දැනගන්ඩත් ලැබෙයි. ඒකත් ලබන වසරේම දිනයක් බවට පත්වෙයිද කියලා බලාගන්ඩ තව ටිකක් කල් ඉන්ඩ වෙනවා. කොහොමත් TF4 වැඩ ඉවර වෙනකොටම මේකේ වැඩ යෙදෙනු ඇති කියලයි ඔහු කියලනම් තියෙන්නේ. ඊට අනුව නම්, මේකත් 2014 පසු බාගයේ දිනයක හෝ 2015 මුල් බාගයේ දිනයක තමා එනවා ඇත්තේ කියලයි අපට හිතාගන්ඩ තියෙන්නේ… 

ඉතිං එහෙනම් ආපහු වතාවක් ටෙඩියත් එක්ක පිස්සු ආතල් එකක් ගන්ඩ කට්ටියම ලෑස්තිදෝ…..? 😛

 

තිරයට එන දිනය: 2015 අප්‍රේල් 03(අනිශ්චිත)

 

නවමුව:

ඔන්න අද වෙනකොට මේ ගැන තවත් අලුත් තොරතුරක් හෙළිදරව් කරලා. ඒ කියන්නේ මේක නිසැකවම කෙරෙන බවට නිෂ්පාදකයන් සනාථ කරලා තියෙනවා! ඒ විතරක් නෙවෙයි; දැනට මේක තිරයට එන්නට නියම කර ඇති දිනය තවම නිශ්චිත නැතත්, ඒ 2015 අප්‍රේල් මාසයේ දිනයක් බවටයි ආරංචිය. අප්‍රේල් 03 වැනිදා විදිහටයි, දැනට ඒ සම්බන්ධයෙන් සදහන් වන්නේ… 😀

උදා (217 Posts)


2 thoughts on “ඉදිරි දිගහැරුම… ‍(‍‍XXIII) | Ted 2 පිස්සු ටෙඩී ආයෙමත්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *