මම දැන් Avatar 2 හා 3 ලියමින් ඉන්නවා… – James Cameron කියයි –

James Cameron කිව්වහම ලෝකෙ හොල්ලපු නමක්. Titanic වලින් පටන් ගත්තු හෙල්ලිල්ල 2009 නැවත වරක් ඇති කරන්ඩ ඔහු සමත් වුණේ AVATAR: ක්‍රියාදාම, විද්‍යාත්මක, ප්‍රබන්ධ සහ මායාමය – සිනමාපටය හරහා. වතාවකුත් කිව්ව වගේ ලෝකයේ මෙතෙක් $ 2 b සීමාව පසුකර ගොස් තිබෙන්නේ මේ චිත්‍රපට දෙක පමණයි.

දැන් ඔහු යළි වරක් ඔහුගේ කාල්පනික ග්‍රහලොව; පැන්ඩෝරාවට අප කැඳවාගෙන යන්නට අවශ්‍ය මූලික කටයුතු සකසමින් ඉන්නවා. ගියවර ඇති වූ මහා සංග්‍රාමයෙන් අනතුරුව ගොඩනැගෙන සිදුවීම් දාමයක් වටා මේ කතා ද්වය ගොනුවනු ඇති බව පැහැදිලියි. මේ දෙකම එකපිටට ඉවරයක් කරල දාන්ඩයි ඔහුගේ අදහස. මින් පළමු අනුබැඳිය පවා 2015ට කලින් නිකුත් නොවනු ඇතිලු. අනිත් කාරණේ කැමරන් මේ පාර රූගත කිරීම් 48fps වලින් කරන්නට සූදානමක් ඇති බවත් සඳහන්.

(සාමාන්‍ය සිනමා භාවිතාව තත්පරයට රූපරාමු 24යි. දැන් දැන් වන ප්‍රවණතාවය වන 48 වේගයට සිනමාව වේගයෙන් නැඹුරුවෙමින් ඉන්නවා. රාමුවේගය සිනමාවේ මූලික සංකල්පයක්.) ඒ කොහොම වුණත් දැනට ඔහු කතාව සහ තිරපිටපත සම්පූර්ණ කිරීමේ කටයුතුවල නිරතවයි හිඳින්නේ.

ගියවර මියගිය පැන්ඩෝරාවට පෙම් බැඳි විදුදරිය ‘Grace'(Sigourney Weaver) දෙවැන්නෙන් යළි ජීවය ලබන්නට යන බවට පොඩි ආරංචියක් තියෙනවා. මේ අලුත් චිත්‍රපටි දෙක තමන්ගේම අනන්‍යත්වයක් දරනු ඇතැයි කියැවුණත් AVATAR 2 පළමුවැන්න අවසන් වූ තැන් සිට ඉදිරියට ඇදෙන බව නොඅනුමානයි. ඒ වගේම මේ එකපිටම දෙකක් හදන්ඩ යන්නෙ 4 වැන්නකුත් කරන අදහස හිත යට සඟවගෙන කියන එකයි තතු දත්තෝ පවසන්නේ. ඉදිරි කතාවලටත් පසුතලය වෙන්නෙ පැන්ඩෝරාවම තමයි. මේ ගැන Cameron කියල තියෙන්නේ පරිසරප්‍රේමයේ පණිවිඩය මේ ඔස්සේ තවත් ඉදිරියට ගෙනයන්නට තමන් අරමුණු කරගෙන ඉන්නා බව. එනිසා අපගේ ලෝකයේ තත්ත්වය ගැන අනතුරු රතු එළි සංඥා දල්වන්නට තමන්ගේ මාධ්‍ය වන සිනමාව හරහා ඔහු දැනුවත් කිරීමේ කටයුත්තක් සිදු කරන්නටයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මෙන්න ඔහුගේම වදනින් ඒ ගැන පෑ අදහස්:

“මම අවටාර් 2 සහ 3 ගැන වැඩ කරගෙන යනවා දැන්… මම දැන් පැන්ඩෝරාවේ පතුළටම කිමිදිලා ඉන්නෙ සහ මම ඒ තුළයි ජීවත් වෙන්නේ. ආරම්භය මා වෙත එනකම් හිතේ යම් අරගලයක් පැවතුණා. එයින්පස්සෙ ගාමක බලය ඇති වුණා. එතකොට තමා හොඳම හරිය. චරිත කතා කරනවා එතකොට ඉබේම ඒක ලියැවෙන්ඩ ගන්නවා. මම එතනට ඇවිත් ඉන්නෙ මේ වෙද්දි. ඒක වේගයෙන් ගොඩනැගෙනවා…

මේක ටිකක් සංකා සහගතයි මොකද අනුබැඳීන් හැමතිස්සෙම අමාරු වැඩක්. ඔයාට විශ්මයාන්විත වෙන්නට වගේම ප්‍රේක්ෂක පූර්වාපේක්ෂාවන්ට වඩා ඉදිරියෙන් ඉන්නට සිදුවෙනවා. ඒ එක්කලම ඔයාට ඔවුන්ට කකුල් සාත්තුවක් දෙන්ඩත් වෙනවා මුල් චිත්‍රපටය සම්බන්දයෙන් ඔවුන් දන්න සහ ආදරය කරන දේවල් ගැන. මම ඔය පාරෙ ගිහින් තියෙනවා ඉස්සර, ඉතිං ඒ ගැන මම වැඩිය වදවෙන්නෙ නෑ. ඒ එක්කලම මට තේරුමත් මතුකරන්ඩ වෙනවා… නිකුතු දිනයක් ගැන; ඒ ගැන තීරණය වෙයි මම පිටපත හරියට සම්පූර්ණ කළායින් පස්සෙ. හදිස්සියක් නෑ!”

ඔහු කතාව සඟවලා තිබෙන බවකුයි පෙනෙන්නේ. ඒත් කනින් කොණින් එන ආරංචි කියන්නෙ 2වැන්නෙහි දී පැන්ඩෝරාවෙහි වතුර යට කෙරෙහි ලොකු ඉඩක් වෙන්වනු ඇති බවක් පැන්ඩෝරාවෙහි සාගරවල. ‘Battle Angel’ අනුහුරුවුමත් ‘The Informationist’ ක්‍රියාන්විතයත් ගැන මේ 2න් පස්සෙ ඔහුගේ අවධානය යොමු වන්නට නියමිතයි. ඒ හැර වෙනත් කිසිදු කටයුත්තක් ඔහු භාරගෙන නැතිකමින් පෙනෙන්නේ ඔහු මේ තුළ පතුළටම ගිලෙමින් ඉන්නා බව. හේතුව ඔහුගේ ලොකුම සිනමාත්මක උරුමයත් සිහිනයත් ප්‍රේමයත් මෙය වන නිසා. 😀

ඇත්තෙන්ම AVATAR චිත්‍රපටය මේ වන විට ලොව වැඩිම ආදායම වාර්තා කරනවා $ 2.8 b(ඩොලර් බිලියන 2.8ක්) ලෙස සටහන් වෙමින්. (3කටත් කිට්‍ටුයි නේද? :O පුදුමයක් නෑ! පාඩුත් නෑනේ!)

Cameron මේ සිනමා පෙළහර තව ඉදිරියට ගෙන යාවිද? මුල් එකට ඉතා හොඳ විචාරක ප්‍රේක්ෂක ඇගයීම් හිමිවුණා. ඒ දර්ශනීය රූපසංකලනයත් තාක්ෂණයේ නව ඉසව්වක් හඳුන්වාදීමත් නිසා. එහෙත් ‘කතාව තරමක් පිළුණු බවක් දැරුවේ දශක ගණනක් පැරණි ජනපදකරණය, මිනිසාගේ පාරිසරික බලපෑම වගේ දේවල් නිතරම ඇසු දු‍ටු සිනමා සංකල්පයක් වූ නිසා.’ නමුත් ඔහු අගනා අනුබැඳි පෙළක් සමගින් ඉන් ඔබ්බට යනු ඇතැයි කියලා ඔවුන් මත පළ කරනවා. නොදු‍ටු කලාපයක් ආවරණය කරමින් අලුත් වෙනසක් ගෙනෙනු ඇතැයි බොහෝ දෙනෙක් ඇස් දල්වාගෙන ඉන්නවා. ඉන් දැනටමත් ඉටු වූ එකක් තමයි සම්පූර්ණ පිටත්තර පාරිසරික පද්ධතියක්ම බිහි කිරීම.

මේ ඒ චිත්‍රපටයේ අලුත්ම තත්ත්වය ගැන ආරංචියක් වුණත්, මේ ආරංචිය අලුත් එකක් නෙමෙයි. ඔබත් කලක හිටන් පෙරුම් පුරන්නට ඇති මෙය දැකගන්නට ඉක්මනින්ම. යළි වරක් පැන්ඩෝරාවෙහි වැසියන් හා වික්‍රමයක යෙදෙන්නට; නේද? එනිසා මේ ගැන ඔබේ අදහස කුමක්දැයි කියන්නටත් අමතක කරන්නට එපා! පළමු හා දෙවන චිත්‍රපට අතර දුර වන අවුරුදු 6-7ක කාලය මේ කෙරෙහි නරකට බලපාවිද? නැතිනම් එය වාසියට හිටීවිද? කතාව කොයි අතකට යයි කියල ඔබ හිතනවද?

තිරපිටපතේ වැඩ කටයුතු ඉවර වුණහම දින වකවානු හෙළි දරව් වෙයි. එතකොටත් ඒ ගැන කියන්නම්. හැබැයි ඔබට ඕනිනම් විතරයි!!! 😉

උදා (217 Posts)


5 thoughts on “මම දැන් Avatar 2 හා 3 ලියමින් ඉන්නවා… – James Cameron කියයි –

  • March 23, 2013 at 6:48 PM
    Permalink

    මල් කෝටියයි උදෝ…. 😉

  • March 22, 2013 at 10:18 PM
    Permalink

    patta patta. wede thiyenne 2015 wenakan kohoma iwasagena innada appaaa………

  • March 22, 2013 at 9:53 AM
    Permalink

    Cameron wda gna ai mna kathd??niyma film 2k 3k blagnna plwn wei…meka gna apiw update klt godk pin uda saho..

  • March 21, 2013 at 12:52 PM
    Permalink

    එලකිර්…. ඒත් බලන් ඉන්න අමාරුයි එනකම්….2015 වෙනකම්…. එපා වෙනවා නේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *