සිනමාව හා වාරණය cinema & censorship

ගොඩකාලයකින් පසුවයි මා ඔබ හමුවට ලිපියකින් හමුවන්නේ. ඔබත් බයිස්කෝප් පිළිබඳ හදාරන පුද්ගලයෙක් නම් මා හිතනවා ඒ සම්බන්ධ පොත් පත් පරිශීලනය කිරීමට ලැබිම සිනමා නිර්මාණයක් හොදින් රසවින්දය කීරිමට මෙන්ම අර්ථ නියමකාරයෙන් ග්‍රහණය කරගැනීමට හැකි වනු ඇති බවයි. ඉතිං ඒ සදහා රුකුලක් විම පිණිස මා ළඟදී කියවු ග්‍රන්ථයක් පිළිබඳව දැනුවත් කීරීම සදහායි මාගේ මේ සුදානම. මා සිතනවා අපේ ප්‍රධාන අරමුණ වන නියම බුද්ධිමත් ප්‍රේක්ෂකයෙක් බිහි කීරිමට මුල් වු ශ්‍රි ලංකාවේ එකම අඩවියයි බයිස්කෝප් මංසල. අද එහි තවත් එක් වෙනස් මානයක් සොයා යැමයි මේ.

එසේ නම් එම ග්‍රන්ථයේ සටහනක් ගෙන එන්නම් ,

ග්‍රන්ථයේ නාමය : සිනමාව සහ වාරණය
ලේඛකයා : චන්දන සිල්වා

ආරම්භයට පෙර ඒ ග්‍රන්ථය ආරම්භයේදීම මාගේ ඇස ගැටුණු වදන් පෙළකි.

සිනමාවේ අනන්ත වු ඵලය කිසියම් නිශ්චිත සිද්ධාන්ත හෝ දරදඩු ප්‍රතිපත්ති මාලාවකට ගොනු කිරීමට තැත් කිරිම ජිවිතය මිටින් හකුළුවාලීමට තැත් කරන්නාක් වැනි නිරර්ථක ව්‍යායමයකි. මන්ද සිනමාව අන්හැම කලාවක් මෙන් ම ප්‍රකාශනයක් හා සත්තාවක් ද බැවිනි
film as art
– Rudolf arhheim

ඉස්සර වැඩිහිටියන් ළමයින් බයිස්කෝප් බැලීම සැලකුවේ නරක හැසිරිමක් ලෙසයි. ඒ කාලයේ ළමයින් කැමතිවුයේ වේස්ටර්න් නම් ගොපලු කථා, ටාසන්ගේ වික්‍රම, හර්කියුලස් බෙන්හර් බදු සංත්‍රාසය දනවන චිත්‍රපටි නැරඕමටයි. පාසැල්වලින් ළමයින්ගේ උදේ දර්ශනය කැදවාගෙන ගියේ ටේල් ඔෆ් ටුසිටීස් ද සයිලන්ට් වර්ල්ඩි, ඉන් ඔෆ් සික්ස්ත් හැපිනස් බඳු චිත්‍රපටි නැරඕමටයි. ඒ කාලයේ ශත පනහකට ගැලරියේ සිට චිත්‍රපටියක් නැරඕමට පුළුවන. පාසැලේ පංතියක් මග හැර හොරෙන් චිත්‍රපටියක් බැලිම ළමයින් සැළකුවේ ත්‍රාසජනක ක්‍රියාවක් හැටියටයි.

තුරුණු වියට එළබෙන පිරිමි ළමයින් වැඩිහිටියන්ට පමණක් නිර්දේශ කරන x සහතිකය ඇති චිත්‍රපටි බැලිමට ගියේ, සිගරට් බීම කරන ලද්දේ නරක දේ කරන්නට ඇති ආසාවට වඩා වැඩිහිටියන්ගේ ලෝකයට ඉක්මණින් ඇතුළුවීමට තිබු බලවත් පෙළඹිම නිසාය. එය අභීමානයක් ලෙස ඔවුන් විසින් සළකන ලදී. සමහර ළමයින්ගේ වැඩිහියන්ට පමණක් සිමා කරන ලද චිත්‍රපටි නැරඕමට ගියේ අඟුරැ කැබැල්ලකින් යන්තමට රැවුලක් ඇඳගෙනය. මගේ පංතියේ ළමයින්ගේ කිහිප දෙනෙක් සිනමාහල් කළමණකාරැවන් විසින් එළවා දමන ලද අවස්ථාද ඇත. උස මහත ළමුන් අපහසුවකින් තොරව සයිකෝ නිර්මාණ නැරඹිම කලේය. එමෙන්ම මට කියවන්නට ලැබිණු ප්‍රවෘත්තියකට අනුව ඇමරිකාවේ තරුණයෙක් චිත්‍රපටියේ දැක්වෙන ආකාරයට සමාන මීනීමැරැමක් සිදුකර ඇත. සිරභාරයට ගෙන ප්‍රශ්න කීරීමේදී ඔහු සයිකෝ චිත්‍රපටි නරඹා ඇති අතර එම සිදුවීමි නිසා ලත් පෙළඔවීමක් මත මෙම අපරාධයක සිදුකර ඇති බව හෙළි විය.

ජීවිතය ගවේෂණයේ යෙදෙන සිනමා කෘතියක සෞන්දර්යාත්මක භාවය හා වානිජ පරමාර්ථයෙන් කෙරෙන හීන රසඥතාවයක් දක්වන ග්‍රාම්‍ය චිත්‍රපටයක ඇති අහසට පොලොව වැනි පරතරය හඳුනා ගැනීමට දුෂ්කර නැත. වාරණය ඉතා පුළුල්ව සාකච්ජා කළ යුතු සංකීර්ණ විෂයයකි. ඒ පිළිබඳව සවිස්තර ප්‍රකාශයක් කරන්නේ නම් විශාල ග්‍රන්ථයකට ප්‍රමාණවත් තොරතුරැ හා නිගමන ඉදිරිපත් කළ හැකිය. සමාජය හා එහි ගැටළු පිළිබඳ සැහැල්ලු සිතින් විනෝදාත්මකව මෙන්ම තියුණු යටි පෙළ අරැත් දනවන කාටුන් චිත්‍ර ශිල්පීන් ගේ අදහස් ද අප උනන්දු කරවන්නකි. මේ ග්‍රන්ථයේ ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතා ගේ අදහස් ද ඔබට දැක ගත හැකිය.

මා ගෙන එන ලද්දේ එම ග්‍රන්ථ කතෘ විසින් තම ග්‍රන්ථයට එක් කළ තිබු සටහනින් කොටස් කිහිපයකි. මා හිතනවා මේ ග්‍රන්ථය ගැන දැනුවත් කීරීම ඔබට ප්‍රයෝජනවත් වුවා යැයි කියා.

ස්තුතියි. නැවත හමුවෙමු !

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
චේතිය (13 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


චේතිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

chathiya has 13 posts and counting.See all posts by chathiya

5 thoughts on “සිනමාව හා වාරණය cinema & censorship

Leave a Reply

Your email address will not be published. Required fields are marked *