The Following S2 ඉක්මනින්ම එනවා…

හෙහ් හේ… දැන් කට්ටිය අමාරුවෙ දාන වැඩේ මට පැවරිලා. පළමුදා රොයිලිට දුන්නා වැඩක්! අද දෙන්ඩ යන්නේ හසන්තට! මාතෘකාව දු‍ටුවනේ…

වැරදුණේ නෑ 😉 ඇත්තයි! සත්තයි!

අපේ හසන්ත සහෝ මේකේ සිංහල දෙන්ඩ භාර අරගෙන, මුල්ම කොටස බයිස්කෝප් සිංහලෙන් වෙතින් ලබා දුන්නෙ ඊයෙ දවසේයි. අද වෙනකොට අලුත්ම ආරංචියකුත් ඔන්න ගෙනාවා එහෙමනම්. තරහ වෙන්ඩෙපා හසන්ත සහෝ මා එක්ක හොදේ… 🙁 ??

අපේ යාළුවන්ට කියන්ඩ; තවම මේකේ Season 01(මෙතනින් ගන්න) එහෙමත් නැත්තම් කතා සමය 01නුත් විකාශය වුණේ කොටස් 7යි. අම්මට සිරි: නේද? කොටස් 06ක් ඉවර වෙනකොටම දෙවෙනි එකත් ගහන්ඩ තීරණය කරලා ඉවරයි. පළමු සමයේ සේරම කොටස් ගණන 15යි. ඒකෙන්ම පේනවා නේද මේක කොච්චර පහරක් ද යන වග?…

මීට කලින් දාම ඝාතක රංගයන් හැටියට ප්‍රසාදයක් දිනාගත්තේ Dexter-|NBCනාලිකාවේ| වගේ කතා. මේ වනවිට ඇමෙරිකානු රූපවාහිනී නිර්මාණකරණයේ සුවිශේෂ ස්ථානයක් මේ දාම ඝාතක රංගයන්ට හිමි වෙනවා. ඒවා එච්චරටම රසිකයන් ඇද බැඳ ගන්නා සුලුයි සහ වශී කරගන්නා සුළුයි(ඇමෙරිකාවෙ හොදේ… 😛 ). The Following-|FOX නාලිකාවේ| පටන් ගත්තෙ 2013 ජනවාරියේ. මේක විකාශය ඇරඹීමත් සමගම FOX සමූහයට අතිශය ඉහළ ප්‍රතිචාර ලැබුණා. මේකට නම දීල තියෙන්නෙ Kevin Bacon, හදන්නෙ Kevin Williamson(ඔහු තමා Scream චිත්‍රපට ලියන්නේ සහ The Vampire Diaries ටෙලිමාලාව ලියන්නේ 😀 තව කතා මොකටද නේහ්? ) නමෙන්ම ඇඟැවෙන විදිහට The Following හුඟක් කල් ජීවත් වෙන බවට දැනටම සාධක තියෙනවා ඒ අනුව!

කොටස් 6ක් විකාශය වෙලා අහවර වෙනකොට FOX සමූහය බලාපොරොත්තු වූ සාධන මට්ටම ළඟා කරදෙන්නට මේ කතා මාලාව සමත් වෙලා. හිතන්නකෝ 7/15 තවම ගියේ… හරි අඩක් යන්නටත් මත්තෙන් මේක උමතුවෙන් වගේ වැළඳ ගන්නට ප්‍රේක්ෂකයන් වසඟයට ගැනීමම අපූරු දෙයක් නොවෙයිද? ඒ හින්දම FOX සමූහය 06 වැනි කොටස ඉවර වුණ ගමන් දෙවැනි කතා සමය සඳහා ගිවිසුම් ගහලා ඉවරයි.

සතියේ-පොරොත්තුව එහෙමත් නැතිනම් අනිත් කොටස බලන්නෙ කවදද? කියන නොඉවසිල්ල හිත් තුළට පුරවන තරමට මේ කතාව කාවැද්දිලා. මෙතෙක් ආපු මේ ෂානරයට අයත් කතාවලට වඩා වෙනස්ම විදිහක එළඹීමක් මෙය සතු වීම ඒකට ප්‍රබලම හේතුවක් වෙලා. පළවෙනි වතාවටයි උන්මාදී අනුගාමී පිරිසක් බිහිකරන දාම ඝාතකයෙකු වටා ගොඩනැගෙන කතාවක් පුංචි තිරේට එන්නේ. ඒ ඇරුණහම මෙහි ප්‍රධාන චරිත දෙකෙහිම තිබෙන ගැටීමේ ස්වභාවය හේතුවෙන් කතාව උපරිම තලයක තිබෙන බවයි FOX ලොක්කගෙත් අදහස.

මේ බලන්ඩකෝ එයා කියල තියෙන එක;

“යන්තමට පටන්ගන්නකොටම, අපට වැටහුණා Kevin Williamson සහ Marcos Siega උසස් තත්ත්වයේ, ‘පු‍ටුවෙන් විසිවෙන’ ජාතියෙ වෙනස්ම විදිහෙ කතාවක් හදපු බව. ප්‍රේක්ෂකයන්ගෙ ප්‍රතිචාර ලැබෙනවා දකින එක උද්දාමයක්. Kevin Bacon සහ James Purefoy අපට දීල තියෙනවා රූපවාහිනියට එන අතීශය ආකර්ශනීයම චරිත දෙකක්. මුළු නළු-නිළි පිරිසම විශිෂ්ටයි. මම මේ ත්‍රාස රසය දෙවෙනි සමයකට ‍රැගන යන්ඩ හැකිවීම ගැන දැඩි සේ තෘප්තිමත්.”

තවම පළමු කතා සමයවත් විකාශය හමාර වෙලා නැති නිසා, තව ටිකක් කල් තියේවි මේක එනකම්. කොහොම වුණත් මේ වගේ පිස්සු වට්ටන කතාවක් මාස ගණන් පරක්කු කරන්ඩනම් ඔවුන් සිහිනෙන්වත් සිතන එකක් නෑ. ඒ නිසා හසන්ත සහෝට NONSTOP එකක් ගහන්ඩ වෙයි ඕං… 😛

උදා (217 Posts)


4 thoughts on “The Following S2 ඉක්මනින්ම එනවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *