ෂර්ලොක් හෝම්ස් ගිනස් පොතට..!

සර් ආතර් කොනන් ඩොයිල් මේ ලෝකෙට මවාපු සාහිත්‍ය චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස්. ඔහු ගැනත් ඔහුගෙ නිර්මාණකරු ගැනත් අමුතුවෙන් හඳුන්වාදෙන්නට දෙයක් නෑ. චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තිත එම පොත්පෙළ අපි හැමෝම වගේ කියවල තියෙනවා. ඒ විතරක් ද? අපි කවුරුත් මේ නමින් යුතු, මේ ගතිගුණ දරන චරිතය අඩංගු චිත්‍රපට, ටෙලිනාට්‍ය, කා‍ටුන්; එකක් හරි බලල තියෙනවටත් සැක නෑ. මේ කියන වාර්තාව පොත්වලට සම්බන්ධ නෑ කියල ඔබට කියන්ඩ අපට අවශ්‍ය නොවෙන්නෙ මේ විබපළෙන් කිව්වොත් ඒ කුමන ක්ෂේත්‍රයකට අදාලව ද කියන එක ඔබ දන්නා නිසායි.

කොනන් ඩොයිල්ගෙ මේ චරිතය කොයිතරම් නම් ජනප්‍රිය වුණාද කිව්වොත් මේ වෙද්දි මේ චරිතය 254 වාරයක් රංගගත වෙලා තියෙනවා. මේ වාර්තාවෙන ගණන. ඒ කිව්වෙ සාධක සහගතව නිසැකවම තහවුරු වන තරම. තව විදිහකින් කිව්වොතින්, මේ චරිතය ඇතුළත් වෙන පරිදි තැනුණු චිත්‍රපට, ටෙලිනිර්මාණ, රූවාර්තා සහ වේදිකා නාට්‍ය 254ක් වාර්තා වෙනවා. ඒ තමයි මෙතෙක් කලකට සාහිත්‍ය නිර්මාණයකින් එළි දු‍ටු මානව චරිතයක් නිරූපණය කෙරුණු වැඩිම වාරගණන. මේක ලෝක වාර්තාවක්. මේ බව කියන්නෙ අපි නෙවෙයි ගිනස් ලෝක වාර්තා පොත.

මේ වෙනකොට මේ චරිතයට පණදීල තියෙන නළුවන් සංඛ්‍යාවත් සුළුප‍ටු නෑ. ඒ ගණන 75ක්. Sir Christopher Lee, Charlton Heston, Peter O’Toole, Jeremy Brett, Christopher Plummer, Peter Cook, Roger Moore, John Cleese, Benedict Cumberbatch සහ Robert Downey Jr දක්වා නම් වට්ටෝරුවක් මීට ඇතුළත්. කියැවෙන විදිහට චිත්‍රපට, ටෙලිනිර්මාණ, වේදිකානිර්මාණ, රූවාර්තා සියල්ලේම එකමුතුව ගැන සලකලා තමයි මේ චරිතයට මේ ගෞරවය හිමිකරදීල තිබෙන්නේ. හෝම්ස්ට පස්සෙන් ඒ ළඟින්ම ඉන්න චරිතය තමයි හැම්ලට් චරිතය. හැම්ලට්ගේ එකතුවට වඩා හෝම්ස්ගෙ එකතුව 48කින් වැඩිලු.

මෙන්න ලැයිස්තුව..

කොහොමවුණත් චිත්‍රපට ගැන විතරක් සැලකුවොත් මේ තැන හෝම්ස්ට අහිමි කරන්ඩ එක්කෙනෙක් සමත් වෙලා තියෙනවා. ඒ තමා ඩ්‍රැක්‍යූලා. එයා සාහිත්‍යය ඇසුරින් එළි දු‍ටු මානව චරිතයක් නොවුණත් සාහිත්‍ය ඇසුරින් එළි දු‍ටු චරිතයක් බව දන්නව ඇතිනෙ. ඒ අනුව ඩ්‍රැකයූලාගෙ චිත්‍රපට ගණන 272ක් නිසා සාහිත්‍යය ඇසුරින් එළි දු‍ටු මොනයම් හෝ චරිතයක් සිනමා තිරයට පැමිණි වැඩිම වාරගණන ලෙස සටහන් වෙන වාර්තාව අයිති එයාට.

ඉතිං මේ ආරංචිය කියන්ඩ මීට වඩා හොඳ කාලයක් කොහෙද අපට? අපේ මව් විබපළෙන් මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් චරිතය අඩංගු වෙන ටෙලිනිර්මාණ දෙකක්ම අපි ලබා දෙනව සිංහලත් එක්ක. අමතක නෑ නෙ, The Adventures of Sherlock Holmes සහ Elementary (2012) කියන දෙක තමයි ඒ කිව්ව ටෙලිනිර්මාණ! ඒ ඇරුණහම මෑතකම ආපු ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට ද්විත්වයකුත් තියෙනවා. ඒ දෙකත් සිංහල කරන්ඩ කාගෙන්ම හරි උදව්වක් අපට ලැබෙයි කියල අපි හිතනවා මේ වගේ විශේෂතාවක් ගැන සටහනක් තියන වෙලාවක.

මූලාශ්‍රය – Guinness World Records

උදා (217 Posts)


5 thoughts on “ෂර්ලොක් හෝම්ස් ගිනස් පොතට..!

  • March 5, 2013 at 7:18 AM
    Permalink

    Sherlock…. kiyala ekakuth thiyanawa engalanthe gahana ekak….ekath patta..

  • March 2, 2013 at 1:23 PM
    Permalink

    මාත් වැඩිපුරම කැමති ෂර්ලොක්ට තමා.

  • March 1, 2013 at 2:10 PM
    Permalink

    මාත් වැඩිපුරම කැමති ෂර්ලොක්ට තමා

  • February 28, 2013 at 2:06 PM
    Permalink

    නියමයි අයියේ ස්තුතියි ඔබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *