ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණික ක්‍රම

අද මම ලියන්න බලාපොරොත්තු වෙනවා අපි හැමෝම ආස කරන ත්‍රිමාණ සජීවීකරණ සිනමා නිර්මාණ වලට භාවිතා කරන තාක්ෂණයන් පිළබඳව. මම මෙම තාක්ෂණික ක්‍රම පිළිබඳව කොටස් වශයෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ එහි පළමු දිගහැරිම.

සම්ප්‍රදායික සජිවිකරණ කලාව (සේල් සජිවීකරණ කලාව හා අතින් අදින සජිවීකරණ කලාව) බොහෝ විට 20 වන සියවසේ යොදාගත්තේ. නමුත් 21 වන සියවසේ සේල් සජීවීකරණ තාක්ෂණීක ක්‍රමය යල්පැන ක්‍රමයක් විය. වර්තමානයේ සියලුම සජිවිකරණ නිර්මාණයන් කරන්නේ පරිඝණක පද්ධති ඇසුරිනි. එකිනෙකට වෙනස් වු මෘදුකාංඝ යොදාගනිමින් ඇඳීම මෙන්ම ඒවාට ප්‍රයෝග යෙදීම ද වර්තමානයේ සිදුකරයි. අවසානයේ මෙම නිර්මාණ 35MM තිර පටයකට යෙදීම හෝ වර්තමානයේ ඩිජටල් විඩියෝවක් බවට පත් වෙයි. මෙම සම්ප්‍රදායික ක්‍රමයෙන් නිර්මාණය වු නිර්මාණ කිහිපයකි Pinocchio (United States-1940), Animal Farm (United Kingdom-1954) යන නිර්මාණ. එමෙන්ම සම්ප්‍රදායික ක්‍රමයෙන් මෙන්ම පරිඝණක තාක්ෂනයද යොදාගනිමින් නිර්මාණය වු නිර්මාණ කිහිපයකි The Lion King (US-1994) Sen to Chihiro no Kamikakushi [Spirited Away] (Japan-2001).

විවධ තාක්ෂණික ක්‍රම යොදාගනිම්න් නිර්මාණය වන නිර්මාණ වර්ග කිහිපයක් ගැන ලුහුඬින්.

Full animation :

මෙම නිර්මාණයන් සම්ප්‍රදායික තාක්ෂණයෙන් කරන ලද උසස් තත්වයේ නිර්මාණ වේ. බොහෝ විට මේවා අඳින ලද සහ සත්‍යරැපී චලනයන්ය. බොහෝ විට මෙවැනි විශිෂ්ඨට නිර්මාණයන් බිහිකරන්නේ Warner Bros සජීවිකරණ චිත්‍රගාර තුළ වේ. මෙවැනි නිර්මාණ වලට උදාහරණ ලෙස Beauty and the Beast, Aladdin, Lion King දැක්විය හැක. එමෙන්ම ඩිස්නි සමාගමෙන්ද මෙවැනි නිර්මාණ බිහි කළේය. උදාහරණ ලෙස The Secret of NIMH (US-1982), The Iron Giant (US-1999) සහ Nocturna (Spain-2007) ලෙස දැක්විය හැක.

Limited animation:

මෙවැනි නිර්මාණවලට ශෛලීගත ඇඳීමි ක්‍රමයක් මෙන්ම පිළවෙලට කරන ලද චලන තාක්ෂණයක් යොදා ගනී. මෙම ක්‍රමයේ පුරොගාමීන් ලෙස ක්‍රියා කළේ American studio United Productions of America ආයතනයයි. Limited animation වලට යොදාගන්න පුළුවන් ශෛලීගත කලාත්මක ප්‍රකාශණ කලාවක්. මේසේ නිර්මාණය වු නිර්මාණ වලට උදාහරණ ලෙස Gerald McBoing Boing (US-1951), Yellow Submarine (UK-1968) දැක්විය හැක. එමෙන්ම ජපානයෙන් ද මෙම වර්ගයේ නිර්මාණ බිහිවිය.

Rotoscoping:


මෙම ක්‍රමයේ පේටන් බලපත්‍රයේ අයිතිකරැ වන්නේ Max Fleischer (1917), මෙම නිර්මාණ ක්‍රමයට පුළුවන් නළුවන්ගේ හැසිරීමි සෘජුවම සජිවීකරණ ඇදීමට ඇතුලත් කළ හැක. එමෙන්ම ශෛලීගත සහ ප්‍රකාශන විලාසයන් මෙහිදී යොදා ගනී. මෙසේ නිර්මාණය වු නිර්මාණ කිහිපයකි Waking Life (US-2001) සහ A Scanner Darkly (US-2006).

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
චේතිය (13 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


චේතිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

chathiya has 13 posts and counting.See all posts by chathiya

5 thoughts on “ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණික ක්‍රම

  • February 9, 2013 at 1:57 PM
    Permalink

    ela machan…

  • February 8, 2013 at 12:33 PM
    Permalink

    ස්තුතියි අදහස් එක් කළ මිතුරන්ට ඒ අදහස් තවත් ලිපි ලීවිමට අපට ශක්තීයකි නැවතත් ස්තුතියි මිතුරනේ

  • February 6, 2013 at 9:07 AM
    Permalink

    නියමයි.ඉස්සරහට තවත් විස්තර දෙන්න.ජයවේවා………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *