අවම වැයකින් බිහි කළ හොඳම Box Office Hit 10!

10. Napoleon Dynamite (2004) – IMDb Rating: 6.8/10

මහත් විශ්මයජනක සාර්ථකත්වයක් අත්පත් කරගත් අඩු-වැය චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක. සිනමා උළෙලකදී මුල්වරට ප්‍රදර්ශනය කරන ලදුව, පසුව සීමිත පිටපත් සංඛ්‍යාවක් සිනමාහල් කරා නිකුත් කරන ලදී. ඉන් ධෛර්යය ලැබ පසුව පුළුල් නීකුත් කිරීමක් සිදු කරන ලද මේ සෝපහාස චිත්‍රපටය ගැන කටින් කට පැතිර ගොස් එය කෙතරම් ජනප්‍රිය වීද යත්, ඒ වටා බිහි වූ උන්මාදයක් දක්වා මෙය වර්ධනය විය.

නිෂ්පාදන පිරිවැය:- $ 400, 000

අලෙවි ආදායම:- $ 46, 118, 099 (මිලියන 46.11)

 

නිකුතු දිනය: January 17, 2004 (initial release)

අධ්‍යක්ෂණය: Jared Hess

තිරරචනය: Jared Hess, Jerusha Hess

ප්‍රවර්ග: Comedy

ජයග්‍රහණ: MTV Movie Award for Best Movie

 

09. Mad Max (1979) – IMDb Rating: 7/10

1979 දී ඕස්ට්‍රේලියාවේ නිර්මාණය වූ Mad Max චිත්‍රපටය එතෙක් සිනමා කරළියෙහි අවධානයට පාත්‍ර නොවූ Mel Gibson නමැති නළුවාගේ රංගන දායකත්වය ලද චිත්‍රපටයකි. සිනමා නිර්මාණයට දායක වූ පිරිසේ සියල්ලෝම තරමක නවකයන් වුවද ඒ නොසලකා හරිමින් අති මහත් සාර්ථකත්වයක් හිමි කරගන්නා ලදී. වැඩිම ආදායමක් ලද ඕස්ට්‍රේලියානු චිත්‍රපටය බවට ද පත්වෙමින් අනුබැඳි චිත්‍රපට ‍රැසකුත් ප්‍රතිනිර්මාණයකුත් එළි දක්වන්නට තරම් සමත් වූ අතර Mel Gibson හට ලෝක සිනමාවට මංපෙත් විවර කර දෙන ලදී. කෙසේ වෙතත් නවතම විස්තර අනුව හෙළි වන පරිදි මෙහි නිෂ්පාදන පිරිවැය $ 650, 000ක් ලෙස ද සඳහන් වේ.

නිෂ්පාදන පිරිවැය:- $ 350, 000

අලෙවි ආදායම:- $ 100, 000, 000 (මිලියන 100)

 

නිකුතු දිනය: April 12, 1979 (initial release)

අධ්‍යක්ෂණය: George Miller

තිරරචනය: George Miller, Byron Kennedy,James McCausland

ප්‍රවර්ග: Action | Adventure | Thriller

අනුබැඳි: Mad Max 2: The Road Warrior (1981), Mad Max Beyond Thunderdome (1985), Mad Max: Fury Road (2014)

 

08. Night of the Living Dead (1968) – IMDb Rating: 8/10

1968 දී එළිදු‍ටු මෙම ත්‍රාස චිත්‍රපටය ලොව බිහි වූ ප්‍රථම මළරකුස් චිත්‍රපටයයි (very first zombie movie). සැබැවින්ම Zombie යන යෙදුම පවා හඳුන්වා දෙන ලද්දේ මෙම චිත්‍රපටයෙනි. ඒ වනතෙක් ඉංග්‍රීසි වහරේ එවන් වදනක් පවා නොතිබිණ. මෙම චිත්‍රපටයෙන් බිහි කළ මේ නවමු අස්වාභාවික සත්ත්ව කොට්ඨාශය කෙතරම් ජනපිය වීද යත්, මෙය අනුගමනය කරමින් මළරකුස් චිත්‍රපට ‍රැල්ළක් ද ඇති විය.

නිෂ්පාදන පිරිවැය: $ 114, 000

අලෙවි ආදායම: $ මිලියන 42 (2009 වන විට $ 256, 147, 434 – මිලියන 256.14)

 

නිකුතු දිනය: October 1, 1968 (initial release)

අධ්‍යක්ෂණය: George A. Romero

තිරරචනය: George A. Romero, John A. Russo

ප්‍රවර්ග: Horror | Sci-Fi

අනුබැඳි: Dawn of the Dead (1978), Day of the Dead (1985), Land of the Dead (2005), Diary of the Dead (2007), Survival of the Dead (2010)

 

07. Halloween (1978) – IMDb Rating: 7.9/10

Jamie Lee Curtis විසින් 1978 වසරේදී නිර්මාණය කිරීමට යෙදුණු මෙම චිත්‍රපටය අඩු-වැයකින් බිහි වූ අනර්ගතම නිර්මාණයක් බවට පත්විය. මේ කෙරෙහි කෙතරම් ආකර්ෂණයක් හිමි වීද යත් එතෙක් මෙතෙක් බිහි වූ ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් ත්‍රාස චිත්‍රපට පෙළක් බවට මෙය පරිවර්තනය විය.

නිෂ්පාදන පිරිවැය: $ 325,000

අලෙවි ආදායම: $ මිලියන 70

 

නිකුතු දිනය: October 25, 1978 (initial release)

අධ්‍යක්ෂණය: John Carpenter

තිරරචනය: John Carpenter, Debra Hill

ප්‍රවර්ග: Horror

අනුබැඳි: Halloween II (1981), Halloween III: Season of the Witch (1982), Halloween 4: The Return of Michael Myers (1988), Halloween 5: The Revenge of Michael Myers (1989), Halloween: The Curse of Michael Myers (1995), Halloween H20: 20 Years Later (1998), Halloween: Resurrection (2002), Halloween (2007), Halloween II (2009)

 

06. Clerks (1994) – IMDb Rating: 7.9/10

චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන විට එහි තිරරචනය හා අධ්‍යක්ෂණය සිදු කළ Kevin Smith හට මේ සඳහා මුදල් සපයා ගැනීම මහත් අභියෝගයක් වී තිබේ.
මේ සඳහා මුදල් යෙදවීමට ඔහු කළ කැපකිරීම් කිහිපයක් මෙලෙස සඳහන් වේ.

  • පාසල් අරමුදල් මේ සඳහා වියදම් කිරීමට සිදු විය.
  • ගංවතුරට හසුවූ කාරයට හිමි වූ රක්ෂණ මුදල මේ සඳහා යෙදවිණි.
  • ඔහු සතුව තිබූ හාස්‍ය පොත් එකතුවෙන් බොහෝ ප්‍රමාණයක් විකුණා දැමිණි.
  • $ 2000 සීමිත ණයපත් 8-10ක් පමණ හිස් කරන ලදී.

කෙසේ වෙතත් අවසනදී මෙය අලෙවි ආදායම් අතින් අති මහත් සාර්ථකත්වයක් ලැබූ අතර අනුබැඳි නිර්මාණ කිහිපයක් ද නිර්මාණය කෙරුණි.

නිෂ්පාදන පිරිවැය: $ 27, 575

අලෙවි ආදායම: $ 3,151,130 (මිලියන 3.15)

 

නිකුතු දිනය: January 1994 (initial release)

අධ්‍යක්ෂණය: Kevin Smith

තිරරචනය: Kevin Smith

ප්‍රවර්ග: Comedy

අනුබැඳි: Mallrats (1995), Clerks II (2006), Jay and Silent Bob Strike Back (2001), Clerks 3 (Unditermined)

 

05. Once (2006) – IMDb Rating: 7.9/10

අයර්ලන්තයේ නිෂ්පාදනය කෙරුණු මෙම සරල චිත්‍රපටය ඉතා කුඩා වැයකින් නිර්මණය කරන ලද්දක් වන අතර දේශීයව මෙන්ම එක්සත් ජනපදය තුළද අති මහත් සාර්ථකත්වයක් හිමි කර ගන්නා ලදී. නොමඳ විචාරක පැසසුම් හා ඇගයීම් හිමිකර ගත් අතර සම්මාන රෑසකටද හිමි කම් කියන ලදී. මෙහි ඇති විශේෂත්වය නම් මෙය සංගීතමය චිත්‍රපටයක් වීමයි.

නිෂ්පාදන පිරිවැය: $ 160, 000 (€130,000)

අලෙවි ආදායම: $ 20, 710, 513 (මිලියන 20.71)

 

නිකුතු දිනය: July 15, 2006 (initial release)

අධ්‍යක්ෂණය: John Carney

තිරරචනය: John Carney

ප්‍රවර්ග: Drama | Music | Romance

ජයග්‍රහණ: Independent Spirit Award for Best Foreign Film/ Academy Award for Best Original Song

 

04. The Evil Dead (1981) – IMDb Rating: 7.6/10

උන්මාදනීය තත්ත්වයක් ජනිත කළ ත්‍රාස චිත්‍රපට මාලාවන් 3න අතරින් මෙයද එකක් වේ. කෙතරම් ජනප්‍රියත්වයක් හිමි කර ගතිද යත් ඉදිරි නිර්මාණ 03ක් ද බිහිවිය. පසුකාලීනව Spider-Man ත්‍රිත්වය අධ්‍යක්ෂණය කළ Sam Raimi මෙහි තිරරචකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද වේ. මේ හා බැඳුණු නවතම සලරුව වන Evel Dead (2013) අප්‍රේල් මස 12 වන දින සිට තිරගත වීම ඇරඹීමට නියමිතව පවතී.

නිෂ්පාදන පිරිවැය: $ 350, 000 – 400, 000

අලෙවි ආදායම: $ 2, 400, 000 (මිලියන 2.4)

 

නිකුතු දිනය: October 15, 1981 (initial release)

අධ්‍යක්ෂණය: Sam Raimi

තිරරචනය: Sam Raimi

ප්‍රවර්ග: Horror

අනුබැඳි: Evil Dead II (1987), Army of Darkness (1992), Evil Dead (2013)

 

03. My Big Fat Greek Wedding (2002) – IMDb Rating: 6.5/10

කැනේඩියානු-ඇමෙරිකානු හවුල් නිෂ්පාදනයක් වන මෙය කිසිදු බලාපොරොත්තුවක් නොතැබූ චිත්‍රපටයක් විය. එසේ වුවත් ඉතිහාසයේ වාර්තා වන ඉහළතම ආදායම ජනනය කළ ප්‍රේමණීය-හාස්‍යමය චිත්‍රපටය බවට මෙය පත් විය. මෙය තිරගත වන කාලය අතරතුර කිසිදු අවස්ථාවකදීවත් අලෙවි වාර්තාවන්හි අංක 01 ස්ථානයට නොපිවිසුණ බැවින් කිසිසේත් ඇදහිය නොහැකි වාර්තාවක් බවට ද මෙය පත් විය.

නිෂ්පාදන පිරිවැය: $ මිලියන 5

අලෙවි ආදායම: $ 368, 744, 044 (මිලියන 368.74)

 

නිකුතු දිනය: February 22, 2002 (initial release)

අධ්‍යක්ෂණය: Joel Zwick

තිරරචනය: Nia Vardalos

ප්‍රවර්ග: Comedy | Romance

අනුබැඳි: My Big Fat Greek Wedding (Undetermined)

 

02. The Blair Witch Project (1999) – IMDb Rating: 6.3/10

සිනමා ඉතිහාසය තුළ අති මහත් සාර්ථකත්වයක් අත් කරගත් අඩු-වැය චිත්‍රපටයක් ලෙස සැලකෙන මෙය නිකුත් වීමත් සමගම සංස්කෘතිමය ආශ්චර්යයක් බවට පත්විණ. දින 08ක කාලයකදී සම්පූර්ණයෙන්ම හස්තගත කැමරා පමණක් යොදාගනිමින් රූගත කර හමාර කරන ලද මෙය මෙතරම් සාර්ථකත්වයට පත්වූයේ ක්‍රමවත් හා උපක්‍රමික ප්‍රචාරණයත් කටින් කට පැතිර යාමත් හේතුවෙනි. මුල් වරට දළපට-හමුවීම(Found-Footage) යන තේමාව සිනමාවට හදුන්වා දෙන ලද්දේ මේ චිත්‍රපටය හරහාය. පසු කාලීනව ඒ පදනම් කරගනිමින් බොහෝ සිනමාපට බිහි වීම කෙරෙහි මින් ඇති කළ බලපෑම අති මහත්ය.

නිෂ්පාදන පිරිවැය: $ 500, 000 – 750, 000

අලෙවි ආදායම: $ 248, 639, 099 (මිලියන 248.63)

 

නිකුතු දිනය: January 25, 1999 (initial release)

අධ්‍යක්ෂණය: Daniel Myrick, Eduardo Sánchez

තිරරචනය: Daniel Myrick, Eduardo Sánchez

ප්‍රවර්ග: Horror | Mystery

අනුබැඳි: Book of Shadows: Blair Witch 2 (2000)

නොනිල චිත්‍රපට: Scottish remake-The Blair Witch

 

01. Paranormal Activity (2007) – IMDb Rating: 6.4/10

එතෙක් මෙතෙක් සිනමා ඉතිහාසය තුළ වඩාත්ම සාර්ථක වූ චිත්‍රපටය වන මෙය කෙතරම් සාර්ථක වීද යත් පසුකාලීනව සිනමා පෙළක් බවට ද පරිවර්තනය වූ අතර දිගින් දිගටම අතිශය සාර්ථකත්වයකට උරුමකම් කීය. සිනමා ඉතිහාසයේ සනි‍ටුහන් වන ඉතාමත්ම සාර්ථක වූ චිත්‍රපටය වන මෙය අධිස්වාභාවික ත්‍රාස චිත්‍රපටයකි. ඉතා කුඩා වැයකින් නිමකළ මෙය දැඩි විචාරක පැසසුම් මෙන්ම වාණිජ සාර්ථකත්වයක්ද හිමි කර ගති. මුල් චිත්‍රපටය තැනීමෙන් වසර තුනකට පසුව ආරම්භ කරන ලද අනුබැඳි චිත්‍රපට පෙළ මේ දක්වා වාර්ෂිකව අඛණ්ඩව පැවත ඒ. මෙහි 5 වන සිනමා නිර්මාණය පසුගිය වසරේදී එළි දු‍ටු අතර දැනටමත් 06 වැන්නෙහි වැඩ නිම වෙමින් පවතී.

නිෂ්පාදන පිරිවැය: $ 15, 000

අලෙවි ආදායම: $ 193, 355, 800 (මිලියන 193.35)

 

නිකුතු දිනය: October 14, 2007 (initial release)

අධ්‍යක්ෂණය: Oren Peli

තිරරචනය: Oren Peli

ප්‍රවර්ග: Horror | Mystery

අනුබැඳි: PA 2 (2010), PA 3 (2011), PA 4 (2012), PA 5 (2013)

නොනිල චිත්‍රපට: Paranormal Activity 2: Tokyo Night (2010), Latino spin-off series (The Oxnard Tapes)


උදා (217 Posts)


2 thoughts on “අවම වැයකින් බිහි කළ හොඳම Box Office Hit 10!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *