2012 වසරේ HollyWood ප්‍රතිඵල සමග 2013 වසරේ ඇරඹුම කොහොමද?

මේ වසරේ ඉස්ඉස්සෙල්ලාම කියන්ඩ යන්නේ ගිය වසරේ පුවතක්. කමක් නෑනේ, නේද? අමනාප නෑනේ… සිනමාවේ තතු විත්ති හොයන ඈයන්ට මේක ටිකක් ආක්ර්ශනීය පුවතක් වෙයි. මම හිතන හැටියට අපේ සිනමාවටත් පොඩි හරි වැදගත්කමක් තියෙයි මේකේ. හරි එහෙනම් හැරෙමු ඒ දිහාට.

ඊට කලින් හැමෝටම සුබ නව වසරක් වේවා කියල ඉන්නම්කො බයිස්කෝප් සිංහලෙන් සහ මංසල අපි සේරම. මේකයි කාරණේ…

2012 අවුරුද්ද හොලිවුඩයේ සිනමා නිර්මාණයන්ගෙන් දැවැන්ත ආකර්ශනයක් හිමි කරගත් වසරක් බවට පත් වෙලා. ඔබට මතකනම් 2012 ආ සිනමාපට ඒ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් ඇත්තෙ නෑ. Joss Whedon-ගේ The Avengers, Christopher Nolan-ගේ Dark Knight ත්‍රිත්වයේ අවසානය සනි‍ටුහන් කළ The Dark Knight Rises, Gary Ross පටන් ගත්තා The Hunger Games ත්‍රිත්වය, Bill Condon තමන්ගෙ Twilight නිමා කළා Breaking Dawn II වලින්, Peter Jackson ආපහු මැදපොළවට (MiddleEarth) ගමනක් පිටත් වුණා The Hobbit: An Unexpected Journey එක්ක, RIdley Scott ආයෙමත් පිටසක්වලයන් හොයාගෙන ගියා Prometheus අරගෙන, Sam Mendes 007 චාරිකාවේ තව පියවරක් තිබ්බා ලොව තැනුණු අනගිතම James Bond සිනමාපටයක් නිර්මාණය කරමින් Skyfall නමින්. තත්ත්වය මෙහෙම වෙද්දි සිනමා-රසිකයන්ට ඒ ගැන නොසලකා ඉන්ඩ බැරුව ගියා. තම තමන්ලගෙ පසුම්බිවලට දැනුණ අමාරුකනුත් විඳගෙනයි මේ අය මේ වෙනුවෙන් කාලයත් මුදලුත් කැප කළේ.

2012 වසර අවසන් වීමට මත්තෙන් USA Today වාර්තා කර තිබූ අන්දමට හොලිවුඩයේ ඉතිහාස වාර්තාවන්හි සටහන් වන වැඩිම ආදායම් ඉපයූ වර්ෂය ලෙස 2012 සඳහන් වෙනවා. ඒ වගේම 2009 සිට ප්‍රවේශ අලෙවිය ඉහළ අගයක් වාර්තා කරන පළමු වසරත් 2012මයි. වාර්තාවන්හි දැක්වෙන්නේ 2009 දීට වඩා ඩොලර් මිලියන 200කින් ප්‍රවේශ අලෙවි ආදායම ඉහළ ගොස් ඇති බව. ඒ මුළු ආදායම ඩොලර් බිලියන 10.8ක අගයකට ගෙන එමින්. මේ ඇමෙරිකාව ඇතුළත තත්ත්වය පමණයි. මෙය සිනමා ලෝකයට යහපත් බලාපොරොත්තුවක් එක්කරන්නක්. 2011 වසරේදි ඉපයූ ආදායම වන ඩොලර් බිලියන 10.2 හා සසඳන විට 2012 වසරේ ආදායම් වර්ධනය 6%ක්. ප්‍රේක්ෂක වර්ධනය 5%ක් (එසේ වුවත් මෙවර සංඛ්‍යාව වන බිලියන 1,.3ක් වන ප්‍රේක්ෂක පිරිස 2003 වසරේ වාර්තා කළ බිලියන 1.7ට කිට්‍ටුවෙන්වත් යන්නෙ නෑ)

2013 වර්ෂයේදී J.J. Abrams-ගේ Star Trek Into Darkness, සුපර්මෑන්ට අලුත් වංශකතාවක් ලියන Zack Snyder-ගේ Man of Steel, Hobbit-ගේ දෙවැනි වැඩමුරය The Desolation of Smaug එක්ක එන Peter Jackson, John McClane ආපහු වැඩ පෙන්නන John Mooreගේ A Good Day to Die Hard, Shane Black-ගේ Iron Man 3 මහ සටනින් පසු සමයේ වීරක්‍රියාවන්ට සැරසිලා ඉන්නකොට මිටියෙන් හරඹ කරමින් එන ගිගුරු දෙවියා Thor: The Dark World එක්ක එනවා, කාර්වලින් සෙල්ලම් දාන Justin Lin-ගේ Fast snd Furious 6, Todd Phillipsගේ හාස්‍ය නිර්මාණ ත්‍රිත්වයේ අවසානය ‍රැගෙන එන The Hangover III, Francis Lawrenceගේ Catching Fire එක්ක ඉදිරියට යන Hunger Games නිර්මාණ පෙළ, සමගින් තවත් බොහෝමයක් පෝළිමේ තියෙනවා.

එහෙමනම් 2012දි සිනමා නැරඹීමට වෙන් කළාට වඩා වැඩියෙන් 2013දී කාලය වෙන් කරන්ඩ දැන් තියාම සූදානම් වෙලා උන්නත් කමක් නැති ගාණයි… 😀

උදා (217 Posts)


3 thoughts on “2012 වසරේ HollyWood ප්‍රතිඵල සමග 2013 වසරේ ඇරඹුම කොහොමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *