මගේ ඇසින් මෙරට සිනමාව…

මම අද ලිවීමට බලාපොරොත්තු වන්නේ ලාංකීක සිනමාව පිළිබඳව මා දකින්නා වු ඇසින් මට සිතුනා වු දේවල් පිළිබඳව වේ .වර්තමානයේදී ඇත්තටම මෙරටට සිනමා කර්මාන්තයක් ඇතැයි කියා ද විටක මට සිතේ මන්දයත් දැන් බිහිවෙන්නා වු සිනමා නිර්මාණ ප්‍රමාණය හා  ඒවායේ ගුණාත්මක භාවය සැළකීමේදීය . දැන් බිහිවන සිනමා නිර්මාණයන්ගෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකි යම් හෝ වටිනා අදහසක් ප්‍රේක්ෂකයාන්ගේ බුද්ධියට කතාකරනු ඇත්තේ අනෙක් සියලුම නිර්මාණයන් ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකයා කියන ස්ථානයෙන් පහලට ඇද දමනු ඇත .
ඇයි මෙසේ ආසියවේ ආශ්චර්ය වීමට යන්නා වු රටට වන්නේ , මට හැඟෙන පරිදි නමි විටක සංස්කෘතියේ ඇති වැට මායිම් ද ,තාක්ෂණික දැනුමේ හිඟ බව ද ,ප්‍රමිතියකින්තොර රංගන ශිල්පින් මෙම කර්මාන්තයේ සැරිසැරිම ද එහෙමත් නැත්තම් මුදල් හිඟකම වියහැක .නමුත් මා මෙහෙදී සඳහන් නොකළ තවත් විශාල හේතුන් ඔබට මට වඩා සිතෙනු ඇත.ඒ කෙසේ වුවත් අද අපේ රටට උසස් යැයි කිවහැකි සිනමා කර්මාන්තයක් නොපවතී .අද මෙරටට තුළ වැඩි වශයෙන් බිහිවන්නේ විනෝදකාමී වාණිජ පරමාර්ථය ඔස්සේ නිර්මාණයවන සිනමා නිර්මාණවේ .නමුත් මෙම කාණ්ඩයට අයත් නිර්මාණ වලත් තිබ්ය යුතු යම් ලක්ෂණයන් මේවා තුළ තිබේ ද  යන්න ගැටලුවකි. මේ ළඟදී තිරගත වුවා ඉන්දීය නිළියක් රඟදක්වන හා රන්……නම් නළුවා රඟපාන සිනමා නිර්මාණයක් මෙහි ඇත්තටම ඔබ දුටුවොත් ඔබට පෙනේ මෙහි වැඩිවශයෙන් සිදුවන්නේ අර ඉන්දිය නිළියගේ අඟපසඟ ප්‍රේක්ෂකයා පෙන්විමයි ඇත්තටම එමගින් පෙන්වන්නේ ආපේ රටේ ප්‍රේක්ෂකය කොමපණ පහළ ඇද දමා ඇති බවද කියාය .අනික් දේ තමා එම විනෝදකාමී නිර්මාණවල කොපමණ දුරට ප්‍රේක්ෂකයාට අදහස් මනසට ලබා දේද කියාය .
 අනික් දේ අපේ රටේ ඉතා විශිෂ්ට නිර්මාණ බිහිවේ නමුත් එවා බොහෝ දුරට රටේ පවත්නාවු සංස්කෘතික සංකල්පය මත බොහෝ විට වාරණයට ලක්වේ . (උදා: අක්ෂර ) මෙහිදී ඇත්තටම සිදුවන්නේ උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයාට තියෙන අයිතිය උදුරාගෙන ඇති බවයි .කිසි විටකත් උසස් රසවින්දනයක් විදිය හැක්කේ වැඩිහිටියෙකුට වේ මෙහිදී මාහට නම් හැඟෙන්නේ අප රටේ යමි පිරිසක් සිනමා කලාව සමඟ සංස්කෘතිය පටලවාගෙන ඇති බවයි  .මෙම නිසා නිර්මාණයට නළුවෙකුට හෝ නිළියකට එයට ලබා දියහැකි තම දායකත්වය මායිම් විමක් ද සිදු වේ .
අනෙක් දේ වන්නේ අද ලංකාවේ උසස් තාක්ෂණියක් ඇති සිනමාහල් පිහිටුවා ඇත නමුත් කිසිදු එකක අප රටේ නිර්මාණයන් තිරගත වන්නේ කලාතුරකින් වේ බොහෝ විට තිරගත වන්නේවෙනත් රාජ්‍යවල නිර්මාණය වු නිර්මාණයන් වේ ඉතිං මෙමඟින් සිදුවන්නේ අපේ රටේ සිනමාව නැගුම ද නැත්තම් රටේ සිනමාවේ අභාගයට යැමද ? මෙයට එක් අතකින් අප රටේ බිහිවන සිනමා නිර්මාණ පවතීන්නා වු තාක්ෂණයේ පෙහොසත් භාවයේ අඩු බවද බලපානු ඇත .අපේ රටේ තවත් සිනමා නිර්මාණයන් ට භාවිතා කරන්නේ සේයා පට කැමරා වේ නමුත් ලෝකය අද යන්නේ ඩිජිටල් කැමරා ඔස්සේය ඉතිං අප රට කොතන  ද ඇත්තේ ? මේ ළඟඳී අපරටේ ප්‍රථම red කැමරාව යොදා ගෙන කරන නිර්මාණ බිහිවන බවයි එය පොද වැස්සකි මෙරට වේලෙමින් පවතින සිනමා කාන්තාරයට මෙම පොද වැස්ස මහ වැස්සක්වෙන්න යැයි මගේ පැතුමයි .
අතීතයේ අප රටේ බිහිවුනා ඉතා විශිෂ්ට සිනමා කලාකෘතීන් ඒවා එකළ තිබු තාක්ෂණය සමඟ සැසදීමේ දී උසස් නිර්මාණවේ .ජැක්සන් ඇන්තනී ,රීටා ප්‍රනාන්දු ,ජෝ අබේවික්‍රම වැනි රංග ධරයන් මෙරටට්න  බිහි වුනේ ය එකළ, නමුත් දැන් එසේ උසස් රංග ධරයන් යැයි කිවහැකි පිරිසක් සිටින්නේ ඉතා ස්වල්පයකි .අද නිළියන් හො නළුවන් බිහිවන්නේ තම හැකියාව මත නොව තම ගෞරවය කැපකරන ප්‍රමාණය මත වේ ඉතිං මෙසේ පැමිණෙන පිරිස නිළියක් හෝ නළුවෙක් යන පට්ටම මත මුදල් රැස්කීරීම සිදුකරයි, සිනමාවට ? අනික් දේ වන්නේ මෙරටට නිළියන් හෝ නළුවන් බිහි වීමට ක්‍රමවත් පටිපාටියක් නොපැවතීම ද මෙයට එක් හේතුවක් ලෙස මා දකී .
ඇත්තටම අපේ සිනමාවේ කඩා වැටීමට අප හොබවන ප්‍රේක්ෂකයා යන භූමිකාව වඟකිය යුතුයි.මන්ද යත් අප රටේ බොහෝ ප්‍රේක්ෂකයා සිනමා නිර්මාණය වින්දනය කරන ආකාරයේ ද ගැටලුවක් පවතීන බවයි.මෙම නිසාවෙන් ද සිනමා නිර්මාණ බිහිවිමේදී යම් සිමා ඇතිවි ඇති බව මට හැඟේ .
මෙම අදහස් සමහර විට ඒකපාර්ශීක අදහස් විය හැක නමුත් මේවා මම මෙරටට සිනමාව දකිනා අයුරැ වේ.
“80 ගණන්වල මම රූපවාහිනී කලාව හදාරපු අයෙක් කොහොම වුණත් එකළ සිනමාව ඉතා හොඳින් දිවිවා රසවින්දය දන්නා මිනිසුන් හිටියා හරි නම් අපි ඉන්න ඕනි එදාටත් වඩා ඉදිරායෙන් නමුත් අපි එන්න එන්න පහලට වැටිලයි සිට්න්නේ ප්‍රේක්ෂකයන්වත් බාල තැනකට ඇදලා දාලා නිර්මාණයන් බාල තත්වයකට ඇදල දාලා “
මේවා මගේ අදහසක් නොවේ මා ළඟඳී කියවු සඟරායවකට කැලුම් පාලිත මහීරත්න මහතා  ප්‍රකාශ කර තිබු තම අදහස්  වලින් වැකි කිහිපයකි .මෙම අදහස් සමඟ මගේ ලිපිය අවසන් වේ .
 ඇත්තටම මම මෙහි තිබෙන සියලුම මාතෘකා යටතේ ලිපි ලියා ඇත මට ඒ ගැන සතුටුයි . මමත් ඔබට ආරාධනා කරනු තම අදහස් අප සමඟ බෙදා ගන්නා ලෙස .
නැවත හමුවෙමු ස්තුතියි.
~ලිපිය චේතිය සහෝගෙන් ~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
චේතිය (13 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


චේතිය

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

chathiya has 13 posts and counting.See all posts by chathiya

15 thoughts on “මගේ ඇසින් මෙරට සිනමාව…

  • February 14, 2013 at 6:07 PM
    Permalink

    ලංකාවෙන් දැන් හොඳ එව්ව හැදුවත් වැඩක් තියෙනවද බං. හොලිවුඩ් එක ගානට එන්න කවදාවත් බෑ. හොලිව්ඩ් එව්වම බලල දැන් බොලිවුඩ් පිල්ම් එකක්වත් බලන්න බෑ ඇදමයි පේන්නෙ. ඉතිං ලංකාවෙ හදන පිල්ම් ජීවිතේට වෙන රටක පිල්ම් එකක් නොබලපු අයට හොඳා.

  • January 30, 2013 at 9:15 PM
    Permalink

    ඔබ ලිපියෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූ මතයට මාගේද එකඟතාවය පළ කරමි. මාගේ අදහස අනුව සිංහල සිනමාව තුළ කිසිම දවසක පිරිපුන් නළු නිළියන් 100%ක් සිට නොමැත. ජෝ අබේවික්‍රමයන් වැනිවූ ගිණිය නොහැකි තරම් ඉතාම අතලොස්සක් පමණක් අපි ලබා ඇත්තෙමු. අනෙක් අතට ඔබ විචාරයක් ලියන්නේනම් අදාල අයගේ නම් ගම් පළකිරීමෙහි වරදක් නැත.

    මාගේ අනෙක් අදහස වන්නේ, මෙවැනි විෂයයක් පිළිබඳව විචාරයක් ලිවීමේදී සිංහල භාෂාව මීට වඩා නිපුණතාවයකින් හසුරවන්නේ නම් මැනැවි. ඉහත ලිපියෙන් සිනමාව විචාරීමට ගොස් භාෂාවට සිදුවූ හානිය සුළුපටු නොවේ.

    මාගේ අදහසට එක්වරම උරණ නොවී නැවත වතාවක් ලිපිය කියවා බලන ලෙස ඉල්ලමි.

  • January 26, 2013 at 6:56 AM
    Permalink

    e katawa atta.ape minissut hoda nirmana tora ganna danne na.

  • January 26, 2013 at 6:55 AM
    Permalink

    Oyage katawa sampura aththa.film eka athule kisima harayak na.vikara godakui moda athal tikakui vitarai tiyenne.tikak pahu wela kiyewwe.thks sahoo.

  • December 30, 2012 at 5:23 PM
    Permalink

    ස්තුතියි එරංග දර්ශන විජේතුංග ,රවීන්ද්‍ර හංසක සහෝදරයන් ටත් අදහසක් එක්කළාට

  • December 30, 2012 at 6:36 AM
    Permalink

    ඇත්ත කතාව මචං,

  • December 29, 2012 at 7:36 PM
    Permalink

    අනේමන්ද මටත් තේරෙන්නේ නෑ අපේ සිනමා කලාවට මොනවා වෙලාද කියල. කිසිම කලාත්මක බවක්වත්, හරයක්වත් 99%කම නෑ. අන්තිමට හිතෙන්නේ මේක බැලුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියල. ඔය ලගදි තිරගත වුනු මහා විශාල මුදල් සම්භාරයක් යට කරලා නිෂ්පාදනය කල සිනමා නිර්මාණත් මං මේ කිව්ව විදිහේ තමයි. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ විදෙස් නිර්මාණ වෙත ඇදී යන එක නවත්තන්න බෑ. ලගදි තිරගත උන චිත්‍රපටි වලින් ගාමණී ච්ත්‍රපටය ඇරුනම වෙනත් හරයක් තියෙන නිර්මාණයක් මම නම් දැක්කේ නෑ. මේ යන විදිහට නම් අපේ සිනමාව තව ටික කාලෙකින් නැත්තටම නැති වෙලා යයි. කොහොමහරි කමක් නෑ අපේ චිත්‍රපටි කලාවට යහපත් කාලයක් ලබන්න කියල ප්‍රාර්ථනා කරනවා. සමනළ සංධ්වනිය ගැන පොඩි යහපත් ආකල්පයක් තියෙනවා. බලමුකෝ කොහොම වෙයිද කියල.

  • December 28, 2012 at 9:11 PM
    Permalink

    බබර වළල්ල,මචං,ගාමණී,ඉර හද යට, ඒවා හොදයි කියන්න පුළුවන්. එත් කණගාටුයි බාබර වළල්ල බලන්න මම හෝල් එකට ගියවෙලාවෙ අතේ ඇගිලි ගානට වඩා අඩු පිරිසක් හිටියේ. අර කිව්වද නහී නොකිව්වද නහී ඒවා බලන්න පෝලිමේ…………අපේ රසිකයන්ගේ රසාස්වාදයත් ටිකක් මදි

  • December 28, 2012 at 5:23 PM
    Permalink

    ස්තුතියි Pasan ,was සහෝදරයන්ටත් අදහසක් එක්කළාට

  • December 28, 2012 at 4:40 PM
    Permalink

    හොඳ ලිපියක්. සිංහල චිත්‍රපටි වල තියෙන ලොකුම අවුල තමයි මෙලෝ රහක් නැති කම. ඔය කියපු රන්… නම් නළුව ගෙ ඒවා ඒ අතරින් මුලින්ම තියෙනව. මේ දවස්වල ඇඩ් එකක් යන්නෙ මිනිහ ඉන්න ජීවිතය ලස්සනයි කියල එකක්. ඇඩ් එක දැක්කම ඇඬෙනව. ජයන්ත චන්ද්‍රසිරි ගෙ සමනල සංධ්වනිය ගැන නම් පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. හැබැයි කියන්න බෑ ඒකත් බැලුවට පස්සෙ මොකක් වෙයිද කියල

  • December 28, 2012 at 12:46 PM
    Permalink

    තුති සහෝ

  • December 28, 2012 at 12:41 PM
    Permalink

    ස්තුතියි hashan, පැතුම්, Isuru සහෝදරයන්ට අදහසක් එක් කළාට

  • December 28, 2012 at 12:27 PM
    Permalink

    hoda lipiyak

  • December 28, 2012 at 12:27 PM
    Permalink

    සහතික ඇත්ත මචං ලංකාවේ හදන ගොන් පාට් ෆිල්ම් එකක් නම් බලන්න සූ ගාලා සෙනග හොද ෆිල්ම් එකක් බලන්න 3 දෙනයි 4 දෙනයි 🙁 ඉතින් ෆිල්ම් එක හදපු එකාට එපා වෙනවා. අනේ මන්දා ලංකාවේ කවදා හොද නිර්මාණ හැදේවිද කියලා

  • December 28, 2012 at 12:23 PM
    Permalink

    නියම ලිපියක් දිගටම ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *