Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 25

සින්දුවේ නම                                    : Neend Churayi Meri ( මගේ නින්ද නැති කරා )
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය     : 1997
නව නිර්මාණය සිදුවූ වර්ෂය         : 2017

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් ඔයාල කාටත් සුපුරුදු තවත් ලිපියක් අරගෙන ආවේ මේ. ඇත්තටම ගොඩාක් කාලෙකින් තමා මංසලට ගොඩවෙන්නේ. එත් හිතුනා ලිපි කීපයක් මංසලට ආපහු එකතු කරන්න ඕන කියල.

ඔයාලට හොඳටම මතක ඇති 1997 දී තිරගත වුනු අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් තිබුනා Ishq කියල. අන්න එකේ තිබුනා ගොඩාක්ම ජනප්‍රිය ගීතයක් Neend Churai Meri කියල. එම ගීතය රහත් ඉන්දෝර් කියන පද රචකයා රචනය කරලා තිබුන අතරේ ගීතය සංගීතවත් කලේ අනු මලික් කියන ජනප්‍රිය සංගීතවේදියා. ගීතය ගායනය කලේ කුමාර් සානු, උදිත් නාරායන්, අල්කා යාග්නික් එක්ක කවිතා ක්‍රිෂ්නමුර්ති විසින්. රඟපානු ලැබුවේ අජේ දේව්ගන්, අමීර්කාන්, කාජල් එක්ක ජුහි චවුලා කියල ඔයාල කවුරුත් දන්නවනේ.

ඉතින් මෙන්න මේ ගිතයේම නව නිර්මාණයක් දක්නට ලැබෙනවා අජේ දේව්ගන් ගේ නවතම චිත්‍රපටයේ. ගොල්මාල් අගේන් නැත්නම් ගොල්මාල් 4 චිත්‍රපටයේ ඔයාලට දක්නට ලැබෙන Maine Tujhko Dekha ගීතය ඇත්තටම මම අර කලින් කිව්ව Neend Churai Meri ගීතයේ නව නිර්මාණයක්. මේ ගීතය සංගීතවත් කරන්නේ මුල් ගීතයට සංගීතය සපයන ලද අනු මලික් ගේ මුනුපුරෙක් වෙන අමාල් මලික් විසින්. පද රචනයේ සුළු වෙනසක් කුමාර් විසින් කරලා තියෙනවා. ගායනය නිරාජ් ශිරින්ඩර් සහ සෘති කක්කර් විසින් තමා කරන්නේ. කලින් ගීතයේ සිටි අජේ දෙව්ගන් මේ ගීතයෙන් සිටින අතර ඊට අමතරව අර්ශඩ් වාසි, ස්රියස් තල්පඩේ, තුෂර් කපුර්, කුනාල් කෙමු සහ පරිනිති චොප්රා කියන ජනප්‍රිය නළු නිලියන් එකතු වෙලා තියෙනවා. යු ටියුබ් වෙබ් අඩවියට ගීතය එකතු කරලා දින කීපයක් ඇතුලත මේ වෙනකොට මිලියනකට අධික නැරඹුම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.

ඉතින් මෙම ගීත දෙකම නරඹලා රසවිඳින්න කියන ගමන් සමුගන්නවා.

බුදු සරණයි.

මෙන්න 2017  දී Golmaal Again චිත්‍රපටයට ඇතුලත්  අලුත් ගීතය

මෙන්න 1997  දී Ishq චිත්‍රපටයට ඇතුලත්  පැරණි ගීතය

G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *