GAME OF THRONE සහ එහි සිදුවූ මරණ පිළිබඳ විග්‍රහයක්

මෙම කතා පුවත ගැන කතා කරනකොට, අපි වැඩි අවධානයක් යොමන්නෙ ටී වී සිරිස් එකට. එයට හේතුව පොතේ අප දන්නා ප්‍රමාණයට වඩා සෑහෙන්න දැන් ටෙලි කතා මාලාව දුර ඇවිත් තිබීම. ටෙලි කතාවෙ සහ පොතේ සුළු සුළු වෙනස්කම් කිහිපයක්ම තිබ්බත් කතාව රේඛාවක් වශයෙන් ගත්තොත් අතිශය සමානයි. අද මම කතා කරන්න සූදානම් වෙන්නෙ, අපි කතා කළ බොහෝ සුපිරි චරිත සංකේතීය වශයෙන් තමන්ගෙ මිය යාම සිදුවන ආකාරය අපිට පෙර දැනුම් දුන් හැටි ගැන කතා කරන්න. ඒ වගේම එයාලා මිය ගිය විදිහ ගැනත් අපි කතා කරමු. ඒ වගේම ඉස්සරහට සුපිරි චරිත මිය යන ආකාර කලින් අනුමාන කරන්න මේ මරණ line එක කොහොම උපකාර වෙයිද කියලාත් අපි බලමු. ස්පොයිලර් අඩංගු නෑ. අනුමාන කිරීම් තියෙනවා. ඒ සියල්ලටම වඩා මේ අනුමාන කිරීම් සිනමාත්මකව අපි තාර්කික බවකින් ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒවා වැරදි වීම හෝ නිවැරදි වීම ගැන අපිට වගකීමක් නෑ ඔන්න. හරි ගියොත් අපි සතුටු වෙමු. වැරදුණොත්, ඒත් සතුටු වෙමු.



නෙඩ් ස්ටාර්ක් ගේ මරණය

නෙඩ්ගෙ මරණය සිදු වන බවට මුලින්ම ඉඟි කළේ පළමු සීසන් එකේ පළමු කොටසේ මිය ගිය වෘකයා ගේ රූපයයි. ඒ වගේම නෙඩ් කළ ලොකුම වැරැද්ද,, වුණේ නෙඩ් තමන්ගෙ පුතා බ්‍රැන්ට කරන්නට එපා කියූ දෙයයි.

 “පිස්සන් තමයි උන් දකින දේ කියන්නෙ“

මේ වයිට් වෝකර් කෙනෙකු දුටු බව කියමින් පලා යමින් සිටි නයිට් වොච් මුරකරු මරා අවසන බ්‍රැන්ට නෙඩ් ස්ටාර්ක් කී වාක්‍යයි. ඒ මිනිහා කියන්නේ සත්‍යක් වුණත් එය පිළිනොගෙන නෙඩ් ඔහුව මරා දැමුවා. නෙඩ් එය විශාල ලෙස කණකට ගත්තේවත් නෑ. හැබැයි නෙඩ් අවසානයේදි කරන්නේත් එයමයි. ඔහු තමන් දුටු දෙය මුලින් එළි පහළියේ ප්‍රකාශ කළ නිසා එමඟින් හිස ගැසුම් කන්නට ඉඩ හදාගත්තා. ජොෆ්රිගෙ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය නෙඩ් මීට වඩා සැලකිලිමත්ව ගොඩ දාගන්නට තිබ්බ ගැටලුවක්. ඔහු  හදිසි තීරණයක් ගත්තා එමඟින් ඔහු කොටු වුණා. නෙඩ් සහ ජේමි අතර සටනේදි ජේමිට සහය දක්වන්නට සිතූ ලැනිස්ටර් සොල්දාදුවෙක්, පිටු පසින් නෙඩ්ට අනිනවා. එහිදි ජේමි, එම ක්‍රියාව හැබෑවටම පහත හෙළලා, ලැනිස්ටර් සොල්දාදුවාව  හෙල්ලෙන් ඇණ මරනවා. ඒ උදව්ව ලැජ්ජාවක් ලෙසයි ජේමි සලකන්නෙ. නමුත් ආතර්ඩේන් ගෙ සිද්ධිය ඊට කාලයකට පසුව දකිනවා. බලන්න හොඳින් අපිට මේ සිදුවීම් දෙකේ පොඩි සම්බන්ධයක් පේනවා. ආතර් ඩේන්ව නෙඩ් විසින් මරා දැමීම ඉතිහාසය පුරා ඉතා සුරුවිරු කමක් ලෙස සැලකෙන දෙයක්. ඒත් හැබෑවටම වුණේ, නෙඩිට හොලන් රීඩ්ගේ සහය ලැබීම. ඒක සදාකාලික රහසක්ව පැවතුණා ත්‍රී අයි රේවන් බ්‍රැන්ට එම දසුන පෙන්වන තුරු ම එය රහසක්.  බ්‍රැන් පවා එහිදී තම පියා ගැන අපැහැදීමක් ඇති කරගත්තා. නෙඩ්ට සිදුවූ සියල්ල ඔහු කළ කී දේ ඔහුටම කැරකී එමක්. ඔහු නිවැරදි මිනිහෙක්ව මැරුවා. ඔහු කී දේ පිළිනොගෙන. නෙඩ්ව මැරුවා. නෙඩ් කී සත්‍ය පිළි නොගෙන. ඒ වගේම නෙඩ්ව මැරුවෙත් නෙඩ් ගේම කඩුවෙන් ICE නම් වැලේරියන් කඩුවෙන්. නෙඩ් ආතර්ව මැරුවෙ ආතර්ගෙම කඩුවෙන්. පේනවාද නෙඩ්ගෙ මරණය ඉතිහාසය පුරා කැරකුණු හැටි. හරියට කර්මය හා ඵලය වගේ.


රොබ් ගෙ මරණය

රොබ් මිය යන්නේ, තමා විශ්වාස කළ මිනිසුන් අතිනි. රොබ්ව සෑහෙන විශ්වාස කළ මිනිස්සුන්ව රොබ් මරාදැමූ ලෙසට රොබ් විශ්වාස කළ අය රොබ්ව මරා දැමීය. එහි අතුරු ඵල ලෙස රොබ්ගේ අනාගත උරුමය සහ බිරිඳ මෙන්ම මව් ද ඝාතනය විය. අගෞරවාන්විත ආකාරයෙන් රොබ් මිය යා හැකි බව රොබ්ට මුලින්ම පවසන්නේ ඔහු විසින් බලහත් කාර ලෙස ලැනිස්ටර් දරුවන් ඝාතනය නිසා මැරීමට නියම කළ රිකාර්ඩ් කාස්ටාර්ක් විසිනි.


ජොෆ්‍රිගේ මරණය

ජොෆ්‍රි යනු කතාංගය පුරා කිසි යහපත් කමක් උපයා නොගත් අයෙකි. එබැවින් ඔහුගේ මරණය විෂක් සමඟ එකතුව විකෘති මුහුණක් නිර්මාණය කරමින් මරුමුවට පත් කළේය. ඔහු රොබ්ගේ මරණයෙන් පසු එය විහිලුවට ලක් කළේය. නෙඩ්ගේ මරණයෙන් පසු නෙඩ්ගෙ මුහුණ විකෘති කර සන්සාට පෙනෙන්නට සලස්සවා සැහැසි කම් කළේය. එලෙසම විකෘති විසුළු මුහුණින් ඔහු මරු දුටුවේය.


ටයිවින් ලැනිස්ටර් මරණය

ඔහු මිය යන්නේ, වැසිකිලි පෝච්චිය මතදීය. මිනිස්සු මිය යා හැකි අවස්ථා පිළිබඳව බේලිෂ් රොබින්ට උපදෙස් දෙන අවස්ථාවකදී ඔහු පෙර තියා වැසිකිලි වල මතද මිනිහෙක් මිය යා හැකි බව රොබින්ට පවසයි. එමඟින් ඔහුගේ මවගේ මරණය සාධාරණ කරන්න වෙර දරන අතරම බේලිෂ් ටයිවින්ගේ මරණය ගැන ඉඟියක් දෙයි. නමුත් ටයිවින් ඒ ඉඟිය දුන්නේ ඊට ප්‍රථම ඔහු දෙවන වර Hand of the king තනතුරේ පිහිටුවන අවස්ථාවේය. ඔහුගේ මුණුපුරු ජොෆ්‍රි විසින් ටයිවින් ව එම ලාංචනයෙන් පිදුම් දෙද්දි, ඔහු සිංහාසනය වෙත යන්නේ අසු පිටිනි. ඒ දණ නැවීම නොකර සිටින්නය. අශ්වයා මාලිගාව තුළට යාමට පෙර දෙවරක් මඟ පහරයි. එය තම වෘතීය පරාසය තුළ ටයිවින් රාජ්‍යට ද්‍රෝහි වන බව මෙන්ම, ඔහුගේ මරණයද කියා පාන ඉඟියකි. දෙවන ඒරිස් සමයේ සිට ඉතා වැරදි ලෙස තම බලය මෙහෙය වූ ඔහු මිය යා යුත්තේ ඉතා නිහීන ආකාරයකින් බව, මෙමඟින් පෙන්වා දේ…එහෙමන්ම ඔහු වැඩියෙන්ම අපහාස කළ පුතා විසින් ඔහුව මරා දමන ලදි. ඔහු සැමවිටම ඔහු තමන්ගේ පුතෙකු ලෙස නොසැලකූ බව ටිරියන් දනී. අවසානයේ උඹ මගේ පුතෙක් නොවෙයි යැයි ටයිවින් පවසද්දි, පළමුවරට ටිරියන් මම ඔබේ පුතා යැයි පවසන්නේ මේ හේතුවෙනි.


රූස් බෝල්ටන් මරණය

රූස් බෝල්ටන් කළ දරුණුම අපරාධය නම් රොබ් ඝාතනයයි. තමා අතිශය විශ්වාස කළ මිත්‍රයකු මෙන්ම ධජ කරුවෙකුද වූ බොල්ටන් තමන්ට සැහැසි වේ යැයි කෙසේවත් රොබ් නොසිතුවේය. බෝල්ටන් රොබ් මරා දැමුවේ නූපන් බිළිදෙකුද සමඟය. එය එලෙසම තම ස්වජාත පළමු දරුවා දකින්නට පෙර ඒ දරුවාගේ ආරංචිය ලැබෙමින් තිබියදී රැම්සේ විසින් සිය පියා මරා දමන ලදි. වෝල්ඩා ෆ්‍රේ මෙන්ම අලුත් කිරි දරුවාද බල්ලන්ට දෙන ලදි. එය සම්පූර්ණයෙන්ම කර්මය හා ඵලය රෝදයේ කැරකීමකි. රොබ් ලෙසම, බෝල්ටන්ද පිහි ඇනුමකින් මිය ගියේ තම විශ්වාසම කෙනෙක් අතිනි.


රැම්සේ බෝල්ටන් මරණය

රැම්සේ ගේ ක්‍රියා කලාපය සලකයි නම් ඔහු තියොන්ට දුන් වද වල සීමාවක් නොවීය. තියොන් බලු කූඩුවේ නිදා ගත්තේය. රැම්සෙගේ අවසානය ගෙවුනේද බලු කූඩුවේය. වොල්ඩා ව සහ දරුවාව මැරූ ලෙසටම, සන්සා රැම්සෙව මරන්නේ ඔහුගෙ බල්ලන් විසින් ඔහුවම කා තමන්නට සලස්වාය. රැම්සේට වූයේද ඔහුගෙ කරුම ඔහුටම කැරකීමකි.


ස්ටැනිස්ගේ මරණය

ස්ටැනිස් රෙන්ලිව මැරූ ආකාරයටම රෙන්ලිගේ විශ්වාසවන්ත සේවකයා වූ බ්‍රියෙන් අතින් ඔහු මරු දකී. ස්ටැනිස් එවන්නේ සෙවනැල්ලකි. එලෙසම, බ්‍රියෙන් ද  රෙන්ලිගෙ සෙවනැල්ල නියෝජනය කරයි.



කථාවේ ප්‍රධාන චරිත අතුරින් දැනට මිය ගිය අපි දුටු සෑම අයෙක්ම පාහේ, තමන් කළ  දෙයක් හා සම්බන්ධව තම මරණය තීරණය කරවාගෙන ඇත. තවත් සරළම උදාහරණයක් නම් සෑන්ඩ් පවුලයි. ඔවුන් මාටෙල් පවුල මරා දැමූ ලෙසටම එක දවසින් ඔවුන්ගේ මරණයද සිදුවිය. ඒ වගේම තමා මසෙල්ලා මරා දැමූ ලෙසටම එලලේරියා සෑන්ඩ්ට තම දියණිය අහිමි විය. තියොන්ට අහිමි වූයේ ඔහු වැඩිපුරම ආශා කළ දෙයයි. බ්‍රැන්ඩන්ටත් එසේමයි. කතාවේ සෑම මරණයකටම යම් කතාවක් තිබේ. එය චක්‍රයකි. මේ සොයා බැලූ ප්‍රධාන කිහිපයක් ගැන ලියූ සටහනක් පමණයි.

මේ චරිත ගලා යන්නේ එක්තරා රටාවකටයි. සෑම චරිතයකටම සුවිෂේශි කාර්යයක් වෙයි. එය ඉටු වන තුරු කිසිවෙක් මිය යන්නේ නැත. නෙඩ්ගේ කාර්යය වූයේ වැරදි රජෙකුට සිහසුන යන බව හඳුනා ගැනීමයි. කැටලින් ස්ටාර්ක්ගේ කාර්යය වූයේ නෙඩ් ස්ටාර්ක් හා ජොන්ස්නෝ ට හදවතින් සමාව දීමයි. රොබ්ගේ කාර්යය වූයේ උතුර දකුණින් වෙන් කිරීමයි. ෆ්‍රේගෙ කාර්යය වූයේ උතුර දකුණට පාවා දීමයි. ජොෆ්‍රිගේ කාර්යය වූයේ මාජරී රැජිණ කරවීමයි. මාජරීගේ කාර්යය වූයේ සර්සි ගේ වෛරය දියුණු කිරීමයි. සර්සිගෙ කාර්යය වූයේ කෙසේ හෝ රැජිණක වී ඩැනේරිස් ගේ අහංකාරයට එරෙහි වීමයි. ලිට්ල් ෆින්ගර්ගේ කාර්යය බෙදුණු සොයුරියන් එක් කිරීමයි. ( පැහැදිළි නෑ වගේද? ලිට්ල් ෆින්ගර් කෙටෙව්වාට, එයා නිසාම මෙයාලා එකතු වීමත් වෙයි.) ගැටලු තියෙනවා නම් අහන්න…


ලිට්ල් ෆින්ගර්ගේ මරණය

එය සිදුවිය යුත්තේ මහ ජනකායක් මැද, ඔහු විසින් නෙඩ්ව පාවා දුන් ආකාරයටමයි. ඔහු මිය යා යුත්තේ ඔහු විසින්ම නිර්මාණය කළ අවුල් සහගත තත්ව වලින් නිර්මාණය කළ පසුබිමක ඔහුගේ කිණිස්සෙනි. එනිසා ආර්යා එය කරන බව සැක කළ හැකියි.  නෙඩ්ගෙ පැත්තට කිසිවෙක් නොවූ ලෙසටම ලිට්ල් ෆින්ගර් ගේ පැත්තටත් මේ දේ සිදුවන විට කිසිවෙකුත් නොසිටීවි. අවසානයේ සොයුරියෝ එක් වේවී. ලිට්ල් ෆින්ගර් කැටලින් හා ලයිසා අතර විරසක ඇති කළ අයෙකි. එය සාර්ථක විය. ලයිසාගේ මනෝ දුර්වලතාද එයට හේතු විය. එහෙත් ලැයිස සහ කැටලින්ට වඩා සන්සා හා ආර්යා බොහෝ ඉදිරියෙන් නිසා මෙවර ඔහුට වරදීවි.

දැනට ජොන් මිය යන්නේ නැත, ඔහුගේ කාර්යය ඊට එහා ගිය එකකි. එහෙත් සර්සිගේ මරණය ඉක්මනින් සිදු විය හැකියි. එයට හේතුව ඈ සතු කාර්ය දැන් නිම බැවිනි. ජේමිගෙ මියයාමත් තවම ළඟ නැතැයි සිතේ.  කොහොම හරි මරණ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න.



අද උදෑසන ලියපු ලිපියත් මේ ලිපිය අගට අමුණනවා. FB POST එකෙන් කියවපු නැති යාළුවොන්ට අසාධාරණයක් නොවෙන්න.  ඒ නිසා FB කියවපු අය මේ කොටස ආයෙ කියවන්න මහන්සිවෙන්න එපා.

ජොන් ස්නෝ සහ ඩැනේරිස් හෙවත් මානව සම්බන්ධතා විශ්ලේෂණය

පළමුවර හමුවීමෙන් දෙදෙනා විසින්ම එය අනාගන්නා ලදි. එහෙත් ඉන් අනතුරුව  ටිරියන්ගේ මැදිහත්වීම නිසා එය යහපත් මට්ටමකට හැරිණි. මොවුන් දෙදෙනාගේ මානව සම්බන්ධය දුවන්නේ දේශපාලන සාධක මතම නොවේ. එය හුදු මිනිස් සම්බන්ධයකි. ඩැනී ට ජොන් අවශ්‍ය තරමට වඩා අඩුවෙන් ජොන්ට ඩැනීව අවශ්‍ය විය හැක. එහෙත් එමඟින් ජොන් කෙරෙහි ඩැනී වෙත කිසිම හැඟීමක් නොමැති බව කීම සාධාරණ නොවේ. ජොන් කැමති අතු කොණ්ඩාකාරියන්ටය. එයට හේතුව යීග්‍රට් යැයි ඔබ පවසයි නම්, මම ඔබ ඉනුත් අතීතයට ගෙන යාමට කැමැත්තෙමි. ජොන් මුලින්ම ස්ත්‍රියක් සමඟ විසීමට උත්සාහ කළා නම් ඒ රෝස් සමඟය. ඇයට තිබුණේ රතු කෙස් ය. ජොන්ට ඈ හා විසීමට සිය මාවැඩි ගිය ආත්මානුකම්පාව ප්‍රබල බාධාවක් විය. ඉන්පසු ඔහු කලු ලෝගු පළඳින බැවින් ජොන් ට ස්ත්‍රීන් කෙරෙහි සෘජුව යාමට අවස්ථාවක් නොවූවා සේම, ඔහුට ඊට වඩා වැඩද තිබිණි. ඔහු යීග්‍රට් කෙරෙහි බැඳෙන්නේ, ඇගේ වීරත්වය සහ කැමති රතු කෙස් යන දෙකම ඈට තිබූ බැවිනි. ජොන් නිතරම අගයන්නට පුරුදුව සිටියේ නිර්භීත ගැහැණුන්වය. එයට හේතුව වූයේ ඔහුට ජීවිතයේ සිටි වඩාත්ම සමීප එකම  ගැහැණු චරිතය ආර්යා ස්ටාර්ක් හෙවත් තම අර්ධ නැගණිය වීම යැයි තර්ක කළ හැකිය. එමෙන්ම ඔහු නොදැනුවත්වම හිතුවක්කාර වීර තරුණියක වූ සිය මව කෙරෙන් පැමිණි යමක් ඔහු තුළ තිබෙනවාට ද සැක නැත. මේ සියල්ල හේතුවෙන් ජෝන් තුළ සටන්කාමී ස්ත්‍රීන් කෙරෙහි වැඩි බැඳියාවක් පවතී. යීග්‍රට් කරා ඔහු මෙහෙය වන්නේ, යීග්‍රට්ගේ බලපෑම් පමණක් නොවේ. ඔහුතුළ තිබූ ස්ත්‍රී රූපය හමුවීමේ ආශාවයි.

ලියානා මෝමර්න්ට් කෙරෙහි පවා ජොන් දක්වන ප්‍රියතාවයට හේතුව වෙන කිසිවක් නොව ඔහු තුළ සටන්කාමී ස්ත්‍රීන්ට ඇති කැමැත්තයි. එය සැමවිටම හුදු ලිංගික ආශාවක්ද නොවන ප්‍රේමයක් වැනි හැඟීමකි. මිනිස්සු සැම විටම ආදරය යන කරුණ වරදවා වටහා ගැනීම නොකළ යුතුයි. තව දුරටත් ඩැනී වෙත මේ කරුණ පැමිණෙන කළ, ජොන්ට ඩැනී කෙරෙහි ගෞරවයක් ඇතැයි බොහෝ අය පවසයි. ඩැනීට ඔහු ගෞරවයක් පෙන්වන්නට උත්සාහ කළද මුල පටන් ඔහු ඩැනී වෙත ගරු කිරීමක් නොකරයි. ඩැනී පළමු හමුවෙන් ජොන් ගේ දෑස් දෙස බලන්නෙ ඔහු සිර කරන්නටය. පිරිමින් වැට්ටීමේ ප්‍රබල උපක්‍රමය ඩැනී මුල සිටම දනී. ජොන් එය ඩැනීට වඩා හොඳින් දන්නා බැවින් නිතර ඇස් මඟ හැර කතා කරයි. ජොන් තමාගේ දුර්වල ස්ථානය හඳුනා ගෙන සිටියි. ඒ ප්‍රබල ගැහැණුන් කෙරෙහි ඇති කැමැත්තයි. එනිසා ඩැනීට තමන් වැට්ටීමට අවශ්‍ය ආයුධ ලබා නොදීමට ජෝන් නිතර උත්සාහ කරයි. ඩැනී පළමු ස්ථානයේදි අසමත් වෙයි. දෙවැනි ස්ථානයේදී, ටිරියන්ගේ උපදෙස් මත ඩැනී මඳක් සාර්ථක වෙයි. දෙවැනි අවස්ථාවේ සිට, ජොන් ඩැනී කෙරෙහි ගෞරවයකට වඩා මුදු හැඟීමකින් කටයුතු කරයි.

ගුහාවේ සිද්ධියේදි, හොඳින් අත දික්කර පෙන්වීමට හැකියාව ඇති රූප දෙසට ඇගේ අත හැරවීම තුළින් ඇයට යම් කිසි හැඟීමක් ඇති කරවීමට ඔහු සරළ උත්සාහයක් ගනී. එහෙත් එමඟින් ඈ වෙර දරන්නේ නැවත වරක් ඔහු යටත් කරගැනීමටයැයි සැක සහිත වූ තැන ඔහු ඇස් මඟ හරි. සටන්කාමි ස්ත්‍රීන් කෙරෙහි තමන් බැඳෙන බව ජොන් දනී.

ඩැනී තමා වෙත මකරා මෙහෙය වන්නේ, තමා යටත් කරගැනීමට බව ජොන් දන්නා බැවින්, ඔහු මකරා ඉදිරියේ බිය නැතිව සිට ගනී. ඔහු නිර්භය මිනිසෙක් සේම, ස්ත්‍රියකට ඔහු වැට්ටීමට ඉඩ නොදෙන අහංකාරයක් ඔහු සතුව තිබීම එයට හේතුවයි. ඩ්‍රෝගොන් මුලින් ඔහුව ඉව කර, පසුව පුංචි සුරතලයකට ඉඩ හදා ගනී. ඩැනීට මෙය කුහුල මෙන්ම ඉරිසියාව දනවන්නකි. ඈ මව් ලෙස ඔහුගේ පිටේ නැග්ගද, ඈට කරදරයක් වූ සෑම විටම ඔහු ඇය සොයා පැමිණියද, බොහෝ කලකින් ඈ වැඩියෙන්ම ආදරය දක්වන මකරා වන ඩ්‍රෝගෝන් ඇයට තමාව සුරතල්  කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. ( අපට පෙන්වූ කිසිම දර්ශනයක එය එසේ නොවුණු බව තර්ක කළ හැකි අතර, ඩ්‍රෝගොන් දෙතුන් විටක් ඩැනීගේ සුරතලය ප්‍රතික්ෂේප කළේය.) කෙසේවෙතත් ජෝන් සහ සතුන් කෙරෙහි ඇති ගුප්ත සම්බන්ධය නිසා යම් මායාවක් ජෝන් සතුව වෙතැයි ඩැනී විශ්වාස කරන බව පෙනෙයි. එනිසයි ඩැනී සර් ඩාවෝස් විසින් කළ පිහි ඇනුම් කතාව ජෝන්ගෙන් තව වරක් විමසන්නේ. ඩැනී විසින් ජෝන් වෙත මකරා ආශක්ත වීමට ඇති හේතුව සහ සර් ඩාවොස් කී කරුණ අතර යම් සමාන කමක් ඇති බව ඩැනී සිතන බැවිනි.

සර් ජෝරා ගේ පැමිණිමෙන් පසු, ජොන් කෙරෙහි ඩැනීගේ විශ්වාසය මෙන්ම අවධානය දිනා ගැනීමේ සීතල යුද්ධයක් ඇති බව නොතේරෙන්නේ, විවෘත දෑසකින් නොබලන කලටය. හොඳින් දර්ශනයෙන් දර්ශනය ෆෝකස් කරන ආකාරය සිනමාත්මක බුද්ධියක් සහිතව අධ්‍යනය කරන ඕනෑම අයෙකුට කතාව සංකීර්ණ නොවේ. ජෝරා ඩැනී කෙරෙහිම සිටිමින් ඇයව දිනා ගැනීමට උත්සා කරන අතර, ජෝන් ඩැනී කෙරෙහි නොසිටින බව යම් තර්ජනාත්මක ස්වරූපයකින් පෙන්වමින් ඩැනී දිනා ගන්නට කුඩා සටනක් කරයි. ඩැනී වෙනුවෙන් වයිට් කෙනෙකු ගෙනෙන්නට ජෝරා අවසර ඉල්ලද්දි, එහි ඇති ගැඹුර සැණෙකින් පුරවා තමන් සමඟ ඔහුට යා හැකි බව කීම ම සාහිත්‍යාත්මකව ප්‍රමාණවත් ය.

එමෙන්ම තමන්ට ප්‍රේමය ගැන හිතන්නට වෙලාවක් නොමැති බව ඔහු කීවත්, එමඟින් ඔහු ප්‍රේම නොකරන බව සිතීම වැරදිය. තමන්ගේ නැවත නොපැමිණීම ඇයට වාසි දායක බව ඔහු පවසන්නේ ඇයගේ සිතිවිලි දැන ගැනීමටය. ජෝරා ජෝන් පැමිණෙන බව දැක ඇගේ දෑත් සිප ගනිද්දී, ෆෝකස් නොකළ කොටසේ ජෝන් එය දුටු මතින් අහක බලන්නේ එය තමාට අනවශය නිසා නොව, ඉතාම අවශ්‍ය නිසාය. ව්‍යංගාර්ථවත් සිනමාව රූප දක්වන්නේ ඒ ආකාරයෙනි.

මෙහිදී සර් ජෝරාගේ භූමිකාව හුදු ඉරිසියාකාරයෙක් නොවෙයි. ඔහු ඩැනීගෙ අයිතිය පතන්නේ නැත. ඔහු දැන් ඩැනීට අයිති කර දිය යුතු මිනිසෙක් ගැන කල්පනා කරමින් සිටීයි. ඩැනී මේ ජොන් නම් මිනිසා කෙරෙහි ඇති කැමැත්ත ගැන සිතා බලා, ජොන් සමඟ නිතර ගැවසීමට අවස්ථාවක් සාදා ගැනීමත් ජෝරාගේ මේ ගමනේ එක් අරමුණක් විය හැකියි. ජෝරා තනිවම නොයවා ජොන් එය තම කර මතට ගැනීමම ජොන් පිළිබඳ ජෝරාගෙ සිත යම් තරමකට විවෘත කරන දෙයක් විය.

කෙසේ වෙතත් සරලම පැවසීම නම්, ජොන් මේ සිනමා පටය තුළ ඩැනීට ආදරය කරන බවය. එය දේශපාලනික විවාහයක් ලෙස වර නැගීමේ ගැටලුවක් නැත. මෙය හුදු බල අරගලයක කතා පුවතක් නිසා මෙහි ඕනෑම දෙයක් දේශපාලනිකය. ඩැනී වැඩියෙන් ජෝන් කෙරෙහි බැඳෙන්නේ, තමාට වෙස්ටරෝස් නුවර සිටින සුදුසු අන් පිරිමියෙක් ගැන සිතා ගත නොහැකි නිසාය. ඈ ඩාරියෝ අතහැර ආවේද ඒ කාරණාව පිණිසය. මීට වඩා මේ පිළිබඳ විග්‍රහ කිරීමේ අවශ්‍යතාවයක් නැත.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (33 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 33 posts and counting.See all posts by neranji

20 thoughts on “GAME OF THRONE සහ එහි සිදුවූ මරණ පිළිබඳ විග්‍රහයක්

  • August 24, 2017 at 11:35 PM
    Permalink

    Lipiya patta. Kathawa baladdi hithaganna amarui lipi kiayawapuhama patta widihata therenawa. Hound lagadima yai wage neda ara agata penna merunu walahagen eka therenawa. Eth mn asa charithayak. Mona karannada kathawe hetinee. Ayeth godak sthuthi karanawa lipiyata thawa meka liyanawata godak pin.. :):):) :-)///////$$$$&&&&@@@@

  • August 23, 2017 at 8:28 PM
    Permalink

    බොහොම ස්තූතියි ලිපියට…. ගොඩක් පුළුල් දැනුමක් ගත්තා අක්කෙ…දිගටම මෙ වගෙ ලිපි දාන්න….ජය!!!!!!!

  • August 20, 2017 at 10:24 AM
    Permalink

    Me Jon tagariyan kenek nm… Jon ge amma Ned stark ge nangi neh?… ethakota Jon Stark family ekatai tagarian family ekatai 2katama ayathi wenawa neh?…

  • August 19, 2017 at 5:21 PM
    Permalink

    නියමයි අක්කේ ගොඩක් ස්තුතියි!

  • August 18, 2017 at 8:59 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • August 17, 2017 at 9:57 PM
    Permalink

    mekanam niyamai kathawa pura dahas gananakin ekkenekta allaganna puluwan podi podi sium then allan thiyanawa mara widihata eth jorah danny jon gena kiyaddi eka anith peththado kiyalath hithenawa jorah danny ta kemathi ohu adaarei kiyallth kiuwa eyata hebei mul kalaye ohu danny ta selakuwe ohuge daruwekta wage ohu amathuweth ehemai eyata(child)… eka nisaa oba kiyana dyath niwaradi ..jon jorah hamu wena palaweni cut eke jon dannawa jorah kiyanne waradi karayek kiyala rajadaniyata ..mama hithana widihata nam ohu ethanadi beluwe me wage manussayek kohamada me wage rajinakage hithawathek wenne kiyana belma wenna piluwan e wagema jorah jon ha danny athara akarshanayak thibba kiyala palaweni belmemma dekka wennath puluwan …mekai mage adahasa

  • August 17, 2017 at 7:09 PM
    Permalink

    6 weni episode eke maruna dragon Ice dragon knk wenawanam, e makarata gindara pibinna puluwan wenawanam eka loku prashnayak wenawa neda?
    dead army eka winasha karanna puluwan gindaren witharai .
    gindara pibina makarek ginnen puchchala marannath baa, e wagema thuwala karala marannath bari wei ne.
    Neranji mokada e gana hithanne?

  • August 17, 2017 at 2:38 PM
    Permalink

    niyamai..grendy ta kathwe issarahata mkk weida ?

  • August 17, 2017 at 2:22 PM
    Permalink

    niyamai neranji

  • August 17, 2017 at 10:40 AM
    Permalink

    බොහොම ස්තුති . මං මේ හැම ලිපියක්ම කියෙව්වා. ජයෙන් ජය . කීප් ඉට් අප් සිස්

  • August 17, 2017 at 10:36 AM
    Permalink

    ඩැනිට ඇයි ජෝන්ට පිහියෙන් ඇනපු කථාව වැදගත් ?. දෙපාරක්ම වගේ ඇහුවා .

  • August 17, 2017 at 8:13 AM
    Permalink

    ගොඩාක් හොඳ පෝස්ට් එකක්. මේ වගේ පොස්ට් දිගටම ලියමු ජයෙන් ජය….!!!!

  • August 17, 2017 at 8:11 AM
    Permalink

    ඩැනේරිස් ගෙයි ස්නෝව්ගෙයි අතර ඇත්තම නෑදෑකම මොකක්ද???
    ඒකට අනුව ඒ දෙන්නාට විවාහයකට එකතු වෙන්ට බෑ නේද???

  • August 17, 2017 at 1:57 AM
    Permalink

    Mata theruna widiyata jon kiyanne kathawe inna hodama charithaya..ohu wisin kala waradak nathi tharam…eth oba udin kiwwa widiyata ohuta idiriyata wipaka widinna wena akaraye weradi ohu karala thiyenawada…..?e pilibada igi kathawe deela thiyeda….?

  • August 17, 2017 at 1:17 AM
    Permalink

    එලම පෝස්ට් එක
    ජේමි බ්‍රැන්ව මැරෙන්න ජනේලෙකින් තල්ලු කරා අන්තිමේදි ඒකට වන්දී ගෙව්වෙ ටෝමන් ටෝමන් මැරුනෙ ජනේලෙකින් පැනලමනෙ

  • August 17, 2017 at 12:32 AM
    Permalink

    Ned kiyanne me kathawe gaurawanwitha charithayak. Atharden maranne red wisin pitupasin ath aka ned kiyala nemei. Ath ohu sathya pawasana minisek nikarune maranawa mulinma aka waradi. Ath ohu palakayek widihata hari neda. Mn dakinne ned kiyanne sabawinma gaurawanwitha charithayak.

  • August 16, 2017 at 11:24 PM
    Permalink

    ela

  • August 16, 2017 at 10:57 PM
    Permalink

    Yata kallanam ude kiyewwa . Niyamai akke thanx . Digatama liyamu jaya

  • August 16, 2017 at 10:31 PM
    Permalink

    thank you……..
    great post…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *