Season 7 Epi 4 Hard review හෙවත් හතර වැනි GOT කතාංගය ගැඹුරින් දැකීම

ස්පොයිල් නොබලා.. නියම කොපිය බලපු අයට සාධාරණයක් වෙන්න කියලා හිතලා තමයි විචාරය අද කරන්න හිතුවෙ. දැන් මේ වෙද්දි, නරඹන්න ඉතා කැමති අයගෙන් 90% ක් වත් නරඹලා ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මමත් ස්පොයිල් එක නෙවෙයි නැරඹුවෙ. ස්පොයිල් නැරඹීමට මම කොහෙත්ම විරුද්ධ නෑ. ඒත් ඒක බලන එක මට පුද්ගලිකව පාඩුයි. මගේ ඕනෙ කම තියෙන්නෙ ටිකක් හොඳ කියවීමක් කරන්න. ඔරිජිනල්ම එක හොඳ කෙලිටියෙන් බැලුවාම වෙන කෙනෙකුට නොපෙනන දෙයක් දැක ගන්න පුළුවන් වෙයි කියලා මගෙ විශ්වාසයක් තියෙනවා. සමහර විට ඒ ඉතිං හිතේ සැකේ වෙන්නත් ඇති. මේ පාර එපිසෝඩ් එක , ඒ කියන්නෙ සීසන් 7 හි හතර වැන්න මොන දෙයක් නිසා හරි මේ වෙනතුරු නරඹපු නැති කෙනෙක් ඉන්නවා නම්, මේ ලිපිය නොකියවා ඉන්න එකයි හොඳ. අනික් අයට ඉස්සරහ කොටස් ගැන ස්පොයිල් කරන්න නම් අපි දේවල් දන්නෙ නෑ. හැබැයි අනුමාන කිරීම් කිහිපයක් නම් කරන්න බැරි වෙන එකකුත් නෑ. ඒ ගැන ඉදිරියට බලමු. හැමෝම තැන් තැන් වල ස්පොයිල් කියවන නිසා මේ සීසන් එක අනුමාන කරලා වැඩක් නැති ගතියක් තමයි තියෙන්නෙ.
අද කොටස පෙළ කියවීම සහ විචාරය එකටම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ලිපිය ටිකක් දිග වෙනවාට ඔයාලා කොහොමත් කැමති නිසා අනු අංක හුඟක් යටතේ විස්තර කියන්න හිතා ඉන්නවා. ඒ එක්ක මේ පාර උසස්පෙළ ලියන නංගිලා මල්ලිලාට වෙස්ටරෝස් වල ඉන්න Old god, New god, Drowned God, Many face god සහ Lord of Light ගෙ ආශිර්වාදයත් අපි පතනවා.



හරි වැඩේට බහිමු!!
කතාව ආරම්භ වෙන්නෙ හයිගාර්ඩ්න් මාළිගය පෙනෙන දුරින්. ජේමි තමන් කොල්ල කෑ රත්තරන් සහ අස්වැන්න ගැන ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීම ගැන වද වෙමින් සිටින අතරෙ බ්‍රොන් තමන්ට පොරොන්දු වෙච්ච මාලිගාව ඉල්ලන කොටසින් තමයි කතාව ඇරඹුණේ. කොහොම වුණත් බ්‍රොන් සහ ජේමි දැන් ඉතාම හොඳ ගමන් සගයො හිත මිතුරො බව තමයි පෙනෙන්න තියෙන්නෙ. සල්ලි මල්ලක් පවා දෙනවානෙ. මේ අතරෙ අපිට ඩිකොන් සහ රැන්ඩෙල් දැක ගන්නත් පුළුවන් වෙනවා. ඔවුන් ඉතාම ගරු සරුව පක්ෂපාතීව ලැනිස්ටර්වරුන්ට එකතු වෙලා. තව දුරටත් නෙලා නොගත් අස්වැන්න මෙම කලාපයෙන් කින්ග්ස් ලෑන්ඩිං හෙවත් රටේ අගනුවර වෙත ගෙන යන්නයි ඔවුන්ගෙ වුවමනාව.
මේ කොටස ගැන විග්‍රහ කරන කොට අපි ඊයෙ ලිපියෙ කතා කරපු රාජධානි විග්‍රහය වැදගත් වෙනවා. කවුද අහලා තිබ්බා ඒවා ප්‍රබන්ධද කියලා. ඇත්තටම ඒ කිසි දෙයක් මං හිතපුවා නෙවෙයි. අපිට පොත් කියවන කොට , නාට්‍ය නරඹන කොට ජන සමාජය ගැන අවබෝධයක් ගන්න පුළුවන් සිද්ධි පොත හරහා එළියට එනවා. ඒ ජනසමාජය තුළ සිදු වෙන දේවල් අධ්‍යනය තුළින් අපිට ඒ සමාජය තුළ පවතින, ආර්ථික හා සංස්කෘතික ක්‍රියාදාමය ගැන පුළුල් දැක්මක් විවරණය කරන්න බැරි වෙන්නෙ නෑ. මං කිසි දෙයක් හිතලා කියපුවා නෙවෙයි. පොත් වල තැන් තැන් වල කරුණු එක තැනකට අරන් ඇනලයිස් කළා කියන කොටස තමයි නිවැරදිම.
හරි අපි ආයෙ අපි කතා කරගෙන ආපු කතාවට හැරෙමු. රීච් කලාපයේ ඉඳලා ක්‍රව්න්ලෑන්ඩ් කියන අනුකලාපයට අයත් කින්ග්ස් ලෑන්ඩිං දක්වා තමයි මේ රත්තරන් සහ අස්වනු ප්‍රවාහනය කෙරෙන්නෙ. ඉස්සරහට එන යුද්ධයකට රට තුළින්ම සූදානමක් ලැබීමයි අග නගරය හා එහි සිට එය පාලනය කරන සර්සි ලැනිස්ටර් ගෙ වුවමනාව. යුද්ධයක් කියන්නෙ, ඉතා වෙහෙසකර දෙයක්. සටනක් අතර මැද, ආහාර හිඟය නිසා රටක් තුළ අභයන්තර කැරලි හට ගන්න තියෙන හැකියාව ඉහළයි. ඒ නිසා හැම වෙලේම රට තුළ ආහාර තිබීම අවශ්‍ය වෙනවා. ඒ වගේම දිගු ශීත කාලය මුළු මහත් මහද්වීපයම බලපෑමක් ඇති කළොත්, සෑම කලාපයකම අස්වැන්න බිඳ වැටෙනවා. එතකොට මහජනයාගෙ ශක්තිය රඳා පවත්වගන්න ආහාර වෙනදාට වඩා ඕනෙ වෙනවා. රන් නම් කෙලින්ම බ්‍රාවොස් සුරක්ෂිතාගාරයට යවන පොරොන්දුව පිටම නෙ ගෙනෙන්නෙ, ඒ හරහා පැරණි ණය ගෙවා දමා, බ්‍රාවොස් බැංකුව තමන් කෙරෙහි ආයෝජනය කරවා ගැනීමයි, සර්සිගෙ බලාපොරොත්තුව වෙන්නෙ.
බ්‍රාවොස් හි බැංකු හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ තමන් ට වැඩි පුරම ලාබ ලැබිය හැකි කෙනාගෙ පැත්තට ඔට්ටු ඇල්ලීමට. උදාහරණයක් ලෙස, ඔවුන්ට ඩැනී ඒ තරම් වැදගත් නෑ. එයට හේතුව ඈ වහල් සේවා ප්‍රතික්ෂේප කිරීම. වහල් සේවය මඟින් ලබන ඉහළ ලාබ ආදයම් බොහෝමයක් බිඳ වැටීමෙන් බ්‍රාවෝස් සුරක්ෂිතාගාර වල තැන්පතු පහල වැටුණා. ඒ නිසා සර්සි කෙරෙහි යම් කිසි විශ්වාසයක් තියන්න, කොහොමත් නිදහස් නගර හිමියන්ට සිද්ධ වෙනවාමයි. හැබැයි ඔවුන් සර්සිට තමන්ගෙ ආයෝජන සහතිකෙ පිරි නමන්නෙ, රත්තරං ඔවුන් අතට ගත්තාට පස්සෙ. තවමත් රන් කිංන්ග්ස් ලෑන්ඩිං වලින් ඇතුළු වුණා කිව්වාට, සර්සි අතට ලැබුණා කියලා තහවුරු කිරීමක් ලැබුණෙ නැති බවත් අපි මතක තියා ගත යුතුයි. රැන්ඩෙල් ටාර්ලි ආරක්ෂිතව පිටත් කළාට, ඒ සියල්ල ආරක්ෂිතවම නගරයට ගියාද කියන කාරණාව තවමත් රහසක්. ඒක සමහරවිට අපිට ඊළඟ එපියෙන් දැනගන්න ලැබෙයි.
හැබැයි අවාසනාවට මේ රීච් කලාපය මායිමේ සිදු වූ මහා විනාශය නිසා සියලු අස්වනු විනාශ වී ගිය බව අපි දැක්කා. වයින් ගිනි ගද්දි, අපේ විමා කොල්ලා එහෙම හෝ ගාලා ඇඬුවා. තිසරයාට බිබී හිටපු වතුර එක ඉස්පොල්ලෙ ගියා. රොයිලි අයියා නම් තාම සෑම් ගෙ කොටස බල බල පීසා කන නිසා තිරිඟු බාර්ලි ගැන ලොකුවට දුක් වුණේ නෑ. 😀
කොහොම නමුත් මේ සිද්ධ කරපු ආහා විනාශය සෑහෙන බලපෑමක් මුළු සීත සෘතුවටම ඇති කරයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. මේ සීතය උතුරෙන් අවසන් වෙන්නෙ නෑ. මේ කෑම අයත් රීච් කලාපයට. ඔවුන් මේ අරන් යන්නෙ, එහි අස්වැන්න. මේ තමයි මුළු මහද්වීපයේම, හොඳම සාර භූමිය. ආයෙත් මේ සීත සෘතුව ඉවර වෙන්න කලින් ඔවුන්ට අස්වැන්නක් ලබන්න කල් මදි. එහෙම නම්, රට තුළ ආහාර හිඟයක් ඇති වීම වලක්වන්න බෑ. ආහාර හිඟයක් කියන්නෙ සර්සිට අභ්‍යන්තර කැරැල්ලකට මුහුණ පාන්න වෙනවා. සර්සි ගෙ මුහුදු මාර්ග අවහිර කරන්න ඩෝර්න් කලාපීය සහය හා අයන් කලාපීය යාරා තියොන්ගෙ නැව් සහය ඩැනී ලබන්න උත්සාහ කිරීම යූරොන්ගෙ ප්‍රහාරය නිසා ව්‍යර්ථ වුණා. ඒත් එහිදි ඩැනීගෙ අරමුණ වුණේ අග නගරයට ලැබෙන සැපයුම් නතර කරලා අභ්‍යන්තර අර්බුදයක් හට ගැන්වීමයි. දැන් නැවත වතාවක් එය සාර්ථකව ක්‍රියාත්ම කිරීමේ මුල් අඩිතාලම වැටෙනවා. හැබැයි මේ ප්‍රශ්නය කන බත් පතේ පහරා ගැනීමක් හා සමානයි. රීච් කලාපය අයිතිව තිබුණෙ ඔලෙනා ටයිරෙල් ට. ඩැනී පවා තමන්ගේ ස්ව හමුදා දෙකක් ලෙස දැනට ක්‍රියාත්මක කරගෙන සිටින නිකැලැල් හමුදා සහ ඩොත්‍රැකි අශ්ව හමුදා පෝෂණය කරන්න බලාපොරොතු ව ඉන්න ඇත්තෙ රීච් කලාපෙ උදව්වෙන්. දැන් ඇය ඔලෙනාගෙ මරණයෙන් හිස් වූ රීච් කලාපය නැවත වතාවක් සටන් කර දිනා ගත්තත්, දිනා ගෙන ඇත්තෙ විනාශ වූ පිලිස්සී ගිය බිමක් පමණයි. ඇයගෙ හමුදා වේදනාව හුරු අය බැවින් කැරලි නොගැසුවත් ශක්තියෙන් මඳ වෙන්නත් මේ විනාශය ඉඩ තියෙනවා. ගිනි ගන්නවා දැක්කෙ කරත්ත කීපයක් නිසා, ඉතිරි අස්වනු තාම නෙළා නැහැ කියලා අපේක්ෂා කරමු 
මං මේ කතාව විග්‍රහ කිරීම ප්‍රදේශයෙන් ප්‍ර දේශයට කරන්න හිතුවෙ, එමගින් විචාරය ගළපා ගැනීම පහසු නිසා. කතාවෙ මුල් කොටස වගේම අග කොටස නියෝජනය කළෙත් රීච් කලාපයමයි. ඔබට මතක නම්, ඒ කොටසෙ බොහොම වැදගත් දේවල් කිහිපයක් වුණා. එකක් අපි ප්‍රථම වරට කයිබර්න්ගෙ ආයුධය ක්‍රියා කිරීමේ සාර්ථක කමක් දැක්කා. බ්‍රොන් කියන්නෙ දුන්නේ ප්‍රබලයෙක් නෙවෙයි. හරි දුනු දිය අදින්නෙක් හිටියා නම් ඔලුවට වුණත් ඕක බස්සන්න තිබ්බා. හරියටම ඒ ශිල්පයෙ දක්ෂ කවුද? ඒ තමයි රැන්ඩෙල් හා ඩිකොන්. ඔවුන් ජීවත්ව හිටියොත්, සමහර විට සිරකරුවො වෙන්නත් පුළුවන්. ඩැනී ආසා විදිහට Bend the Knee නොකළොත් පුච්චලා දාන්නත් පුළුවන්. කොහොමත් ඩිකොන් ටාලි කතාවෙ තව රැඳෙනවාට මං කැමතියි. හැබැයි ඩිකොන් ටාර්ලි ගෙ මිය යාම හා රැන්ඩෙල් ගේ මිය යාම, යම් දිනෙක රීච් කලාපයටම නායකත්වය දීමට සෑම්ට අයිතිය ලැබෙන ක්‍රියා දාමයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සෑම් යම් දවසක, අයිස් ඩ්‍රැගන් කෙනෙක්ව විදින්නත් පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන්. මොකද සෑම් ගෙ ජාන වලත් දුනු ඇ දීමේ හුරුව නැති වෙන්න බෑ.
රීච් කලාපයේ සිදු වූ යුද්ධයෙන් පෙන්වන්නෙ, තනිකරම යුද්ධයේ බිහිසුණු බව. තමන්ගෙ රටේ පාලනයට විරුද්ධ වීම නිසා පිටස්තර දේශයකින් ගෙන්වූ බිහිසුණු හමුදාවක්, තමන්ගෙම වැසියන්ට පහර දෙන හැටි ටිරියන් ලැනිස්ටර් බලා ඉන්න වේදනාව අපිට යුද්ධයේ අන්ධකාරය කියා දෙනවා. ලේ සලකුණු පමණයි අවසානයේ රණ බිමක් මත ඉතිරි වන්නෙ. එහි සැබෑ ජයක් නැහැ. ටිරියන් ගෙ හිතේ තමන්ගෙ සහෝදරයා ගැන අප්‍රමාණ මෘදු හැඟීම් තවම තියෙනවා. ඒ නිසයි ඔහු තමන්ගෙ සහෝදරයා අවසාන මොහොතෙ බිමට බැස සිටින ඩැනේරිස් දෙසට හෙල්ල අමෝරා ගෙන යද්දි හදවතින් කෑ ගහන්නෙ. ඔහු මරන්න හදන්නෙ ඩැනී ද, මකරා (ඩ්‍රොගෝන්) ද කියන කරුණ නෙවෙයි ටිරියන්ට ඒ මොහොතෙ වැඩක් වෙන්නෙ. තමන්ගෙ සහෝදරයා අනාරක්ෂිත වීමයි ඔහුව බියට පත් කරන්නෙ. ඒක තමයි අවසාන මොහොතෙදි, ඕනෑම වේදනාවක් කෙළවර ඇති වෙන පුදුමාකාර මානව සම්බන්ධය කියන්නෙ. මොනා වුණත් ඒකා මගෙ සහේදරයා කියන හැඟීම.
ජේමි වතුරට වැටුණා අපි දැක්කා. ඇත්තටම ඔහු මරාගෙන මැරෙන්න හරි මකරා වෙත යමින් හිටියෙ. එහෙත් ඔහුගෙ ගිනි පිඹීම එක්ක කෙනෙක් ජේමිව වතුරට තල්ලු කළා. මං විශ්වාස කරන්නෙ ඒ බ්‍රොන් කියලා. මොකද ජේමි යට යද්දි, ජේමිව අරන් පැන්න කෙනා ඔහුට සාපේක්ෂව යට ගියෙ නෑ. සන්නාහයක් අඳින්නෙ නැති, අපි දන්න කෙනා තමයි බ්‍රොන්. ගිනි පිඹින මකරුන්ට බය වූ බොහෝ බුද්ධිය ඇති හමුදා වතුරට පැන්නාට, ඉතාම තීක්ෂණ මොළකාරයො වතුරට පනින්නෙ නෑ. ඇයි දන්නවාද? සන්නාහෙ බරට ගිලෙන්න පුළුවන්. මේ කොටස මට කියා දුන්නෙ රොයිලි අයියා. බ්‍රොන් ජේමිව ගින්නෙන් බේරගන්න හිතුවාට, අනෙක් දේ කල්පනා නොකළා වෙන්නත් ඇති. කොහොමහරි ජේමි ආරක්ෂා වෙයි කියලා මං බලාපොරොතු වෙනවා. ඩැනීගෙ ග්‍රහණයෙන් පැන ගන්නත් මේ ජලයට වැටීම උපකාර වෙන්න පුළුවන්. කොහොමත් bend the knee පිස්සුවට අහුවෙන්න ඉස්සර ජේමි පැන ගන්න එක හොඳයි. ජේමි මැරෙන එකක් නෑ මේ වතාවෙ.
මේ කොටසෙ කතා කරන්න පුළුවන් ප්‍රධාන කරුණු එපමණයි. ඒත් හුඟ දෙනෙක් අහපු ප්‍රශ්න කිහිපයකට මේ Q A Session එක නොවුණත් පිළිතුරු දෙන්නත් මේ ගමන්ම බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සල්ලි වලට හටන් කරන බ්‍රොන් ඇයි ජේමිව මේ කරම් රකින්නෙ? ඒක තමයි බ්‍රොන් සතුව තියෙන යහපත්ම දෙය. මේ ලෝකෙ මිනිස්සු එක මායිමකින් මනින්න බෑ. මට හිතෙන්නෙ බ්‍රොන් උතුරු වැසියෙක් කියලා. ඔහු උතුරෙ බොහෝ කල් හිටපු බවට අර ටිරියන් ෂේ සහ බ්‍රොන් කරපු ක්‍රීඩාවෙදි කියවුණා. North Remembers . ඔවුන් හැම විටම, තමන් සල්ලි වලට දිව්රුවත් ඒ දිව්රුම රකිනවා. ජේමිට සහ ටිරියන්ට බ්‍රොන් නිතරම කැමතියි. ඉතිං ඔහු ජේමි වෙනුවෙන් පෙනී හිටින එක ලොකු අමුත්තක් නෑ. තනියම බේරෙන එකේ බලකොටු හතෙන් එකක් තෝරගන්න දෙන්නං කියපු මිනිහාව ඇදගෙනම බේරෙන එක, ඉස්සරහ අනාගතේටත් හොඳයිනෙ. ඒක නිසා වෙන්නත් ඇති. කොහොමත්, නොහිතා නොබලා දේවල් කරලා.. පස්සෙ ඒ දේවල් කළ බව කියලා වාසි ගන්න තමයි බ්‍රොන් වැඩියෙන්ම දක්ෂ. හැබැයි මේ එපියෙ මට බ්‍රොන්ව පෙනුණෙ වීරයෙක් විදිහටයි.
රීච් කලාපය සහ කින්ග්ස් ලෑන්ඩිං වල ඉරණම ඒ විදිහට තීරණය වෙද්දි, තවත් ප්‍රශ්නයක් හුඟක් අයට තිබ්බා. කොහොම මේ තරම් වේගෙන් සටන් වලට එහෙට මෙහෙට යන්නෙ කියලා. කතාවෙ ෆ්ලෑෂ්ලා ඉන්නවාද කියලා. 😀 සිනමාව කියන්නෙ කාලය සහ අවකාශය අතර මායාවක් හදන එකට.. යනවා කියලා හිතුවාම ඇති. අනික් තැනින් මතු වෙන්න. ඒකටයි එඩිටිං හෙවත් ඉංග්‍රිසියෙන් සංස්කරණය කියන්නෙ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අවශ්‍යම නෑ. හැබැයි හැම දේම සිනමාත්මකව නැතිව තර්කානු කූලව බලන අයට මම පිළිතුරක් දෙන්න ඕනෙ. ඒක මම ඊයෙ ලිපියෙන් තරමක් පැහැදිළි කළා. ඩ්‍රැගන්ස්ටෝන් දූපත් හරහා ස්ට්‍රෝම් ලෑන්ඩ් වලට ළඟාවෙන්නමහා වෙලාවක් යන්නෙ නෑ. ස්ට්‍රෝම් ලෑන්ඩ් කෙළවර ඉඳලා රීච් කලාපය සහ කින්ග්ස් ලෑන්ඩිං අයත් ක්‍රවුන්ලෑන්ඩ් වලට තියෙන්නෙ ඉතා කෙටි දුරක්. ලැනිස්ටර් ටාර්ලි හමුදා හිටියෙ රීච් සහ ක්‍රවුන්ලෑන්ඩ් කලාප මායිමේ. ඉතිං ස්ට්‍රෝම් ලෑන්ඩ් හරහා එන හමුදාවකට රීච් කලාපයට ඇතුළුවෙන්න ඉතා වේගෙන් පුළුවන්. මේ අය පයින් ආවෙ නෑ.. ඩ්‍රොත්‍රැකි වරුන් අශ්වයො මෙහෙයවන්නෙ ඉතා වේගයෙන්. බොහෝ විට, මේ අශ්වයො ඩෝර්න් කලාපීය කෙට්ටු අශ්වයො වෙන්නත් පුළුවන්. මොකද තමන් සතු සම්පත් තමන් උපකාර කරන රැජිණට එලේරියා සෑන්ඩ් කලින් ඉඳන් තෑගි කරලා තියන එක සිද්ධ වුණා වෙන්න පුළුවන්නෙ. ඒක සාමන්‍ය රාජ ක්‍රමයෙ දෙයක්නෙ. ඉතිං මේ අශ්වයො වේගවත්. ප්ලේන් එකේ ගමන වගේ නෙ ඉතිං මකරා පිටේ ගමන. කොහොම නමුත් නැව් වලින් ආවාත් විශාල මුහුදු තීරයක් තරණය කරන්න ඔවුන්ට අවශ්‍ය නෑ. ඉක්මනින් එන්න තර්කානුකූලවත් පුළුවන්. ඒ සිතියම් කොටස මගෙ පෙර ලිපියෙන් අධ්‍යනය කරන්න. තිසරට හැකියාව තිබ්බොත් වෙස්ටරෝස් සීමා සිතියම මේකටත් දායි.


දැන් අපි යුද්ධ කතා වලට පොඩි ඉඩක් තියලා, යමු උතුරු කලාපෙට..උතුරු කලාපෙ තුළ සීතල යුද්ධ ඇවිලෙමින් තියෙනවා කිව්වොත් තමයි නිවැරදිම. මේ වෙද්දි, සන්සාගෙ පාලනය යටතේ උතුර මඳක් ස්ථාවරයි. ඇයට හොඳ පාලන ශක්තියක් තියෙනවා. හැබැයි දැන් උතුරෙ ඉන්න එකම ස්ටාර්ක් සන්සා නෙවෙයි. මේ එපිය අවසන් වෙන්න පෙර උතුරට ආර්යා ත් පැමිණියා. දැන් ස්ටාර්ක් දරුවො තුන්දෙනෙක් උතුරෙ ඉන්නවා. ජෝන් හැර, ජීවත් වන ඉතිරි ස්වජාත ළමයි තුන්දෙනාම ඉන්නවා. මේක සන්සාට බලපෑමක් කරනවාද? අනිවාර්යෙන්ම ඔව්. සන්සා හරියටම අනෙක් අය බල කරලා මාව තිබ්බා වගේ ඉන්න ආසා කෙනෙක්. ඒක එහෙම වෙලා තියෙන්නෙ සන්සා නායකත්වයට ඉතාම ආසා නිසා. බ්‍රැන් නායකත්වය එපා කීම ඈට සැනසීමක්. ඒත් බ්‍රැන් ඇයට වඩා ජොන්ව බලාපොරොත්තු වීම, ඈ තරමක් නුරුස්සනවා. බ්‍රැන් සහ ජොන් අතර සීතල යුද්ධයක් ඇති කිරීම දැනට සන්සාට අවශ්‍ය නෑ. ඈ හෙමින් බ්‍රැන්ව කොනිති ගහලා බැලුවෙ, ඔහුට දැන් ඇය දරන තනතුර අවශ්‍යද කියලාම විතරයි. බ්‍රැන් තමන්ගේ තත්වය සහ අරමුණ වෙනත් එකක් බව පහදා දීම එක්කම ඇය ඒ උත්සාහයෙන් පැත්තට වුණා. හැබැයි දැන් ඇයට තරඟකාරියක් ඉන්නවා. ජොන් ගෙ පැමිණීම සහෝදරයාගෙ පැමිණීම ලෙස ඇයව සතුටු කළාට, පාලකයෙක්ගෙ පැමිණීම විදිහට ඇයව සතුටු කරන්නෙ නෑ. ආර්යා සහ ජොන් අතර තියෙන බන්ධනය සන්සා සහ ජොන් අතර බන්ධනයට වඩා ඉතා ප්‍රබලයි.

“ මාව දැක්කම ජොන් හරිම සතුටු වුණා. ඔයාව දැක්කොත් ඔහුගෙ පපුවත් නවතීවි“

මේ දෙබස, සතුට සහ ඉරිසියාව දෙකම පදනම් වූ දෙයක්. ඒ වගේම බ්‍රියෙන්ට ආර්යා කියූ දේවල් සන්සා අහන් හිටියා.

“ ඔබ කැතලින් ස්ටාර්ක් ගෙ දුවලා දෙන්නාටම සේවය කරන්න පොරොන්දු වුණා “

මේ කොටස හරිම ප්‍රබලයි. යම් දවසක, සන්සාට බ්‍රියෙන්ව ආර්යාට එරෙහිව භාවිතා කරන්න බැරි බවට තියෙන ලොකුම සහතිකය තමයි මේ. ඒ වගේම ඇගේ සටන් ශක්තිය එක්ක බ්‍රියෙන් පරාද වෙනවා නම්, කවුද යම් දෙයක් ඇය ආර්යාට කළොත් ආර්යාගෙන් ඇයව රකින්නෙ කියන බියත් ඇයට තියෙනවා. සන්සා තරඟ කාරියන්ට කැමති නෑ. ඒක ඇයට ලැබුණෙ සර්සි ගෙන්. සර්සි තරඟකාරියන්ව යටත් කරගත්තා, මෙහෙයවූවා, මරා දැම්මා. මේ වගේම සන්සාගෙ හිතෙත් සිතිවිලි නෑ කියලා අපිට කියන්න බෑ, හැබැයි සන්සා සර්සිට වඩා වෙනස්. ඇය බලයට කොයි තරම් තණ්හා කළත්, පවුලට ආදරය කරනවා. එය ඇයට ආවෙ ටලී ස්ටාර්ක් කියන පවුල් දෙකේම ජාන වලින්.
කොහොම වුණත් නෝ වන් ප්‍රබේදයෙ කෙනෙකුයි, ත්‍රී අයි රේවන් ප්‍රබේදයෙ කෙනෙකුයි, ටාගේරියන් බාගෙකුයි එක්ක ජීවත් වෙන එකට ස්ටාර්ක් නෝනාට තෑගි දෙන්න ඕනෙ. ඒ අස්සෙ හැම වෙලේම ඇඹලයා වගේ බේළිෂ් ලොක්කාත් පස්සෙන්මයිනෙ.
මේ කාරණාවෙදි මට පීටර් බේලිෂ් ගැන විශේෂ යමක් කියන්න ඕනෙ. බ්‍රැන් දේවල් දකින බව තාම ඔහු දන්නෙ නෑ. ඔහුට අවශ්‍ය බ්‍රැන්ට තමන්ව මිතුරෙක් ලෙස හඳුන්වා දීම. ඒ වෙනුවෙන් ඔහු මිල අධික තෑග්ගක් දෙන්නත් අමතක කරන්නෙ නෑ. ඒ තමයි වැලේරියන් කිණිස්ස. මේ වැලේරියන් කිණිස්සෙ ගමන් මඟ ගැනත් පොඩ්ඩක් මෙතනදිම මතක් කරන්න කියලා අපේ විමා ඉල්ලලා තිබ්බා. ඇත්තටම මේ වැලේරියන් කිණිස්ස මුලින්ම අයිති වෙලා තිබ්බෙ ටාගේරියන් වරුන්ට කියලා තමයි දැනට නම් හිතන්න පුළුවන් සාධක තියෙන්නෙ. මේ කිණිස්ස හැඩ කරන්න භාවිතා කරලා තියෙන්නෙ ඩ්‍රැගන් ග්ලාස්. මේ කිණිස්සෙම පින්තූරයක් අපි දැක්කා සෑම් පුස්තකාලෙ තහනම් කලාපෙන් උස්සපු පොතේ. ඒකට අනුව එගොන් ළඟ තිබ්බා කියලා හිතන්න පුළුවන් කිණ්ස්සක් කාලයාගෙ ඇවෑමෙන් ලිට්ල් ෆින්ගර් අතට පත් වුණා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණ විදිහ මොකක්ද කියලා තාම ලොකු තොරතුරක් නම් නෑ. සමහර විට මිලදී ගත්තා වෙන්න පුළුවන්, අගය නොදැන එහෙ මෙහෙ සංසරණය වෙන වෙළෙන්දෙක් අතින්. හැබැයි ලිට්ල්ෆින්ගර් මේක ජොෆ්‍රි ගෙ උපන්දිනය දවසෙ ඔට්ටුවකින් ටිරියන් ට පරාද වුණා කියලා කැටලින් ට හා නෙඩ්ට කියනවා. හැබැයි ඒක හැබෑවක්මද කියන කරුණ අපි නොදන්නෙ ඔය කිණිස්ස ටිරියන් අතේ තියනවා අපි නොදුටු හින්දා. ඔහු රජුන් පහේ යුද්ධෙට මඟ පාදන්නෙත් මේ ටිරියන්ගෙ කිණිස්ස බව ප්‍රකාශ කිරීමෙන්. මොකද ඒ නිසයි, කැටලින් යන මඟදි ටිරියන්ව ජීව ග්‍රහණයට ගන්නෙ. එතනිනුයි නෙඩ් සහ සර්සි අතර ගැටුම් ඇති වෙන්න පටන් ගන්නෙ. මේක හොයාගන්න උදව් වෙනවා කියලයි, නෙඩ්ගෙ විශ්වාසය දිනාගෙන ලිට්ල් ෆින්ගර් නෙඩ් ව සර්සිට පාවා දෙන්නෙ. එතනිනුයි ජොෆ්‍රි සහ රොබ් යුද්ධයත්, ස්ටැනිස් සහ රෙන්ලි මෙන්ම අනතුරුව ග්‍රේජෝයිද සටනට එකතු වෙන්නෙ. කොහොම වුණත් බ්‍රැන්ව මරන්න කිණිස්ස එව්වෙ හැබෑවටම ටිරියන්ද කියලා තවමත් කියන්න බෑ. ඒක සර්සි ගෙ වුවමනාවට ලිට්ල්ෆින්ගර් කළා වෙන්න පුළුවන්. බ්‍රැන් නොමැරුණු බවට වැඩියෙන්ම බිය පත් වෙන කෙනා වුණේ සර්සි බව අපි දන්නවා. සර්සි සහ ලිට්ල්ෆින්ගර් අතරෙ මේ වගේ වැඩ වලට අවබෝධයකුත් තිබ්බා. ඒ නිසයි මේ වැඩේ ට පුද්ගලයා එව්වෙ ලිට්ල්ෆින්ගර් දැනුවත්ව කියලා මං හිතන්නෙ. හැබැයි වැලේරියන් කිණිස්ස එවීමේ අරමුණ වුණේ ම මේ ප්‍රශ්නය ඇවිලීම. නැත්තං මොකක් හරි පිහියකින් කැපුවත් පොඩි එකෙක්ව මරන්න පුළුවන් නෙ.
මේ කිණිස්ස වංශාධිපතියෙකුට අයත් විය හැකි නිසයි මේ ප්‍රශ්නය දුර දිග ගියෙ. මුල සිටම රජවරු ඇවිලීමෙන් යම් දිනක මේ සිංහාසනය තමන් සතු කරගැනීමට වෙර දැරූ කෙනෙක් ලෙස පෙන්විය හැකි ලිට්ල්ෆින්ගර් මේ Game එක ලස්සනට සෙල්ලම් කළා. ඔහු මුලින්ම ජෝන් ඇරන් මරා දැම්මා. ඒ ලයිසා හරහා. හැබැයි එය සිදු වුණේ සර්සි දැනුවත්ව. ලිට්ල්ෆින්ගර් එය කළේ ලයිසා හරහා බව සර්සි දන්නෙ නෑ. එය ලැනිස්ටර් වරු කළ බවට, කැටලින්ට ලියුමක් එවීමත් ලිට්ල්ෆින්ගර් ගේ ම අනුදැනුමෙ වැඩක්. ඒ හරහා රොබට් බ්‍රැතියන් රැකීමට නෙඩ් ගෙ පැමිණීම ස්ථිර කරගන්න ලිට්ල්ෆින්ගර්ට පුළුවන් වුණා. උතුරේ සිටින බලවත්ම පාර්ශවයේ ප්‍රධාන මුල උතුරෙන් ඉවත් කරලා, දකුණෙ හිර කළොත් මේ ගමන ලේසියෙන් යන්න පුළුවන් කියලා ඔහු හිතුවා. රොබට් ව නැති කළෙත්, විෂ වයින් දීලා. ඒක කළේ සර්සි. මේ සැලැස්මවල් දන්නෙ ලිට්ල්ෆින්ගර් හා සර්සි පමණයි. රොබට් විෂ වයින් වලින් දුර්වල වුණාම, ඌරා පහර දුන්නා. මේ සැලැස්මෙම අතුරු ඵලයක් ලෙස නෙඩ් රාජ්‍ය පැහැර ගැනීමේ චෝදනාවට කොටු වුණා. අන්තිමේ කලින් කියපු විදිහට පස් රාජ යුද්ධය ඇරඹුණා. ජොෆ්‍රිගෙ මරණය සිදු කරන්නෙ සර්සි දැනුවත්ව නෙවෙයි.. ඒ විෂ භාවිතය වෙන්නෙ, ඔලෙනා ටයිරෙල් දැනුවත්ව. හැබැයි සන්සා ව එතනින් පන්නාගෙන ඔහු ටිරියන්ව වැඩේට මාට්ටු කරලා දක්ෂ විදිහට පනිනවා. සර්සි සහ ටිරියන් අතර තියෙන ගැටුමෙන් ලිට්ල්ෆින්ගර් සෑහෙන ප්‍රෙයා්ජන ගන්නවා. සන්සාට ඔහු ආදරය කරන්නෙ නෑ. ඈව ඇගේ අම්මාට තිබ්බාය කියා කියන ආදරයක රාමුවකින් දාලා මෙහෙයවනවා. හැබැයි සන්සා කපටි නිසා බෝල්ටන් ගැටලුවෙදි ලිට්ල්ෆින්ගර් ට අහුවුණත් දැන් නම් බේරිලා ඉන්නවා. ඇරන් කලාපය තමන්ට අයිති කරගත්ත ලිට්ල්ෆින්ගර් දැන් එහි භාරකාරයා ලෙසයි ඉන්නෙ. ඔහු ලැයිසාව විවාහ කරගත්ත නිසා විවාහයෙන් උරුම අයිතිය ඔහුට තියෙනවා.
නමුත් දැන් ලිට්ල්ෆින්ගර්ට සන්සාව මෙහෙය වන්න අවශ්‍ය නම් ඇයව තනි කරන්න අවශය වෙනවා. එයට හොඳම අවස්ථාව ජොන්ගෙ නික්මයාම වුණත්, තව දෙන්නෙක් දැන් හරහට හිටලා. ඒ තමා බ්‍රැන් සහ ආර්යා. බ්‍රැන් ව හොඳින් තියා ගන්නයි ඔහු සිහිවටනයක් ලෙස ඔහුව කෙනෙක් මරන්නට තැත් කළ ආයුධය ඔහුටම දෙන්නෙ. ලිට්ල්ෆින්ගර් විසින් ඔහුට එතරම් දෙයක් නොකියාමයි එය ප්‍රදානය කරන්නෙ. නිකම්ම තෑග්ගක් ලෙස. කින්ග්ස් ලෑන්ඩිං වලදි නෙඩ් ගෙ මරණයෙන් පසු, අයිස් කියන කඩුවත් නැවත වින්ටර්ෆල් ආවෙ නෑ. අපි ඒක දන්නවා. ඒකෙන් බාගයක් දැනට වින්ටර්ෆෙල් වල තියෙනවා. බ්‍රියෙන් අතේ ඕත් කීපර් විදිහට. හැබැයි ඉතිරි බාගෙ දැන් තියෙන්නෙ ජේමි අතේ. ජොෆ්‍රිට අයත්ව තිබූ වීඩොව්ස් වේල් ලෙසින්. කොහොම වුණත් අපි දන්නවා බ්‍රැන් හැම දෙයක්ම දන්න බව. ඒ නිසා බ්‍රැන්ව කොයි මොහොතකදිවත් අන්දන්න ලිට්ල්ෆින්ගර්ට බෑ. ආර්යාට මේ කිණිස්ස පිළි ගන්නද්දි, බ්‍රැන් පුදුමාකාර විදිහට ගැස්සෙනවා. ඒ ඉතාම නුදුරෙදි මේ කිණිස්සෙක් මරණයක් වෙන බව බ්‍රැන් ට දැනෙන නිසා. බ්‍රැන් දන්න නිසා. මිනීමරුවා අතට ආයුධය පත් කරන වෙලේ ඇතිවන ගැස්ම බ්‍රැන්ට දැනෙන්නෙ. කොහොම වුණත් ඉතා දක්ෂ ලෙස ආර්යා මේ කිණිස්සෙන් වැඩ ගනීවි. ආර්යා සහ සන්සාව කෙටවීමට ලිට්ල් ෆින්ගර්ට හැකියාවක් තියෙන අවකාශයක් නිර්මාණය වී ඇති බව දැන් ඔහු දන්න නිසා, ඔහු ඒකට යමක් කරන්න බැරි නෑ.
ඒක කරන විදිහ මොකක්ද කියන දේ ගැන දළ අදහසක් තවම විශාලෙට අනුමාන කරන්න බැරිවට, ඒ කරන්න යන දෙයින් තමන්ගෙ කිණිස්ස පොර තමන්ටම බස්සා ගනී කියලා අපිට කියන්න පුළුවන්. කොහොමත් ඔහු ගහපු සැලසුම් වල තියෙන බර පතල පව් එක්ක එහෙම නොවුණොත් තමා පුදුමය.
ඒ වගේම බ්‍රැන් සහ මීරාගෙ සමු ගැනීම ගැන හුඟක් දෙනෙක් ප්‍රශ්න කළා. ඇයි බ්‍රැන් මේ හැටි rude කියලා. ඇත්තටම මේ කතාවෙ මීරා රීඩ්ට යම් කෙනෙක් ආදරය කරනවා නම්, ඒ වැඩියෙන්ම ආදරය කරන කෙනා තමයි බ්‍රැන්ඩන් ස්ටාර්ක්. ඔහු මීරා කෙරෙහි ඇති යම් ප්‍රේමයක් තිබුණා නම් ඒක සඟවා තබලා ඇයට සමු දෙනවා. එයට හේතුව ඔහු වින්ටර්ෆෙල් වල වැටීමක් ගැන යම් තරමක දැනීමකයි ඉන්නෙ. මීරා කියන්නෙ තනිකරම පළමු මිනිස් රුධිරය තියෙන කෙනෙක් නෙවෙයි. ඔවුන්ට තරමක් දුරට චිල්ඩ්රන් ඔෆ් ද ෆොරස්ට් ලාට හිමි bloodline එකකුත් තියෙනවා. ඉතිං මීරා තමන්ගෙ අය ළඟට යන එක මීරාගෙ ආරක්ෂාවට හොඳ බව බ්‍රැන් දන්නවා. බ්‍රැන් කියන්නෙ තත්වය තේරුම් ගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් හඬාවැටෙන්නෙ නෑ. මීරාට බ්‍රැන් සමඟ ඉඳලා තවත් දකින්න අනාගතයක් නැති බව බ්‍රැන් දන්නවා. ඉතිං බ්‍රැන් ඈට සමු දුන්නා. බ්‍රැන් ගෙ අරමුණ ඊට වඩා එහා ගිය දෙයක්. ඒ වගේම මේ සටන තුළ තව දුරටත් මීරාව රකින්න බ්‍රැන්ට බැරි නම් ආරක්ෂාව ඇති තැනට ඈව යවන එකයි හොඳ. ඒ වගේම මේ සටනෙන් තමන් නොරැකෙන බව බ්‍රැන් දන්නවා වෙන්නත් පුළුවන්. බ්‍රැන් දිහා හරියට බලන් හිටියා නම්, බ්‍රැන් තුළ ඉතා තද වේදනාවක් සැඟවී ඇති බව ඔබට පේනවා. බ්‍රැන් රොබෝ කෙනෙක් විදිහට රඟපානවා නෙවෙයි. ඔහු ආශාවන් ප්‍රහීන කරලා අරමුණට එන්න උත්සාහ කරනවා. පමණයි. බ්‍රැන් සහ මීරාගෙ ආදරය ඇත්තටම හරි දුක හිතෙන ප්ලේටොනික එකකට සමාන කරන්න පුළුවන්. ඒක ගැන කිසි නපුරක් නෑ. බ්‍රැන් හැබෑවටම මීරාට ආදරෙයි. ඒකයි ඇත්ත. ඔහු කටින් ඒක නොකියා ඇයට යන්න ඉඩ දුන්නා. මීරා කටින් කියපු දේ තේරුම් ගත්තා.
උතුර ගැන තවත් කතා කරන්න බොහෝ දේ තියෙනවා. එයින් එකක් තමයි හැබෑටම ජොන්ව හමු වෙන්න බ්‍රැන්ට වුවමනා ඇයි කියන කරුණ ගැන සාකච්ඡා කිරීම. බ්‍රැන් කියන්නෙ දැන් අනාගතය අතීතය දකින කෙනෙක් බ්‍රැන්ට අවශ්‍ය ඔහුගෙ අරමුණ ඔහුට පැහැදිළි කිරීම. එහිදි උරුමය, නම සහ අනෙක් සියල්ල අතුරු දේවල්. බ්‍රැන් දන්නවා බොහෝ දේ. ඒ සියල්ල ජෝන් දැනගත යුතු යැයි ඔහු විශ්වාස කරනවා. බ්‍රැන් සහ ජොන් අතර කුඩා කල සිටම ඉතා විශාල සම්බන්ධයක් තිබ්බා. ඒ නිසාම ජොන් ගැන අවැඩක් බ්‍රැන් නොකර හිඳීවි.
තවත් දේවල් අපි පසුවට උතුර ගැන කතා කරමු.


දැන් මං කැමතියි හැමෝම ආශාවෙන් බලා ඉන්න ඩ්‍රැගන්ස්ටෝන් වෙත යන්න. ඇත්තටම ජොන් ඇයි ඩැනීට දණ නොනමන්නෙ කියන දේ හැමෝටම ප්‍රශ්නයක්. ජොන් දන්න දෙයක් තියෙනවා. ඒ තමයි ගෑණු ආශා කරනවා පිරිමියෙක්ව බය කරගන්න. ඒක එපා වෙන තැනදි ගැහැණු ඒක අතෑරලා දානවා. ඩැනී තාමත් උත්සාහ කරන්නෙ ඒකට. ජෝන් කරන්නෙ ඩැනීව ටිකක් මඩවන එක. ඒක දෙන්නාගෙ පළමු හමුවීමෙදිම ජොන් දැනගත්තා. වට පිට බලලා බිම බලද්දි, ඩැනී හිතුවෙ ජොන් දණ ගහයි කියලා. ඩැනීව බයිට් කරන එකෙන් පොඩි රසයකුත් මිනිහා ලබනවා. තව දුරටත් පෙනෙන්නෙ දෙන්නා අතරෙ මෘදු ආකර්ෂණයක් තියෙනවා. ඩාරියෝ එසොස් වල නතර වුණ නිසා මේ වෙද්දි ඩැනීට ආදරය සහ ආකර්ෂණය ලබන්න කෙනෙක් නැති වෙලා තියෙනවා. ඩැනීට වුවමනා වෙච්ච ප්‍රබලම දේ ආදරය. ඒක ඩැනීගෙ පළවෙනි කතා බහෙන් ජොන් දැනගත්තා. ඇය ඈ විඳපු හැම වේදනාවක්ම වාක්‍ය කිහිපයකින් ජොන්ට කියනවා. එතැන් පටන් ජොන් ඇයට සලකන්නෙ බොහොම කාරුණික ඇයව තේරුම් ගත්ත විදිහට. එකම දේ දණ නොනැමීම පමණයි. මොකද යීග්‍රට් නිතරම you know nothing කිව්වා කියලා ජොන් මොනාවත් ඉගෙන ගන්න උත්සාහ කළාද? නෑනෙ නෑනෙ. ඉතිං ඩැනී bend the knee කිව්වා කියලා, ඒක කරයිද? මං හිතන්නෙ නෑ. හැබැයි ඔහු ඩැනී වෙනුවෙන් යමක් නොකර ඉන්නෙ නෑ. ඩැනී වුණත් ඔහු කෙරෙහි හරි ප්‍රසන්නයි. මේ දෙන්නාගෙ සම්බන්ධය පොලිටිකල් රාමුවෙන් ඔබ්බට ඇදී ගිහින් ඉවරයි දැනටම. ජොන් කොහොමත් ගුහා ප්‍රිය කරන කෙනෙක් නිසා ඩැනීව රැගෙන තනිවම ගුහාවෙ ඒ කොටසට එනවා. ඔහු ඩැනීගෙ අතින් අල්ලන්න වත් ඇගෙන් අවසර ගන්නෙ නෑ. එහෙමයි කියලා ඩැනී ඒකට විරුද්ධ වෙන්නෙත් නෑ. එය සරලව කරුණාව හා ආදරය මත පදනම් වූමානව සම්බන්ධයක්ම පමණයි. ඒත් සමහර තැන් වලදි, අහංකාරය හා ස්වයං ආරක්ෂාව මත bend the knee පදය නිතරම කියන එක ඩැනීගෙ පුරුද්දක්. හැබැයි ඩැනී සහ ජොන් අතර ආදරය හට ගැනීම වේගවත් වීම මේ යන විදිහට ඉතාම හොඳයි. මොකද ජෝන් ටාගේරියන් බව සහ ටාගේරියන් කිරීටයේ නිල උරුමකරුවා කියලා බ්‍රැන් සහ සෑම් ප්‍රකාශ කිරීම පුංචි ඩැනීගෙ සුන්දර හදවතට කොහොම බලපායිද දන්නෙ නෑ. I born to rule the westerose . I will . කියලා කනකොට බොනකොට නානකොට විතරක් නෙවෙයි ටොයිලට් යනකොටත් කිය කිය ඉන්න කෙලේලෙකුට, තමන්ගෙ වංශෙත් උරුමකාරයා තමන් නෙවෙයි කියලා කියද්දි ඇති වෙන හැඟීම කොහොම වෙයිද? ඈ දකින්නෙ වියරු හීනයක්. ඒ හීනෙට ඇයව තල්ලු කළේ ඇගේම සහෝදරයා. ඇයව රැජිණ කියන නම යටතේ ජොන් තියාගෙන ඇයව විවාහ කරගත්තත්, යකඩ සිංහාසනේ ඉඳගන්න අවශ්‍යතාවයෙන් ඈ මිදෙයිද? කොහොමත් ඇයට හොඳ තත්වයේ සිංහාසනයක් ලැබෙන්නෙ නැති බව නම් ස්ථිරයි. ඇයට house of undying හී දී දකින සිහිනයේ දී සිංහාසනය තියෙන throne room එක දකින්න ලැබුණා. එය ගිනි ගෙන විනාශ වී ගිය වහල දිරාපත්ව පිළිස්සී ගිය තැනක් ලෙසයි ඈ දුටුවෙ. ඈ සියල්ල මකරුන් ලවා අලු කරවූ බවක් එහි තිබුණා. හැබැයි සිංහාසනය අවට තිබුණේ නිකම්ම අලු නොවෙයි. එහි හිම සමඟ මුසු වූ අලු තිබුණා. ඒ කියන්නෙ ගින්දර හා හිම. ඈ යකඩ සිංහාසනය අල්ලන්න හැදුවත් ඇයට ඒ දේ කරන්න ඉඩ නොලැබී, මකරුන්ගෙ වේදනාත්මක හඬින් හැරෙන්න වුණා. ඒ වෙලාවෙ ඈ දැක්කෙ උතුර!! හිම වැටුණු ප්‍රාකාරයෙන් එහා උතුර.
ඇගේ ගමන ඇත්තේ සිහසුනේ නොව හිමෙන් වැසුණු උතුරේ බව ඈ දුටුවෙ මෙහිදි. කොහොම වුණත් ඇයට ජොන් සමඟ බොහෝ දුරක් යන්න වේවි. ජොන් රජ කමට ලෝබ නොකරන කෙනෙක්. ඔහු දණ නොනමන්නෙ උතුරෙ මිනිස්සුන්ගෙ විශ්වාසය රකින්න අවශය නිසා මිසක්, අහංකාර කමටත් නොවෙයි. තව දුරටත් ඈ ට යටත් වී බිය ගුළු වීමට ඇයට උදව්වක් නොවන බවත් ඔහු දන්නවා. රේගාර්ගෙ ප්‍රතිරූපය හැබෑවටම ජොන් තුළින් ලස්සනට අපිට පෙන්වනවා.
මිනිස්සු ආසයි තමන් දක්ෂ දේට කියා තුන්වැනි එපියෙදි ඩැනී ජොන්ට කියන වෙලාවෙ, ජොන් මං එහෙම නෑ කියලා කියනවා. ජොන් දක්ෂම යුද්ධ කරන්න. ඒත් ජොන් මිනී මරන්න කැමති නෑ. ඒ රේගාර්ගෙ රුධිරය ඔහු තුළ තියෙන නිසයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම ඔහු ඩැනීගෙ ආරක්ෂාව ගැන වගේම සිතැඟි වලට යම් කිසි බලපෑමක් කළ හැකි මිනිසෙක් බවට පත්ව ඉන්නවා. ඩැනී ඔහුගෙන් උපදෙස් පතන්නෙ ඒකයි. ඔහු ඩැනීට දෙන උපදෙසත් එක්ක ම ජොන් යනු යම් දවසක මහද්වීපයම ගැටලුවකින් තොරව පාලනය කළ හැකි හොඳම රජා බව පෙන්වනවා. ඩැනී ආක්‍රමණයට දක්ෂයි. හැබැයි පාලනය කරන්න දක්ෂ නෑ. ඈට ඒ පිළිබඳ තීරණ ගන්න අමාරුයි. ඈට තියෙන හදිසි තීරණ නිසා විනාශ වීම් වැඩියි. සර්සි ට අවශ්‍ය තමන්ට හිමි දේ රැක ගැනීම, ඒත් ඈට ඈ වටේ ඉන්න අයගෙන් ඒකට ලැබෙන උදව් ටිකක් මදි. ඇගෙ ප්ලෑන්ස් හොඳ වුණාට ප්‍රායෝගික මදි. ඒත් ජොන් කියන්නෙ මේ දෙපැත්තටම වඩා වෙනස් කෙනෙක්. ඔහු හැම විටම සාමයට ආශා කළා. යුද්ධය ට ඔහු දක්ෂ වුණත්, ඔහු යුද්ධයට කැමති නෑ. හරියටම ජෝර්ජ් ආර් ආර් මාර්ටින් වගේ. ඉතිං යම් දවසක, ඔහුට හැකියාව තියේවි උතුර එකමුතු කරන්න.
විශේෂයෙන්ම ඔබ මතක තියා ගත යුතු කාරණාව තමයි. ජොන්ගෙ උපත ඉතාම වැදගත්. ඒක සමාදානයේ උපතක් ලෙස හඳුන්වන්න පුළුවන් ජෝර්ජ් ආර් ආර් මාර්ටින් හැදුණු වැඩුණු කතෝලික පරිසරය එක්ක ක්‍රිස්තුස් වහන්සේ ගෙ උපත වගේ ඔහු ජොන්ව දකිනවා වෙන්න පුළුවන්. ඒකයි ඔහු මරණයෙන් නැවත ඔහුට උත්ථානයක් ලබා දෙන්නෙ. සමහරවිට සෑම්ට මහා මේස්ටර් තුමා කියපු කතාව හරි වෙන්න පුළුවන්

“ රොබට් කැරලි ගහද්දි, මිනිස්සු හිතුවෙ ඒ ලෝක අවසානය කියලා. ඊට ඉස්සර කාලෙක ඒගොන් ගෙ ආක්‍රමණය මිනිස්සු තැකුවෙත් ඒ වගේ. ලෝකය ඉවර වෙන්නෙ නෑ. හැම කාලෙම සීත සෘතු එනවා. ඒවා ගෙවෙනවා. මිනිස්සු පවතිනවා“

ඇත්තටම අසෝර් අහායි කියන්නෙ ඈත කාලීන පුරා වෘත්තයක්. මේ සටන සටනකින්ම කෙළවර වෙනවාද? නැත්තම් යම් කිසි එකඟතාවයකින් කෙළවර වෙනවාද කියලා අපි දන්නෙ නෑ. ඒත් එය කෙළවර විය යුත්තේ එකඟතාවයකින් නම්, එයට සුදුසුම කෙනා වෙන්නෙ ජොන්. ඒ වගේම ඒ එකඟතාවෙට විරුද්ධ වුණොත් බහුතර මිනිස් ප්‍රජාව උදෙසා තමන් ආදරය කරන කෙනෙක් මරා දමන්න වුණත් ඔහු පසුබට වෙන එකක් නෑ. ජොන් අතේ තියෙන long claw එක බ්ලැක්ෆයර් අසිපත වෙන්න බැරි කමක් නෑ. ඒක දැනට හරියටම තහවුරු වෙලා නෑ.
මං ඒ ගැන කුඩා සටහනක් මෙහෙම තියන්නම්.
බ්ලැක්ෆයර් අසිපත පළමු එගොන් ටාගේරියන් අතින් තමන්ගෙ පරම්පරාවට දිගින් දිගටම ලබා දුන්නා. හැබැයි හතරවැනි එගොන් ඒක තමන්ගෙ ස්වජාත පුතාට නැතිව අවජාත පුතාට ලබා දුන්නා ඔහු ඩේමන් වෝටර්ස්. ඔහු උපන්නෙ කවුන්ලෑන්ඩ් වල ඒකයි එයාට වෝටර්ස් කිව්වෙ. කොහොම හරි එයා බ්ලැක්ෆයර් කඩුව ගත්තාට පස්සෙ, තමන්ගෙ වාසගම බ්ලැක්ෆයර් ලෙස යොදා ගත්තා. එහෙම කරන්න ඔහුට පුළුවනි වුණේ මරණ මංචකයෙදි රාජ ආඥාවකින් තම සියලු අවජාත දරුවන් ස්වජාත දරුවන් කරන්න හතර වෙනි එගොන් තීරණය කරපු නිසයි. කොහොම වුණත් බ්ලැක්ෆයර් වංශය ඔහොම පැවතුණා. හැබැයි තාත්තා වන හතර වෙනි එගොන් මලාම ඔහුගෙ ස්වජාතක පුතා රජ වුණා. මොකද, ඔහු සොභාවෙන්ම ස්වජාතක නිසා ඔහුටයි පරම්පරාවෙන් රාජ්‍යත්වය හිමි. හැබැයි කියමනක් තිබ්බා බ්ලැක්ෆයර් අසිපත තමයි රාජ්‍යත්වයේ ලකුණ කියලා. ඉතිං ඩේමන් බ්ලැක්ෆයර් රාජ්‍යත්වයට අභියෝග කළා. ඔහු වටේ අනෙක් ස්වජාත කළ අව ජාත ටාගේරියන් දරුවොත් එකතු වුණා. කොහොම හරි කැරැල්ල පටන් ගත්තත් ඒක බ්ලැක්ෆයර් ලාට හොඳට හිටියෙ නෑ. ඩේමන් සහ ඔහුගෙ පුතුන් දෙන්නෙක් මිය ගියා. අනෙක් අය ඒසොස් මහද්වීපයට පලා ගියා. අවසන් වරට මේ අසිපත අත දැරුවෙ, එය රැගෙන ගියෙ ඒගොර් හෙවත් බිටර්සීටිල් . ඔහුත් හතරවෙනි එගොන් ගේ ස්වජාතක කළ අවජාතක පුතෙක්. ඔහු එසෝස් වල කුලි හමුදා ආරම්භ කරමින් හිටියා කියලා කතාවක් තියෙනවා.
බොහෝ විට මේ සර්සි ගෙන්වන්න හදන ගෝල්ඩන් කම්පැනිය කියන්නෙ බිටල්සීටිල් ගෙ හමුදාව වෙන්න පුළුවන්. ඔවුන් සෙකන්ඩ් සන්ස්ලා එහෙම වුණොත් නම් සහෝදරයනි බඩුම තමා නේ.. හෙහ් හෙහ්.. බය වෙන්න එපා. සෙකන්ඩ් සන්ස් ලා අයිති සෙල්ස්වර්ඩ් කම්පැනියට. එයාලා ගෝල්ඩන් කම්පැනියෙ කට්ටියක් නෙවෙයි. ඒත් දැන් සිද්ධ වෙලා තියෙන වෙනස් කම් එක්ක අලුත් පැත්ත ගැන නම් දන්නෙ නෑ.
කොහොමහරි බ්ලැක්ෆයර් සිද්ධියට ආයෙම ආවොත් දෙවැනි බ්ලැක්ෆයර් කැරැල්ල වෙලේ ඒ කඩුව ඩේමන්ගෙ පුතුන් ඇවිත් ඉල්ලුවත් ඒක ඔහු ලබා දුන්නෙ නැහැයි කියලායි සඳහන් වෙන්නෙ. දැනටත් එය කවුරු ගාව කොතැනක තියෙනවාද කියලා දන්න කෙනෙක් නෑ. ඒ නිසා මේ ටාගෙිරියන් පවුලට අයත් වැලේරියන් අසිපත නැවත වතාවක් මේ පවුලට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැතිවම නෙවෙයි.
සමහර විට මෝමන්ට් වරුන් නිතර එසෝස් හා ගණු දෙනු කරන නිසා කාගෙන් හෝ මේ තලය ලබා ගත්තා කියලා හිතන්න පුළුවන්. එහෙත් එය තවමත් ස්ථිර කරන්න පුළුවන් කමක් ලැබිලා නෑ. එහෙම හිතෙන්නෙ මෙයාලා කඩු වල මිටවල් මාරු කරනෙ එක බොහොම සිම්පල් විදිහට කරන නිසයි. ඉතිං අපි බලමු ජෝන්ට ලැබුණෙ බ්ලැක්ෆයර් අසිපත නම්, තවත් ඔහු විශ්ෂ්ට වෙනවානෙ නේද?



හුඟ දෙනෙක්ට No one ගැන ප්‍රශ්න තියෙනවා. No one දැනටත් කතාව තුළ ඉන්නවා. ආර්යාගෙ රූපයෙන්. ආර්යා කියන්නෙ එක් අතකට no one කොටසෙ ප්‍රබලයෙක්. ආර්යා කියන්නෙ, තමන්ගෙ සැබෑම නමින් පෙනී හිටින none කෙනෙක්. ඉතිං කතාවෙ Noone ලා ඉන්නවා.



මේ කතාවෙ ආවරණය විය යුතු බොහෝ දේ කියවුණා කියලා මං විශ්වාස කරනවා. හෙට අනිද්දා දිහාට, පස්වෙනි එපිසෝඩ් එක වෙනුවෙන් පෙන්වූ promo එකත් , තව දේවල් මතක් වුණොත් ඒ දේවලුත් කියන්නම්. දැනට කියන්න තියෙන්නෙ, කතාව තියෙන්නෙ ඉතාම අනිනිශ්චිත අඩියක කියන එක තමයි. කවුරු කොයි වෙලාවෙ වුණත් මැරෙන්න පුළුවන්
අපි අපේක්ෂා කරමු අපි උදව් කරන පාර්ශව ජය ගන්න කියලා. මේ වෙලාවෙ හී පහර නම් මකරෙක් මරන්න තරම් ප්‍රමාණවත් වෙන එකක් නෑ. හැබැයි ඉස්සරහට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඩැනීගෙ සැර බාල වෙන්න මකරෙක් මැරෙන්නත් ඕනෙ හැබැයි. ඒත් මකරුන්ට අපි ආසා නිසා සීසන් 8 ම ඉවර වෙනතුරු මකරු සහ වෘකයො දකින එක අපිට සතුටක්.
තව දුරටත් කියන්න තියෙන්නෙ ටිරියන් ලැනිස්ටර් ගැන දෙයක් තමයි. ඒ ටිරියන් ලැනිස්ටර් හැබෑටම කවුද කියන කාරණාව. ඔහු ටාගේරියන් කෙනෙක් කියලා කියන කතාව තවමත් ඔප්පු කරන්න අධ්‍යක්ෂකයො ලොකුවට වද වෙන පාටක් නෑ. හැබැයි ජොන් ගෙ ටාගේරියන් භාවය ඔප්පු කරන්න නම් නිතරම හින්ට් දෙනවා. මේකට හේතුව, සමහරවිට ටිරියන් නමට කැප කරන්න පුළුවන් මකරෙක් නැති කම වෙන්නත් පුළුවන්. විසේරියන් කියන මකරා ටිරියන්ට කැපකරන්න පුළුවන් කමක් නෑ. කොටින්ම විසේරිස් කියන්නෙ ඩැනීට පවා අඩංගු නොවන, ඈව මරන්න පවා හදපු කෙනෙක්. ඉතිං ඈ ඔහුගෙ නමින් ඒ මකරාව නම් කළත්, සමහර විට මකරා ඉක්මනින් ඩැනීට විරුද්ධ වේවි. කියලා සංකල්පයක් තියෙනවා. බොහෝ විට විසේරියන් වයිට් වෝකර්ස් ලාට හා නයිට් කිං ට එකතු වෙයි කියලා තමයි හුඟක් fan theories වල තියෙන්නෙ.
තවත් කිව යුතු පුංචි කාරණයක් තියෙනවා. සර්සි මේ ඔටුන්න රැකගන්න මේ තරම් උත්සාහ කරන්නෙ, කවදා මේ ඔටුන්න තමන්ගෙන් පස්සෙ කාට පවරන්නද කියන එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා. හැබැයි මතක තියා ගන්න සර්සිට දරුවො තුන්දෙනෙකුට වඩා ජීවත් කරන්න බැරි බවට අනාවැකියක් තියෙනවා. දැන් සර්සිට හිමි දරුවො තුන් දෙනාම යම් කාලයක් ජීවත් වෙලා මැරිලා ගියා. ඉතිං සර්සිට තව දරුවෙක් ඵල ගනීද කියලා අපි බලමු. ඒ පිළිබඳව එක එක කතා නම් හැම තැනම සංසරණය වෙනවා. ඒත් ස්පොයිල් එකක් විදිහට නොවුණත්, පසු ගිය එපිසෝඩ් එකක සර්සි ජේමි අතර යහන් දර්ශනයක් පෙන්නුව හින්දා ඔහොම දෙයක් අනුමාන කරන්න බැරි කමක් නෑ.
තව කෙනෙක් අහලා තිබ්බා ඊතලයට විෂ පොවලා විද්දොත් මකරු මැරෙයිද කියලා. මම හිතන්නෙ නෑ ඒ විදිහට මකරු මරන්න පුළුවන් කියලා. මකරු කියන්නෙ එක් තරා මායා සත්ව කොටසක් කිව්වොත් හරි. ඔලු කටුව කුඩු වීමෙන් මැරෙන එක ගැන නම් විශ්වාස කරන්න පුළුවන්. මායා සතෙක් ගෙ වුණත් අස්ථි බිඳී යන්න පුළුවන් නිසා. ඒත් විෂක් මායා සතෙකුට බලපෑමක් කරන්නෙ කුමන ආකාරයෙන්ද කියලා වත්, එවන් සතෙක්ට බලපැවැත්විය හැකි විෂ ගැන දැනට කාටවත් අවබෝධයක් තියෙනවාද කියලාත් හිතන්න අමාරුයි. මොකද මකරු මේ ලෝකෙන් තුරන් වෙලා නැවත මේ ලෝකෙට ආවෙ ගොඩක් කාලෙකට පස්සෙ නිසා. හැබැයි එක් මකරෙක් මේ මකරුන්ගෙන් විනාශ වුණොත් අනෙක් මකරුන්ට යම් සන්නාහයක් සැලසුම් කරන එක සෑම් විසින් කරයි කියලා මගෙ අපේක්ෂාවක් තියෙනවා.
ඒ වගේම ජෝරා කියන්නෙ ඩ්‍රැගන්ග්ලාස් වලින් පිටරැහීමකට ලක් කර සුවපත් වූ කෙනෙක් නිසා, සමහර විට වයිට් වෝකර්ස් ලාට ප්‍රතිරෝධී වෙයි කියලාත් මගෙ පොඩි අදහසක් තියෙනවා. මේවා ස්පොයිලර් නෙවෙයි. හිතාගෙන යද්දි ගොඩ නැගෙන අදහස් පමණයි. ස්පොයිලර් බලලා හෝ ලීක් ස්ක්‍රිප්ට් කියවලා අනුමාන කිරීමෙන් ජය ගැනීම ඒ තරම් දෙයක් නෙවෙයි. හිතන එක සහ තර්කයෙන් ගොඩ නගන එක තමයි ඉතිං හැබෑටම විනෝදජනක. ඉටු වුණත් නොවුණත් ඒක ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැනෙ


සෑහෙන්න ලිව්වා තියලා හිතෙනවා තවම මම එපිසෝඩ් පහට අදාළ බ්‍රේක් ඩවුන් එක කළේ නෑ. ඒක පිළිබඳව හෙට ලිපියක් ලියන්න තමයි මං බලාගෙන ඉන්නෙ. තවත් හරියටම මේ සීසන් එකට කොටස් තුනක් පමණයි ඉතිරි. ඒවත් දැන් ගොඩක් අය දන්නවා. ඒත් ඒ කොටස් නිවැරදිව විග්‍රහ කිරීම අපි නොදන්න සීසන් 8 අංකයේ කොටස් ටික කියවීමට අපිට ඉතාම වැදගත් වෙනවා කියලා කියන්නම ඕනෙ.
හැම අවස්ථාවකදිම ඔයාගෙ අදහස් බයිස්කෝප් මංසලේ අපි එක්ක බෙදා ගන්න. ඔයාලාට පුළුවන් කැමති තැනක මේ ලිපි ෂෙයාර් කරන්න. වෙනදා වගේම පින්තූර හදන්න මහන්සි වෙන තරිඳු මල්ලිටත්, නොදන්න සමහර තොරතුරු කියාදෙන රොයිලි අයියාටත් ස්තුතියි. අද ඔයාලා විශ්වාස කරයිද දන්නෙ නෑ මේ ලිපිය වචන 5000 ඉක්මවා ඇති බව. පොරොන්දු විදිහටම ඉතාම දිග ලිපියක් ඔයාලාට ගෙනාවෙ Game of Throne කියන කතා මාලාවට ලංකාව පුරා සමාජ ජාල ඇසුරු කරන නොකරන තරුණ පිරිස් බොහොම ආකාර්ෂණය වෙලා තියෙන බව දන්න නිසා. වෙලාව තියෙන හැටියට කුඩා ලිපි මාලාවක් ලියන්න බලාපොරොත්තු වෙනවා චරිත වල විශේෂතා පිළිබඳව, ඔයාලා ට මං අතින් ලියවෙනවාට කැමති මාතෘකා, චරිත සහ ඕනෑමෙ දෙයක් තියෙනවා නම් කියන්න. මේ නිවාඩු කාලෙ හින්දා මං ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට ගිහිං එන්නම්.. දැනගන්න ඕනෙ දෙයක් අහන්න.. Q A Session එකේදි ඒ හැම දෙයකටම පිළිතුරු දෙන්නම්. ඔයාලා හැමෝටම හැම කෙනෙක්ම සීත සෘතුවෙන් ආරක්ෂා වේවා!!

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (33 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 33 posts and counting.See all posts by neranji

27 thoughts on “Season 7 Epi 4 Hard review හෙවත් හතර වැනි GOT කතාංගය ගැඹුරින් දැකීම

  • August 15, 2017 at 1:23 PM
    Permalink

    thanks akkaaa…

  • August 13, 2017 at 10:06 PM
    Permalink

    වටිනා review එකක්. ඒත් Bronnගෙ දුනු ශිල්ප දක්ෂතාවය ගැන මට නම් සැකයක් නෑ. Black water bay සටනෙදි wildfire නැවට fire කරන වැඩේ Tyrion බාර දුන්නෙ Bronnටමනෙ.

  • August 12, 2017 at 6:45 PM
    Permalink

    ස්ටාර්ක් පරපුර ට කුමක් වෙයිද?
    ජොන් ටාගේරියන් කෙනෙක්, ඉතිරි එකම පිරිමිය බ්‍රන් පමණයි.
    ඔහු දැන් තෙඇස් කාකයා නේ, එත්කොට කෙල්ලො දෙන්න විතරනෙ

  • August 11, 2017 at 2:38 PM
    Permalink

    Supirima post ekak akke.. Payata hathamma 72ka wegen wachana 5000ma kiyewwaa.. Bohoma sthuthi

  • August 11, 2017 at 1:22 AM
    Permalink

    ලිපියට ගොඩක් ස්තුතියි අක්කි. ජයෙන් ජය

  • August 9, 2017 at 9:06 PM
    Permalink

    ” BURN THEM ALL ” Elama. we will waiting…..

  • August 9, 2017 at 7:16 PM
    Permalink

    GOT season 01 ඉවර වෙනකනුත් ලංකාවේ දැන් GOT බලන ගොඩක්ම අය මේ කතා මාලාව ගැන දැනගෙන හිටියේ නෑ ..merlin එහෙම බල බලා හිටියේ …කොටින්ම sub එකවත් 200 දෙනෙක් වත් බාල තිබුනේ නෑ …අද 10000 පනින්න ඩවුන්ලෝඩ් වෙනවා …GOT හරියට තේරුම් ගන්න දෙපාරක්වත් බලන්න ඕනි …ඒ තරමට සංකීර්ණයි …ඒකයි මල් කතා බල බල ඉන්න අපේ අයට මේ කතාව දිරවන්නේ නැත්තේ …ඔලුවෙන් බලන්න ඕනි….NED STARK ගේ මරණයෙන් තමයි GOT කතාව හරියට පටන් ගන්නේ …season 02 ඉදන් 03 වෙනකන් බලන් යනකොට අන්තිමටම මානසිකව වැටෙනවා …කොටින්ම පටන් ගන්න theme music එක ඇහෙනකොට ඇග වෙව්ලන්න ගන්නවා ..අනිත් කතා වගේ නෙවෙයි මේකේ යථාර්තයට මුහුණ දෙනකොට අපි ආදරය කරන චරිත නිමේෂයකින් නැති වෙලා යනවා …අද වෙනකනුත් බලන්නේ ඒ තිගැස්මෙන්මයි ..GOT පොත් නොකියවපු අපිට මේ ලිපි ගොඩක් වැදගත් …

  • August 9, 2017 at 3:38 PM
    Permalink

    Ammoo patta post eka akke thanxx wewa!!

  • August 9, 2017 at 2:38 PM
    Permalink

    හැමදාමත් වගේ නියමයි අක්කේ. මේ වගේ දැණුම බෙදා දෙනවට ෙගාඩක් ස්තුතියි!

  • August 9, 2017 at 1:34 PM
    Permalink

    Thanks Lot!

  • August 9, 2017 at 12:59 PM
    Permalink

    Monaa kiyannada supiriykma thamai. Novel ekk kiyawanawa wage as ahakata ganna hithunema ne. Godak thank you

  • August 9, 2017 at 11:40 AM
    Permalink

    නියමයි.බොහොම ස්තූතියි
    ජය!

  • August 9, 2017 at 11:33 AM
    Permalink

    Elama

  • August 9, 2017 at 11:17 AM
    Permalink

    mahansi wela apiwenuwen mehema liyanawata thanks.lipiya ela.

  • August 9, 2017 at 10:17 AM
    Permalink

    supirima lipiyak
    thank you so much….

  • August 9, 2017 at 10:15 AM
    Permalink

    Thanks akka…

  • August 9, 2017 at 9:47 AM
    Permalink

    පට්ටයි ඇ අක්කි වචන දියල්ලම එකක් නැර කියෙව්වා. ඔය විමා හාදයා ඔක බලන වෙලාවෙි මන් ලග පාත හිටියෙ උ ඇඩුවෙ නැ බිම පෙරලි පෙරලි සුප්පුව කටෙ ගහගෙන ඇඩුවෙ සත්තයි පව් අප්පා. තිසර හාදයා නම් ඉතින් වතුර බොනවා කියලා ඔයා හිතුවට සොජු සුප්පුවෙන් බිබි ඉදලා තියෙන්නෙ වාරිස්ගෙ කොරියන් පොඩි කුරුල්ලෙක් ගෙන් අහන්න ලැබුනෙ.

  • August 9, 2017 at 8:44 AM
    Permalink

    mata kiyanna puluwanda danata dany gawai sersi gawai kochara army ekak innwada kiyala.ganath ekkama.durwalatha ha prabalatha gana .

  • August 9, 2017 at 8:42 AM
    Permalink

    Mulinma Thanks akki

  • August 9, 2017 at 7:14 AM
    Permalink

    ඇත්තටම ජේමි මරාගෙන මැරෙන්න ගියේ මකරා පැත්තට ගියාට ඒ ඩැනීව ඉලක්ක කරගෙන නේද? යුධ මානසිකත්වයක් තියෙන හැමදේම විනාශ කරන ගැහැණුන්ට ජේමි කැමති නැතුව ඇති.. ඒත් බ්‍රියන් ට කැමති ඇත්තේ ඒකේ අනිත් පැත්ත නිසා වෙන්න ඇති. බ්‍රියන් කැමති කාට හරි ආරක්ෂාවක් දී ගෙන ඉන්නනේ…once a kingslayer he always a kingslayer – a wise man once said

  • August 9, 2017 at 6:25 AM
    Permalink

    පට්ට පට්ට ආ දැන් කියෙව්වෙ… තැන්කු මෙයා

  • August 9, 2017 at 1:18 AM
    Permalink

    Mecchara dewl thibbada meke. Dn dnne bokkenma . Math mulA idla bluwa oya makarunt asi ,debas tikat asi .ecchri.bokkema kiynne .mecchara dewl num hithne na sirawatama. Monwa unath thnkx hodd. Ada thama dmne mecchara dewl giya kiyala GOT eke

  • August 9, 2017 at 1:10 AM
    Permalink

    පට්ට පෝස්ට් එක අක්කේ තැන්ක්ස්

  • August 8, 2017 at 11:03 PM
    Permalink

    නියමයි අක්කේ..

  • August 8, 2017 at 10:39 PM
    Permalink

    නියමයි අක්කේ. වචන 5000 ක් තිබුනද කියල දැනුනෙත් නේ. එක හුස්මට කියෙවුවෙ. thankyuou වේවා මෙච්චර දැනුම දෙනවට. අනිත් ඒවත් පුළුවන් වෙලාවක ලියල දාන්න.

  • August 8, 2017 at 10:38 PM
    Permalink

    Supirima lipiyak sis.Godak thanks.Jayen jaya..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *