වෙස්ටරෝස් මහද්වීපයේ රාජධානි බෙදීම ගැන තොරතුරු බිඳක් හෙවත් Importance of Kingdoms

1. උතුරු කලාපය
මුලින්ම අපි කතා කරමු උතුර ගැන. බහුතර ප්‍රේක්ෂකයො වැඩියෙන් පක්ෂපාති උතුරටනෙ. ඒ වගේම තනි රාජධානියක් හැටියට ගත්තොත්, අනෙක් රාජධානි හයත් හරි. උතුරත් හරි. ඒක පළවෙනි සීසන් එකේ, මුලම හරියෙදි රොබට් බ්‍රැතියන් නෙඩ් ට කියනවා. ඉතිං මේ විශාල උතුර රාජධානියට වටින්නෙ කොහොමද? භූමිය ඉතා විශාල වීම නිසා සහ විශාල ජන ඝනත්වයක් දරා සිටින නිසා උතුර වැදගත් වෙනවා. හැබැයි උතුරෙ තිරිඟු, බාර්ලි ආදී සාමාන්‍ය බෝග හැරුණු කොට කෘෂි ආර්ථිකයක් පදනම් වූ වෙස්ටරෝස් මහද්වීපයට විශාල අස්වැන්නක් ලබා දෙන්න සමත් වන්නෙ නෑ. එයට ප්‍රධාන වශයෙන් බලපාන්නෙ ඔවුන් නිරන්තරයෙන් හසුවන හිම සහිත ශීත දේශගුණය. නමුත් මේ උතුරු වරායන් වෙළඳාම සම්බන්ධව ඉතාම වැදගත්. ඔවුන්ගෙ රාජධානිය හරහා වැටී ඇති කින්ග්ස් රෝඩ් පාර නිසා රාජධානි හරහා වෙළඳාම තිව්ර වී තිබෙනවා. ඒ වගේම සම් කර්මාන්තය වගේම රිදී කර්මාන්තයත් යම් තරමකට මෙම ප්‍රදේශයේ ජනප්‍රියයි. ඒ වරායන් සහ මාර්ග නිසයි. මෙම ප්‍රදේශය පාලනය කිරීම සම්ප්‍රදායෙන් පැවරී තියෙන්නෙ ස්ටාර්ක් වරුන්ට. වර්තමානයේ ඔවුන් ජොන් ස්නෝ යටතේ තනි රාජ්‍යයක් ලෙස පෙනී හිටිනවා.

2. ස්ට්‍රෝම්ලෑන්ඩ් කලාපය
මෙම කලාපය තුළ වෙළදාම තරමටම ඉතා හොඳ සරුපසක් තිබෙන නිසා ගොවිතැන් සිදු වෙනවා. ජනගහණය නම් මඳක් අඩුයි. ඒත් මහද්වීපයට සැලකිය යුතු ආහාර ප්‍රමාණයක් සපයන්න දායක වෙන කලාපයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දියුණු මාර්ග හරහා බඩු භාණ්ඩ ප්‍රවාහනය නිසා වෙළඳ සංස්කෘතියකුත් එහි බිහි වෙලා තියෙනවා. මුලින්ම මෙම කලාපය රජ කළේ ඩරැන්ඩෝන් නිවාසය වුණත් එගොන්ගෙ ආක්‍රමණයෙන් එම නිවාසය බිඳ වැටෙනවා. ඒ blood line එක නැත්තම් රුධිර ධාතුව පවත්වා ගන්න ඔවුන්ට හැකියාවක් ලැබෙන්නෙ නෑ. අවසාන පිරිමියාගෙ මිය යෑම නිසා. ඔහුගෙ දියණිය බ්‍රැතියන් වරයෙකුට ලබාදීමෙන් පසු මෙම කලාපයේ නායකත්වය බ්‍රැතියන් වරුන් විසින් දරනවා. මේ වන විට සියලු ස්වජාත බ්‍රැතියන්වරු න් ගේ නික්ම යාම සමඟ මෙම කලාපය අකමැත්තෙන් වුවත් බ්‍රැතියන් උරුමයෙන් සර්සි ලැන්ස්ටර් අතට ගිය කිරීටයට දැනට පක්ෂපාතයි. නමුත් අවජාත ග්‍රෙන්ඩ්‍රි තවමත් ජීවතුන් අතර සිටිනවා.

3. රිවර්ලැන්ඩ් කලාපය (අනුකලාපයකි)
ඉතාම සුන්දර, ගංගා ගහණ පැත්තක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම ගංගා නිම්න නිසා ප්‍රදේශය ඉතාම සශ්‍රීකයි. මේ ප්‍ර දේශය හරහා සියලු භාණ්ඩ ප්‍රවාහනය වෙන මාධ්‍ය ජලය. ඔවුන් ජලය නිසා ඉක්මන් ප්‍රවාහනයක් ලබා දීලා සෑහෙන ආදායමක් උපයනවා. හොඳ අස්වැන්නක් ලබනවා වගේම හොඳ වයින් කර්මාන්තයකුත් මේ කලාපයෙ තියෙනවා. සුළු අපනයන බෝග නිසා යම්තරමකට සෑම අතින්ම සමෘධිමත් ජනතාවක් වාසය කරන ප්‍ර දේශයක් කිව්වොත් තමයි වඩා නිවැරදි. හැරන් හෝර් රජු විසින් පාලනය කළ මේ බිම එගොන් ගෙ ආක්‍රමණයෙන් පස්සෙ ඒ රජුගෙ පරාජය සමඟ ටලී වරුන්ගෙ පාලනයට නතු කරනවා. හැබෑවටම එය ඔවුන්ට තෑගි ලබෙනවා. හැබැයි හැරන් හෝර් රජුට අයත්ව තිබූ සමස්ත කොටස නෙවෙයි රිවර්ලෑන්ඩ් කියන්නෙ. ඔහුට තවත් දූපත් සමූහයක් අයිතිව තිබ්බා. ගංගා නිම්න කොටස් ටලී ලා අතට පත් කරන ඒ ගොන් ඒ භූමියෙ ඉතිරිය වන අයන් දූපත් සමූහය ග්‍රේජෝයි වරුන්ගෙ පාලනයට ලබාදුන්නා. මේ කලාපය අනු කලාපයක් කියන හේතුව තමයි.. මේ විදිහට දෙකට බෙදී යාම.

4. වේල් කලාපය
මේ කලාපය පළමු මිනිසුන්ගෙන් එතරම් නොබිඳුණු කලාපයක් කිව්වොත් වඩා නිවැරදියි. නිතරම උතුර එක්ක යහ සම්බන්ධයක් තිබ්බ, උතුරු කලාපයට ඉතාම හිතවත් කලාපයක්. ‍වැඩියෙන්ම උතුරේ ආහාර අවශයතාව සැපිරෙන්නෙ වේල් කලාපය හරහා. කඳු ගහණ භූගෝලිය පරිසරයක් හිමි මේ ප්‍ර දේශය තරමක් දුරට ඔවුන්ගෙ නීතිම තමයි ක්‍රියාත්මක කරන්නෙ. මං පැහැරීම් වගේ දේවල් අනන්ත අප්‍රමාණව සිදු වෙන නිසා, කලු මුදල් සංසරණයත් මේ පලාතෙ වැඩියි. ඒත් ඉරිඟු බාර්ලි වගේම හොඳම තත්වයේ පළතුරුත් මේ ප්‍රදේශයේ වෙහෙසකින් තොරව වැවෙනවා. ඒ වගේම බාහිර කරදර වලින් ආරක්ෂා වෙන්නත් කඳු ගහණ පරිසරය මේ කලාපයට නිහඬවම උදව් සපයනවා. අනාදිමත් කාලයක සිට ඇරන් වරු තමයි මෙම කලාපය පාලනය කරන්නෙ.

5. රීච් කලාපය
ඉතා සමෘධිමත් කලාපය ලෙස නම් කළත් වැරද්දක් නැති තරම්, සෑම ආකාරයේම භව බෝග ගහන බොහොම වටිනා කියන පැත්තක්. මේ පැත්ත මුළු වෙස්ටරෝස් පුරවරයටම ඉතාම විශේෂයි. වැඩියෙන්ම මුදල් ගැවසෙන කලාපය තමයි රීච්. ඒ මොකද දන්නවාද? ඈෂ්ෆෝඩ් එක අයිති මෙයාලාට. ඒ තමයි මුලු වෙස්ටරෝස් මහද්වීපයටම තියෙන හොඳම වෙළඳ නගරය. තම්බ්ලටන් කියන ප්‍රසිද්ධ වෙළඳ නගරයත් අයිති රීච් කලාපයට. ඒ විතරක් නෙවෙයි. මුළු මහද්වීපයම උගතුන් බුද්ධිමතුන් වෛද්‍යවරුන් ගුරුවරුන් පමණක් නොවෙයි, රාජ්‍ය අනුශාසකයන් පවා බිහි කරන අපේ සෑම් අයියාත් ඉන්න සිටිඩෙල් අයත් ඕල්ඩ් ටවුන්, එහෙමත් නැත්තම් වෙස්ටරෝස් හී පැරණිතම නගරය අයිතිත් මේ රීච් කලාපයටමයි. රන් පතල් මේ ප්‍ර දේශයට විශාල ආදායමක් ලබා දෙනවා කිව්වොත් මං නිවැරදියි. උතුර භූමියෙන් හා ජන ඝනත්වයෙන් රාජධානියට විශාල බලපෑමක් කරනවා වගේ, මේ රීච් කලාපය තමන් ගෙ රාජධානියෙ මුදල් තර කරගෙන, රාජ්‍යට විශාල බලපෑමක් එල්ල කරනවා. මුලින්ම ගාර්ඩ්නර් නම් නිවාසය විසින් රාජ්‍යත්වය දැරූ මේ රාජධානිය එගොන් ගෙ ආක්‍රමණයෙන් පස්සෙ ටයිරෙල් වරුන්ට පැවරෙනවා. ටයිරෙල් වරු, තමන්ගෙ විචක්ෂණශීලී ආර්ථික ඥාණය භාවිතා කරලා ඉතා දක්ෂ ලෙස මේ සමෘධිමත් බව ඉහළට ගෙන යනවා. ඒ සමෘධිය ළඟා කරගන්න අයත් ආරක්ෂාව රීච් කලාපයට ලබා දෙන්නෙ ටාර්ලි වරු. ඔවුන් ඉතා දක්ෂ රණ ශූරයන්. මුදල් සංසරණය අතින් ඉතාම ඉහළ තැනක සිටින මේ රාජධානිය බ්‍රාවෝස් බැංකු එක්ක යහපත් ගනුදෙනුවක හිටියා. ඒත් පහු කාලෙ යුද්ධ එක්ක බොහෝ දේ කණපිට හැරුණා.

6. වෙස්ටර්ලන්ඩ් කලාපය
මේ කලාපයට අටුකොටු නෑ. මහ විශාල ජනතාවකුත් නෑ.. හැබැයි ඔවුන් ඉතාම පොහොසත්ව ඉන්නවා. එයට හේතුව ඔවුන් සතු ඛණිජ සම්පත්. රන් රිදී, වගේ දේ වල්. ඔවුන් රන් රදී කණිමින් ඒ හරහා මුදල් ඉපැයීම සහ තමන්ගේ ආර්ථිකය යහපත් කරගැනීම තුළින් රජයට බලපෑම් කිරීම නොනවත්වාම කරමින් සිටියා. එහෙත්, ඛණිජ සම්පත් පරිහරණයෙන් අවසාන වන දෙයක් නිසා වර්තමානයේ ඔවුන් සතුව විශාල ධනයක් නෑ. හැබැයි එය මේ කලාපයේ පලාක පන්තිය රහසක් විදිහට තියාගෙන ඉන්නවා. රොබට් බ්‍රැතියන්ගෙ කැරැල්ලෙන් පස්සෙ, වෙස්ටර්ලන්ඩ් කලාපය පාලනය කරන ටයිවින් සෘජුවම කිරුළට සම්බන්ධ වුණා. ඉතිං රොබට්ගෙ අපරිහාණි ක්‍රියා නිසා ලැනිස්ටර් පතල් හිඳිලාම ගියා. යුද්ධ වලට ගිය විය හියදම් නිසා තවත් ධනය හානි වුණා. ඒ නිසයි ලැනිස්ටර් වරු බැංකු වලටත් ණය. ඔවුන් නැති වූ කීර්තිය ලබා ගන්නයි රීච් කොල්ල කෑවෙ. මං හිතනවා පැහැදිළි ඇති කියලා. ණය නොගෙව්වොත් වර්තමාන කිරීටය හිමි සර්සි ලැනිස්ටර් ට අලුත් ණයක් ඉල්ලන්න බෑ. ලංකාවෙ වගේ වැල් පොලී නැති ආයෝජන තමයි වෙස්ටරෝස් වල ඇත්තෙ.

7. ඩොර්න් කලාපය
මේ කලාපය ටිකක් වෙනස්, බොහොම විදේශීයත්වයට හුරු සුන්දරත්වයක් තියෙන සශ්‍රීක කොටසක්. හැබැයි මෙයාලාගෙ ආර්ථිකය සාමාන්‍ය බව බෝග එක්ක පදනම් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම තමන්ටම ආවේණික වූ වයින් හදන මේ අය, ඒ තුළින් විශාල ආදායමක් ලබනවා. ඒ වගේම මිලෙන් ඉහළ පළතුරු, සුවඳ විලවුන්, කුළුබඩු නිසා විශේෂ වෙළඳ ආකර්ෂණයක් මෙම රාජධානියට ලැබිලා තියෙනවා. ඒ වගේම අශ්වයො වෙළඳාමටත් මේ පැත්ත හරි ප්‍රසිද්ධයි, කෑමක් බීමක් නැතිව දවස් දෙකතුනක් දුවන්න පුළුවන් අශ්වයෝ ඩොර්න් කලාපයෙ විකුණනවා. ඒ විතරක් නෙවෙයි හොඳ තත්වයේ ආයුධ වෙළඳාමටත් මේ ප්‍ර දේශය හරි ජනප්‍රියයි. විෂ කැවීම සම්බන්ධව ඉහළ ප්‍රසාදයක් දිනා ඉන්න මේ අය, ආයුධ වුණත් දෙන්නෙ ඇඟේ ගෑවිලා ගියත් මැරිලා යන තරම් ඉහළ මට්ටමින් විෂ කවලා. මතකනෙ මවුන්ට් ව බේරගන්න කයිබර්න්ට වෙහෙසෙන්න වුණු තරම. ඩොර්න් වරුන්ට හොඳ යුධ ශක්තියක් තිබ්බා. මාර්ටෙල් වරුන් අතේ තමයි මේ කලාපයේ පාලනය දිගින් දිගටම තිබුණෙ ඒත් දැන් ඩොර්න් කලාපය අනාත වෙලා කියලයි පෙනෙන්නෙ. මාර්ටෙල් වරු සියලු දෙනා වගේම, ඩොර්න් කලාපය අනතුරුව පාලනය කර, ඩැනේරිස් ටාගේරියන්ට උදව්වට ගිය සෑන්ඩ්වරුන්ට අයත් වුණෙත් හොඳ ඉරණමක් නෙවෙයි. ඉතිරි වුණු අම්මයි දුවයි බේරෙයි කියලා දැනට හිතෙන්නෙ නෑ. සර්සි හරහා අපිට රිකාඩ් බ්‍රැන්ඩන් තාත්තා පුතාව මෑඩ් කිං කොහොම මරන්න ඇද්ද කියලා මේ සිද්ධියෙන් තව වරක් සිහි කෙරුවා කීවොත් වඩා හරි.



හොඳයි. දැන් අපි බලමු මොකක්ද මේ කවුන්ලෑන්ඩ් කියන්නෙ කියලා. ඩ්‍රැගන්ස්ටෝන් ආපු ටාගේරියන් වරුන්ගෙන් මහද්වීපය අල්ලපු වෙලාවෙ ඔහු මහද්වීපය පාලනය කිරීම සඳහා තමයි Crownland කොටස තෝරා ගත්තෙ. එහි විශාල නගරයක් නිර්මාණය වෙනවා කින්ග්ස් ලෑන්ඩිං කියලා. මේ වෙද්දිත් රාජ්‍ය පාලනය නිල වශයෙන් හිමි යකඩ සිහසුන අයත් මාලිගය තියෙන්නෙ කින්ග්ස් ලෑන්ඩිං වල. කෙටියෙන්ම ටාගේරියන්වරු මුලින්ම අල්ලාගත් ඩ්‍රැගන්ස්ටෝන් දූපත් ආසන්නයෙන්ම තමයි කින්ග්ස්ලෑන්ඩිං තියෙන්නෙත්, ඔවුන්ට තමන්ගෙ මාලිගාව බලා ගන්න ගමං රට පාලනය කරන්නත් ලේසි වෙන්න.


තවත් විස්තර
මේ වෙස්ටරෝස් මහද්වීපයෙ නැව් ගමන් ඉක්මන්. උතුරු කලාපයේ සිට සෑම් රීච් කලාපයට ළඟා වෙන්නෙ නැවකින්. ඒ වගේම ජෝන් සහ ඩාවොස් කෙලින්ම උතුරේ සිට ඩ්‍රැගන්ස්ටෝන් දක්වා නැව් නගිනවා. ඩ්‍රැගන්ස්ටෝන් සිට කාසලි රොක් දක්වා නැව් මඟින් ගිය අන්සලීඩ් හමුදාවෙ නැව් ටික යූරෝන් ග්‍රේජෝයි විනාශ කරනවා. දැන් ඔවුන්ට ගමන් කරන්න වෙන්නෙ, ගොඩබිම් හරහා. රීච් කලාපයෙන් කින්ග්ස්ලෑන්ඩිං වලට ඇතුළු වෙන කිට්ටුවෙදි තමයි මෙවර ඩොත්‍රැකි හා මකර ප්‍රහාරය ලැනිස්ටර් ටාර්ලි හමුදා වලට එල්ල වුණේ. ඔවුන් පැමිණෙන්න ඇත්තෙ, දැනට වැඩි අවධානයක් යොමු නොවූ ස්ට්‍රෝම්ලෑන්ඩ් හරහා රීච් මායිමටයි. ඒ නිසයි, රීච් කලාපයෙන් රන් සහ අස්වනු රැගෙන කින්ග්ස් ලෑන්ඩිං වෙත ළඟා වෙන්න ජේමිට සහ ඔහුගෙ පිරිසට හැකියාවක් නොලැබුණේ.

අපි කලිනුත් කතා කරලා තියෙන විදිහට මේ රාජධානි වල සංස්කෘතින් වල සුළු සුළු වෙනස්කම් තියෙනවා. පැරණි දෙවියන් වන OLD GOD තමයි උතුරෙ වැඩි දෙනෙක් අදහන්නෙ. එය මෙහි මුල් ආදි වාසින් වන chidren of the forest අයගෙන් ලැබුණු උරුමයක්. ඔවුන් නීතිය ඉටු කරන්නෙත් පැරණි ක්‍රමයට. ඒ කියන්නෙ වරදට දඬුවම මරණය. සිරගත කිරීම් අඩුයි. ඇන්ඩෙල්ස් වරු සමඟ පැමිණි අලුත් දෙවිවරු සමඟත් උතුර ඇදහීම් කරනවා. හැබැයි, දකුණෙ සෑම රාජධානියක්ම වගේ අලුත් දෙවියන්ටයි ගරු කරන්නෙ. අලුත් දෙවියන් හත් දෙනා, කාන්තා රූප තුනකින් හා පිරිමි රූප තුනකින් මෙන්ම, නොදන්නා රූපයකින් පෙනී හිටිනවා. The Father, The Mother, The Maiden, The Crone, The Warrior, The Smith and the Stranger ලෙස අපිට ඔවුන් හත් දෙනා පෙන්වන්න පුළුවන්. ඒ වගේම එසෝස් මහද්වීපයේ ජනප්‍රිය දෙවියකු වන Lord of Light අදහන සුළු පිරිසකුත් මෙහි සිටිනවා. ඒ අතර‍ අයන් දූපත් වල අය නම්, තමන්ගෙම ආගමක් ලෙස Drowned God සංකල්පය පවත්වගෙන යනවා. ඔය අතරෙ බ්‍රාවොස් වලින් සංක්‍රමණය වූ අය Many Face God ගැනත් විශ්වාසය දරනවා. මේ අයගෙ විවාහ අවමගුල් චාරිත්‍ර වල සුවිශේෂි වෙනස්කම් දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස දකුණු කොටසෙ, මෘත ශරීර තැන්පත් කිරීමක්, වල දැමීමක් සිදු වෙනවා. රිවර්ලෑන්ඩ් කලාපෙ එය සිදුවන්නෙ ගඟක් මත යන පාරුවකට ගිනි පෙවූ හීයක් විද මිනිය පුළුස්සා දැමීමෙන් , අයන් දූපත් මිනිය කූඩයක දමා මුහුදේ පා කර හරිනවා. උතුරු කලාපය මෘත ශරීර දර සෑයේ ආදාහනය කරනවා. විවාහ චාරිත්‍ර පවා කලාපයෙන් කලාපයට වෙනස්. ඔබට මතක නම්, උතුරු විවාහයට වඩා දකුණු විවාහය වෙනස්. ඒ අතර මැද කලාප වල විවාහයන් තරමක් දුරට අලුත් දෙවියන් නිසා පොඩි පොඩි සමාන අසමාන කම් සහිතව ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම කලාප අනුව උත්තම පුරුෂයන් හා සාමාන්‍ය කාන්තාවන් ගෙ සහවාසෙන් උපන් බවට සැලකෙන අවජාතක දරුවන්ගෙ නම් පවා වෙනස් වෙනවා. Snow කියන්නෙ උතුරු අවජාතකයන්. ඩොර්න් කලාපෙ අය Sand ලා , ඒ වගේම ක්‍රවුන්ලෑන්ඩ් වල උපන් ආජාතක ළමයි waters ලා අයන් දූපත් වල Pyke ලා ඔවුන්ගෙ ආසන්නම රාජධානිය වන රිවර්ලෑන්ඩ් වල උපන්නොත් එයාලා Rivers , ඒ විතරක් නෙවෙයි සශ්‍රීක රීච් කලාපෙ අවජාතකයො Flowers ලා ස්ටෝර්ම් ලෑන්ඩ් වල ඒ අයට කියන්නෙ Storm , වෙස්ටර් ලෑන්ඩ් වල උපන් අව ජාතක දරුවො Hill වාසගම ලබද්දි වේල් වල අය Stone ලා වෙනවා. මේ හැමෝම තමන්ගෙ අවජාතකයන් නම් කරන්නෙ, තමන්ගෙ කලාපයේ තියෙන පාරිසරික සම්පත් ආශය කරගෙන කියලායි පෙන්නෙ. සොබා දහමේ ළමයි වගේ පෙනෙන්න. සැමුවෙල් ටාර්ලි.. ගිලීව සහ පොඩි සෑම්ව තියලා ගියා නම්, සෑම් ෆ්ලවර් කෙනෙක් විදිහටයි රැන්ඩෙල් ටාර්ලි ඒ දරුවාව හදන්න හිටියෙ. ඒ වගේම රැම්සි ස්නෝ, රජුගෙ නිල ආඥාවෙනුයි රැම්සි බෝල්ටන් වුණේ. ජෝන්ට ස්ටාර්ක් යන වාසගම දීමට ස්ටැනිස් කතා කළ ආස්ථාවෙ ඔහු එයට යටත් නොවුණා ඔබට මතක ඇති. හැබැයි ඇත්තටම ජෝන් උපන් තැන අනුව නම් කරනවා නං ජෝන් සෑන්ඩ් කෙනෙක් වෙන්න ඕනෙ නේද? 😀

මේ රාජධානි හැම එකකටම හොඳ හමුදා සිටිනවා. ඒ එක එක හමුදා සතුව ප්‍රබලතා වගේම දුබලතාත් තියෙනවා. ඒවා ඒ ඒ අයගෙ දේශගුණික සීමා සහ ශක්තීන් එක්ක වෙනස් වෙනවා. හැබැයි උතුරු හමුදා තුළ අනෙක් රාජධානි හමුදාවන්ට වඩා යම් එකමුතු කමක් තියෙනවා. ඔවුන් සැමවිටම තම භූමිය ගැන, එහි හතුරන් ගැන තකනවා. ඒ නිසයි ඔවුන් නිතර North Remembers කියන වැකිය තමන් අතර කියා ගන්නෙ. එය මුළු උතුරටම පොදු කියමනක්.



තවත් රාජධානි ගැන තොරතුරු සහ ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. තව ලිපියකින් පිළිතුරු දෙන්නම්!

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

16 thoughts on “වෙස්ටරෝස් මහද්වීපයේ රාජධානි බෙදීම ගැන තොරතුරු බිඳක් හෙවත් Importance of Kingdoms

  • August 9, 2017 at 3:01 PM
    Permalink

    Bohoma sthuthi akke jaya wewa digatama liyamu

  • August 9, 2017 at 7:21 AM
    Permalink

    බොහොම ස්තූතියි ලිපියට

  • August 9, 2017 at 12:50 AM
    Permalink

    Superb Neranji. Write about Esos also.

  • August 8, 2017 at 10:41 PM
    Permalink

    බොහොම ස්තුත්යි. ජයෙන් ජය. දිගටම මේ වගේ ලිපි ලියන්න.

  • August 8, 2017 at 8:29 PM
    Permalink

    ඔබගේ පෞද්ගලික කාලය වෑයකරමින් කරන මේ කරන දෑනුවත් කිරිම් ගෑන ඔබට බොහෝ තුතී.
    එසෝස් මහද්දීපය ගෑනත් මෙ වගෙම ලිපියක් පලකරන්න

  • August 8, 2017 at 1:21 PM
    Permalink

    Akke niyamai.mula idan okkama reviews kiyawanna kramayak nadda??

  • August 8, 2017 at 11:37 AM
    Permalink

    niyamay akkie. puluwannam no onela gena wistharakayk danna. jayawewa!

  • August 8, 2017 at 10:12 AM
    Permalink

    Niyamai … Mewa hoyaganna patta kattak kanawa kiyala nm dannawa. Digatama denna..

  • August 8, 2017 at 7:06 AM
    Permalink

    niyamai akki

  • August 8, 2017 at 6:35 AM
    Permalink

    වෙනද වගෙම පට්ටයි ආ
    වැඩිය කමන්ට් නොදැම්මට කියවනවා.. ඊලග රිවිව් එක ගින්දරට දෙන්ඩ ඈ බාබකියු හදන ඩැනෙරිගෙ වට්ටොරුවත් එක්කම 😉

  • August 8, 2017 at 4:19 AM
    Permalink

    නියමයි අක්කේ

  • August 8, 2017 at 12:57 AM
    Permalink

    නියම පෝස්ට් එකක් අක්කෙ

  • August 8, 2017 at 12:12 AM
    Permalink

    well worth it thnks sister.stanis ge burning heart logo eka minihama hadaganna ekak neda red women ekka?stanis attatama maruna kiyala oya hithanawada? 3 sisters islands aithi vale walatada egana mathaka thiyaganna oni deyak thiyenawada????barathean house ekat targaryen eke upawanshayakda neda? okkomatama uthara oni natha 😀 😀 😛

  • August 7, 2017 at 11:01 PM
    Permalink

    Woow

  • August 7, 2017 at 10:51 PM
    Permalink

    නියමයි අක්කි වටින විස්තරයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *