තුන් වැනි එපිසෝඩ් එක පිළිබඳ Hard review එක මෙසේය!

ඉතිං කොහොමද යාලුවනේ.. එපිසෝඩ් හතර ලීක් වුණා කියලා හැම තැනම ලින්ක් ස්පොයිලර්ස් ෂෙයාර් වුණාට, මම නම් ඇත්තටම තාම ඒක බැලුවෙ නෑ. එකක් HQ බලන්න ඕනෙ නිසා. අනික මම යමක් ඔයාලාට වඩා වැඩියෙන් ඉස්සරහ තියෙන දෙයකින් දැනගත්තොත්, ඒක මගෙ සංකල්ප භාවිතාවෙන් කරන අනුමාන කිරීම් වලට යම් බලපෑමක් කරයි කියලා මං ම බය නිසා. කොහොම හරි මේකෙ ඉදිරි ස්පොයිලර් නෑ. අනික තමයි. මේකෙ මේ සීසන් 3 වෙනකම් කියුණු කතාකෙරුණු දේවල් විග්‍රහ වෙන නිසා, මෙතෙක් නිල වශයෙන් විකාශය වූ යම් එපියක් නරඹලා නැත්තම් මේක කියවන්නත් එපා. අද මං සූදානම් වෙන්නෙ එපිසෝඩ් 3 ගැඹුරෙන් විචාරය කරන්න. පහුගිය ටිකේ ඉතාම කාර්ය බහුල වුණ නිසා බලොපොරොත්තු වුණ කිසිවක් කරන්න බැරි වුණා.
දැන් බලමු… අපි කොටසින් කොටස ගැන කතා කරන්න. වින්ටර්ෆෙල් වල අවජාතකයා සහ කාසලිරොක් වල කොටා ගේ හමුවීම කියලා මම කියන්නම් පළවෙනි කොටසට. මේ දෙන්නම තමන්ගෙ නිවසේ ඒ තරම් හොඳ වාතාවරණයක ජීවිතයක් තිබ්බ අය නම් නෙවෙයි. හැබැයි දෙන්නම යම් තාක් දුරට එකිනෙකා විශ්වාස කරන අපි කැමති පන්නෙ මිනිස්සු. මේ කතාවෙ එක තැනකට මං ඔබේ අවධානය යොමු කරනවා. කොටුවෙ තියෙන පටු මාවත දිගේ ඔවුන් සන්සා ගැන කතා කරමින් එනකොට, මම ස්ටාර්ක් වරයෙක් නෙවෙයි කියලා ජෝන් කියන තැනදි මකරෙක් පියෑඹිම එක සංකේතයක්. ඒ මකරාට වෙන දෙබසක් අවසානෙත් පියඹන්න තිබ්බානෙ නේද? නෑ ඌ පියාඹන්නෙ මේ ඩයලොග් කොටසෙදිමයි. “මම ස්ටාර්ක් වරයෙක් නෙවෙයි.” මකරා ආවෙ ඔහුගෙ ඇඟටමයි. ඒ බය කරන්න නෙවෙයි. මකරාට රුධිරය අඳුනන්න පුලුවන්. ඌ ජෝන් කිට්ටුවෙන්ම පියාඹන්නෙ. උඹ ටාගේරියන් නේද? කියලා අහගෙන වගෙයි. ඒ වගේම ඒ රූපයෙන් අපිට පෙන්වන්නෙ ජෝන් ටාගේරියන් කෙනෙක් කියලා අපිට ස්ථිර කිරීම. තරිඳු අයියා කිව්වා වගේ මේස්ටර් ඒමන් සහ සෑම් කතා කර කර ඉන්න තැනට ජොන් ආව වෙලාව වගේම, තව වැදගත් ඉඟියක් තියෙනවා. සමහර විට ඔයාට මඟ හැරුණු. ඒ තමයි ජෝන් සහ සෑම් ගෙ මුල්ම තනි වූ කතා බහේදි තමන්ගෙ අම්මා කවුද කියලා තමන් නොදන්න බව ජෝන් සෑම් ට පැවසූ තැනදි ඒ අසල කණුවක R + L කියලා කොටාලා තිබුණ එක. ඔය විදිහට කොහොම හරි ජොන් ටාගේරියන් කියලා කියවුණා. ඒ වගේම මේ මකරු ටික ජොන් එන වෙලාවෙ එහා මෙහා පියාසර කරවීමත් ඩැනී කලින් සැලසුම් කළ දෙයක්. තමන්ගෙ අනභිබවනීය බව පෙන්වන්න කරපු පොඩි පහේ වැඩක්. ඇය පෙර ගමන් කරන හෝ ගරු කරන බවක් නොපෙන්නුවෙත් ඇයට තමන් ඉතා නිර්භීත ආක්‍රමණිකයෙක් බව තමා හමුවීමට පැමිණෙන්නාට නිහඬව හැඟවීමට. හැබැයි බොහෝවිට ඩැනීගෙ අදහස ජොන් දුටු සැනින් මඳක් වෙනස් වූණා. ඇය මඳක් සසල වුණා. ඇය වශී කරන ආකාරයේ කඩවසම් රුවක් ජෝන්ට තියෙනවා. ඒ වගේම ඇයට ඒ රුව තුළ ටාගේරියන් නරඹුරුවක් දැනෙන්න පටන් ගත්තා වෙන්නත් පුළුවන්. ජෝන් සමඟ කතා කරද්දි පවා ඈ පණ්ඩිත කතා කියන්නට ගොස් මෝඩ වෙනවා වැඩියි. ඇයට වෙන අය ඉදිරියේ එහෙම වුණේ නැතිම තරම්. ඩැනේරිස් පෙන්වන්නෙ රාජතාන්ත්‍රික බවේ ලාමක පැතිකඩක්. මේ මොහොතේ ජෝන් ගෙන් දණ නැමීමක් පමණයි ඇයට අවශ්‍යව ඇත්තේ එය හුදු රැජිණක් වීමේ ආශාවෙන් පිරිච්ච ශරීරයක් හා මනසක් පමණයි. නමුත් දැන් ඒ මනස, සසල කළ හැකි එක් දෙයක් ජෝන් සතුව තියෙනවා. ඒ තමයි ඇයට අවශ්‍ය පිරිමියා බවට පත් වීමේ හැකියාව. ඩ්‍රෝගෝ සහ ඩාරියෝ දෙදෙනාගෙන් හිස් වූ අසුනේ හිඳ ගත හැකි වඩාත් සුදුසුම පිරිමියා ජෝන් විය නොහැකිද? ඇය හිතන්නෙ ඇය මෙතෙක් කල් බය කරගත්ත ගෝත්‍රිකයො හා වහල්ලු විදිහට රජෙක් ව බය කරන්න, සත්තු දම්මලා. සතා භයානකයි තමයි. හැබැයි, අනික් පැත්තෙ කෙනා අහු වුණ ප්‍රශ්න එක්ක බලද්දි ඒවා ඉතා සරල උපක්‍රම පමණයි. ඔහු ඇයව ගණං ගන්නෙ නෑ. ජෝන් මුල සිටම ඇයට නොදැනෙන්න ඇයව සමච්චලයට ගන්නවා. ඒ වගේම ජෝන්ට ගෑණු ආශක්ත කරගැනීමේ හැකියාවකුත් නැතිවම නෙවෙයි. සන්සා වුණත් තරුණ ජෝන් කෙරෙහි යම් පෙළඹවීමක ඉන්නෙ. ඩැනී මේ මොහොතේ සිටින්නෙ විශාල මානසික පීඩනයක. ඩාරියෝ හැර පැමිණීම මෙන්ම ජෝරාගෙ තවමත් නැවත නොපැමිණීම ඇයව කාන්සියකට පත් කරලා. ටිරියන්, වාර්ස්, ග්‍රේ වෝම් යන දැනට ඈ ළඟින්ම ඇසුරු කරන පිරිමින්ගෙන් උපදෙස්, අවවාද, ආරක්ෂාව ආදී කුමක් ලැබුණත් ඇයට අවශ්‍ය කරන්නෙ සෙනෙහසක්. එය හුදු ලිංගික ආශාවක් කියා ඔබ සිතනවා නම් අන්න ඔබට වැරදිලා. Game of Throne වලට මිනිස්සු වැඩි වශයෙන් ඇදෙන්න එහි ඇති ලිංගික දර්ශන ඉවහල් වන බව මං එක හෙළා පිළිගන්නවා. ඒත් ස්පාටකස් වගේ ඕනෙ තැන එපා තැන හැම තැනම එහෙම දර්ශන නොයොදා ඉන්න මේ කතාවෙ කතා තීරකයෝ ඉතාම පරිස්සම්. ඒ හැම දර්ශනයක් ම කපා හැරිය නොහැකි වැදගත් සංකල්ප කතා සහ තොරතුරක් අදාළ කතා මාලාවට ගෙන එනවාමයි. ඩැනේරිස් ට අවශ්‍ය කරන්නෙ සෙනෙහසින් මඟ පෙන්වීමක්. එය ටිරියන් කරන්න උත්සාහ කළත්, එය ටිරියන්ට කරන්න අමාරුයි. ඩැනී ආශා කරන විදිහෙ දේහයක් නැති නිසා. කොහොම වුණත් ජෝන්ට යන්න ඇරලා බලන විදිහෙන්ම ඔහු ඩැනීගෙ හිත අරන් කියලා පේනවා පළමු හමුව අහංකාර කම් දෙපාර්ශවයෙන්ම පැමිණි නිසා සෑහෙන අව මට්ටමක් ගත්තා. හැබැයි ටිරියන් මේ උත්සාහය අතෑරියෙ නෑ. ටිරියන් ඉතා ලස්සනට මේ ගැහැණිය සහ පිරිමියා අතර සම්බන්ධය නිර්මාණය කරන්න වෙනත් ක්‍රමයක් හොයා ගත්තා.. ජෝන් ට ඩ්‍රැගන් ග්ලාස් දෙන්නට ඩැනීව කැමති කරවා ගත්තෙ ටිරියන්. ඒ වගේම තමන්ට ග්‍රේෙජා්යි සහ ඩ්‍රෝන් සහය අහිමි වීමේ හැදැස මකන්නත් මේ හරහාම ටිරියන් උපක්‍රම යොදන බවයි පේන්නෙ.
සන්සාට පාලනමය ඉවක් තියෙනවා. ඒ වගේම උතුර ගැන සහ පැමිණි සීත කාලය ගැන අවබෝධයක් තියෙනවා. සන්සාට තමන් පාලනය කිරීම අවශ්‍ය නෑ. හැබැයි ඈ ස්ටාර්ක් වංශය වෙනුවෙන් පෙනී හිටිනවා පමණයි. බ්‍රැන් පැමිණි පසු ඔහුට රජකම අයත් බව ඈ ඉඟි කරන්නේ එනිසයි. එතැන විශාල ගැටලුවක් නැතිවම නෙවෙයි. ජෝන් ටාගේරියන් කෙනෙක් බව තහවුරු වුණ දාට සන්සාගෙ හැසිරීම ගැන පෙර දැක්මක් අපිට හිතාගන්න පුළුවන්. හැබැයි ඈ දැනටමත් ශක්තිමත් නායිකාවකගෙ ලකුණු පෙන්වනවා.
මේ කතාවෙ හොඳම කොටස කින්ග්ස්ලෑන්ඩිං කොටස. මරණයට මරණයක් ලැබීම සහ අම්මෙක්ගෙ වේදනාව අපිට මුළු කතාව පුරාම පේනවා. අවසානයේ සියලු දෙනාම ගැහැණු හා පිරිමි පමණයි කියන මනෝභාවය යටතේ විග්‍රහ කළොත් මේ ගැන සෑහෙන දිග විචාරයක් අපිට කළ හැකි. සර්සි කියන්නෙ උපතින්ම වෛරය ගෙනාපු, කේන්තිකාරියක් නෙවෙයි. ඈ මේ තත්වයට පත් වුණේ පියවරෙන් පියවර. අපි ඒ ගැන වෙනම විග්‍රහයක් මින් පෙර කළා. ඇය ලැනිස්ටර් වංශයේ අනභිබවනීය බව උත්කර්ෂයට නැංවීම පිණිස අවශ්‍ය විටදී විකුණා දැමූ කෙනෙක් පමණයි. තමන් බලාපොරොත්තු වූ පෙම්වතා, පළමු වර නොලැබී ගියා. දෙවන වර පවා ඒ පෙම්වතා තෝරා ගත්තෙ වෙනත් කෙල්ලක්. අවසානයේ විවාහ වූ සැමියා ප්‍රේම කළේ, පළමුව විවාහයට පොරොන්දු කරවූ කෙනා දෙවන වර තෝරාගත් කෙනාටමයි. එහෙව් සියල්ල සමඟ, කුඩා අවධියේ සිටම තනි හිතේ හිරවූ බිය පත් අනාවැකියක් ඇයට තිබුණා. ඇගේ සැමියා ගණිකාවන් හා යද්දි, ඈ සොයුරා හා ප්‍රේමයෙන් වෙලුණා. ඒ නිසාම ඇයට ප්‍රේමයේ ගරුත්වය හැරෙන්නට ප්‍රේමය ලැබුණා. දරුවන් ලැබුණා. එහෙත් අනාවැකියෙ ලෙසටම ඔවුන් මිය ගියා. එයට ඇය යම් තාක් දුරකට බලපෑවා. ඒත් සර්සි කියන්නෙත් අම්මෙක්. අම්මලා පළි ගද්දි හරි විසයි. සර්සි එලේරියාගෙන් ගත්තෙ තමන්ගෙ එකම අහිංසක දූ මරාදාපු පලියම පමණයි.
දැන් අපි කතා කරමු කාසලි රොක් ගැන. එහි මලාපවාහන පද්ධතිය හැදුවෙ ටිරියන් බව අපි දැන ගන්නෙ, සීසන් දෙකේ දි විතර.. එහි වැදගත් කම නම් දැන් අපි දැක්කා. එහෙත් ටිරියන් ට වඩා ජේමි යුධමය වශයෙන් ඉතා ඉදිරියෙන් ඉන්න බව පෙන්වමින් ජේමි ලැනිස්ටර් කටයුතු කළේ. කාසලි රොක් වල බලාපොරොත්තු වූ අය හිටියෙ නෑ.. මුදල්, රන්, සියල්ල වගේම ආහාර පවා එයින් ඉවත් කරන්න ඔවුන් කටයුතු කළා. අවසානෙ ඉතා සැලසුම් සහගතව ඔවුන් මුහුදෙන් ඇවිත් අල්ලා ගත්තෙ අතහැර දාපු බලකොටුවක්. එය අවසානයේ තමන්ට යමක් වැරදී ඇති බව පසක් වුණත් ඔවුන්ගේ නැව් ඒ වන විට ග්‍රේජෝයි වරු විසින් විනාශ කරමින් හිටියා. මෙය ඉතා අගනා උපක්‍රමයක්. දැන් අනිවාර්යෙන් අන්සලීඩ් හමුදාවට ආයෙම ගෙදර යන්නට වෙන්නෙ , ඩ්‍රැගන්ස්ටෝන් යන්න වෙන්නෙ පාර දිගේ තමයි. හැබැයි ඩැනේරිස්ගෙ හමුදාව ඉන්නෙ තනිවම නෙවී ඩොත්‍රැකි වරුන් ද එක්ක. සර්සි කවදා හරි වෙස්ටරෝස් රැජිණ වෙන බව දැන හෝ නොදැන රොබට් බ්‍රැතියන් හොඳ යුධ අවවාදයක් සර්සිට දෙනවා. ඕපන් ෆීල්ඩ් එකක ඩ්‍රොතැකි වරු එක්ක ෆයිට් කරන කෙනා මෝඩයෙක් කියලා. සර්සිට මතකද මන්දා දැන් ඒවා. අපිට හොඳ යුධ බලන්න හැකි වෙයි. ටයිරෙල් වරුන් මුදල් සහ රන් පැත්තෙන් වගේ ආහාර භෝග අතින් ඉහළින් හිටියාට, සටන් පැත්තෙන් ඉහළින් නෑ. ඒ නිසයි ඔවුන් ටාර්ලි වගේ ශක්තිමත් උප වංශයක් සමඟ දිව්රුම් තබා සිටින්නෙ. සර්සි වෙනුවෙන් ජේමි නියම තැනින් ඉත්තා ඇද්දා. ටාර්ලි වරුන් පාලනයට තියෙන ආශාව නිසාම තමන්ගෙ ප්‍රධාන වංශයට ද්‍රෝහි වුණා. ටයිරෙල් වරුන් සටන් නොකරම ටාර්ලි වරු සහ ලැනිස්ටර් හමුදා දැක්කාම යටත් වුණා. සර්සි සති දෙකෙන් බැංකු ණය ගෙවන්නෙ මෙන්න මේ ටයිරෙල් සල්ලි වලින්. බ්‍රාවෝස් බැංකුව හැම විටම ඔවුන්ට වඩාත් වාසිදායක පාර්ශවය තෝරා එම වාසිදායක අය සමඟ එක් වී ඒ අයට යුද්ධයට උදව් කරනවා. බ්‍රාවොස් වරු වහල් වෙළදාමෙන් හිමිවන මුදලින් ගොඩ නැගී බැංකුවක් . ඔවුන්ට ඩැනී ඒ නිසා හැබෑ තර්ජනයක්. ඒ නිසාම සර්සිට උදව් කරන්න හිතාගෙන ඔවුන් එකඟ වෙලා තමයි වෙස්ටරෝස් පැමිණියෙ. එහෙත් ඔවුන් ලැනිස්ටර් දියණිය ගැන ඇසූ මොහොතෙන් පස්සෙ උදව් කිරීම ගැන කල්පනා කරනවා. හැබැයි ඇය ඉතා දක්ෂ ලෙස තත්වය හසුරවනවා. ඒ වගේම මේ කාරණා ජේමි අතින් සෑහෙන පරීක්ෂා කාරි ලෙස ඉටු වූ බවද නොකියාම බෑ. ඔහු යුද සැලසුම් ඉදිකිරීමේ දි ටිරියන්ට වඩා කාරණාව පිළිබඳව දක්ෂ බවක් තමයි පෙන්වන්නෙ. ඔහු තමන්ට මුණ ගැසුණු ප්‍රාණ ඇපකරුවන් ගැනත් හරි කරුණාවයි. මං ටයිරෙල් නොනාගෙන් ලිට්ල්ෆින්ගර් ගැන යමක් බලාපොරොත්තු වුණා. තමන්ගෙ වංශය හා තමන් විනාශ වෙනවා නම් මේ ලෝකෙ බොහෝ රහස් එළියට එන බවට වයසක ටයිරෙල් නෝනා අනතුරු අඟවලා තිබුණෙ. ඒත් ඈ ජොෆ්‍රිගෙ මරණෙ වගකීම බාර ගත්තා විතරයි. හුඟ දෙනෙක්ගෙ ආදරේ ජේමිට ලැබෙන්න මේ කොටස හේතුවක් වුණා. ජේමි තමන්ගෙ ඇස් වලින් බොහෝ වතාවක් දාරක ප්‍රේමය ප්‍රකාශ කිරීමට ඔහුට ඇති අයිතිය සඟවා ගත් මිනිසෙක්. එය ඉතා අනුවේදනීයයි. ජොෆ්‍රිගේ මරණය ගැන වුණත් මැරෙන්න නියමිත ටයිරෙල් කාන්තාව ඉදිරියේ පවා ඔහු සංයමයෙන් මුණිවත රකිනවා. ඒ දෘෂ්ටිය මරු. ඔහු ඉතා වේගයෙන් ආදරය දිනා ගනිමින් ඉන්නවා. සමහරවිට මේ අපිට අසෝර් අහායි කෙනෙක් නිර්මාණය කරන පෙන්වන හැටි වෙන්නත් පුළුවන්.
දැන් මං යන්නෙ සිටිඩෙල් දිහාවට. කොහොම හරි ජෝරා ට සනීපයි. මං මේ කතාවෙ දකින්නෙ මනුෂ්‍යත්වය කියන කාරණාව. සෑම් කියන්නෙ හරි ලස්සන මනුස්සයෙක්. හදවතේ ඉතා යහපත් තැන් තියෙන ටාර්ලි කෙනෙක් කියලා ෂුවර් කරන්නවත් බැරි කෙනෙක්. ඔහු ගෙ නිර්භීත කමට වඩා එළියට එන්නෙ තමන්ගෙ ශක්තිය පිළිබඳ ඔහුටම ඇති විශ්වාසය හා මිනිස්සු පිළිබඳ ඇති මානව ප්‍රේමය. ජෝරා ට අතට අත දෙන දර්ශනය මතක් කරන්න.. පුරුෂ ශක්තියෙන් කලිසි පවා වසඟ කළ ඩාරියෝ නහාරිස් ජෝරාට සලකපු හැටි හා ගැහැණියක් හරි හැටි ගණං නොගත්ත, කවුරුත් අකමැතිව සිටි.. ජෝන්ගෙ රැක්මෙන් , ජෙයෝ මෝමන්ට් ගෙ රැක්මෙන් කල් ගෙවූ ගෙදරිනුත් පිටුවහල් වූ සෑම් ජෝරාට සලකපු හැටි හිතුවාම පිරිමිකම හරියටම තියෙන්නෙ කොතනද කියන මානවීය ගුණය ලස්සනට කතා කරන්න මේ කොටසෙ හැකියාව ලැබෙනවා.



මේක ඉතාම කෙටි විචාරයක් !! තුන්වැනි එපිය ගැන ගැඹුරින් කරපු. අද හවසට මං Q & A seession එක දාන්නම්. පොරොන්දු දිග නැතිවට සමාවෙන්න.. ඊයෙ හවසයි නිවාඩු ලැබුණෙ. ඉස්සරහට ඔයාලාට ගොඩක් ලියන්නම්!
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

21 thoughts on “තුන් වැනි එපිසෝඩ් එක පිළිබඳ Hard review එක මෙසේය!

  • August 8, 2017 at 8:02 PM
    Permalink

    ලිපිය ආසාවෙන් කියෙව්වා අක්කෙ…ගොඩක් ස්තූතියි..දිගටම ලිපි දෙන්න ඉස්සරහටත්

  • August 7, 2017 at 8:31 PM
    Permalink

    good job sister thank u

  • August 7, 2017 at 2:36 PM
    Permalink

    Thanx akke watinawa

  • August 6, 2017 at 8:11 PM
    Permalink

    Superb one..

  • August 6, 2017 at 3:41 PM
    Permalink

    patta…

  • August 6, 2017 at 1:46 PM
    Permalink

    could you please supply us a SE07 E03 sinhala subtitle… why such a delay ….

  • August 6, 2017 at 12:59 AM
    Permalink

    මට තියන ප්‍රශ්නෙ තමා ඇයි mance rayder, east watch by the sea එකට පහර නොදුන්නේ කියන එක….Nightking ඒ පැත්තෙන්නේ එන්නේ…

  • August 6, 2017 at 12:50 AM
    Permalink

    බොහෝම ස්තූතියි අක්කේ…ගොඩාක් වටින වැඩක්.. ජයෙන් ජයම වේවා!!!

  • August 5, 2017 at 7:57 PM
    Permalink

    Thanks akke.. සුපිරි… මග බලන් හිටියෙේ.

  • August 5, 2017 at 7:54 PM
    Permalink

    niyamay akke. oyage lipiya enakam balagena hitiye. godak watinawa. thawa liyanna. jayawewa!

  • August 5, 2017 at 7:01 PM
    Permalink

    මම ලිපියක දැක්ක tyrion lannister , targaryen කෙනෙක් වෙන්න පුලුවන් කියලා තිබ්බ.. මේ පිලිබඳව කතා මාලාවෙ යම් යම් hint ලැබෙන බවත් තමා තිබ්බෙ.. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

  • August 5, 2017 at 5:33 PM
    Permalink

    හිස කෙස් වල ස්වරුපය පාට වගේ දේ එකක් ඔවුන් අයිති වංශය ගැන අදහස් කතාව පුරාම තියනවා. අපි දැකල තියන ටගේරියන් වරුන්ගේ කොන්ඩේ කහ පාටයි.එත් ජෝන් ස්නොව්ගෙ කොන්ඩේ කලුයි.ඒ ගැන ඔයාගේ අදහස මොකද්ද නෙරන්ජි..

  • August 5, 2017 at 5:20 PM
    Permalink

    wow cool . thanks dear

  • August 5, 2017 at 3:49 PM
    Permalink

    ලිපියට ස්තූතියි

  • August 5, 2017 at 3:48 PM
    Permalink

    Thanks akke review ekata meka denakan thama balan hitiye

  • August 5, 2017 at 3:21 PM
    Permalink

    Godak asawen balanne oyage lipiya. Supiri

  • August 5, 2017 at 3:17 PM
    Permalink

    Thanx ….akke super…

  • August 5, 2017 at 3:16 PM
    Permalink

    Thank u

  • August 5, 2017 at 3:04 PM
    Permalink

    ලිපිය නම් පට්ට. ඇ බලන් හිටියෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *