සීසන් හතේ දෙවැනි කතාව ගැඹුරින් කියවීම හෙවත් 2nd Episode Hard review and Q &A

මේ පාරත් ටිකක් වැඩියෙන් කල් ගත්ත එකට බයිස්කෝප් මංසලට ගොඩ වදින සහෝදරයො සහෝදරියො මට සමාව භජනය කරන්න ඕනෙ. වාරිස්ට නං ඩැනීගෙන්  සමාව ඉල්ලගන්ඩ ඩැනීට ගොඩබිමට බහිනකං ඉන්ඩ වුණානෙ‍ 😀  අනේ මංදා බෝට්ටුවෙ නැවේ  මේ කට්ටිය මක් කළාද කියලා. සිනමාව කියන්නෙ ඉතිං ඒකට තමයි නේද? කොහොමත් මේ එපිය සබ් කරපු වෙලේ ඉඳං  අපේ රොයිලි අයියා නම් චීස් ටොපිං ඇඩිෂනල් ඇඩ් කරපු  ඉටැලියන් පීසා තුන්වේලටම කනවා කියලායි ආරංචි. 😀 😀 පරක්කු කරපු එකේ අනං මනං නැතුව අපි බලමු මේ පාර සිද්ධි ටික ගැඹුරින් අධ්‍යනය කරන්න. මේ පාර මං සිද්ධි විග්‍රහය, සහ අපේ විචාර අධ්‍යනය එකක් විදිහට කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ‍. ඒ කියන්නෙ ටිකක් දිග විචාරයක් වෙයි නේද? අපි කොටසින් කොටසට යමු.


පළමු කොටසෙ අපි දකින්නෙ මුහුදට මූහුණලා තිබෙන ඩ්‍රැගන්ස්ටෝන් හී මාළිගාව. මේ මාලිගාව හදා තියෙන්නෙ ගල් වලින්. නිතර හමන කුණාටු වලට ඔරොත්තු දෙන ශක්තියක් එහි තිබෙන බව බැලූ බැල්මට පේනවා. ඒත් මේ කුණාටුව තරමක් සැර කුණාටුවක් වගෙයි. ඒ කුණාටුව අතරින් සිතියම් කාමරයට දර්ශනය පැමිණෙනවා.

ඔබ මෙලොවට පැමිණියේ මේ වගේම කුණාටු දවසක.. ටිරියන් ලැනිස්ටර් ඩැනීට කියන්නෙ ඒ විදිහට . අපි දන්නවා දෙවැනි එපිසෝඩ් එක ඔවුන් නම් කළේ ස්ටෝර්ම්බොන් ලෙස.  පළමු දෙබසින්ම ඒ නම, මේ එපියට දැම්මෙ ඇයි කියලා දැන් පැහැදිළියි. මුළු එපිය පුරා වැඩි කොටසක් කතා කෙරෙන්නෙ ඩැනී ගැන කියලා කිව්වොත් නිවැරදියි. ඩැනී සමග ස්ටෝර්ම්බෝන් යන සුරතල් නාමය නිතර යෙදෙන්නෙ, ඇය මහා කුණාටුවක් ඇති රැයක උපන් කෙනෙක් නිසා කියන කරුණ හැමෝම දන්නවා කියලා හිතනවා. ඇගේ උපතත් එක්කම ඇගේ මව ගිය නිසා ඈ සහ ඇගේ සොයුරු විසේරිස්  නැගනෙහිර එසෝස් මහද්වීපයට යැවෙනවා.

මේ රාත්‍රියෙ වන කතා බහට ටිරියන්, වාරිස්, ඩැනී මෙන්ම  ග්‍රේවෝම් සහ මිසන්ඩේ ද එකතු වෙලා ඉන්නවා. අපි මුල්ම වතාවට වාරිස් සහ ඩැනී අතර දෙබසක් දකින්නෙ මේ එපියෙදි. පෙනෙන විදහට, පමු එපියෙදි විසේරිස් සමඟ ඩැනී ව කාල් ඩ්‍රෝගෝට විවාහ කරදීමට සැදූ මිනිසා සමඟ හොඳ සන්නිවේදනයක් වාරිස්ට තිබිලා තියෙනවා. විසේරිස් ව රජ කරවන්න, ඔහුට හමුදාව ලබා දෙන්න ඩැනීව කාල් ට ලබා දීම පවා ඔවුන්ගේ මහා සැලැස්මෙ කොටසක් වෙලා තිබිලා තියෙනවා. එහෙත් පවතින සැලැස්ම රැකගන්න තමන් සිටි, එවකට රට කරවූ රොබට්  බ්‍රැතියන්ගෙ අණට කීකරු වූ බව පෙන්වන්නට, ඩැනීව මරා දමන්නට විෂ යැවීම කරන්නත් වාරිස්ට සිද්ධ වෙනවා. ඒ මොහොතේ පවා ඔවුන්ට ඩැනී වැදගත් චරිතයක් වුණේ නෑ. ඔවුන් විසේරිස් ගේ ආගමනයයි බලාපොරොත්තු වුණේ.

කතාවේ මේ කොටස ගැඹුරින්  සලකා බලන විට  අපිට පැහැදිළිවම පේනවා වාරිස් කියන්නෙ එක්තරා විදිහකට වෙනස් , මුළු කතාවේ සිද්ධි සමූහයම එක වැලකට ගොතාගන්න මෙහෙයවන ලද, මේ සිංහාසන තරඟයේ අතිශය වැදගත් චරිතයක් බව.  එක අවස්ථාවක ලිට්ල් ෆින්ගර් සිංහාසනයේ කඩු ගනිමින් ඉන්නවා. මේ සිංහාසනය නිර්මාණය වුණ හැටි ඔබ දන්නවා ඇති කියලා හිතනවා. පළවෙනි එගොන් ටාගේරියන් මුළු වෙස්ටරෝස් නුවරම ජය ගත්ත වෙලාවෙ, තමන්ගෙ සියලු සතුරන්ගෙ කඩු එකතු කරලා බැලේරියන් කියන මකරා ලව්වා ගිනි පිඹලා මේ සිංහාසනය නිර්මාණය කරා  කියලා වෙස්ටරෝස් ඉතිහාසෙ සඳහන් වෙනවා. හැබැයි කඩු දහසක් ඇති සිංහාසනයක් ගැන ඉතිහාසෙ සඳහන් වුණත්, මේ සිංහාසනේ හැබෑවට ම තියෙන්නෙ කඩු දෙසියයක් විතර කියලා.. බේලිෂ් කියනවා. වාරිස් ඒ මොහොතෙ කියන්නෙ, මේ වෙස්ටරෝස් නුවරම සිංහාසනයේ හිඳ ගන්න කිසිම ආශාවක් නැති පුද්ගලයෙක් ඉන්නවා නම්, ඒ පුද්ගලයා තමුන් වෙන්න ඇති කියලා.  ඒ මොහොතෙ ඒ ගැන පුදුම හිතුණත්, ඉන්පස්සෙ නෙඩ් ස්ටාර්ක් අඳුරු සිර මැදිරියෙදි වාරිස් ගෙන් ඔබ සේවය කරන්නෙ කාටද? ඔබට  වුවමනා කුමක් දැයි අසන වෙලාවෙ, ඔහු කිව්වෙ තමන්  සේවය කරන්නෙ රාජධානියට බව. ඒ දෙබස වුණත් හැබෑවටම වාරිස්ගෙ අරමුණු තේරුම් ගන්න තරම් සරළ වුණේ නෑ.

හැබැයි, ඩැනී සමඟ කතා කළ කොටසෙන්, වාරිස් ඇත්ත කතා කරනවා කියලා  දැනෙනවා. ඔහු දුප්පතුන් අතර ඉපදිලා, හැදී වැඩිලා.  කරදරයට පත් වෙලා. ශරීරෙ කොටස් අයින් කිරීම් වලට අහුවෙලා, අන්තයටම දුක් වින්ද ළමා කාලයක් තිබූ කෙනෙක්. ඔහු තමන් බිහිවූ නිර්ධන පන්තියට ආදරය කරනවා. එනිසා එය අඩුවෙන්ම පෙළන කෙනා සැමවිටම ඔහු තෝරා ගන්නවා. ඔහු තමන් කාලයක් තිස්සේ සංවර්ධනය කරගත් තොරතුරු ජාලය හරහා  තමන් තෝරාගන්නා මිනිසාට හෝ ගැහැණියට පාලනය පවත්වා ගැනීමට උපකාර කරනවා. එය අන්ධ භක්තියක් නොවන බවත් ඔහු ඉඳුරාම පවසනවා.

වාරිස් වගේම අපිට මේ කොටසෙ මැලිසැන්ඩ්‍රෙ ගැනත් කතා කරන්න වෙනවා. මේ කතාවට මේ දෙන්නාම වැදගත්. මැලිසැන්ඩ්‍රෙ වුණත් අවංකව කතා කරන කෙනෙක් බව පෙනෙනවා. ඇය තමන් පිටුවහල් කළ පලිය ගන්නට ඩැනී හා එකතු වන බවක් පෙනෙන්නෙ නෑ. ඇගේ විශ්වාසය තවමත් ඇත්තෙ ජෝන් කෙරෙහි. මිසන්ඩේ විසින් උසස් වැලේරියන් භාෂාවේ කුමරා සහ කුමරිය කියන වචනයට ලිංග බේදයක් නැති බව පැවසුවත් ඒ ඔහුසේ තර්ක කර එය පහදවා ඩැනීව තමාට නතු කරගැනීමට  මැලිසැන්ඩ්‍රෙ උත්සාහ දරන්නෙම නෑ. ඇයට අවශ්‍ය සත්‍ය පහදා දීමට. ( ඇ දකින සත්‍ය)  ජෝන්ට උදව් කළ හැකි කෙනා ඩැනී බව පමණයි ඇය අදහන්නෙ. ඩැනී මෙම අනාවැකියේ අසෝර් අහායි ලෙස තවම මැලිසන්ඩ්‍රේ නම් පිළි නොගන්නා පාටයි. ඒ වගේම ජෝන් කෙරෙහි විශාල ගෞරවයක් ඇයට තියෙන බවත් පෙනෙන්නට තියෙනවා. අනාගතයේදි, වාරිස් සහ මැලිසැන්ඩ්‍රෙ දෙදෙනාම එකතු වෙලා ඉතා ගුණාත්මක සේවයක් ලබා දෙන බවක් නම් පේන්න තියෙනවා.

දැන් මම කතා කරන්න සූදා නම් වෙන්නෙ මේ කතාවෙ මේ කොටසේ සිදු වූ සිනමාත්මක භාවිතය ගැන. අපට ඩැනීව සැම වෙලාවෙම වෙස්ටරෝස් සිතියම අභිමුව යෝධ විලාශයකින් පෙනෙන්නෙ. එහෙත්, මැලිසැන්ඩ්‍රෙ හමුවන අවස්ථාවෙ ඔවුන් සියලු දෙනා අපට පෙනෙන්නෙ ඉතා කුඩා මිනිසුන් ලෙස. ඉහළ කෝණයකින් තමයි මේ රූපය අපට පෙන්වන්නෙ. එයින් කියවෙන්නෙ මේ මහා සිද්ධියේ ඔවුන් ඉතා කුඩා කොටස් බව පමණයි. ඩැනේරිස් මැලිසන්ඩ්‍රෙ ඉදිරියෙ මහා විශාල රූපයක් ගොඩ නගන්නෙ නෑ. හැබැයි තෙවනි කොටසේදි ජෝන් ඉදිරියෙ විශාල රූපයක් ගොඩ නගන බව ඒත්තු ගන්වන්න ඩැනී උත්සාහ කරයි කියලා අපිට තෙවන ට්‍රේලරයේ දැනට දැකපු දර්ශන වලින් කියන්න පුළුවන්.  එයින් අදහස් වෙන්නෙ නෑ. ඩැනී හැබෑවටම මාර චරිතයක් කියලා. ඇය එහෙම පෙන්වන්න උත්සාහ කරනවා පමණයි.

අපි ඩැනීගෙ මනෝ භාවය ගැන කතා කරන්න සූදානම් වුණොත්, මේ කතාව පුරාම ඩැනී ක්‍රියාත්මක වෙන්නෙ ආක්‍රමණික ස්වරූපයෙන්, මිසක පාලකයෙකුගෙ ස්වරූපයෙන් නෙවෙයි. ඈ තුළ පවතින මනුෂ්‍යත්වය නිසා ඇයව තරමක් පාලනය කරන්න ඇය අවට ඉන්න ඥාණය තියෙන අයට හැකියාව ලැබෙනවා. ඒත් එයින් අදහස් වෙන්නෙ නෑ ඇය සිය ආක්‍රමණික සිතුම් පැතුම් ක්‍රියාත්මක නොකරාවි කියලා. ඈ මැඩ් කිං ට වඩා වෙනස් වෙන්නෙ කාන්තාවක් වීම හා තරුණ වීම අතින් පමණයි.  ඈ තරඟකරුවන්ට අප්‍රමාණ බියක් දක්වන කෙනෙක්. ඒ නිසාම ඇය තරඟ කරුවාට ඇති බිය නිසා තරඟ කරුවා තමාට බිය කරවා යටත් කරගන්නට ප්‍රබල උත්සාහයක නිරත වෙනවා. එයින් ඇය සතු රාජතාන්ත්‍රික භාවයේ විශාල අඬු ලුහුඩු තැන් කියවෙනවා කියලා මම විශ්වාස කරන්නෙ. මේ දුර්වලතාවය ඇගෙන් මුදවන්න, හිටිය පළමු වැන්නා විදිහට, සර් ජෝරා හඳුන්වන්න පුළුවන්. දෙවැන්නා විදිහට ඩාරියෝ නහාරිස් ගැන කියන්න පුළුවන්. හැබැයි දැනට නම්, එ පිළිබඳව ඉන්නෙ ටිරියන් ම පමණයි.

ඩැනී මේ කතාවෙ, ඉස්සර ජෝන් ඒමන් ටාගේරියන්ගෙන් ලැබුවා වගේ උපදෙසක්, වයසක ටයිරෙල් නෝනාගෙන් ලබනවා.  Be a Dragon කියලා. ඒත් ඒක ඒමන් වගේ පහන් සිතින්ම දුන්න එකක්ද? ඇය ලවා සර්සිට දැනෙන මට්ටමේ, පළිගැනීමක් කරවන්න ටයිරෙල් එකම ඉතිරි ප්‍රාණියා වශයෙන් තියෙන ආශාවද කියලා ටිකක් කල්පනා කරන්න වෙනවා. කොහොම ටිරියන් ගෙ යුද සැලසුම් ඉතාම තියුණුයි. ඇයට ඩැනී ඇහුම්කන් දෙන ස්වභාවය ඩැනීගෙ පැත්තෙන් ඥාණාන්විතයි. ඩැනී සතු හමුදාව රැකගෙන එකතු වූ හමුදාවන් ගෙන් පහර දීම එක්තරා ඥාණාන්විත ක්‍රියාවක් කියලා අවසානයේ වූ යුරෝන් ග්‍රේජෝයි ප්‍රහාරයේදි පෙනෙන්නට තිබුණා.  හැබැයි මේ ප්‍රහාරය නිසා නොහිතූ විදිහට ඔවුන්ට හිමි මිත්‍ර පාර්ශව දෙකක්ම  සර්සි පාර්ශවය විසින් විනාශයට පත් කළා. පළමු වැනි සටනෙන් ඩැනී දැනටමත් පරාදයි. ඇයට අවශ්‍ය වුණේ නැව් මඟින් ගොඩ බිමට පැමිණෙන සැපයුම් අඩාල කරලා රාජධානිය හිර කරන්න නම්, එය සම්පූර්ණයෙන්ම මුහුද මැදදිම අසාර්ථක වුණා. යූරෝන් කිව්ව විදිහටම, සර්සිට දැන් මුහුද අයිති බවක් පේන්න තියෙනවා.

මේ සටනේදි සෑන්ඩ් වරු දෙදෙනෙක් ග්‍රහණයට හසු වුණා. දෙදෙනෙක් මිය ගියා. මාටෙල් වරුන්ගෙ රුධිරය තියෙන එකම එක සෑන්ඩ් කෙනෙක් කිංන්ග්ස් ලෑන්ඩිං වලට යනවා. තවමත් යාරා ග්‍රේජෝයි ජීවත් වෙනවා. යාරා කියන්නෙ මගෙ ප්‍රියතම චරිතයක්. ඇය මිය නොගිය එක නම් හොඳයි. එලරියා සෑන්ඩ් වුණත් තවම ග්‍රහණයට හසුවී හෝ ජීවත් වෙනවා.

තියොන් මානසිකව අධික කම්පනයකට ලක් වූ කෙනෙක්. ඒ නිසා ඔහුට ඒ මොහොතේ සිය සොයුරිය බේරගන්න බෑ. අධික කම්පනයකට පත් වූ කෙනෙක්ගෙ මානසික තත්වය ඒකයි. හැබැයි එයින් කියවෙන්නෙ නෑ..  ඔහු හැම විටම බය ගුල්ලෙක්ව ඉඳී කියලා. මේ කතාවෙ තියොන්ට ඉටු කරන්න ලොකු කොටසක් තියෙන බවයි මගේ හැඟීම. සයිලන්ට් නෞකාව ඩැනේරිස් සතු යුධ නැව් සමූහයක් විනාශ කළේ, ඇගේ මිත්‍ර පාර්ශවය විනාශ කළේ ඒ විදිහට. තියොන් ගෙන් ඇයට වැඩක් නොවන තරමට ඔවුන් සතු නැව් දැන් නැති වෙලා. හැබැයි ග්‍රේජෝයිවරු කියන්නෙ මුහුදට. ඩාවොස් හා ග්‍රේජෝයිගෙ යම් එක් වීමක් තුළින් නැවත නැව් ගොඩ නගන්නට වුණත් බැරි වෙන එකක් නෑ. අවුලකට තියෙන්නෙ ඩ්‍රැගන්ස්ටෝන් වල එච්චර ගස් නෑ.

දැන් අපි යමු වින්ටර්ෆේල් වලට. ජොන් ගෙ සූදානම අපි දුටුවා. ඔහු ඩැනීව හම්බවෙන්න කැමතියි. ඔහු ටිරියන්ව විශ්වාස කරනවා. සෑම් මතු කළ අවශ්‍යතාවයත් ඔහු අඳුනනවා. පේන විදිහට නම් තවම සෑම් ට ආරංචිය ඇවිත් නෑ ජෝන් රජ වෙලා කියලා. හැබැයි ජෝන් අයන් ත්‍රොන් එකේ ඉඳගත්තත්, සෑම්ට ජෝන් ජෝන් ම තමයි. .සෑම් ජෝන්ට සලකන්නෙ සහෝදරයෙක්ට වගේ. ජෝන් නිසා ඔහු පැරණි දෙවියන් පවා සරණ ගියා. දැන් වින්ටර් ෆෙල් වල දරුවන් පවා සටන් පුහුණු වෙනවා. ඒ අතරෙ, ජෝන් ඩ්‍රැගන්ස්ටෝන් වෙත යායුතුද කියලා සභාවෙ කතා වෙනවා. ජෝන් කවුරු එක්ක වලි දාගත්තත්, තර්ක කරත් ලියානා කෙරෙහි නම් ආදරයක් බයක් දක්වන පාටක් පේන්නෙ. එකක් ජෝන් ඔහුගෙ සීයාට අප්‍රමාණව ගරු කළා. ඔහුව මරා දැමූ මිනිස්සු මරා දමා පළි ගන්නට තරම්ම ගරු කළා. මෝමන්ට් වරු කවුරුත් ජෝන්ට ආදරේ කරන බවක් තමයි පේන්නෙ. ජෝරා සහ ජෝන් හමු වුණොත් අපිට එය වහා පැහැදිළි වේවි. ජෝරාට හිමි විය යුතු කඩුව දැන් තියෙන්නෙ ජෝන් අතේ. ඒත් එය ජෝන් ජෝරාට පිරිනැමුවත් සමහරවිට ඔහු භාර නොගෙන හිඳීවි. මෝමන්ට් වරු  ඉතා නිර්භීත ශක්තිමත් මිනිස්සු. ගෞරවාන්විත අය. මුළු කතාව පුරාම ඔවුන්ගේ වංශය රජවරුන් තැනීම උදෙසා විශාල සේවයක් ඉටු කරනවා. හරියට කල්පනා කළොත්. ඩැනීව රැජිණක් ලෙස නිර්මාණය කරන්නෙ, විසේරිස් නෙවෙයි. ජෝරා.. ජෝන් ව රාජෙක් ලෙස නිර්මාණය කරන්නෙ ලියානා මෝමන්ට්. දෙන්නම එකම වංශයෙ. කුඩා මිනිස්සු දෙන්නෙක්. හැබැයි ඒ දෙන්නම රාජ්‍යත්වය කෙරෙහි පතුරවන්නෙ අසීමිත බලයක්.

සන්සා එක්ක වලි දාලා හරි බේලිෂ් ගෙන් සන්සාව බේරගන්නත්, ජෝන් එනතුරු ජෝන්ට රජකම ඉතිරි කරලා තියන්නත්  මේ පුංචි ලෝර්ඩ්වරියට පුළුවන්. ඇයට මුලු සභාවම හිතාගන්න බැරි විදිහට ගරු කරනවා.  ඇය එක්ක වද නොකරන්නෙ ඇය කුඩා නිසා නෙවෙයි. ඇයට ඇගේ පරපුරට යම් බියක් උතුරේ තියෙන නිසා.  ඇය පවසන්නෙ ඇත්ත වග පෙනෙන නිසා. ආර්යාගෙ පැමිණීම උතුරේ රජකම ජෝන්ට ඉතිරි කර තියන්න තවත් උදව්වක් වෙයි කියලා හිතන්න පුළුවන්.

ජෝන්ට රජකම ගැන කිසිම අවශ්‍යතාවයක් නැතත්, ඔහු මිනිසුන්ගේ බේරීම කියන කාරණාව උදෙසා විශාල කැපකිරීමක් කරන නිසා ඕනෙම මකර කටකට යනවා. ඔහු වාරිස් විසින් ප්‍රිය කරන චරිතයක් වෙයි කියලා මම හිතනවා. වාරිස් කැමති මිනිස්සුන්ට සේවය කරන රජවරුන්ට.

හැබැයි මම තවමත් සන්සාව අවිශ්වාස කරන්නෙ නෑ. ඇය පාලනයට ආශා කරන බව ඇත්ත. ඒත් එහෙමයි කියා ඇ තමන්ට ඉන්න එකම ශක්තිමත් සහෝදරයා ඒ වෙනුවෙන් මරාදමන එකක් නෑ. ඇය ජෝන්ව රකින්න උත්සාහ කරනවා. ඒත් පාලනයට තියෙන ආශාව නිසා ඈට එය බාර දෙනවා නම්, ඈ කියන දේ අහනවා නම් ඈ කැමතියි. ජෝන් වුණත් සන්සා කෙරෙහි ආකර්ෂණයක් තියෙනවා. ඇයට බේලිෂ් ගැන තරහ යන්නෙ නෙඩ් එක්ක කැටලින් සම්බන්ධෙන්  බේලිෂ් කතා කරද්දි, නෙඩ් ට තරහ ගිය විදිහට. ජෝන් සහ සන්සා අතර කවදත් තිබුණෙ සහෝදර බැඳීමක් නෙවෙයි. ඔහු සන්සා ට ආශා කළා. ආර්යාට ආදරය කළා. ඒ නිසාම ජෝන් කැමති නෑ.. සන්සා යම් කෙනෙක්ට අයිති වෙනවාට. ඔහුට සන්සා අවශ්‍යයි. දැනට සන්සා ඔහුගෙ කියා ඔහුට විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම ඈ රැක ගන්න, ඈ ප්‍රවේසම් කරන වග කීම ඔහු භාර අරන් තියෙනවා. හැබැයි ජෝන්ට සන්සාව ආරක්ෂා කරන්න බෑ. No one can protect  me කියලානෙ සන්සා කියන්නෙ. හරි ඒක නිසා තමයි ආර්යා එන්නෙ. ආර්යා සන්සාව රැකගනියි. වෙන්න නියමිත කරදර වලින්.

කොහොම වුණත්, බේලිෂ් වටිනා කිසි දෙයක් දැනට කිසිවෙක්ට කිව්වෙ නෑ. ඒත් ටයිරෙල් නෝනා අවසානයේ මරු වැළඳගත්තොත්, ඊට පෙර බේලිෂ්ව පාවලා දෙන බව සිකුරුයි. ඉන්පස්සෙ බේලිෂ්ට ජේමි ගෙ සර්සි ගෙ පටන්ම තරහකාරයො ලැබේවි.

දැන් මං කතා කරන්නෙ මකරු මරන ආයුධය සහ ටාර්ලි පරපුර ගැන. ටාර්ලි වරු හොඳ දුනු වායො. මේ මකරු මරන දුන්නෙන්, බැලේරියන් ගෙ ඔලු කට්ට විදින්න පුළුවන් නම්,  ඩෝගොන්ව විදින එක මහ දෙයක් නෙවෙයි. ඩිකොන් ටාර්ලි ගැන අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් වුණොත් හොඳයි. ලස්සන කොල්ලෙක් නිසා. ටික කාලයක් ජීවත් වුණොත් හොඳයි. ටයිරෙල් වරුන්ට දිව්රුම් දුන් ධජ කරුවෙක් හැටියට ටාර්ලි වරු තවමත් ඔවුන්ට විරුද්ධව යන්න අකමැතියි. එහෙත් ලැනිස්ටර් වරුන්ගෙ කපටි කම් හමුවෙ ඔවුන් පවා කුඩා දරුවන්. මට හිතෙන්නෙ ටාර්ලි තාත්තා මේ යුද්ධෙදි මැරෙයි. පුතා ඒ පලිය ගන්න ඉතිරි වෙයි කියලා. හැබැයි ඩිකොන් මිය ගියොත් ඒක සෑම් ගෙ පැත්තෙන් වාසියි.

සෑම් වුණත් පරණ නගරෙ, නිකං ඉන්න පාටක් නෑ. ඔහු ට එහිදී අපි හිතපු විදිහටම ජෝරා ව හමුවෙනවා. ඔහු ජෝරාට බෙහෙත් කරනවා. ඔහු ජෝරාට ටිය යන්න දෙන්නෙ නෑ. එයට හේතුව සෑම්ට මිය යාම තහනම් කළේ ජෝරාගෙ පියා නිසා. එදා මල මිනියක් බලා ගන්න බැරිව හිටපු සෑම්, දැන් බෝල්ටන් වරුන්ට වඩා දක්ෂ විදිහට මිනිහෙක්ව පණ පිටින් ලෙලි ගහනවා. වෙනස අරමුණ විතරයි. අද වෙනකොට ඔහුගෙ නිර්භීත බව සෑහෙන දියුණු වෙලා තියෙන්නෙ.

ඔහුට ලැබිලා තියෙන පැවරුමට අනුව ඔහුට ඉතිහාසය ලියන්න වෙනවා. මේ ඉතිහාසය සොයා යන ගමනේදි ඔහුට ලැන්ස්ටර් වරු ගැන විශාල අධ්‍යනයක් කරන්න පුළුවන් විශාල පොතක් මහ මේස්ටර් වරයාගෙන් ලැබුණා. ඒ හරහා මොන වගේ තොරතුරු සෑම් දැනගනීවිද කියලා අපි බලමු. මේ වගේ සෑම වංශයක් ගැනම ලියවුණු පොත් තියෙනවා නම්, ජොන්ගෙ අනන්‍යතාවයත් මේ දේවල් එක්කම හොයා ගන්න සැමුවෙල් ටාර්ලිට බැරි වෙන එකක් නෑ. දිවැසි දකින්නෙක් විදිහට බ්‍රැන්ට දේවල් කියන්න පුළුවන් වුණත්, සමස්ත සමාජයට දෙයක් ඔප්පු කරන්න දිවැසි කරුවෙකුට බෑ. ඒකට යම්කිසි ලිඛිත සාක්ෂියක් අවශයයි. අන්න ඒ සාක්ෂිය හොයා ගන්න කෙනා බොහෝවිට සෑම් වේවි කියලා අපේක්ෂා කරන්න පුළුවන්.

ඒ වගේම අවසානෙ හොබිට් වල, ලෝඩ් ඔෆ් ද රින්ග් වල සෑම් වගේ කතාව අන්තිමට ලියලා ඉවර කරන්නෙ මේ සෑම් ද කියලා තියරියකුත් රසිකයන් අතර තිබ්බ බව අපි සාකච්චා කළා කලිනුත්, ඔබට සමහරවිට මතක ඇති.  මේ විදිහට සෑම් රොබට් රෙබෙලියන් එක සහ පසු යුගය අධ්‍යනය කරනවා නම්, මේ කතාව අවසානය දක්වා ලියන කෙනා ඔහු වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ තිරපිටපත ලියූ බ්‍රයන් කොග්මන් මෙම නාට්‍යට ලියූ පළමු වැනි කතාව වන පළමු සීසන් එකේ “Cripples, Bastards, and Broken Things” කියන සිව්වන එපිය ගැන සලකා බැලුවොත් මෙම එපිය පුරාම කතා වෙන්නෙත් ඒ චරිත පිළිබඳවම තමයි. ඔහු සිය පළමු තිරපිට පත තුළදී මේ චරිත යම් දිනක ළඟා වේයැයි බලාපොරොත්තු තැබවූ උත්කර්ෂය අද වන විට ඒ චරිත සියල්ලම ළඟා කරගෙන සිටිනවා. ජෝන් රජෙක්, ඩැනී රැජිණක්, ටිරියන් රැජිණකගෙ ප්‍රධාන අණ ගෙනයන්නා, සෑම් මේස්ටර් වරයෙක්ටත් වඩා, කොටින්ම සිටිඩෙල් වල ප්‍රධාන මේස්ටර් වරයාත් අභිබවන නිර්භය මේස්ටර්වරයෙක් වෙමින් ඉන්නවා. තියොන් සෑන්ඩ් වරු දෙදෙනෙක් මරා දැමූ.. යාරා තරම් දක්ෂ සටන් කාරියක් ආක්‍රමණිකයන් අතට අසු වූ සාගර යුද්ධයකින් තවමත් පණ බේරාගෙන, සතුරන් අතට අසූ නොවී ආරක්ෂා වී සිටිනවා. මේ අතර බ්‍රැන් සිදුවිය හැකි සියලු දරුණු ගැටලු අභිබවා,බාධක අභිබවා නැවත වින්ටර්ෆෙල් වලට පැමිණෙමින් සිටිනවා. සන්සා සියලු කරදර විඳදරා තවත් ශක්තිමත් වී සිටිනවා.  බ්‍රයන් කොග්මන්ට අනුව මේ මුළු කතාවම අයිති මේ කිහිපදෙනාට . මේ කතාව අවසානයේ අත දරා සිටින්නෙ මං මේ උඩින් සඳහන් කළ අය.

කොග්මන් සිය පළමුවැනි රචනාව තුළ ලියූ සියල්ල මේ එපියට කෙලින්ම සම්බන්ධ කරගන්නවා. ජෝන් හා සෑම්ගේ හමුවීම නිසා පසුව බොහෝ දේ සිදුවුණා. ඒ සියල්ල අතර ගොඩ නැගුණු දේ තමයි අප්‍රමාණ විශ්වාසය. ඒ ගැන මේ එපිය තුළ ඔහු නැවත වතාවක් කතා කරනවා. මට ඉන්න විශ්වාසවන්තම මනුෂ්‍යයා සෑම් කියලා ජෝන් රාජ සභාවක් ඉදිරියෙ කියනවා.

ඒ වගේම මේ සීසන් හතේ දෙවැනි එපියේ අපි දකින මහා බිහිසුණු බැලේරියන් හිස් කබල  ගැන පළමු වරට කතා කරන්නෙ ඔහුගෙ මේ පළමු සීසන් එකේ හතරවැනි එපියෙදි. එදා මේ සියලු හිස්කබල් තිබුණෙ සිංහාසනය තියන ශාලාවෙ. Throne room එකෙ. විසේරිස් ඒවා දැකලා තිබුණා. සිංහාසනය ආසන්නෙම හිටියෙ බැලේරියන්. එයා තමයි සිංහාසනයට ගිනි පිඹලා ඒක ඔප කළේ. ඒත් අද ඒ හිස්කබල් තියෙන්නෙ පහල සිර කාමර වල එය එහෙම කළේ රොබට් ඔහුගෙ විප්ලවයෙන් පසුවයි. ඔහු විප්ලවයේ ජය සංකේත ලෙස ඒවා සමච්චල් සහගත තැනක තියෙන්න හැරියා. විනාශ කළේ නෑ. යම් දවසක ආයෙ ඒ හිස්කබල් උඩට එන්නට ඉඩක් ඇති බව ඔහු නොහිතන්න ඇති.

මේ එපියෙදි දෙතැනක රිකාඩ් ස්ටාර්ක් ගැන කතා වෙනවා. එක් තැනක ජේමි වැරදීමෙන් ඩිකොන්ට රිකාඩ් ලෙස අමතනවා. එය අපිට රිකාඩ් මතක් කිරීමක් පමණයි. ඒත් සන්සාගෙ සිහිපත් කිරීම සුවිශේෂයි. ඇය පළමුවෙනි සීසන් එකේ  හතරවැනි එපියෙදිත් මේ විදිහටම සිය සීයාගෙ මරණය ප්‍රශ්න කරනවා.

මේ සියල්ලට ම වඩා වැදගත් කරුණ නයිමේරියා සහ ආර්යාගෙ හමුවීම එහිදී ආර්යා නයිමේරියාට තමා සමඟ ගෙදර යන්නට ආරාධනා කරනවා. එහිදි නයිමේරියා එයට කැමැත්ත පළ කරන්නෙ නෑ. ඌ කැලෑ ජීවිතේට දැන් ආශා කරනවා. ගෘහස්ත ජීවිතය දැන් නයිමේරියාට හුරු නෑ. That’s not you පදය තුළ නයිමේරියා වෙනස් වී ඇති බව ආර්යා පිළිගන්නවා. මේ විදිහටම පළමු සීසන් එකේ සිව් වැනි එපිය තුළ නෙඩ් ස්ටාර්ක් හා  ආර්යා අතර ඇති වෙන දෙබසකදිත් ආර්යා that’s not me ලෙස ප්‍රකාශ කරනවා. සරලවම එතැන සිද්ධ වෙන්නෙ ආර්යා යම් දවසක ගෘහස්ත ජීවිතයක් ගත කළ යුතු බව ස්ටාර්ක් පියා ඇයට පහදා දීමයි. ඒත්  එය ආර්යා ප්‍රතික්ෂේප කරනවා. දැන් ආර්යා සහ නයිමේරියා සමානයි. දෙදෙනාම ගෘහස්ත ජීවිතය ප්‍රතික්ෂේප කරලා. මේ නිසා යම් දවසක දෙදෙනා යළිත් මුණ ගැහෙන්න බැරිකමක් නෑ.  මේ කතා  දෙකම නැවත වරක් එකට බැලුවොත්, මා මේ කියන ලද සමාන කම් වලට වඩා තවත් දේවල් ඔබට දැනගන්න පුළුවන්.

පළමු සීසන් එකේ සිව්වැනි එපියෙදි තමයි මුලින්ම No one ලා ගැන කතා කරන්නෙ, විසේරිස් ගෙ ගණිකාව විදිහට ඉන්න ඩැනීගෙ සේවිකාව. ඈ කියනවා ඈ ඇසිල්ලෙන් මුහුණු මාරු කරන මිනිහෙක්ව දැකලා තියෙනවා කියලා. අද වෙනකොට no one කියන්නෙ මේ කතාව පුරාම ඉන්න ප්‍රබලම කොටසක්.

පළමු සීසන් එකේ සිව්වැනි එපියෙදි ටිරියන් සහ තියොන් ග්‍රේජෝයි ගෙ වෙන්වීම, ඒ තරම් හොඳ එකක් නෙවෙයි. ඔවුන් එකිනෙකාට අපහාස කරගන්නවා. තරහකින් ම නොවුණත්. ඒත් මෙවර ඔවුන් පළමු වතාවට හමුවෙන්නෙ. ඒත් කිසි ගැටලුවක් ඇති වෙන්නෙ නෑ.  මේ වගේ ගොඩක් දේවල් එක්ක මේ එපිසෝඩ් දෙක සමාන වෙනවා. ටිරියන්ගෙ හදවතේ තමන් වගේ අය ගැන තියෙන මෘදු හැඟීම ජෝන්ට මේ එපියෙ ටිරියන් එවපු ලියුමෙන් පැහැදිළි වෙනවා.

කොහොම වුණත් ඊළඟ එපිසෝඩ් එක වෙන තෙවැන්නෙදි, දැනට අපිට ජෝන්ගෙ සහ ඩැනීගෙ හමුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම යූරෝන් ග්‍රේජෝයිගෙ අහංකාර නගර සංචාරයත්, සර්සි එයට දක්වන ප්‍රතිචාරයත් අපිට බලා ගන්න පුළුවන්. දැන් සන්සා  තමයි වින්ටර් ෆෙල් වල අධිපතිනිය. ඇය ක්‍රියා කරන හැටිත් පළමු වරට අපිට දකින්න පුළුවන්. තුන් පොළේ සිටින්නෙ හරියටම බැලුවොත් රැජිණියන් තිදෙනෙක්. සර්සි, ඩැනී සහ සන්සා . මේ අතරින් බලය, හමුදාව සහ ශක්තිය අතින් ගත්තාම ප්‍රබලම කෙනා ඩිනේරිස් ටාගේරියන්. අත්දැකීම් බහුලම, ජයග්‍රහණය උදෙසා ඕනෙම දෙයක් කරන කෙනා සර්සි ලැනිස්ටර්. ඒත් මේ තුන්දෙනාගෙන් තනිවම, උපදෙස් රහිතවම, ගත හැකි කපටිම තීරණ ගත හැකි කෙනා සන්සා. ජොන්ට නෙඩ් ඉගැන්නුවා වගේ “ ඒත් “ කියන වචනයට කලින් මොනා කිව්වත් ඒ වචන වල මහ විශාල වැදගැම්මක් නෑ. ඒ නිසාම මේ කතාවෙ මේ රැජිණියන් තුන්දෙනාගෙන් මට අනුව මේ මොහොතේ විශාල ශක්තියක් තියෙන්නෙ සන්සා වටේ. මොකද ඈ ඉතාම කපටියි.

තැන්වෙනි එපියෙදි මං බලාපොරොතු වෙනවා සන්සා යම් කිසි විශේෂ දෙයක් god’s wood වලදි දැන ගනී කියලා. ඈට අහන්න ලැබෙයි කියලා. එක්කො එය ඇය අහන්නෙ බ්‍රැන් ගෙන්. නැත්නම් බේලිෂ් ගෙන්. වෙනත් විශේෂ කෙනෙක් ගැන, මේස්ටර් ඇරුණාම හිතා ගන්න ටිකක් විතර අපහසුයි.

ස්ටාර්ක් වරු රජ වුණාම ලේසියට දණ නමන්නෙ නෑ. ජෝන් දණ නමන්නෙ නෑ කියලා නම් හැම තැනම ස්පොයිලර් තියෙනවා. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා. හැබැයි ඩැනී ජෝන්ට ඉක්මනටම ආකර්ෂණය වෙයි කියලා හිතන්න පුළුවන්. ඩැනීට ගෝත්‍ර බය කරන්න පුළුවන් ගින්නෙන් ඇඳුම් නැතිව නැගිටලා. හැබැයි ඒ විදිහට කින්ග්ස් ලෑන්ඩිං බය කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි. ඒ දේට ඩැනී ට යම් කිසි පාලනයේ සන්නිවේදනයේ මනා හැකියාවක් තියෙන කෙනෙක් අවශ්‍යයි. ඩැනීගෙ පැත්තෙන් ජෝන් ඒ වැඩේට හොඳයි. ඒත් ඩැනී සහ ජෝන්ගෙ ප්‍රේමයක් ( දේශපාලනිකව හෝ සංසාරෙන් පතං හෝ ඕනෙ මඟුලක් නිසා ) ඇති වූවොත් එය සන්සාට කිනම් බලපෑමක් එල්ල කරයිද කියා ගැටලුවකුත් තියෙනවා. ඈ බ්‍රැතියන් වරුන්ට විවාහ ගිවිස්සා. ( ජොෆ්‍රි  ජීව විද්‍යාත්මකව ලැනිස්ටර් කෙනෙක් වුණත් දරන්නෙ “බ්‍රැතියන්“  වංශය ) ඉන්පසුව ටයිරෙල් වරුන්ට (ලෝරෙස් ටයිරෙල්) පොරොන්දු වුණා. අවසානෙ  ලැනිස්ටර්වරයෙක් (ටිරියන් ලැනිස්ටර්) හා විවාහ වුණා.  එතැනින් ඉවත් වෙලා ඇයව ඇරන් වරයෙක් හා විවාහ කරවන්නට (රොබින් ඇරන්) පොරොන්දු වුණා. පසුව ඇයට බෝල්ටන් වරයෙක් සමඟ (රම්සෙ බෝල්ටන්) විවාහ වන්නට සිදුවුණා. දැන් ඇයව විවාහ කරනගන්නට  බලා ඉන්නෙ බේලිෂ් කෙනෙක්. ඔහු ට වෙනත් පරපුරක් හෝ මහා නාමයක් නෑ. ඒ වගේම සන්සා දැනට කවර හේතුවක් නිසා හෝ බේලිෂ් හා විවාහ වන්නේ නෑ. සන්සා ස්ටාර්ක් රුධිරය ඇති අයෙක්. කෙටියෙන්ම මේ මහා වෙස්ටරොස් පාලන වලල්ලේ සිටින්නේ ස්ටාර්ක් , බ්‍රැතියන්, ටාගේරියන් හා ලැන්ස්ටාර් වරුන් පමණක් නම් ඇය අලුත් කෙනෙක් සමඟ විවාහ වෙනවා නම් ඒ ටාගේරියන් කෙනෙක් විය යුතුයි. ඉතිරි වී සිටින එකම ටාගේරියන් පිරිමියා ජෝන් නම්, සන්සා දිනෙක ඔහු හා විවාහ වේවි. සමහර විට නිසා නීසා ලෙස මෙලිසන්ඩ්‍රෙ ඩැනීගේ ජීවිත කැපකිරීම බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. ටිරියන් වුණත් අවසානෙ ටාගේරියන් කෙනෙක් වෙන්න පුළුවන් නිසා, ආයෙම ටිරියන් එක්කම සන්සා විවාහ වුණත්  ඒක වුණත් ටාගේරියන් විවාහයක් වේවි. ඒත් පුද්ගලිකව යම් දවසක සන්සා හා ජෝන් විවාහ වෙනවා දකින්න මං ආසයි. ජෝන් ආර්යාට ආදරය කරන්නෙ සහෝදරියකට වගේ. ඒ නිසා ඒක එච්චර ගැළපෙන්නෙ නෑ. හැබැයි ඊට කලින් ජෝන් ඩැනී හා විවාහ වේවි.

දැනට මේ ඇති.


ඔබ ඇසූ ප්‍රශ්න කිහිපයකටත් උත්තර දෙන්න ඕනෙ. නිසා මේ Q & A කොටසත් මේ ලිපියටම එකතු කරනවා.

1 සන්සාගෙ මුහුණ ආර්යා පාවිච්චි කරනවා නම් සන්සා  මැරෙන්න ඕනෙද? ආර්යා ගන්නෙ මළ මුහුණු විතරද? කවුද හැබෑවටම නෝ වන් කෙනෙක් කියන්නෙ?

ආර්යාට මුහුණක් පාවිච්චි කරන්න කෙනෙක් මැරෙන්නම අවශ්‍ය නෑ. හැබැයි ඒක ටිකක් භයානක ශාස්ත්‍රයක්. ඒකට ගොඩක් ඉගෙන ගන්න වෙනවා. ඒක කරන්න ජැකන් හෙගාර් විදිහට පෙනී හිටපු නෝ වන් ට නං පුළුවන් වුණා. ඔහු ආර්යාගෙ මුහුණ ගත්තා. ආර්යා ඉදිරි පිට සිටියදීම. ආර්යා ජැකන් හෙගාර්ටත් වඩා ප්‍රබල නෝ වන් කෙනෙක්. එයාට වෙනත් කෙනෙක් වීමේ බලය දක්ෂකම වැඩියි. ඉතිං ඇයට සන්සාව මරන්න අවශ්‍ය වෙන එකක් නෑ. (සමහරවිට) කොහොමත් සන්සාව නොමරන්න නෙඩ් ආර්යාව පොරොන්දු කරගත්තෙ පළමු සීසන් එකේදිමයි. ආර්යා සන්සා විදිහට පෙනී ඉඳිවී.මං එහෙම විශ්වාස කරනවා. අනාවැකියක් පමණයි.

2 වැලේරියන් කඩු සහ ඩ්‍රැගන් ග්ලාස් අතර සම්බන්ධයක් තියෙනවාද?

තියෙනවා. වැලේරියන් කඩු හැඩ කරන්න එහි මිටට ඩ්‍රැගන්ග්ලාස්  යොදාගෙන තියෙනවා. හැබැයි මේ වානෙ වර්ගය හදන්නෙ ඩ්‍රැගන් ග්ලාස් වලින් නෙවෙයි. වැලේරියන් වානෙ ගැන දන්න දැනට ජීවත් වෙන එකම  කම්මල් කරුවො දෙන්නා ටයිවින් ලැනිස්ටර් කින්ග්ස් ලෑන්ඩිං ගෙන්නුවා. අයිස් කියන සෙරමෝනියල් කඩුව කඩලා ඕත් කීපර් සහ විඩෝස් වේල් කියන යුධ කඩු දෙක හදන්න. ජේමිගෙ සහ ජොෆ්‍රි ගෙ. ඉතිං ඩ්‍රැගන් ග්ලාස් වලින් වැලෙිරියන් වානෙ හදන්න පුළුවන් නම්, එය මේ වෙනකොට කිංග්ස් ලෑන්ඩිං වල අය යම් තරමක් දැනගන්න ඕනෙ. අඩුම ටයිවින් එහෙනම් ඒක උත්සාහ කරනවා. ඔහු එම වානෙ වර්ගෙ වටිනකම දැනං හිටියා. නැත්තං ඔහු ඒ කඩුව නැවත සම්ප්‍රදායෙ විදිහට වින්ටර්ෆෙල් යවනවා මිසක් දෙකට කඩන්නෙ නෑනෙ‍

3 තනි වූ වෘකයාගෙ කතාව Ned ආර්යාට කිව්වෙ කොයි එපියෙද?

පළවෙනි සීසන් එකේ, තුන්වෙනි එපියෙ 15 වැනි විනාඩියෙ ඉඳන් ඉස්සරහට බලන්න.කින්ග්ස් ලෑන්ඩිං වලට ගිය ගමන්මයි මේ දෙබස වෙන්නෙ. මේ කොටස පොතෙත් තියෙනවා අන්න ඒ කොටසෙදි තමයි නෙඩ් කියන්නෙ. ඩ්‍රාමා එකේ ඒ කෑල්ල එඩිට් එකෙන් අයින් වෙලා. පොත කියවන්න.

අවසන්.


ඔබට අහන්න ප්‍රශ්න තියෙනවා නම්, මේ ප්‍රධාන සබැඳියට යොමු කරන්න. ෂෙයාර් කරන පෝස්ට් වල ප්‍රශ්න ඇහැව්වොත් සමහර විට ඒවා නොදකින්න පුළුවන්. නැත්තම් මේ සබැඳියකින් කෙලින්ම අහලා එවන්න. ස්තූතියි මේ ලිපි කියවා කරන දිරිමත් කිරීම් වලට. දිගින් දිගටම මංසල එක්ක එකතු වෙලා ඉන්න. මේ සතියෙ කාර්ය බහුල නිසා එක ලිපියක් වුණත් ලබන සතියෙ ඉඳලා නිතරම ලියන්න තමා හිතා ඉන්නෙ.  අගෝස්තු මාසෙ වෙද්දි.. ඔබට කියවන්න හුඟක් දේ අපි දෙනවා. පෝස්ට් හදන තිසර මල්ලිට ස්තූතියි. නාත් අයියාගෙ වීඩියෝ කුප්පි බලන්නත් අමතක කරන්න එපා. මේ සතියෙ දෙකක්ම ආවා. අදත් මේ ටිහිකට කලින් එකක් කරලා තිබ්බා. ජෝන් සන්සා ටිරියන් ගැන. ඒවා අනිවා බලන්න. එහෙම නම් අනිද්දා රොයිලි අයියාගෙ සබ් එක බලමු. එයා තාම චීස් වැඩිය දාපු පීසා කනවා.. සෑම් සහ ජෝරා දිහා බලාගෙන 😀 :

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (33 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 33 posts and counting.See all posts by neranji

23 thoughts on “සීසන් හතේ දෙවැනි කතාව ගැඹුරින් කියවීම හෙවත් 2nd Episode Hard review and Q &A

  • August 3, 2017 at 11:48 AM
    Permalink

    danata valariyan steal kadu 4i 1kinissakui thiyenawaneda akki

  • August 1, 2017 at 8:46 PM
    Permalink

    අනේ අක්කෙ පිස්සුනම් කියන්න එපා…ජෝන් සන්සා කොහොමත් ගැළපෙන්නෙ නෑ…නැන්දයි බෑණයි සංසාරෙ පතාගෙන ආපු ලව් එක..දැක්කනෙ තුන්වෙනි එපියෙ ඩැනීව දැකපු ගමන් ජෝන්ගෙ බැල්ම..ඒකට අකුල් හෙලන්න එපා…මොකද ඔයා කියන ගොඩක් දේවල් හරි යනවනේ

  • August 1, 2017 at 1:59 PM
    Permalink

    Akka or Nangi I dont know. But ai thama kawrth kiyanne naththe Tiriyon,Targariyan kenek kiyala.poddak me prashneta reply karanna

  • July 31, 2017 at 4:10 PM
    Permalink

    Jon ගෙ නැන්දා නේද Daenerys…කොහොමද එතකොට දෙන්නා බඳින්නේ …

  • July 30, 2017 at 9:03 PM
    Permalink

    නියමයි.ලිපියට ස්තූතියි

  • July 30, 2017 at 8:38 PM
    Permalink

    රෙගාර් ඩැනීගේ අයියානම් කොහොමද රෙගාරුයී ඩැනී අතර ඔච්චර වයස් පරතරයක් එන්නේ?රෙගාර් කියන්නේ ඩෑනීගේ අම්මාගේම පුතෙක් නෙමේද?

  • July 30, 2017 at 8:34 PM
    Permalink

    jhon sansata kamati kiyala kisima epiyakin api dakke ne

  • July 30, 2017 at 7:20 PM
    Permalink

    නියම රිවීව් එක අක්කෙ දිගටම දාමු

  • July 30, 2017 at 6:58 PM
    Permalink

    ජෝන් ටාගේරියන් කෙනෙක් වුනොත් එයාවත් ගින්නට පිච්චෙන්නේ නැද්ද ඩැනී වගේ…

  • July 30, 2017 at 4:49 PM
    Permalink

    kalin prshneta reply kalata thanks sis.valyrian steel swords okkoama danata thiyenne 4i neda? ethakota agonlage dark sister,Blackfyre swords idiriyedi kathawata ekathu weida?

  • July 30, 2017 at 3:57 PM
    Permalink

    Lipiyata thanks godak mahansi wela thiyenawa patta eka

  • July 30, 2017 at 3:00 PM
    Permalink

    Thanx akke patta post eka digatama one.

  • July 30, 2017 at 12:54 PM
    Permalink

    supiri

  • July 30, 2017 at 12:47 PM
    Permalink

    බොහෝම ස්තූතියි අක්කේ…ගොඩාක් වටින වැඩක්.. ජයෙන් ජයම වේවා!!!

  • July 30, 2017 at 11:22 AM
    Permalink

    ඇයි හත්දෙයියනේ මට පීසා එපා කරවන්න හදන්නේ? 😛 😛 මේ සතියෙ එපිය ලියන්නෙ මහ ජෝඩුව මයි. ඔය ඉඳල හිටල වෙන අයට ලියන්න දුන්නට මොකද සුපිරි ඒවා ලියන්න ඒ දෙන්නා තියාගන්නවා. ඉතින් මේ 3 වෙනි එකත් සුපිරියට තියේවී කියලා ඉර හඳ වගේ විශ්වාසයි. සර්සි රිටන්ස් අ ගිෆ්ට් කිව්වෙ අර මාර්සෙලාගේ මාලෙද කොහෙද දාල එව්ව තෑග්ග ආපහු දෙන එකට වෙන්ටෑ. දැන් ඉතින් එලාරියාව අරගෙන එන එකේ ඒක ආපහු දෙන්න බැරියෑ.

    අනික අර කිව්ව වගේ ඩැනීගේ යටිහිතේ පලිගැනීම තාමත් තියෙනවා. ට්රියන් වගේ වටේ පිටේ අය නොහිටින්න එයත් මේ වෙද්දි අලු කරන්න ගියා නගරෙම. ආපු දා වැල්ලෙ දණ ගහල වැලි අල්ලපු කෙනාට දැන් ඩ්‍රැගන්ස්ටෝන් බෝරින් වෙන්න අරන්. මැප් රූම් එකේ දූවිල්ල වැදුනහමත් අත් ගසනවා. ජොන් ආවට පස්සෙ ධවල ඇවිදින්නගෙ සටනට ඩැනීව නම්ම ගත්තහම වෙන සටන් ඉතුරු වෙන්නෙ බොහොම ස්වල්පයයි නේ? කාට්ස්ලිරොක් වැටෙයි. මුල්ම දිනුම සර්සිට නිසා ජේමි යයි හයිගාඩ්න් අල්ලගන්න. එතන වැට්ද්දි එයාලට ගහන්න ඩැනී යයි මකරු එක්ක. එතකොට රිවරන් වල දැන් කවුරුත් නෑ. වෙස්ටර්ලෑන්ඩ්, රීච්, ඩෝන් වලත් පාලකයෙක් කියල නැතිවෙයි. ස්ටෝම්ලෑන්ඩ්ස් සෑහෙන කාලෙක ඉඳන් අදාල නෑ. වේල් උතුරෙ රජ පැත්තෙ. සටන යොමු වෙන්නෙ ප්‍රාකාරය දිහාට තමා අන්තිමේ.

    ට්රියන් ඩැනීගේ නියෝගය සැරබාල කළා. දණ නවන්න එන්න කිව්ව එක නිකන්ම ආරාධනයක් වුණා. සර්සිව පොදු සතුරා කරගත්තා. අවජාතක කම පොදු හැඟීමක් කරගත්තා. හැබැයි ඔලෙන්න කියන දේත් ඇත්තක් නැත්තෙම නෑ. බලමුකො ඉතින් නේ.

  • July 30, 2017 at 11:06 AM
    Permalink

    Thanks akkio…

  • July 30, 2017 at 10:04 AM
    Permalink

    Mama hithanne plot leak eke hari wage.evidihatama thama denata kathaweth une.Thanks sis.I’m really appreciate your this work.

  • July 30, 2017 at 9:26 AM
    Permalink

    නියමයි අක්කි..

  • July 30, 2017 at 9:24 AM
    Permalink

    Got gana man kiyawanna asama lipi monada kiyala ahuwoth mn kiyanne oyage lipi kiyala.. ewa e tharamma rasawath.. balan innawa got gana oyage thawath lipi kiyawanna..

  • July 30, 2017 at 9:23 AM
    Permalink

    Got gana man kiyawanna asama lipi monada kiyala ahuwoth mn kiyanne eyage lipi kiyala.. ewa e tharamma rasawath.. balan innawa got gana oyage thawath lipi kiyawanna..

  • July 30, 2017 at 9:00 AM
    Permalink

    Thanx akke… super…

  • July 30, 2017 at 1:29 AM
    Permalink

    Well done and good job. Looking forward another interesting article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *