තව පැය කිහිපයයි. බයිස්කෝප් සිංහලෙන් අපි නම් ලෑස්තියි

තව පැය කිහිපයයි නේද ඉතිරි වෙලා තියෙන්නෙ. අද දවසම එක එක්කෙනා inbox ඇවිත් අහන්නෙ හෙට බයිස්කෝප් සිංහලෙන් අපේ සෙට් එක ගේම් ඔෆ් ත්‍රෝන් දෙනවා කියන්නෙ කීයටද කියලා. ඒක රොයිලි අයියාගෙන් තමයි ඉතිං අහන්න ඕනෙ. තවමත් ලංකාවෙ සෑහෙන දෙනෙක් සිංහල උපසිරැසි එක්ක ටීවී සීරිස් බලන්න කැමතියි. ඒ ඉංග්‍රිසි දුර්වල කමක් නිසා නම් නෙවෙයි. සියයට අනූවක්ම අය තමන්ගෙ භාෂාවෙන් බලද්දි කතාව ඉක්මනට ග්‍රහණය කරගන්නවා.  කොහොම වුණත් බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් අපේ රොයිලි අයියා සිංහල සබ් එක දෙනවා වගේම, ලස්සන Review වීඩියෝ එකක් කරන්න නාත් අයියාත් ලෑස්ති පිට ඉන්න බවයි ආරංචි. හැම අඟහරුවාදාම දෙනවා කියලයි දැනට කියන්නෙ.  Game of Throne බැලුවාට පස්සෙ හැම Season එකකම Review එකක් කරන්න මමත් හිතා ඉන්නවා. එතකොට නම්, අපි Spoilers පිළිබඳ අවදානම් සංඥාව හැම පෝස්ට් එකටම දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෙන්න  Season 7 වලට පෙර ලියන අවසාන ලිපිය..



මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉස්සරහට වැදගත් වෙන යම් යම් ඉඟි ටිකක් දෙන්නයි. පුද්ගල නාමයන් විදිහට ලිපියෙ කොටස් බෙදුවාම කියවන ඔයාටයි ලියන මටයි ලේසිනෙ. අපි එක එක පුද්ගලයාගෙ පාර්ශවයෙන් ඉඟි කර කර යං


බ්‍රැන්  

මට අනුව මේ කතාවෙ ඉතාම වැදගත් චරිතය බ්‍රැන්. සීසන් 1 පළමුවතාවට ප්‍රධාන චරිත අතුරින් අපි මුලින්ම දකින්නෙ බ්‍රැන් සහ ජොන්. එතන ඉන්න අයගෙන් දැනට ජීවත් වන්නෙත් ඒ දෙන්නා පමණයි. රොබ් නෙඩ් කැටලින් තුන්දෙනාම මිය ගිහින්. බ්‍රැන් කොයිතරම් දක්ෂ නිර්භය ළමයෙක්ව සිටියත්, කතාව පටන් ගන්න පළමු පැයේ දිම ඔහු දෙපා පණ නැති කෙනෙක් බවට පත්වෙනවා. එතැන් සිට අද වෙනකොට ත්‍රී අයි රේවන් බවට පත්වීම වෙනතුරු ඔහුගේ ජීවිතය ගත වෙන්නෙ උතුරේ ම පමණයි. ඔහු දැක ඇති උපරිම දකුණ වින්ටර්ෆෙල් පමණයි. යීග්‍රට් සහ මෑන්ස් කියනවා වගේ ඔහු නිතරම හිටියෙ නියම උතුරෙ. ජෝන් සම්බන්ධවත් මේ කතාව තරමක් හරි. ඔහු වසර 17 කට පෙර නෙඩ් විසින් උතුරට අරන් ආවෙ දවස් ගණනක බිළිඳෙකු ලෙස. ඔහු වැඩුණෙ වින්ටර්ෆෙල් වල ඉන් තවත් උතුරට ගියා මිස, ඔහුත් දැනුවත්ව දුටු එකම දකුණ වින්ටර්ෆෙල් පමණයි. රිකොන් කතාවෙ ප්‍රබලයෙක් නෙවෙයි. ඒවගේම දැන් මිය ගිය කෙනෙක්. ස්ටාර්ක් පවුලේ අනික් සියලු ජීවත් වන අය දකුණ ඇසින් දැක තිබෙනවා. ඔවුන් දැන් දකුණේ සිටයි උතුරට එන්නෙ. හැමවිටම බ්‍රැන් කල්පනාවෙන් හිටිය ප්‍රධානම කෙනා ජොන්. ඔහු නිතරම සිහින දැක්කෙ කල්පනා කළේ වගේම සොයන්න උත්සාහ කළෙත් ජොන් ව. කුඩ කල සිටම මේ දෙන්නා තුළ නොබිඳෙන බැඳීමක් තිබ්බා. ඉතා විශාල බැඳීමක්. රොබ්ට වඩා ජොන් ට බ්‍රැන් ළං වුණ බවක් අපිට කතාවෙ පළමු කොටසින්ම පෙනෙනවා. ජොන් ඔලීට පවා ළං වෙන්නෙ බ්‍රැන් ගැන තිබ්බ ආදරණීය මතක නිසයි. බ්‍රැන් කියන්නෙ ත්‍රී අයි රේවන් විතරක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.  ඔහු කපුටෙක් භාවිතා කර සියලු දේ දිවැසින් දකිනවා. එහෙත් ඔහුට කාලය හරහා තනිවම ගමන් කළ හැකියි. ඔහුට ආවේශ වීමට හැකි කපුටන්ට පමණක්ම නොවෙයි.

ජොන් මිය ගිය අවස්ථාවෙ ඔහුගෙ ආත්මය වෘකයාට ආවේශ වුණ බවක් ජෝර්ජ් ආර් ආර් මාටින් පවසලා තියෙනවා. ජොන් ව වෘක ආවේශයෙන් මුදවලා.. ශරීරයට ආයෙ මුදාහරින්න බලය දුන්නෙ බ්‍රැන් වෙනුවෙන් ත්‍රී අයි රේවන් කියලා විශ්වාසයක් තියෙනවා.  ඒ කියන්නෙ ලෝඩ් ඔෆ් ලයිට් කියන්නෙ මාරු වෙන තනතුරක්.  ඔයාට මතක ද මැලිසැන්ඩ්‍රෙ නැවත ආපු ජොන් ගෙන් අහනවා ඔහු දැක්කෙ මොනවාද කියලා. ඔහු කියන්නෙ හිස් බව කියලා. ඔහු දැකපු දෙවියෙක් නෑ. මේ සමාන ප්‍රශ්නෙම ඇය අහනවා බෙරික් ගෙන්. ඒ සමාන උත්තරයක්මයි ඇයට ලැබුණෙ ඔහු දැකලා තිබ්බෙත් අඳුරම පමණයි. එහෙනම් මොවුන් යළි පණ ගත්තෙ මොවුන්ගේ ආත්ම නොදැනුවත්ව නේද? කොහොම වුණත් මේ කතාවෙ ඉන්න වටිනම කෙනො තමයි බ්‍රැන්. ඔහු ජෝන් ව පාලනය කරනවා වෙන්නත් පුළුවන්. සමහරවිට මේ මුලු කතාවම නිර්මාණය කරන්නෙත් බ්‍රැන් තුළින්ම වෙන්න පුළුවන්. ඔහු අතීතය හරහා ගිය එක එක අවස්ථා වලදි ඔහු ගත් තීරණ නිසා මේ මුලු කථාවම නිර්මාණය වුණා වෙන්නත් පුළුවන්. මේ කතාවෙ හැමෝම බ්‍රැන්ගෙ රූකඩද කියලාත් සැකයක් සමහර අය අතරෙ නිර්මාණය වෙලා තියෙනවා. සමහරුන්ට අනුව බ්‍රැන් අවසානෙ Night king වෙයි කියලා හිතනවා. බොහෝ විට ඔහු night king ට විරුද්ධ වූ බ්‍රැන්ඩන් ද බිල්ඩර් නැවත ප්‍රතිනිර්මාණය කරන්න හෝ ඔහුව වෙන්නත් ඉඩක් නැතිවාම නෙවෙයි.


රේගාර්

මං පෝස්ට් කීපෙකම දැක්කා කට්ටිය රෙගාර් දුර දිග නොහිතා නොබලා දේවල් කළාට බනිනවා. ඇත්තටම ඒක එහෙමද වුණේ කියලා කල්පනා කරන එකත් Season 7 බලන්න ඉස්සර වටිනවා. මේ කතාවම නිර්මාණය වෙන්නෙ අපි කවදාවත් නොදැකපු රෙගාර්ගෙ තීරණ නිසා. ඔහු මෑඩ් කිං හෙවත් දෙවැනි ඒරිස්ගෙ සහ ර්හෙලා ගෙ ලොකු පුතා. විසේරිස්  සහ ඩැනේරිස් ගෙ  අයියා. එලියා මාටෙල් ගෙ ස්වාමිපුරුෂයා. ඔහු උපදින දවසෙ  සමර් හෝල් එකේ විශාල ගින්නක් ඇතිවෙනවා. ඒ ගිනිගොඩ මැද්දෙනුයි රේගාර් උපදින්නෙ. කුඩා කාලෙ පොතට පතට ගොඩක් ආසා කළ ඔහු එක් වරම කඩුවක් අතට අරගත්තා කියලයි කියන්නෙ. ඔහු එහි අති දක්ෂයෙක් වුණා. ඔහුට ඕනෙ වුණා පොරොන්දු වූ කුමාරයා බවට පත්වෙන්න. ලෝකය රැකීමේ කීර්තිය ළඟා කරගන්න. හැබැයි ඔහුට තේරුම් ගියා එය කරන්නේ යම් දිනක ඔහු නොවන බව. අවාසනාවට ඔහුගෙ දෙවැනි දරුවාගෙන් පසු බිරීඳට දරුවන් ලැබීමට හැකියාව තිබ්බෙ නෑ.

‍ඔහු ඒ නිසාම තීරණ්‍ය කළා එයට වෙනත් බිරිඳකගේ පිහිට පතන්න. එයට සුදුසුම කාන්තාව ඇයට මුණ ගැහුණෙ හැරන්හෝල් වල පැවති සටන් තරඟාවලියෙදි. එහිදි වුණු සිද්ධිය නම් හැමෝම දන්නවා. ඒ තරඟයේ ජය ගන්න කෙනා ආදරයේ  රැජිණ නම් සංකේතයක් එහි සිටින කාන්තාවකට පිරි නමනවා. රෙගාර් දින්නාම ඔහු එය එලියාට පිරිනමන්නෙ නැතිව ලියානාට පිරිනැමීම එතැන හිටපු හැමෝටම පුදුමයක් වුණාලු. හැබැයි ඊට පෙර හැරන්හෝල්  තරඟයෙන් හොලන් රීඩ් ( මීරාගෙ තාත්තා) පරජය වෙනවා. ඔහුව පරාජය කළ අය පරාජය කරන්න මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කළ කෙනෙක් පැමිණෙනවා. ඒ ලියානා ස්ටාර්ක් බවත් රේගාර් ඒ ඇය බව හඳුනාගත් බවත්, ඇගේ වීරත්වයෙන් උදම්ව ඇයව තමාගේ පුත්‍රයා ඉපැද්දවීම සඳහා තෝරාගත් බවත් සඳහන් වෙනවා. කොහොම වුණත් ඉන්පස්සෙ අවුරුද්දෙ හැරන්හෝල් වලට ලීග දහයක දුරක් තියෙද්දි ඇයව ඔහු පැහැරගෙන ගියා කියලයි සඳහන් වෙන්නෙ. සමහරවිට දෙන්නා කැමැත්තෙන් පැනලා ගියා කියලත් සමහරු හිතනවා. මේ සිදුවීම වෙන්නෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් හෙවත් Ned ගෙ වැඩිමහල් සහෝදරයා කැටලින් ටලීව බඳින්න යන අතර මඟ. කසාද කටයුතු පැත්තක දාලා රිකාඩ් සහ බ්‍රැන්ඩන් කින්ග්ස් ලැන්ඩිං වලට ගිහිං සාධාරණයක් ඉල්ලා සිටියත් දෙන්නම ඛේද ජනක ලෙස මරාදමනවා මෑඩ් කිං විසින්. එනිසා පවුලේ ආරක්ෂාව නෙඩ් විසින් භාර ගන්නවා. ඔහු ටලී පවුලේ කැටලින් විවාහ කරගනිද්දි.. රොබට් ට සහය දක්වන්න ජෝන් ඇරන් කැටලින්ගෙ සොයුරිය හා විවාහ වෙනවා. යුද්ධය ඇවිලෙනවා. රොබට් යම් තැනකදි රෙගාර් ව මරාදමනවා. රෙගාර් යම් හේතුවකටයි මරණය වැළඳ ගන්න තරම් නිර්භීත වුණේ. ඔහු තමන්ගෙ බිරිඳ අත්හැරියෙ. දරුවන්ගෙ ආරක්ෂාව අතෑරලා නොඉපදුණු දරුවෙක් රකින්න තමන්ගෙ දිවුරුම් දුන් ආරක්ෂඛ භටයො යෙදෙව්වෙ. ඔහු අනාගත ව්‍යසනයකින් බේරෙන්නයි මේ දරුවා නිර්මාණය කළේ. ඔහු දුර දිග බැලුවා. එහෙත් හදිස්සියත් බලපෑවා. කොහොම වුණත් අවසානයේ රේගාර් කියන්නෙ මේ කතාවෙම නිර්මාණ කාරයා.


බේලිෂ්

බේලිෂ් මිය යනතුරු තමයි හැමෝම දින ගනින්නෙ. කතාව නිර්මාණය කළේ රෙගාර් වුණත්, කතාව මේ අවුරුදු 17 පුරාම ඇදගෙන ගිහිං මේවගේ යුද පිටියක් කළේ බේලිෂ්. මුලින්ම ඔහු ලයිසා ලවා ජෝන් ඇරන් මැරෙව්වා. ඒ වරද ලැන්ස්ටර් වරුන්ට පටවලා ස්ටාර්ක් වරුන්ට ලියුමක් යැව්වා. සර්සි සහ නෙඩ් අතරෙ ගැටුම තද කරලා නෙඩ්ව මරවලා ජොෆ්‍රිව රජ කළා. මාටෙල් වරු සමඟ එකතුවෙලා ජොෆ්‍රි මරවලා, එයට ටිරියන් පටලැව්වා. සන්සාව පැහැරගත්තා. සන්සාව බෝල්ටන් වරුන්ට දුන්නා. ඒ අතරෙ, ලැයිසා මරලා රොබින්ගෙ භාරකාරත්වය සහ එයිරි ප්‍රාන්තය තමා අතට ගත්තා. ඒ වගේම බාස්ටඩ් වරුන්ගෙ යුද්ධය හෙවත් රැම්සි ජොන් යුද්ධය නිර්මාණය කරන්නෙත්  පීටර් බේලිෂ් ම තමයි. ඔබට මතක නම්, ජොන් සහ සන්සාට නයිට් වොච් එකට බෝල්ටන් වරයෙක් රැගෙන එන ලියමන.. ඒ ලියුමෙ පොඩි ප්‍රශ්නයක් තිබ්බා.

ඒ ලියුමෙ සීල් එකයි. ග්‍රේජෝයි පවුලට යවපු ලියුමෙ සීල් එකයි සපුරා වෙනස්. බෝල්ටන් වරුන්ගෙ නියම සීල් එක තමයි ග්‍රේජෝයි වරුන්ට අර තියොන් ළමයාගෙ සෙල්ලම් බඩුව එක්ක ගියෙ. හැබැයි ඒ සීල් එක නෙවෙයි රැම්සි ගෙ ලියුමෙ ආවෙ. රැම්සි වෙනුවට ඒ ලියුම එවන්නෙ පීටර් බේලිෂ්. අපි එහෙම සැක කරන්නෙ Come and See කියන පදය, වැඩිපුරම භාවිතා කරන පුද්ගලයා බේලිෂ් මිසක රැම්සි නොවන නිසා.  රැම්සි යුද්ධයට එකඟයි තමයි. එහෙත් ඔහු ට පෙර බේලිෂ් යුද්ධයට පසුබිම නිර්මාණය කරනවා. රැම්සි සන්සා විවාහය දවසෙ පවා ඔහු එතැනින් සමු අරගෙන කින්ග්ස් ලැන්ඩිං පැත්තට එන්නෙ, විවාහයට සහභාගි වූ ලෝර්ඩ් ලේඩී ස් වරු අතර නම සඳහන් නොවී තියෙන්නයි. ඔහු හැම පාර්ශවයම ම කල්පනාවෙන් තියාගෙන කොටවනවා.

අවසන් මොහොතෙ ඔහු සන්සාට උදව් කරනවා. ඔහු සන්සාගෙ උරුමය හා නම හරහා ඉක්මනින් සිංහාසනය ලබා ගැනීමේ මඟකටයි එළඹිලා ඉන්නෙ.  මේ සිංහාස ආශාව බේලිෂ්ගෙ හිතට පුංචි කාලෙම ආවෙ බ්‍රැන්ඩන් ස්ටාර්ක් ගෙන්. කැටලින්ගෙ සෙනෙහස ඔහු උදුරාගත්තෙ බේලිෂ් එතරම් නොවැදගත් කෙනෙක් විදිහට සලකලා. කොහොමත් ස්ටාර්ක් පිරිම් එක්ක මේ ලිට්ල්ෆින්ගර් වෛරයෙන් පසුවෙන්නෙ. ඒ නිසාම ඔහු ස්ටාර්ක් වරුන් සීසිකඩ යවන්න කටයුතු කරනවාමයි. තවදුරටත් ඔහු ජොන් ගැන, ලියානා රෙගාර් ගැන සාමාන්‍ය අය නොදන්න යමක් දන්නවා. එය නෙඩ් පමණක් දන්න රහසක් නම් බේලිෂ් දැනගත්තෙ කොහොමද?

මතක තියාගන්න ඒ කුටියෙන් පිට හොලන් රීඩ් හිටියා. කුටිය තුළ සාත්තු සේවිකාවක් හිටියා. නෙඩ් සාත්තු සේවිකාව මරා නොදැම්මා නම්, ඇය හරහා මෙය පිටවන්න ඉඩ තිබුණා. එය තුඩ තුඩ රැව් දුන් ආරංචියක් නොවෙන බව අපි දන්නවා. එය තමන්ගෙ ඔත්තු සේවයකින් ඔහු දැනගත්තා වෙන්න පුළුවන්. සමහරවිට ඒ කාන්තාවම පීටර් බේලිෂ්ගෙ ඔත්තුකාරියක් වෙන්න පුළුවන්. හිතන්න ඔහු නිතරම සිය කන් සහ ඇස් ලෙස යොදාගන්නෙ කාන්තාවන්. ඔහු ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යාමේ එක් අරමුණක් ලෙස මේ තොරතුරු සෙවීමේ ව්‍යාපාරය පෙන්වන්න පුළුවන්. අනික් ප්‍රබලම කාරණාව මිනිසුන්ගෙ උත්තමයන්ගෙ රහස් රකිමින් විශ්වාසය විකිණීමේ ව්‍යාපාරය. ඔවුන්ගේ කටයුතු ගැන රහස් රැකීමෙන් ඔවුන්ව පොළඹවා ගන්නට පීර් බේලිෂ්ට හැකියාව තියෙනවා. ඔහු දේශපාලනිකව ඉතාම සාර්ථක වෙන්නෙ එහෙමයි.  අයන් ත්‍රෝන් එකට ආශා කරන පුද්ගලයන් අයන් ත්‍රෝන් එක තුළ රැඳෙන්නෙ හෝ සමහරවිට එයට ළඟාවන්නෙවත් නෑ. එනිසා පීටර් බේලිෂ් ජය ගනී කියලා හිතන්න අමාරුයි. පීටර් knowledge is the power කියලා කිව්වාට, හැම වෙලාවෙම power is the power. එනම් බලය තමයි බලය කියන්නෙ.

හොඳින් මතක තියා ගන්න රොබින් කියන්නෙ බේලිෂ්ගෙ පුතා වෙන්න ඉඩ බොහො වැඩියි. ඒත් ඔහු බේලිෂ්ට ආදරය කරන තරමටම ඔහුව මරාදමන්න ඉඩත් ඉතාම වැඩියි. ඔහු චන්ද කවුලුවෙන්.. moon door  එකෙන් තමන්ගෙ සුළු පියා වන පීටර් ගෙනත් දුන්න කුරුල්ලාව වීසි කරපු හැටි ඔබට මතක ඇති. ඒවගේම සන්සා පවා පීර් බේලිෂ් ගැන ඉන්නෙ හොඳ කැමැත්තකින් නෙවෙයි. බ්‍රැන් අතීතය දකිමින්, එය සන්සාට පැවසුවොත්  පීටර්ට හොඳ කාලයක් උදා වේවිදැයි අප දන්නෙ නෑ.


ඩැනේරිස්

ඩැනේරිස් එන ගමන් මඟ තුළ ඇයට අයන් ත්‍රෝන් එකේ ඉඳගන්න ලැබේවි කියලා හිතන්න අමාරුයි. ඈ house of undying හී දී දකින දර්ශනයේ තිබෙන්නෙ, ගිනි ගත් throne room එකක්. වහලෙත් අලු වෙලා. අලුද හිම ද කියා අඳුනාගන්න බැරි තරමට ජරා ජීර්ණ වෙලා. ඇය සිංහාසනයට ළං වුණත්, එය අල්ලන්න උත්සාහ කළත් සිංහාසනයේ ඇගේ අත වදින්නෙ නෑ. ඈ ඉඳගන්නෙ නෑ.. ඈට මකරුන්ගේ හඬින් හැරෙන්නට වෙනවා. මෙයින් සංකේත දෙකක් අනුමාන කරන්න පුළුවන්. එක්කො ඇයට පෙර  Jon snow   එහි හිඳ සිටිනවා විය හැකියි. හිම ඔහුගේ සංතේතයයි. නැතිනම්, කවුරුන් හෝ Throne room එකට ගිනි තියලා විය හැකියි. ඒත් කවුද එහෙම කරන්නෙ. සමහර විට ජේමි ලැනිස්ටර්, තම සොයුරිය මරා දැමූ වේදනාව පිට කළේ එහෙම වෙන්නත් පුළුවනි.


කොහොම වුණත් මේ කතාවෙ තව ඉතිරි කොටස් කිහිපයයි. මේ මුළු කතා මාලාවම ආර්යා ස්ටාර්ක් විසින් සොරා ගන්නට ඉඩ තියෙනවා. වැරදීමකින් හෝ පීටර් බේලිෂ් මරා දමන අත ඇය නම්, ඇය තමයි check mate කරන්නෙ. අපි ආරාධනා කරනවා බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හත්වැනි සීසන් එකේ පළමු කතාව හෙවත් Draganstone බලමු කියලා.

Draganstone විචාරයෙන් හමුවෙනතුරු ඔබ සැමට පරණ දෙවියන්ගේ පිහිටයි. මූණු ගොඩේ දෙවියන්ගේ ආරක්ෂාවයි.

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

6 thoughts on “තව පැය කිහිපයයි. බයිස්කෝප් සිංහලෙන් අපි නම් ලෑස්තියි

  • July 19, 2017 at 9:22 AM
    Permalink

    දවසක අපි round table discussion එකක් දාමු, රොයිලි and නවීන් ප්‍රියන්තත් set වෙලා. මේක නියමයි සුලක්ඛනා නංගි. දිගටම කරගෙන යන්න…

  • July 17, 2017 at 12:51 PM
    Permalink

    thank you. eken sahena deyak igenagatta…

  • July 17, 2017 at 12:04 PM
    Permalink

    නියමයි.

  • July 17, 2017 at 1:37 AM
    Permalink

    Patta akke nitama review ekak

  • July 16, 2017 at 11:31 PM
    Permalink

    මෙව්වනේ විචාර, නියමයි… විශ්වනාත් ඔයා දැන් රිටයර් වෙන්න.. (එහෙම කිව්වට වීඩියෝ එක දාල ඉන්න හොඳේ )

  • July 16, 2017 at 9:54 PM
    Permalink

    Pattma wisthare akki. Sahenna watinwa. Godak thuthi..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *