සීත කාලය පැමිණ ඇත. තව දවසයි.

අපි කවුරුත් කැමති Game of Throne  විශ්වයේ, දේවල් කලින් අනුමාන කළ හැකි එක්තරා විදිහක් තමයි අනාවැකි. යම් පුද්ගලයෙක් විසින් යමක් වීමට පළමුව ඒ දේ ගැන යම් ඉඟියක් පළ කර තියේ නම් අපි එයට අනාවැකියක් කියනවා. Song of the ice and fire කතා මාලාවෙ මේවගේ අනාවැකි බහුලව තියෙනවා. සමහර අනාවැකි ටීවී කතා මාලාවෙදිත්  තරමක් එළියට ඇවිත් තියෙනවා.  හැබැයි බොහෝ විට සමහර කොටස් එහිදි අතෑරෙනවා. ඉතින් දැනට මතකයේ තබා ගත යුතු තරමක් වටින අනාවැකි කිහිපයක් මට කියන්න තිබුණා. ඒ වගේම මේ අනාවැකි කොටසට එක පැත්තකින් හීනත් අයිතියි. ඒ වගේම කොහෙ හරි යමක් ලියලා තිබිලා හම්බුණා නම් ( සිටිඩෙල් වල හෝ පොතක) ඒක ඊටත් වඩා වැදගත්.  කොහොම වුණත් කප්පරක් විස්තර ලියන්න යන්නෙ නෑ මං. ඔය හුඟක් අනාවැකි මේ වෙද්දි ඔප්පු වෙලා  ඉවරයි. ඒත් වැදගත් කමක් තියෙන ඒවා අතඇරෙන්නෙ නැති වෙන්න ලියන්න උත්සාහ කරන්නම්. ඔයාලාත් දන්න ඒවා අපි බෙදාගමු.



ඉස්සර මකර රුධිරය තිබුණෙ ටාගේරියන් වරුන්ට විතරක් ම නෙවෙයි.  වැලේරියා කියන එසෝස් මහද්වීපයට අයත් භූමියෙ තවත් මකරු හිමි, මකර රුධිරය හිමි වංශවත් පවුල් ඉඳලා තියෙනවා. වෙස්ටරෝස් ඒසොස් ඉතිහාසය හදාරලා තියෙන කෙනෙක් නම් ඔයා මේ කරුණු හොඳට දන්නවා. ඒත් සමහරු එහෙම දන්නෙ නැති නිසා දැනගන්න කැමති ඇතිනෙ. ටාගේරියන් කියන්නෙ ඒ පවුල් අතරෙ තිබුණු එක වංශවත් පවුලක් විතරයි.  ඒක miner house එකක් කියලා නම් කියන්න බෑ. හොඳ මට්ටමකට ඒ කාලෙත් තිබිලා තියෙනවා. හැබැයි වැලේරියාවට පැමිණි  Doom of Valyria එකෙන් අර සියලුම මකර පවුල් විනාශ වෙනවා. ඒ ව්‍යසනයෙන් රැකෙන්නෙ, ටාගේරියන් blood line එක විතරයි.  ඒ ඇයි දන්නවාද? ටාගේරියන් පවුලේ දියණියක් මේ ව්‍යසනය වෙන්න ඉස්සර වෙලා ඒ පිළිබඳ සිහිනයක් දකිනවා. ඒ නිසා පවුලෙ ප්‍රධානියා වුණ  Lord Aenar Targaryen  තමන්ගෙ මකරුන්වත් තමන්ගෙ පවුලත් සියල්ල ඇරැගෙන ඩ්‍රැගන්ස්ටෝන් බලා එනවා. එදා ඉඳන් තමයි ඩ්‍රැගන්ස්ටෝන් ටාගේරියන් වරුන්ගෙ නිවහන බවට පත් වෙන්නෙ. ඉති ඒ කාලෙ මේ ලෝඩ් ටාගේරියන් ගෙ දුවගෙ නමත් ඩැනේරිස් ම තමයි. එයාව අපි හඳුන්වන්නෙ ඩැනේරිස් හෙවත් සිහින දකින්නිය කියලා.  ඉතිං දැනුත් ටාගේරියන් පවුලෙ අවසානෙට ඉතිරි වෙලා ඉන්නෙ ඩැනේරිස් කෙනෙක්ම තමයි. අපේ කලිසි තමා ඒ ඩැනේරිස්.  ඒ නිසා මේ සිහිනය පුංචි වැදගත් කමක් තියෙනවා. මොකද  මේ ඩැනේරිස්ටත් මකරු ඉන්නවා. ඩ්‍රැගන්ස්ටෝන් වලට එනකොට මකරු හිටියාට, ඉන් කාලයක් පහු වුණාම මකරු විනාශ වෙලා ගියා හුඟක් කල් ටාගේරියන් පරම්පරාවට තමන් ආශා කරන, තමන්ගෙ අනන්‍යතාවය වන මකර සම්පත සිහිනයක්  වෙලානෙ තිබුණෙ. හැබැයි දැන්  අර පැරණි කාලෙ වගේම මකරුත් ලොකු වෙමින් ඉන්නවා. ඩ්‍රැගන්ස්ටෝන් ටාගේරියන් වරුන්ව ආරක්ෂා කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ව්‍යසනයෙන් පවා අනාදිමත් කාලෙක ඉඳ මේ ලේ පරපුර රැකගත්තෙ ඩ්‍රැගන්ස්ටෝන් නිසා. හැබැයි එලියා මාටෙල් ගෙ දරු දෙන්නාව ලැන්ස්ටර් වරු විනාශ කරලා දැම්මෙත් මේ බිමේ දි ම නිසා දෙපැත්තක් නැත්තෙම නෑ.


දැන් අපි හැරෙමු, අපි කවුරුත් ආසා ස්ටාර්ක් පවුල දිහාට.. ඔයාලා ආසම කෙනා සන්සා  නිසා එයාගෙන් පටන් ගන්නං  සන්සාට තියෙනවා ප්‍රබල අනවැකියක්. ඒ අනාවැකිය ඇයට කියන්නෙ Ghost of high heart කියලා කැලේක ඉන්න මායාකාරියක්. ඒ අනවැකිය වැදගත් වෙන්නෙ මේ වෙනකල් එයින් කොටස් කීපයක්ම හැබෑ වෙලා තියෙන නිසයි. ඉතින් අන්තිම එකත් හැබෑ වෙන්න ඒ නිසා සම්භාවිතාවයක් තියෙනවා.

I dreamt a wolf howling in the rain, but no one heard his grief. I dreamt such a clangor I thought my head might burst, drums and horns and pipes and screams, but the saddest sound was the little bells. I dreamt of a maid at a feast with purple serpents in her hair, venom dripping from their fangs. And later I dreamt that maid again, slaying a savage giant in a castle built of snow.

 

මෙම අනාවැකිය වචනෙන් වචනෙට විග්‍රහ කරන්න අවශ්‍ය නෑ. ඒත් මෙම අනාවැකියෙ මුල් කොටසින් කියවෙන්නෙ Ned ගෙ මරණය ගැන. දෙවනි කොටසෙ Red wedding එක ගැන. එනම් ෆ්‍රේ නිවසේ සිදුවූ ස්ටාර්ක් සංහාරය ගැන.  ඉන්පස්සෙ කියවෙන්නෙ ජොෆ්‍රි බ්‍රැතියන් ගෙ මරණය ගැන. දම් පැහැති කොණ්ඩ කටුවක පෙවූ විෂක් නිසා ජොෆ්‍රි මැරෙන බව විශ්වාස කළත්, නාට්‍ය තුළ නම් එය මාලෙ පෙන්ඩන්ට් කොටසකට මාරු වුණා. කොහොම වුණත් අවශ්‍ය දෙය සිදු වුණා. තවමත් මේ අනාවැකියේ ඉටු නොවූ එක කොටසයි තිබෙන්නෙ.

 

“ මම ඒ යුවතිය නැවත සිහිනයක දුටුවෙමි. ඈ හිමෙන් සැදි මාලිගයකදී  තිරිසන් යෝධයෙකුගේ හිස සිඳ දැම්මාය.

මේ හිමෙන් සැදි මාලිගාව වින්ටර්ෆෙල් යැයි බොහෝදුරට අනුමාන කළ හැක. යෝධයා කවුරු විය හැකිද? යෝධයා බේලිෂ් ද? බේලිෂ් යනු සිය පිය උරුමයෙන් බ්‍රාවොස් රුධිරය හිමි කෙනෙක්.බ්‍රාවෝස් සංකේතවත් වෙන්නෙ යෝධයාගෙන්. ඔබට මතක ඇති. ආර්යා බ්‍රාවොස් යද්දි අප දුටු මහ යෝධ පිළිරුව. එහෙනම් White wedding එකක් අත ළඟයි කියලා හිතෙන්නෙ මට විතරද? මොකද මේ අනාවැකිය පුරාම කතා වුණේ විවාහ දෙකක් ගැන නිසා තුන්වැන්නත් විවාහයකින්ම කෙළවර වේවි කියලා නිකමට හිතෙනවා.

දැන් අපි ජොන්ට හැරෙමු. ජෝන් ට නිතරම හීන පෙනෙනවා. ඒ හැම හීනයක්ම ඔහුව රැගෙන යන්නෙ ස්ටාර්ක් වරුන්ගෙ සොහොන් ගෙට කියලා ඔහු පවසලා තියෙනවා. ඔහු ස්ටාර්ක්වරයෙක් නෙවෙයි කියන ප්‍රබල පිළිගැනීම ඔහුගෙ යටිහිත තුළ දුවන නිසා ඔහු සොහොන්ගෙට යාමෙන් වලකිනවා. ඔහු තමන් වෙනුවෙන් එහි තිබෙන දේ කුමක්දැයි නොදැන බය වෙලා ඉන්න පාටයි.

ජෝන් පිළිබඳව බ්‍රැන් සිහිනයක් දැකලා තියෙනවා. ඒ සිහිනය පුරාම ඔහු දකින්නෙ සොහොන් මන්දිරේ දුක්බර මුහුණකින් ජෝන් ගැන කල්පනා කරන නෙඩ් ව. එයට හේතුව අපි දන්නවා. කොහොම වුණත් ජොන්ට මෙවර සොහොන් මන්දිරේදි තමන් නොදන්න මොකක් හෝ දැනගන්න ලැබේවි කියලා හිතන්න පුළුවන්. ඒත් අවිශ්වාසය ඔහුට එය පිළිගන්න පුළුවන් මට්ටමක් තියේවිද කියන එකයි.

මොකද දැනටමත් ජෝන් එඩාර්ඩ් ස්ටාර්ක් ගෙ අවජාතක දරුවා.  ඒක රේගාර් ටාගේරියන්ගෙ අවජාතක දරුවා වෙන එකෙන් විශාල වෙනසක් ඇති කරන්නෙ නෑ.  Snow කියන නම Sand කියලා වෙනස් වෙනවා විතරයි. එහෙම නැත්තං Blackfyre. කොහොම වුණත් මෙතරම් වටින රහසක් ඔය වගේ අඩු ලංසුවකින් තකන්න බැහැ. මහ සිංහාසනයට තරඟ කරන්න හැකියාවක් නැති රහසක් හංගන්නෙ ඇයි? රකින්නෙ ඇයි?  ඊටත් වඩා අවජාතක දරුවෙක් ව රකින්න kingsguard එකක් මොකටද? තමන්ගෙ ජීවත් වෙයිද? ඉපදෙයිද කියලා පවා විශ්වාස නැති දරුවෙක් සහ පැහැරගෙන ආපු කාන්තාවක් රකින්න ප්‍රධාන ආරක්ෂාව තියලා. නිත්‍යානුකූල බිරිඳ සහ රජකම උරුම දරුවන් තනි කරන රාජ්‍යත්වයක් ගැන ඉතිහාසයේ තිබිලා නෑ. ඒක රේගාර් ටාගේරියන් ආදරයේ නාමයෙන් ගත්ත තීරණයක් කියලා තර්ක කරමුකො. එහෙමනම් ඔහු මිය ගිය පුවත ආරංචි වුණාම, තව දුරටත් දුක් නොවිඳ අතාර් ඩේන් ලා එතනින් පිට වෙලා යනවා. කුමරු මිය ගිය බව ඔවුන් දන්නවා. ඔවුන් ඉන්පස්සෙ අණෙන් නිදහස්. සියල්ල කණපිට හැරිලා කියලා ඔවුන්දන්නවා. එහෙම නම් ඇයි ඔවුන් ආරක්ෂිත නොවුණෙ. ඇයි ඔවුන් සටන් කළේ. ඔවුන්ට විශ්වාසයි තවමත් රුධිරය ආරක්ෂිතයි කියලා. ඉතින් ඔටුන්න හිමි කුමාරයා රැකගන්න ඔවුන් සටන් කළා. එපමණයි. ආතර් ඩේන් ඔහුගේ හා නෙඩ් ගේ සටන සලකන්නෙ ඇරඹුමක් විදිහට. ඔහු හරි. එය අනාගත මහා සංහාරයක ඇරඹුමක් වුණා.

ඒ වගේම නෙඩ් ස්ටාර්ක්ට මිනිත්තුවක් අරන් වෙන් වෙන මොහොතෙ ජොන් ට පුර්වාපර සන්ධි ගළපලා දෙන්න පුළුවන් කම තිබ්බා. හැමෝම දන්න කතාවක තමන් ඉන්න තැන මොකක්ද කියලා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ජොන් දන්නවා. ලියනා කවුද? රේගාර් කවුද? මොකක්ද වුණේ ? මොකක්ද රොබට් බැරැතියන් කැරැල්ලට තුඩු දුන්නෙ ආදී හැම දේම. ඉතිං ජෝන්ට ඒ කතාවෙ එයා හිටපු තැන කියාදෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ. තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්ම ඔහු ඒ රහස රකීවි. ඒත් නෙඩ් ඒකට කාලය ගන්නවා. එයට හේතුව ජොන්ව රාජ්‍යත්වයෙන් සහ පවුල් ලෝබයෙන් දුරට යන තැනකට පත් කරන්න නෙඩ් ට ඕනෙ කරනවා. ජොන් රැකෙන්නෙ තමන්ට අයිති දේ නොඉල්ලා සිටින තාක් බව නෙඩ් විශ්වාස කරනවා. නෙඩ් ලියානාට පොරොන්දු වුණේ ඒ දරුවාගෙ ජීවිතේ රකින්නයි.

කොහොම වුණත් අනාවැකි ප්‍රකාශ හා කතන්දර අතරෙ අසෝර් අහායිව අමතක කරලත් බෑ. ඒ අනාවැකිය අපි වෙනමම කතා කළා. ඒත් එතැනට එකතු කරන්න බැරි වුණු දෙයක් තියෙනවා ඔයාලා එක්ක බෙදාගන්න.

ඇත්තටම ඔය අසෝර් අහායි කවුරු වෙතත් ඔය ආයුධය මොකක්ද කියලා හිතෙන්නෙ නැද්ද? කඩුවක්මද? නැත්තම් යම් නිර්මාණයක් වෙන්න බැරැද?  වින්ටර්ෆෙල්  කියන්නෙ නිකම්ම නිකං මාලිගාවක් බලකොටුවක්ද? එය හදන්නෙ බ්‍රැන්ඩන්ද බිල්ඩර්. වෝල් එක හදපු කෙනාමයි. ඉතිං මේ මාළිගාව තුළ බලයක් නැද්ද? අනාවැකියෙ තියෙනවා. වතුරෙන් දින තිහක් පිරියම් කළා බිඳී ගියා. සිංහයාගෙ හදවතින් ඊට වඩා කල් පිරියම් කළා බිඳී ගියා. බිරිඳකගේ හදවතින් පිරියම් කළා. ඒ කඩුව ආලෝකය ගෙනාවා කියලා.

වතුරෙන් පිරියම් කළා . ග්‍රේජෝයි ආගමනය කියන්නෙ මුහුදු ජලයේ සංකේතාත්මක පැමිණීම. හරි විශාල හානි වුණා ඒත් ඒ හානි බිඳ දැම්මා. ඔවුන්ට අල්ලා හිටින්ඩ බැරි වුණා.  සිංහයාගෙ හදවත කියන්නෙ බෝල්ටන්වරු. මතකනෙ, රූස් බෝල්ටන් රොබ් ස්ටාර්ක්ට පිහියෙන් අනිද්දි කිව්වෙ, ලැන්ස්ටර් වරුන්ගෙ සුබපැතුම් කියලා. ඔවුන් ලැන්ස්ටර් වරුන්ගෙ හදවත. ඉතින් ලැන්ස්ටර් වරුන්ගෙ හදවතින් පිරියම් වුණා. හැබැයි එයත් ශක්තිමත් මදි. දැන් ආයෙම වින්ටර්ෆෙල් නැගී හිටිනවා. දැන් අවශ්‍ය Nissa Nissa ගෙන් එනම් ආදරණීය බිරියකගෙන් එය පිරියම් කරන්නයි. එය කුමන ආකාරයට වේවිදැයි තවම අනුමාන කළ නොහැකියි. ඒත් හැම වෙලාවෙම වින්ටර්ෆෙල් වල ස්ටාර්ක් වරයෙක් රැඳෙන්නෙ. නයිට් වොච් එකට ස්ටාර්ක් වරයෙක් හැම කාලයකම ජීවිතේ කැප කරන්නෙ නිකම් වෙන්න බෑ. එහි යම් හේතුවක් තිබෙන්න පුළුවන්. ඒ නිසා මෙය මතක තබා ගැනීම ඉදිරියට වැදගත් වේවි.

කොහොම වුණත් Children වරු හදපු තාත්පෙ නම්, තව දුරටත් ආරක්ෂිත නෑ. බ්‍රැන් කියන්නෙ වයිට් වෝකර් විසිබල් කෙනෙක්. ඉතින් දැන් වයිට් වෝකර් වරුන්ට වෝල් එක පහු කරන්න පුළුවන් වෙයි. ඒත් හුඟක් අයට ප්‍රශ්නයක් තිබුණා. වයිට් ලා දෙන්නෙක්ව ජොන්ලා සෑම් ලා ඇදගෙන කාසල් බ්ලැක් ගෙනාවෙ කොහොමද කියලා. තාත්පෙ ළඟින්. වයිට් විදිහට පණ ඇවිත් නොතිබ්බ නිසා තාත්පය පනින තුරු ඔවුන් මල මිනියක්ව ඉන්න ඇති. මේ නිසා ගේන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. කොහොම වුණත් දැනට මේක කලබල වෙන්න තරම් කාරණාවක් නෙවෙයි.


ඇත්තටම අනාවැකි සමූහෙ තියන අනවැකි අස්සෙ අපි කවුරුත්  නිතර කල්පනාවෙන් පසුව සර්සිටත් අනාවැකියක් තියෙනවා. මේ වෙනකොට එහි හැම දේම ඉටුවෙලා තියෙන්නෙ. ඉතිරි වෙලා තියෙන්නෙ ඇයට පසු පැමිණෙන්නා සහ ඇය මරාදමන බාල සොහොයුරා කවුද කියා හරියට තෝරා ගැනීම. අපි මේ ගැන කලින්ම ලිව්වා. සර්සි ගැන වෙනමම හදාරපු ලිපියක. 


මේ අස්සෙ ඔබට කිව යුතු තවත් කරුණු කිහිපයක් තියෙනවා. වැදගත් අනාවැකි නම් තව තිබුණත් මේ ටික තමයි කරළියෙ තියෙන්නෙ. එහෙත් සමහර පැරණි කතා තියෙනවා. දැන සිටීම ඉස්සරහට වාසි වෙන. ඉන් එකක්  වයසක මැහැල්ල පිළිබඳ කතාව. 

ඔයාට මතක ඇති වයස ආච්චි කෙනෙක් පුංචි බ්‍රැන්ඩන්ව බලා ගන්නවා. ඇය පැමිණියේ ඊට බොහෝ කාලෙකට පෙර සිටි බ්‍රැන්ඩන් කෙනෙක් බලාගන්න. කොහොම වුණත් හැම බ්‍රැන්ඩන් කෙනෙක්ම ඇගේ මනස තුළ පැටලැවිලා එක්කෙනෙක් බවට පත් වෙලා කියලාම ජෝර්ජ් ආර් ආර් මාටින් කියනවා. කොහොම වුණත් මේ බ්‍රැන්ඩන් ද බිල්ඩර්ත් රෝද පුටුවක හෝ කරත්තයක හිටිය කෙනෙක් බවයි අහන්න ලැබෙන්නෙ. සමහර විට හුඟක් අය කියනවා හැම තැනම පෙනී හිටියෙ එකම බ්‍රැන්ඩන්ද කියලා. එහෙමනම් කැතලින් ස්ටාර්ක් ට ආදරය කරපු බ්‍රැන්ඩන් පවා  මේ බ්‍රැන්ඩන් ගෙම එක අවස්ථාවක් වෙන්න පුළුවන්.


මේ අල්ල පනල්ලෙ ඔබ දැනගත යුතු තවත් සියුම් දේවල් කිහිපයක් තියෙනවා. මේ ගෙන්ඩ්‍රි හැබෑටම කාගෙ කවුද? රොබට් ගෙ සහ සාමාන්‍ය කාන්තාවකගෙ පුතෙක්ද? නැත්නම් සර්සි විසින් මිය ගියා කිය දැක්වූ පුතාද? සර්සි හැබෑවටම ඔහුව මිය ගිය බව පැවසුවා. හේවායො දරුවා රැගෙන ගියා මිසක සර්සි පුතාගෙ මිනිය දැක්කෙත් නෑ. සොහොනකට ගියෙත් නෑ. සර්සි රොබට් ගෙන් පලි ගත්තෙ තමන්ගෙ දරුවාව පිට මං කරලා. ඇය සමහරවිට ඔහුගෙ දරුවන් තියාගන්න අකමැති වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. කොහොම කළත් මේක රසිකයන් හිතන දෙයක් පමණයි. 

තවත් ඒ වගේම දෙයක් තමයි, රොබ් ස්ටාර්ක් හැබෑවටම නෙඩ් ගෙ පුතාද කියන කාරණාව. ඔහු බ්‍රැන්ඩන් ස්ටාර්ක් ගෙ ලක්ෂණ වැඩියෙන් පෙන්වන කෙනෙක්. එනිසා ඔහු බොහෝ විට කැටලින්ට බ්‍රැන්ඩන් හා විවාහයට පෙර ප්‍රේමයෙන් පිළිසිඳ ගත් දරුවෙකු විය හැකියි කියලා අනුමාන කෙරෙනවා. බ්‍රැන්ඩන්ගෙ මරණය සමඟම නෙඩ් කැටලින් විවාහ වෙනවා. නෙඩ් යුද්ධයට යනවා. යුද්ධයෙන් සැලකිය යුතු කාලයක් ගත වෙලා කැටලින් වින්ටර්ෆෙල් එනවිට, ජොන් වින්ටර්ෆෙල් පැමිණ ටික කලක් වෙන බවයි පොතේ නම් තියෙන්නෙ. නාට්‍ය තුළ ඒ ගැන සුවිසල් සඳහනක් නෑ. කැටලින්ට ජොන් ගැන ඇති පළමු මතකය  ඔහුට සරම්ප හැදුණු දවසයි. කොහොම වුණත් ජොන් රූපයෙන් ස්ටාර්ක් සුන්දරත්වයක් අරගෙන ආවා කියලයි කියන්නෙ.ජෝන් සහ ආර්යා ස්ටාර්ක් රූපත්, රොබ් සන්සා බ්‍රැන් රිකොන් ටලී වරුවන්ගෙ රුවත් ලබා ගත්තා. රොබ් ගෙ පාලනය නොවෙන තරහව කලබලය බ්‍රැන්ඩන් හෙවත් නෙඩ්ගෙ වැඩිමහල් සොයුරාගෙ සිරි ගන්නවා. හැබැයි බ්‍රැන්ඩන්ගෙ රූ පය සහ ජොන්ගෙ රූපය යම් සමාන බවක් තිබ්බා. මේ නිසාම කැතලින්ජොන් ව තමන්ගෙන් ඈත් කරන්න උත්සාහ කළා වෙන්න පුළුවන්…

රොබින් බේලිෂ් කෙනෙක් වෙන්න ඉඩ ඇති බව අපි කලින්ම කියලා තියෙනවානෙ. කොහො වුණත්  ජෝර්ජ් ආර් ආර් මාටින් ට අනුව නම් ජොන් තවම මැරිලා. ඔහු දැනට ඔහුගෙ වෘකයා තුළ ජීවත් වෙන බවයි.. ඔහු හිතන්නෙ. අපි බලා ඉමු.. තවත් දේවල් හොයාගන්න ලැබුණොත් හෙටත් කතා කරමු. අපිට තව දවසක් ඉතිරියි.



 

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
නෙරංජි සුලක්ඛනා (32 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


නෙරංජි සුලක්ඛනා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

neranji has 32 posts and counting.See all posts by neranji

12 thoughts on “සීත කාලය පැමිණ ඇත. තව දවසයි.

  • July 19, 2017 at 1:41 PM
    Permalink

    පට්ටයි යාලුව. නියමෙටම තියෙනව.

  • July 19, 2017 at 12:55 AM
    Permalink

    matanan aula thiyenne hema tageriyangema konde sudui jon snowge witharak kalui

  • July 17, 2017 at 1:57 AM
    Permalink

    Niyamai akke

  • July 16, 2017 at 10:19 AM
    Permalink

    Oya wage kellekwa nam dakkamai.tv serious eke therune nathi godak dewal theruna.thanks

    Patta kellek oya nam akke

  • July 16, 2017 at 9:14 AM
    Permalink

    නියමයි.ගොඩක් ස්තූතියි ලිපියට

  • July 16, 2017 at 2:17 AM
    Permalink

    පට්ටම එකක් අක්කි..සැහෙන්න වටිනවා මෙක

  • July 16, 2017 at 1:59 AM
    Permalink

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  • July 15, 2017 at 11:54 PM
    Permalink

    නියමයි අක්කේ

  • July 15, 2017 at 11:48 PM
    Permalink

    සුපිරියටම ලියල තියෙනවා……
    ස්තූතියි !!!

  • July 15, 2017 at 11:21 PM
    Permalink

    pissui…supiri…thanks mechchara loku wistharayak dunnata

  • July 15, 2017 at 11:01 PM
    Permalink

    සුපිරි ලිපිය <3
    බොහෝම ස්තූතී මේ වටිනා තොරතුරු වලට 🙂
    ජය වේවා!

  • July 15, 2017 at 10:07 PM
    Permalink

    Fatta akke.thnx..supiri.godaaak dewal dana gaththa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *