Tubelight (2017) – ඔබ නොදත් යතාර්ථයෙන් ඔබ්බට…

සල්මන් ඛාන්! බොලිවුඩ් පුරවරයේ තම අණසක පතුරුවාගෙන සිටින්නාවූ ඛාන් තුන්කට්ටුවෙන් තවත් එක්තරා ප්‍රබල චරිතයක්. 2016 වර්ෂයේ තිරගතවූ සුල්තාන් චිත්‍රපටයෙන් පසුව, වසරකට ආසන්න නිහැඬියාව බිඳ දමමින්, නැවතත් කරළියට ප්‍රවිෂ්ට වීටම සල්මන් ඛාන් සූදානමින් පසුවෙනවා. හිස් අතින් නම් නෙමෙයි, ඉන්දියානු රුපියල් බිලියනක බරපැනක් දරමින් නිෂ්පාදනය කළා වූ, Tubelight චිත්‍රපටයත් සමගින් තමයි 2017 වර්ෂයේ ප්‍රථම වතාවට සිය ප්‍රේක්ෂකයින් හමුවට සල්මන් පැමිණෙන්නේ.

2012 වර්ෂයේ නිකුත් වූ සල්මන් ඛාන්ගේ, Ek Tha Tiger සහ 2015 වර්ෂයේදී නිකුත් වූ Bajrangi Bhaijaan යන චිත්‍රපට හැමෝටම මතක ඇතියි කියලා හිතනවා. මෙම චිත්‍රපට දෙක පුරාවටම, එහි සාර්ථකත්වය පිටුපස එක්තරා අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි, අධ්‍යක්ෂක Kabir Khan මහත්මයා. ඉතිං, මේ වතාවේ Tubelight චිත්‍රපටය සඳහාත්, සල්මන් ඛාන් – කබීර් ඛාන් සුසංයෝගය නැවතත් එක්හාසු වෙලා තියෙනවා. සල්මන් – කබීර් සුසංයෝගයෙන් නිෂ්පාදනය වුණා වූ පළමු චිත්‍රපටය Ek Tha Tiger, ඉන්දියානු රුපියල් බිලියන 3.2 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවද්දී, ඔවුන් දෙපළගේ දෙවැනි ප්‍රයත්නය, Bajrangi Bhaijaan ඉන්දියානු රුපියල් බිලියන 6 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටෙව්වා. එය මේ වාතාවේ අඩු වේවිද? නැත්නම් වැඩි වේවිද? බොහෝ දුරට වැඩිවෙන්න පුළුවන්. මෙවර චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙන කතා සංකල්පය සහ මෑත කාලින ඉන්දීය සිනමාවේ සහ ප්‍රේක්ෂකයින්ගේ හදිසි පිබිදීම යන කාරණා ලෙස බැලීමේදී, Bajrangi Bhaijaan චිත්‍රපටයේ ආදායම් වාර්තාව මෙම Tubelight චිත්‍රපටය මගින් බිඳී යා හැකි බවට අනාවැකි පළකරන්න පුළුවන්.

සල්මන් ඛාන්ගේ Tubelight චිත්‍රපටය සතු විශේෂත්වය තමයි, මෙම චිත්‍රපටය, 2015 වර්ෂයේදී නිකුත්වූ Little Boy නම් චිත්‍රපටය අනුසාරයෙන් නිපදවන ලද චිත්‍රපටයක් වීමයි. මෙම චිත්‍රපට ද්විත්වයේ ඇති සමානකම් කීපයක්, කරුණු වශයෙන් පැහැදිලි කරන්නම්.

1)  Little Boy චිත්‍රපටය සඳහා පදනම් වෙන්නේ, දෙවැනි ලෝක යුද්ධය මූලික කරගත් කතා මාළාවක්.
      Tubelight චිත්‍රපටය සඳහා පදනම් වෙන්නේ, ඉන්දු-චීන යුද්ධය මූලික කරගත් කතා මාලාවක්.

2)  Little Boy චිත්‍රපටය තුල, කුඩා දරුවා සහ ඔහුගේ පියා ඉතාමත් ආදරයෙන් සිටිනවා. සිය පියා යුද්ධය සඳහා පිටත් වෙන මොහොතේ, කුඩා දරුවා ඉතාමත් සංවේගයෙන්, සිය පියාණන්ව වැළඳගෙන කඳුළු සලනවා.
Tubelight චිත්‍රපටය තුල, පියා යන චරිතය වෙනුවට, සහෝදරයාගේ චරිතය අන්තර්ගත කර ඇත. සිය සොහොයුරා යුද්ධය සඳහා පිටත්ව යන මොහොතේ, ඔහුව වැළඳගෙන කඳුළු සලන ආකාරය පහත රෑපයෙන් දැකගත හැකියි.

 

3)   Little Boy චිත්‍රපටය තුල, කුඩා දරුවාගේ යහළුවා වන්නේ ජපන් ජාතිකයෙක්.
Tubelight චිත්‍රපටය තුල, මෙම යහළුවාගේ චරිතය සඳහා කුඩා ළමයෙකු යොදාගෙන තිබෙනවා.

 

4)   Little Boy චිත්‍රපටය තුල, කුඩා දරුවා රංගනයේ යෙදෙන්නේ කුමන චරිතයක් සඳහාද, Tubelight චිත්‍රපටය තුල සල්මන් ඛාන් විසින් එම චරිතය නිරූපණය කරනු ඇත.

5)   Little Boy චිත්‍රපටය තුල, මායාකාරයෙකුගේ චරිතය සහිත දර්ශනයන් ඇතුළත් වෙනවා.
Tubelight චිත්‍රපටය තුල, මෙම මායාකාරයාගේ චරිතය නිරූපණය කරන්නෙ, ‘බොලිවුඩයේ කිං ඛාන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ ෂාරුක් ඛාන් විසිනි.

Adventure, Drama, History යන කාණ්ඩ ඔස්සේ, ජුනි මස 23 වන දින සිට ලොව වටා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක ඔබට නැවුම් වූ අත්දැකීමක් වෙනවා මෙන්ම, ආදායම් අතින් සාර්ථක වන බවටත් අංශු මාත්‍රයක හෝ සැක සංකාවක් නම් නොමැත. එසේනම්, අප බලා හිඳිමු, කුමකින් කුමක් සිදුවේවිදෝ කියා…

Sisila Prasad (4 Posts)


2 thoughts on “Tubelight (2017) – ඔබ නොදත් යතාර්ථයෙන් ඔබ්බට…

  • May 20, 2017 at 7:57 PM
    Permalink

    niyami,supiryta liyla tiynwa

  • May 16, 2017 at 9:03 PM
    Permalink

    Niyama lipiya saho…bohoma stuti…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *