ඉදිරි දිගහැරුම CI | Blade Runner 2049 Trailer 1 (2017) [පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග]

1982 දී පළමු වරට තිරගත වීම ඇරඹු Blade Runner සිනමාපටය එලියන්, ග්ලැඩියේටර් වැනි සිනමාපට නිර්මාණය කළ Ridley Scott ගේ අධ්‍යක්ෂණයකි. මෙම සිනමාපටයට පාදක කර ගෙන ඇත්තේ Philip K. Dick විසින් රචනා කරන ලද Do Androids Dream of Electric Sheep නම් නවකතාවයි. Hampton Fancherසහ David Peoples විසින් තිර පිටපත රචනා කර ඇත. පැය 01 විනාඩි 57 ක් පුරා දිවයන මෙහි ප්‍රධාන චරිතය සුපිරි නළු Harrison Ford විසින් ඉදිරිපත් කරනු ලබයි. ඊට අමතරව Sean Young, Rutger Hauer, Daryl Hannah, Edward James Olmos වැන්නවුන් දායක වුවා. IMDb දර්ශකයේ 8.2 ක අගයක් සහ සුප්‍රකට Rotten Tomatoes හි 100% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. අනාගත ලෝකයේ (2019) නීති විරෝදීව් ජීවත් වන මානවරූපී කෘතීම වහලුන් පිරිසක් හඹායන Rick Deckard නම් Blade Runner ලෙස හඳුන්වන පොලිස් නිලධාරියෙකු වටා මෙම සිනමාපටයේ කතාව ගෙතී ඇත.

මෙම සිනමාපටය ලෝක සිනමා ඉතිහාසයේ එක් අති සාර්ථක සිනමාව වෙත බලපෑමක් එල්ල කළ සිනමාපටයකි. කතාව මෙන්ම පසුතල නිර්මාණය තුලින්ම අතිශය තාත්වික බවක් මෙයට එක්කර ඇත. අනාගතයේ බිහිවිය හැකි කෘතීම මිනිසුන් සමනය සමාජය සමඟ ගැටීමේදී ඇතිවිය හැකි ප්‍රතිපල පිළිඹඳ මෙහිදී දක්වා තිබෙනවා.

පළමු සිනමාපටයෙන් වසර 35 කට පසුව මෙහි දෙවන කොටස නිර්මාණය වනවා. මෙය නමින් Blade Runner 2049. Prisoners මෙන්ම පසුගිය වසරේ ඇති සාර්ථක Arrival අධ්‍යක්ෂණය කළ Denis Villeneuve විසින් මෙවර අධ්‍යක්ෂණ කර්තව්‍ය ඉටු කරනවා. Ridley Scott මෙවර විධායක නිෂ්පාදනයෙන් එක් වනවා. Ana de Armas, Dave Bautista, Ryan Gosling, Robin Wright, Jerad Leto, Harrison Ford මෙවර රංගනයෙන් දායක වනවා. පළමු කතාවේ සිට වසර 30 ක අනාගතේ කාලයක මෙවර කතාව දිගහැරෙනවා. පෙර සිටි Blade Runner වූ Rick Deckard (Harrison Ford) වසර 30 ක් තිස්සේ අතුරුදන්ව සිටින අතර නව Blade Runner ලෙස Officer K (Ryan Gosling) කටයුතු කරන අතර ඔහු වටා මෙවර කතාව ගෙතී ඇත.

තිරගතවන දිනය – 2017 ඔක්තෝම්බර් 06.

 

(පූර්ව ප්‍රචාරක පටය සඳහා උපසිරැසි ගැන්වීම – හසන්ත වික්‍රමරත්න සොයුරා)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (396 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 396 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *