2015 දී Hotel Transylvania ආයෙත් අරිනවලු.

ලොව පුරා රසිකයින්ට හොඳ ආකර්ශනීය නවාතැන්පළක් සපයපු Dracula සි‍ටුවරයගේ ආපනශාලාව Hotel Transylvania, රසික හිත්වලට නවාතැන්දීමෙන් උපයපු මුදල ඩොලර් මිලියන 250කට වැඩි වීම නිසා, Sony සමාගම මේ නවාතැන එක සැරේම වහල නොදා, 2015දි ආපහු වතාවක් අරින්ඩ කියල Draculaට කියන්ඩ ඕනි කියලා තීරණය කරලා.

දැනට හරියටම නමක් තීරණය කරල නැති නිසා Hotel Transylvania 2 කියලලු නම් කරල තියෙන්නේ. නමුත් ඉදිරියේදී වෙනත් නමක් දාන්ඩ නියමිතයි. උතුරු ඇමෙරිකාවෙ ඩොලර් මිලියන 42.5ක් උපයන ගමන්, ලොව පුරා ඩොලර් මිලියන 50.6ක් උපයන්ඩ මුල් දිනයේදීම හැකි වුණ එක සැප්තැම්බර් මාසයේ නිකුත් වූ චිත්‍රපටි සම්බන්ධ වාර්තාවක් බවට පත්වෙලා.

මේකෙදි ට්‍රාන්සිල්වේනියා භොජුන්හලේ හිමිකාරත්වය දරන Draculaගෙ හඬ Adam Sandler-ගෙනුත්, මෙහි හුන් අනිකුත් රකුසන් වන Murray the Mummy, Frankenstein’s Monster, Griffin the Invisible Man යන අයගේ හඬ පිළිවෙලින් Cee Lo Green, Kevin James, David Spade-ගෙනුත් හිමි වුණා. සි‍ටුවරයාගෙ දුවණියට හඬ උරුම කළේ Selena Gomez.

මේ දෙවන චිත්‍රපටයේ කතාව ගැන තොරතුරක් තවම නෑ. ඒ වුණාට පරණ පුරුදු පිරිස ආපහු හිඳී කියල හිතුවෑකි. නමුත් අධ්‍යක්ෂණයෙන්නම් පළමු එකට වගේ Genndy Tartakovsky එක්වෙන එකක් නැතිලු. හේතුව ඔහු වෙනත් අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු ගැන වෙහෙසෙන එකයි.

උදා (217 Posts)


One thought on “2015 දී Hotel Transylvania ආයෙත් අරිනවලු.

  • December 15, 2012 at 5:48 PM
    Permalink

    ඒ හෝටලෙන් කන්ඩනම් බලාපොරොතුවක් නෑ කව්දාවත…
    කන උන්දිහා අයෙ බලමු එහෙනම් 2015 දී….
    ලිපියට ස්තුතියි සහෝ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *