Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 22

සින්දුවේ නම                              : Adi Ennadi Rakkamma
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය     : 1972
නව නිර්මාණය සිදුවූ වර්ෂය         : 2010

ආයුබෝවන් ඔයාලට ඔක්කොමට.  ඔන්න ඉතින් තවත් ලස්සනම ලස්සන ගීතයක් අරගෙන ආවා මම. ඒත් ඉතින් මේ හින්දි ගීතයක් නෙවි. දමිළ ගීතයක්.ඒ උනත් ඔයාලට මේක සිංහල සින්දුවක් තරමට සමීප එකක් කියල කියන්න ඕන. හැබැයි ඉතින් හින්දි සින්දු එදා සහ අද කියල මාතෘකාවට පොඩ්ඩක් පටහැනි උනත් දෙකම ඉන්දියාවේ හින්ද අවුලක් වෙන එකක් නැ කියල හිතනවා.

ඔයාලට මේ ගීතය පළමුව දක්නට ලැබෙන්නේ 1972  තිරගත වෙච්ච Pattikada Pattanama දමිළ චිත්‍රපටයේ. එම් එස් විශ්වනාදන් ගේ සංගීතයට ටි එම් සුන්දර රාජන් තමා ගීතය ගායනා කරන්නේ. පද රචනය කන්නදාසන් ගෙන්. ගීතයට අපි කවුරුත් හොඳින් දන්නා දකුණු ඉන්දියාවේ හිටපු අගමැතිනි ජයලලිතා එක්ක සිවාජි ගනේෂන් සහ සුබා එකතු වෙනවා.

මේ ගිතට ඊළඟට අපිට දක්නට ලැබෙන්නේ සම්පුර්ණ වෙනස් විදියකට. ඒ කියන්නේ සිංහල බාසාවෙන් 1975 දි හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයේ “ මම ගන්නෙමි කරකාර බන්දාලා” නමින්.  ධර්මසිරි ගමගේ මහතා සිංහල පද රචනය කරලා තියෙන්නේ. ගීතය ගායනය එච් ආර් ජෝතිපාල විසින් කරලා තියන අතරේ රඟපෑම ගාමිණී දිසානායක සමග සෝනියා විසින් කරනවා. සංගීතය එම් වී බාලන් ගෙන්.

මේ ගීතය ඊළඟට දක්නට ලැබෙන්නේ 2010 තිරගත වෙච්ච Vaadaa කියන දමිළ චිත්‍රපටයේ. ගීතය රිමික්ස් කිරීමක් වෙලා තියෙන්නේ. සුන්දර් සමග ශේයරි කියන දමිළ නළු නිලියන් රඟපෑමෙන් එකතුවෙනවා. නව සංගීත නිර්මාණය ඩි ඉමාන් විසින්.

ඉතින් ඔයාල දන්නවා මේ මම ගන්නෙමි කරකාර බන්දාලා ගීතය දැනටත් කොච්චර ජනප්‍රියද කියල. එකෙත් කාවඩි වර්ෂන් පවා ඇවිත් තියනවා. ඒත් මට මේ ලිපියට අවාසනාවට වගේ මෙම ගීතයේ දර්ශන දාන්න බැ. මොකද ඔරිජිනල් ගීතයටත් නැති වාරණයක් මේ සිංහල ගීතය ප්‍රචාරයට තියන හින්ද. ඒ උනත් ඒ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මේ ලිපියට ඇතුල් කරනවා.

ඉතින් මේවගේ ගීතයක් අරගෙන ඉක්මනටම ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

බුදු සරණයි.

මෙන්න 2010 දී Vaadaa චිත්‍රපටයට ඇතුලත්  අලුත් ගීතය

 

මෙන්න 1975 දී හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයේ ප්‍රචාරක පටය. ගීතයේ කොටසක් තියනවා මේකේ.

 

මෙන්න Pattikada Pattanama දමිළ චිත්‍රපටයේ ඇතුලත් ඔරිජිනල් ගීතය

 

සංගීත කණ්ඩායමක් වාදනය කරනා පපර ගීතය

 

G.A.P. Ranathunga (44 Posts)


One thought on “Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 22

  • April 1, 2017 at 8:12 AM
    Permalink

    tnx sahoo elama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *