Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 20

සින්දුවේ නම                             : Engine Ki Seeti (එන්ජිමේ නාදය)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය    : රාජස්ථාන් ගැමි ගීයකි.
නව නිර්මාණය සිදුවූ වර්ෂය       : 2014

ආයුබෝවන් ඔයාලට ඔක්කොමට.  ඔන්න ඉතින් තවත් ගීතයක් අරගෙන තමා මේ ආවේ. ඇත්තටම ඔයාල ගොඩක් අය දන්නේ නැතුව ඇති මේ ගීතය පැරණි ගීතයක නව නිර්මාණයක් කියල. ඇත්තටම මේ ගීතය කිහිපවාරයක් වෙනස් වෙලා තියනවා කිව්වොත් හරි.

මේ ගීතය ඇත්තටම ඉන්දියානු රාජස්ථාන් ප්‍රාන්තයේ ගැමි ගීයක්. ඉතින් හරියටම ගීතය නිර්මාණය වෙච්ච දවස කියන්න බැ. ඒත් 1980 දි Spice Digital ආයතනය එළිදක්වන ලද රාජස්ථාන් ගැමි වීඩියෝ එකතුවේ මෙම ගීතය පළමුවරට රුපවාහිනී මාධ්‍යයෙන් අප හමුවට එනවා.

ඊළඟට මේ ගීතය දක්නට ලැබෙන්නේ 1981 වසරේ තිරගත වෙච්ච Maa කියන හින්දි චිත්‍රපටයේ. කාදර් කාන් එක්ක ස්හිලා චඩ්ඩා රඟපෑමෙන් එකතු වෙන මෙම ගීතය අනු මලික් සමග අල්කා යාග්නික් ගායනා කරනවා. සංගීත නිර්මාණය අනු මලික් විසින්ම කරලා තියන අතරේ පදවැල් වල සුලු වෙනසක් ඉක්රම් කියන පද රචාකයා කරලා තියනවා.  වර්තමානයේ මෙම ගීතයෙන් අයිතිය  T-Series ආයතනය සතු කරන් තියෙනවා.

මෙම ගීතයේ අලුත්ම වෙනස ඔයාලට දක්නට ලැබෙන්නේ Khoobsurat කියන 2014 තිරගත වෙච්ච චිත්‍රපටයේ. ඉක්රම් ගෙම පද වැල් තමා බාවිතා කරලා තියෙන්නේ. නමුත් ගීතය සුනිදි චව්හාන් එක්ක රේෂ්මි සෙත් ගායනා කරනවා ස්නේහා කන්වර්කර් ගේ සංගීතයට. රඟපෑමෙන් අපි කවුරුත් හොඳින් දන්නා සෝනම් කපුර් එක්ක ෆාවඩ් කාන් එකතු වෙනවා. මෙම ගීතයත් T-Series ආයතනය සතු වෙනවා.

ඉතින් මේවගේ ගීතයක් අරගෙන ඉක්මනටම ආපහු එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 
 බුදු සරණයි.

 

මෙන්න 2014 දී Khoobsurat චිත්‍රපටයට ඇතුලත් වූ අලුත් ගීතය

 

මෙන්න 1981  දී Maa චිත්‍රපටයට ඇතුලත් පරණ ගීතය

මෙන්න 1980  දී Spice Digital ආයතනය එලි දැක්වූ ගීතය

 
G.A.P. Ranathunga (44 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *