Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 18

සින්දුවේ නම                              : Tamma Tamma (තම්මා තම්මා)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1990
නව නිර්මාණය සිදුවූ වර්ෂය         : 2017
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් මේ දිනවල අතිශය ජනප්‍රිය වෙන තවත් ගීතයක් අරගෙන තමා මේ ආවේ. හින්දි සින්දු ගැන දන්නා ඔයා නම් මේ ගීතය අනිවාර්යයෙන් අහල ඇති. ඉතින් මෙන්න ඒ ගීතය ගැන විස්තර.
 
තම්මා තම්මා ලෝගේ ලෙස 1990 Thanedaar කියන චිත්‍රපටයේ තමා පළමුවම අප හමුවට ආවේ. සංජය දත් එක්ක මදුරි ඩික්සිත් තමා රංගනයෙන් දායක වෙන්නේ. සංගීතය නිර්මාණය කිරීම බප්පි ලහිරි තමා කරලා තියෙන්නේ. පද රචනය ඉන්දිවර්. ගීතය ගායනය කරන්නේ අපි ඔක්කොමලා හොඳින්ම දන්නා අනුරාධා පොඩ්වාල් එක්ක බප්පි ලහිරි. මේ ගීතය එම වසයේ සිට අද දක්වා අතිශය ජනප්‍රිය ගීතයක් කිව්වොත් හරි. ගීතයේ හිමිකම T-Series ආයතනය සතු වෙනවා.
 
මේ ගීතය ඔයාලට ආපහු දක්නට ලැබෙන්නේ දෙදහස් දහ හතේ මාර්තු 10 දින තිරගත වෙන Badrinath ki Dulhaniya චිත්‍රපටයේ. තම්මා තම්මා ආපසු කියල නම් කරලා තියන මේ ගීතයට අලියා බට් සමග වරුන් දවන් තමා රංගනයෙන් එකතුවෙන්නේ. නව ගීතය නිර්මාණ කරුවන් පැරණි ගීතය ගායනා කරන ලද අනුරාදා පොඩ්වාල් සහ බප්පි ලහිරි ලවාම මේ ගීතයත් නැවත ගායනය කරවාගෙන තියනවා. පද රචනයේ වෙනසක් නැති උනත් බාද්ෂා මෙහි රැප් කොටස රචනය කරලා ගායනය කරනවා. ඒ සඳහා අමිත් සානි එකතු වෙනවා. මේ ගීතයත් T-Seriesආයතනය සතු වෙනවා.
 
ඉතින් තවත් මේ වගේ ගීතයක් අරගෙන ඔයාල හමුවට එන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.
 
 
බුදු සරණයි.

 

මෙන්න 2017 දී Badrinath ki Dulhaniya චිත්‍රපටයට ඇතුලත් අලුත් ගීතය

 

මෙන්න 1990 වසරේ දී Thanedaar චිත්‍රපටයට නිර්මාණය වූ පැරණි ගීතය
 

G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *