Jolie ගේ හිතට හරියනකම් SALT-II එන්නෑ…!

කාටත් මතක ඇති සුපිරි සටන් නිළි Angelina Jolie රඟපෑ සුපිරි සටන් ‍රැගත් චිත්‍රපටයක් 2010 වසරේ ආවා. ඔව් ‘SALT (2010)’ තමයි.එහි දෙවැන්න සඳහා රචනාමය කටයුතු සිදු කෙරෙමින් පැවතුණත් ඇය ඒ ගැන කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. සංකල්පය නිර්මාණය කළ Kurt Wimmer ඒ වෙනුවෙන් කළ තිරරචනය ගැන ඇය කිසිදු සතුටක් නැතිලු. පෙර චිත්‍රපටයෙන් මවපු ඔත්තුකාර Evelyn Salt ගේ පෙරළිකාර චරිතය යළි ඉදිරියට ගෙන යන්නට බලා සිටින ඇයට ඒ සඳහා ඔට්‍ටු වෙන්ඩ පුළුවන් හොඳම එකක් ඒ වෙනුවෙන් අවැසි වෙලා පාටයි.

තොරතුරුවලට අනුවනම් Columbia චිත්‍රාගාරය Becky Johnston‘ව ඒ වෙනුවෙන් යොදවාගෙන තිබෙනවා. SALT-II වෙනුවෙන් Jolie-ටත් සතු‍ටු විය හැකි සමාගමටත් සතු‍ටු විය හැකි පිටපතක් නිර්මාණය කිරීම තමයි ඇයට පැවරිලා තියෙන රාජකාරිය. ‘The Prince of Tides (1991)’, ‘Seven Years in Tibet (1997)’ ඇයගේ නමක් දිනූ නිර්මාණ. Jonston-ගේ තිරරචනා ඉතිහාසය සැලකූ විට ඇය ක්‍රියාදාම සඳහා හරියන රචිකාවියක් නොවෙයි. ඇය නියැලී ඉන්නේ නාටකීය, හාස්‍ය, ප්‍රේමණීය පැත්තට බර වැඩවල. නමුත් Evelyn Salt-ගේ සංකීර්ණ සහ පුදුමාකාර ගතිස්වභාවයන් ඉස්මතු කිරීමට ඇයට හැකිවෙනු ඇතැයි යන්නයි ඔවුනගේ අදහස. ඒ ඔස්සේ චිත්‍රපටයට වඩාත් වැඩි ආකර්ෂණයක් දිනා දෙන්නට ඇය සමත්වනු ඇතැයි කියන එකයි කියන්නේ.

අනෙක් කාරණය පිරිමින්ගෙන්ම දුවන හොලිවුඩ් ක්‍රියාදාම නිර්මාණ අංශය (තිරය මත සහ ඉන් පි‍ටුපස) තුළ සාර්ථක ක්‍රියාදාම ක්‍රියාන්විතයක් දියත් කළ හැකි ගැහැණු අතලොස්සෙන් කෙනෙක් වන Jolie-ට මෙහි තිරරචනයට පවා ගැහැණු සම්භවයක් වුවමනා වුණාද කියන එක ගැන යම් කුහුලක් පවතිනවා. මොකද මෙවන් හොලිවුඩය කළම්බාලිය හැකි ක්‍රියාදාම චිත්‍රපටයකට බය නැතිව අතපොවන්ඩ පණපොවන්ඩ හැකි ගැහැණු උදවිය අතරට තවත් කෙනෙක් හවුල් කරගන්ඩ ඇයට ඕනි වුණානම් ඒකෙත් පුදුමයක් නැහැනෙ! ඇරත් ක්‍රියාදාම පිටපත් රචනා සම්බන්ධයෙන් ඇයගේ හැකියාව අවතක්සේරුව ඇති බවට වන Jolieගේ අදහසත් මේකට දැඩිව බලපාන්ඩ ඇති.

කොහොම වුණත් Jonston ළඟ තියෙන අදහස් එක්ක එළියට එන SALT-II සිනමා බෝම්බයක් බවට පත් වෙන බවටනම් සැකක් නෑ. තවමත් මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹෙන දිනයක්, තැනක් ගැන තොරතුරු නැති වුණත්, පෙර සිනමාවෙන් ගෙන ආ ගැම්ම වඩවමින් ඉදිරියට ගෙන යන පිස්සු කොර ‍ෆිල්ම් එකක් වෙන බවටනම් දැනටමත් අනාවැකි පළ වෙළා.

උදා (217 Posts)


One thought on “Jolie ගේ හිතට හරියනකම් SALT-II එන්නෑ…!

  • December 12, 2012 at 10:34 AM
    Permalink

    ඉක්ම්නට 2 වෙනි ඒකත් කැමති උනොත් හොදා ජොලී අක්කා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *