මාවල් විශ්වයෙ ඉදිරියේදී නිකුත්වීමට නියමිත රූපවාහිනී කතාමාලා – #1

අදත් මං අවේ මාර්වල් පොස්ට් එකක් අරන්… අද කියන්න යන්නේ ඉදිරියට එන්න තියෙන මාර්වල් TV Series ගැන. සමහර ඒවා MCU(Marvel Cinematic Universe) එකට අයත් වන අතර සමහර ඒවා X-Men Universe එකට අයත් වේ. මොකටවත් සම්බන්ද නැති තනි Series එකක් විදිහට එන ඒවත් තියෙනවා.. මං ලගදීම එන්න තියෙන එකේ ඉදන් පටන් ගන්නම්.. සමහර ඒවාගේ නම් තාම නිකුත් වෙන දිනයක් ප්‍රකාශ කරලා නැ.

01. Marvel’s Iron Fist (March 17 2017)

ලගදීම එන්න තියෙන Marvelලගේ අලුත්ම සිරිස් එක තමා Iron Fist කියන්නේ.. කට්ටිය මේකේ trailer එක එහෙම බලල ඇති නේ මේ වෙද්දී..මේක Netflix Marvel එකමුතුවේ 4 වෙනි TV Series එක… මෙයා තමා අන්තිම Defender(Final Defender). Defender Series එක ගැන දන්නවා ඇතිනේ කට්ටිය..ඒක එන්න ඉස්සෙල්ල එන අන්තිම වීරයා තමා මෙයා..මේකේ ප්‍රධාන චරිතය වන Danny Rand/A.K.A. Iron Fist ලෙස රගපාන්නේ Game Of Thrones නළු Finn Jones විසින්. තව Jessica Henwick, David Wenham, Jessica Stroup, Tom Pelphrey, හා Rosario Dawson(මෙයවනම් දන්නවා ඇතිනේ ඉස්සෙලා ආපු Series තුනේම හිටියා මෙයා ක්ලෙයා ටෙම්පල් විදිහට). මෙය Marvel Television හා ABC Studios එකතු වෙලා තමා නිෂ්පාදනය කරන්නේ.

කතාව ගැන කිවොත් Danny රෑන්ඩ් කියන්නේ Rand කොම්පැනියේ අයිතිකාරයාගේ පුතා. ගුවන් අනතුරකින් පසු අවුරුදු 15කට පස්සේ මෙයා අයේ New York වලට එනවා එයාගේ කොම්පැනි එක නැවත ලබා ගන්න..ඊට පස්සේ තමා සුපුරුදු පරිදි අනතුරු ගලාගෙන එන්නේ එයා වෙත.. මේ වෙද්දී හොද පැසසුමක් ලැබිල තියෙනවා කතා මාලාවට. Netflixලගේ වැඩක් තාම චාටර් වුන් නැ නේ.. මේකත් අනිත් කතා 3 වගේ episode 13කින් සමන්විතයි.. වෙනද වගේ සුපිරි කතාවක් තියෙයි කියලා කියන්න තමා තියෙන්නේ ඉතින්.

                   

02. Marvel’s The Defenders (2017)

 

Iron Fist එකට පස්සේ එන්න තියෙන්නේ Defenders කතා මාලාව. මේක ගැනනම් දන්නේ නැති කෙනෙක් නැතිව ඇතිනේ. Daredevil Season 1 එකේ ඉදන් ඇගිලි ගැන ගැන නේ ඉන්නේ මේක එනකන්… Avengers හැදුනා වගේ Defenders එකත් හැදෙන්නේ තනි තනි Series 4ක් එකතු වෙලා කියල කට්ටිය දන්නවනේ.. ඒ Daredevil, Jessica Jones, Luke Cage, Iron Fist. මේ සුපිරි වීරයෝ 4 දෙනා එකතු වෙලා තමා Defenders team එක හැදෙන්නේ. Arrowverse එකේ පොඩි පොඩි Crossover වගේ නෙමෙයි මේක බොහෝ දෙනා බලාගෙන ඉන්න TV Series එකක්.. කට්ටිය Avengers : Infinity War එක එනකන් බලාගෙන ඉන්නවා වගේ තමා මේක එනකනුත් බලාගෙන ඉන්නේ.. ඒ වගේම සමහර විට අපිට Infinity War එකෙනුත් මෙයාලව බලාගන්න පුළුවන් වෙයි කියලා rumors ටිකකුත් යනවනේ….

තාම නිකුත් වෙන දිනයක්නම් කියල නැ Netflix එකෙන්.. ඒ වුනාට ජුලි, සැප්තැම්බර් වගේ නිකුත් වෙයි කියලා තමා කියන්නේ. ඒ වගේම මේක මිනි සිරිස් එකක්.. ඒ කියන්නේ episode 8යි තියෙන්නේ. මේ කතා මාලාවට Daredevil, Jessica Jones, Luke Cage, Iron Fist, Electra, Malcom Ducasse, Mistry Knight, Stick, Karen Page, Foggy Nelson, Trish Walker ආදී පෙර කතා මාලා හතරේ හිටපු හොගක් චරිත සම්බන්ද වෙනවා. මේකේ ප්‍රධාන දුෂ්ටය විදිහට Sigourney Weaver විසින් Alexandra විදිහට එකතු වෙනවා.. කතාව ගැනනම් වැඩි විස්තරයක් නැ තාම. මෙය Daredevil season 2 එකෙන් පසු මාස කිහිපයකට පසු කතාවක් කියලා තමා කියන්නේ. Punisherව කතා මාලාවට නම් කරලා නැති උනත් එයත් episode එකකට හරි එන්න ඉඩ තියෙනවා.

 

03. Marvel’s Inhuman (September 2 2017)

ABC නාලිකාවට එන අලුත්ම TV Series එක තමා Inhuman කියන්නේ… Agents Of S.H.I.E.L.D. බලපු අයටනම් මේ නම පුරුදු ඇති.. කොහොම උනත් Inhuman TV Series එකක් එන්න නෙමෙයි ඉස්සෙල්ල තිබුනේ..ඉස්සෙල්ලා MCU Phase 3 එකේ චිත්‍රපටයක් විදිහට තමා Marvel’s  Inhuman එක තිබුනේ. කෙසේ වෙතත් පසුව එයPhase 3 එකෙන් අයින් වුනා. ඊට පස්සේ තමා Marvelලා නිවේදනය කරේ Inhuman TV Series එකක් එනවා කියලා…ඒ වගේම මෙම Series එකේ විශේෂත්වයක් තියෙනවා… ඒ තමා මෙම TV Series එක හදන්නේ IMAX එකත් එක්ක එකතු වෙලා.. ඒ කියන්නේ ෆිල්ම් එකක් තරම් කොලිටියට බලාගන්න පුළුවන් වෙයි.. ඒවගේම මෙම Series එකේ පලවෙනි episode දෙක සැප්තැම්බර් 2 සිට සති දෙකක් 1000කට අධික IMAX Theater වල තිරගත වෙනවා. ඉන් පසු සැප්තැම්බර් 26 වෙනිදා සිට ABC නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිතයි.මෙයත්episode 8ක මිනි සිරිස් එකක්.

මෙහි කතාව මාර්වල් කොමික් වල එන Inhuman Royal Family වටා ගෙතෙන බව තමා කියලා තියෙන්නේ..මේ වෙද්දී වැඩි විස්තරයක් නැති උනත් ලගදි නිවේදනය කරා Game Of Thrones නළු Iwan Rheon(Ramsay Bolton) විසින් Inhuman රජු Black Bolt ගේ මල්ලි වෙන Maximus the Madගේ චරිතයට තෝරාගෙන ඇති බව.. ඒ වගේම මෙම Series එක මොන කාලයට අයිති වෙනවද කියලත් තාම තොරතුරක් ලැබිල නැ…

04. Marvel’s The Punisher (2017)

2017 වසරේ නිකුත් වීමට නියමිත අවසාන මාර්වල් සිරිස් එක තමා The Punisher. Daredevil season 2 බලපු අයටනම් මතක ඇතිනේ punisherව. මං නම් මේ අවුරුද්දේ වැඩියෙන්ම බලන් ඉන්නේ මේ Series එක එනකන්. මෙම කතා මාලාව Daredevil Series එකේ spin-off එකක්. Netflixල එයාලගේ ඔරිජිනල් කතා මාලා 5ට පස්සේ ගත්ත පලවෙනි කතාව තමා මේක. The Walking Dead නළු Jon Bernthal විසින් punisher චරිතයට රගපානු ලබන අතර Ben Barnes, Ann Woll, Daniel Webber, Ebon Moss, Amber Rose වැනි නළු නිලියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වේ.

මෙහි කතාව ගැනද වැඩි විස්තරයක් නැති අතර Daredevil season 2 එකෙන් පසු ෆ්‍රෑන්ක් කාසල් විසින් ඔහුගේ පවුලේ මිනීමරුවන් සොයා යන කතා තේමාවක් ඔස්සේ ගලා යන බව තමා දැනට පවසන්නේ. මෙයත් episode 13කින් සමන්විතය.

මේ කතා මාල 5ම MCU එකට අයත් කතා මාලා වන අතර මේ අවුරුද්දේ නිකුත් වීමටව ඇත්තේ ඔය කතා මාල පමණි. ඒ වගේම මේ අවුරුද්දේ පෙබරවාරි නිකුත් වූ Legion කතා මාලාව තාම X-Men Universe එකට හෝ MCU එකට සම්බන්ද නොවී තනිව විකාශනය වන බව පවසා ඇත.

ඉතුරුMarvel TV Series ටික සමගින් Part 2 පොස්ට් එක මගින් ලගදීම හමුවෙමු. ලිපිය කොහොමද කියලා කොමෙන්ට් එකකුත් දාගෙන යන්න…

රසිඳු පෙරේරා (3 Posts)


9 thoughts on “මාවල් විශ්වයෙ ඉදිරියේදී නිකුත්වීමට නියමිත රූපවාහිනී කතාමාලා – #1

  • March 3, 2017 at 2:20 AM
    Permalink

    niyamai saho..

  • March 2, 2017 at 12:10 PM
    Permalink

    thnx ah…..

  • March 1, 2017 at 7:57 PM
    Permalink

    ela bn tanx

  • March 1, 2017 at 4:02 PM
    Permalink

    සුපිරිම ආ….

  • February 28, 2017 at 8:25 PM
    Permalink

    නියමයි.ස්තුතියි සහෝ

  • February 26, 2017 at 10:57 PM
    Permalink

    Watinava danumata godak macho

  • February 26, 2017 at 10:30 PM
    Permalink

    බොහොම ස්තුතියි සහෝ ලිපියට.

  • February 26, 2017 at 5:23 PM
    Permalink

    බොහොම ස්තුතියි සහෝ ලිපියට.
    මේ විතරක් නෙවෙයි ඊලගට FOX චැනල් එකෙන් ලීජන් පටන් ගත්තට පස්සේ එයාලා කියලා තිබුණා ෆොක්ස්ලගෙන් X-MEN සීරිස් එකකුත් නිකුත් කරනවා කියලා. ඒකෙ මේ වෙද්දී රූගත කිරීම් පටන් අරන් ඉවරයි. ඒකත් ලබන අවුරුද්ද දිහාට ඒවී.
    ලීජන් කියන්නේ එක්ස් මෙන්ලට සම්බන්ධ නිසා ක්‍රොස්ඕවර් එහෙකුත් බලාගන්න පුළුවන් වේවි..
    ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *