Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 17

 

සින්දුවේ නම                          : High Heels (අඩි උස පාවහන් පැලඳගෙන)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය : 2012
නව නිර්මාණය සිදුවූ වර්ෂය    : 2016
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් තවත් සින්දුවක් හඳුන්වා දෙනවා. මේ ගීතයට නම් ඉතින් නව පරපුරේ ඔයාල හොඳටම කැමති වේවි. මොකද රැප් සහ R&B ආකාරයේ ගීතයක් මේක. ඒවගේම පාර්ටිවල අනිවාර්යයෙන් වාදනය කරනා සින්දුවක්. ඉතින් බලමු මොකක්ද මේ ගීතය කියල.මේ ගීතය ඉස්සරවෙලාම ඔයාලට හමුවෙන්නේ ජෑස් දැමී කියන පන්ජාබ් රැප් ගායකයාගේ මියුසික් වීඩියෝවක් විදියට. එයාට සින්දුවට එකතුවෙනවා හින්දි සින්දු ගැන කියන කොට ඔක්කොම හොඳින් දන්නා යෝ යෝ හනි සින්ග්. මෙම ගීතය කොතරම් ජනප්‍රිය උනාද කියනවා නම් PTC PUNJABI MUSIC AWARDS 2013 සම්මානය පවා දිනාගෙන තියනවා. ඒ වගේම එම වසරේ වැඩිම නැරඹුම් ප්‍රමාණයක් වාර්තා උන වීඩියෝ ඇල්බම් වලින් හතරවන ස්ථානය අරන් තියනවා. ගීතයේ අයිතිය ගායකයන් දෙදෙනා සතු වෙනවා.මෙම ගීතයේ නව නිර්මාණය ඔයාලට දක්නට ලැබෙන්නේ 2016 වසරේ න්\තිරගත වෙච්ච Ki & Ka හින්දි චිත්‍රපටයේ. අර්ජුන් කපුර් සමග කරීනා කපුර් රඟපෑමෙන් එකතුවෙන එම චිත්‍රපටයේ තිබුන ජනප්‍රියම ගීතය තමා මේ. සංගීත නිර්මාණය Meet Bros ගෙන්. ගීතය ගායනය ජෑස් දමි එක්ක හනි සින්ග් ගෙන්මයි. ගීතයේ අයිතිය T-Series ආයතනය සතුවෙනවා.

ඉතින් මෙම ගීතය රසවිඳින්න කියන ගමන් තවත් ගීතයක් අරන් හමුවෙන්නම් ළඟදීම.

මෙන්න 2016 දී Ki & Ka චිත්‍රපටයට වූ අලුත් ගීතය

 

මෙන්න 2012  දී ජෑස් දැමී ගායනා කල ගීතය
 

G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *