Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 16

සින්දුවේ නම                              Tutak Tutak Tutiya (මෙය තාලයට අනුව යෙදු වචන ටිකක් පමණි)
මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 1989
නව නිර්මාණය සිදුවූ වර්ෂය          2016
 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. ඔන්න ඉතින් තවත් සින්දුවක් හඳුන්වා දෙනවා. මේකත් ඉතින් අර මම කලින් ඔයාලට දුන්න ඉෂ්කමිටා සින්දුව ගායනා කරන ලද මල්කිට් සින්ග් ගෙම තමා. පන්ජාප් බන්ගාරා සංගීතයේ අතිශය ජනප්‍රිය මෙම ගීතය 1989 වසරේ තමා ඔයාල හමුවට ඉස්සරවෙලාම එන්නේ. බලි සගෝ සංගීත ඇල්බමයක පසු කාලෙක ගීතය දක්නට ලැබෙනවා. මුල් ගීතයේ හිමිකම මල්කිට් සින්ග් විසින්ම දරනවා.
 
ඊළඟට මෙම ගීතය එම වසරේම හින්දි බාසාවෙන්Ghar Ka Chiraag චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. චන්කි පාන්ඩේ සමග  නිලම කත්රි තමා රඟපෑමෙන් එකතු වෙන්නේ. සික්වින්දර් බාර්ති විසින් හින්දි පද රචනා කරලා තියන අතරේ බප්පි ලහිරි  තමා සංගීතවත් කරලා තියෙන්නේ. අමිත් කුමාර්, අන්ජාන් සමග බප්පි ලහිරි තමා ගීත ගායනය කරන්නේ. සංගීත ඇල්බමය  Tips Music ආයතනය සතු වෙනවා.
 
ඊළඟට ඔයාලට මෙම ගීතය දක්නට ලැබෙන්නේ 2016 වසරේ තිරගත වෙච්ච Tutak Tutak Tutiyaචිත්‍රපටයේ. දෙමල (Devi), හින්දි සහ තෙලිඟු (Abhinetri) බාසා තුනෙන් ම නිර්මාණය වෙලා තියන මෙම චිත්‍රපටයේ ගීතත් බාසා තුනෙන්ම දකින්න පුළුවන්. චිත්‍රපටයේ තේමා ගීතය විදියට නිර්මාණය වෙච්ච මෙම ගීතය රාජ් අසෝ විසින් සංගීතවත් කරලා තියනවා. නව පදවැල් විර් රහිම්පුරි සමග ශබීර් අහමඩ් විසින් ලියල තියන්නේ. ගීත ගායනය මල්කිට් සින්ග්, කනිකා කපුර් සමග සෝනු සුඩ් තමා කරලා තියෙන්නේ. ගීතයට රඟපෑමෙන් ප්‍රබු දෙවා, සෝනු සුඩ් සමග තමන්නා එකතු වෙනවා. සංගීත ඇල්බමය T-Series ආයතනය සතු වෙනවා.
 
ඉතින් මෙම ගීතය රසවිඳින්න කියන ගමන් තවත් ගීතයක් අරන් හමුවෙන්නම් ළඟදීම.
 
බුදු සරණයි.
 
 
මෙන්න 2016 දී Tutak Tutak Tutiya චිත්‍රපටයට වූ අලුත් ගීතය
 
මෙන්න 1989  දී Ghar Ka Chiraag චිත්‍රපටයට ඇතුලත් ගීතය
 
මෙන්න 1989  දි Malkit Singh ගායනා කරනා ගීතය
G.A.P. Ranathunga (44 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *