Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 14

සින්දුවේ නම                              Hare Krishna Hare Ram (රාමාට නමස්කාර කරනවා, ක්‍රිෂ්නාට නමස්කාර කරනවා)

මුල්ම එළිදැක්වීම සිදුවූ වර්ෂය      : 2007

නව නිර්මාණය සිදුවූ වර්ෂය          2017

 
ආයුබෝවන් ඔයාලට ඔක්කොමට. නව පෙනුමක් සහිත මන්සලට නවතම ගීතයක් තමා මේ. අනික දෙවියන් නැමදලාම වැඩේ පටන් ගත්තොත් හොඳයි නේ. ඉතින් හරේ රාමා හරේ ක්‍රිෂ්ණා කියන මේ ගීතය ඉස්සරවෙලාම ඔයාලට දකින්න ලැබෙන්නේ 2007 වසරේ තිරගත වෙච්ච Bhool Bhulaiyaa චිත්‍රපටයේ. අක්ශේ කුමාර් රඟපෑමෙන් එකතුවෙච්ච එම ගීතය එම වසරේ තිබ්බ ජනප්‍රියම ගීත කිහිපයෙන් එකක් කිව්වොත් හරි. සමීර් කියන ගීත රචකයාගේ පදවැල් වලට ප්‍රිතම් තමා සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. නිරජ් සින්ඩර් තමා ගායනයෙන් එකතුවෙන්නේ. සංගීත ඇල්බමය T-Seriesආයතනය සතුවෙනවා.
 
නව ගීතය ඔයාලට දකින්න ලැබෙන්නේ 2017 මාර්තු 3 වෙනිදින තිරගත වෙන්න නියමිත Commando 2  චිත්‍රපටයේ. විද්‍යුත් ජමාල් සමග අදා ශර්මා රඟපෑමෙන් එකතුවෙන මෙම නව ගීතය අර්මාන් මලික් සමග රිකිතා ගායනා කරනවා. රැප් කොටස රෆ්තාර් ගෙන්. පදවැල් වල වෙනසක් කුමාර් කියන පද රචකයා කරලා තියන අතරේ ගවුරව් සහ රොෂාන් කියන සංගීත නිර්මාණ ශිල්පින් දේපල නව සංගීතය ඇතුලත් කරලා තියනවා. මෙම සංගීත ඇල්බමයත් T-Series ආයතනය තමා සතුවෙන්නේ.
 
ඉතින් ලබන සතියෙන් මේවගේ තවත් ගීතයක් හඳුන්වා දෙන්න එනවා කියන පොරොන්දුවත් සමග සමුගන්නවා.
 
බුදු සරණයි.
 
 
මෙන්න 2017 දී Commando  චිත්‍රපටයට ඇතුලත් වීමට නියමිත අලුත් ගීතය
 
 
මෙන්න 2007 දී Bhool Bhulaiyaa චිත්‍රපටයට ඇතුලත් පරණ ගීතය
G.A.P. Ranathunga (45 Posts)


One thought on “Hindi Songs Now And Then – හින්දි සින්දු එදා සහ අද – 14

  • February 16, 2017 at 5:41 PM
    Permalink

    Thanks…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *