The Ghazi Attack (2017) – පුර්ව ප්‍රචාරක පටය

ආයුබෝවන් ඔයාල ඔක්කොටම. ඔයාල දන්නවා මම ඉදල හිටලා හින්දි චිත්‍රපට වල පුර්ව ප්‍රචාරක පට ඔයාලට අරන් එනවා කියල. ඔන්න මම මේ ගේන්නෙත් ඒවගේ එකක්. මෙම චිත්‍රපටය තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2017 පෙබරවාරි 17 වෙනිදා. මෙම චිත්‍රපටය හින්දි සහ තෙලිඟු බාසා දෙකෙන්ම නිර්මාණය වෙලා තියනවා. ප්‍රධාන චරිතය බහුබලි චිත්‍රපටයේ බල්ලාල් දේවා චරිතයෙන් ඔයාල හමුවට ආව රානා ඩගුබටි තමා නිරුපනය කරන්නේ.Dharma Productions , AA Films තමා චිත්‍රපටය බෙදා හැරීම් කරන්නේ.

 මෙම චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1971 දෙසැම්බර් 4 වෙනිදා ඉන්දු පකිස්තාන යුද්දයේ ප්‍රතිපලයක් විදියට ගිලි යන ලද PNS Ghazi කියන පකිස්තාන සබ්මැරීනයේ අවසන් කාලය ගැන. ලෝකයේ තවමත් කතා බහට ලක්වෙන මෙම සිදුවීම ගැන කියනවා නම් මිනිසුන් 92 ක් සමග ගිලියන මෙම සබ්මැරිනය ගිල්වා දැමුවා කියා ඉන්දියාවවත් එක එල්ලයේ පිළිගන්නේ නැ. මෙම සබ්මැරීනය ගැන කියනවා නම් මුලින්ම USS Diablo (SS-479)නමින් ඇමරිකානු නාවික හමුදාවට අයිතිව තිබී 1964 දි පකිස්තාන නාවික හමුදාව මිලට ගන්නා ලද එකක්.

 

ඉතින් මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ළඟදීම බයිස්කෝප් වෙබ් අඩවියේ දක්නට ලැබෙනවා කියන ගමන් සමු ගන්නවා.

G.A.P. Ranathunga (45 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *