Tron එක්ක Disney ආයෙත් එන ලකුණු…

‘Tron: Legacy (2010)’ දෘශ්‍යමය වශයෙන් හරිම ආකර්ශනීය වූවක්. නමුත් එහි වූ කථා සැකැස්මේ අඩුලුහුඬුතා සහ නතු කර ගැනීමේ නොහැකියාව හේතුවෙන් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඉන් බැහැරට විකර්ශනය වීමක් සිදු වුණා. කෙසේවෙතුදු ලොව පුරා නොමඳ සාර්ථක බවක් අත් පත් කරගන්නටත් මීට හැකි වූ බව නොකිව්වොත් හොඳ නැහැ. ඒ වෙනුවෙන්ම (චිත්‍රපටය ජනප්‍රිය කරවීම වෙනුවෙන්) කුඩා කුඩා දසුන්පට පවා ප්‍රචාරය කරන්නට ඔවුන් කටයුතු කළා.

දැනට Tron 3 යන නමින් හැඳින්වෙන එහි තෙවැන්න මේ දිනවල නිර්මාණය කෙරෙනවා. වසර එකහමාරකට පෙර David DiGilio මෙහි තිරරචනය සිදු කිරීම සඳහා බඳවා ගෙන තිබුණු බවක් හෙළි වුණත් ඉන් අනතුරුව වැඩිමනත් තොරතුරක් මතුවෙන්නේ දැන් තමයි. Tron එක්ක Disney ආපහු වැඩ පටන් අරගෙන.

එම තිර පිටපත ප්‍රතිරචනා කිරීමට Jesse Wigutow කටයුතු කරනවා. ඇය Disney සමාගම සතු අතීශය වටිනා සම්පතක් බව සඳහන්. එමෙන්ම පෙර චිත්‍රපටයන්හි රඟ පෑ Garrett Hedlund, Olivia Wilde, Jeff Bridges යන අය මීටත් රංගනයෙන් එකතු වෙන්ඩ යන බවක් සැලයි. අමතරව, Cillian Murphy චිත්‍රපටයේ මහා දුෂ්ටයෙකු මැවීමට එක්වෙනු ඇති බවකුත් සඳහන්.

අධ්‍යක්ෂක Joshep Kosinski ද නැවත වරක් මේ වෙනුවෙන් පෙරට එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඔහු කතාව සැකසීම කෙරෙහිත් දායක වෙමින් හිඳිනා බව තමයි දැනගන්නට තිබෙන්නේ. ඔහු තව ව්‍යාපෘති කිහිපයකටම දායක වෙමින් ඉන්නා ගමන් තමයි මේ කටයුත්තට දායක වෙන්නේ. දැනට මෑතකම තිබෙන එක තමයි Tom Cruise සමග වෙහෙසෙන Oblivion (2013) සිනමාපටයේ කටයුතු. කෙසේ හෝ ඔහුම මීට එනවාට Disney කැමති වෙනු ඇති. කොහොමවුණත් ඉදිරි කාලයෙදී, මෙහි තුන්වැන්නත් බලන්ඩ ඉඩක් සැලසෙන්ඩ තියෙන අවස්ථාව බොහොම ඉහළ බවයි සලක ගන්ඩ තියෙන්නේ…

උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *